Sunday, May 29, 2011

වනාන්තර ජීවයේ ජීවයයි

ලෝක පරිසර දින සැමරුමට නව අරුතක්.....

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම  තවත් සංවිධාන කිහිපයක් සමග ඒකාබද්ධව 2011 පරිසර දින සැමරුම් උළෙල මෙවර කොළඹ දී පැවැත්විමට සූදානම් වෙයි. පරිසරය සිය පැවැත්ම සඳහා යොදවා ගනිමින් පරිසර කි්‍රයාධරයන් ව්‍යාපෘති කාරකයින් බවට පත්ව ඇති සමයක සැබැවින්ම නොබිෙඳන, නොසැලෙන අධිෂ්ඨානයකින් එක්වන්නට  සැබෑ පරිසර කි්‍රයාධරයන්ට ඇරයුම් කරනු ලබන මෙම උළෙල 2011 ජූනි 05 වන දින පෙ.ව.09.00 ට කොළඹ 7, ශී්‍රමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ, අංක 42 හි පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ ( කෞතුකාගාරය ඉදිරිපිට) දී පැවැත්වේ. මෙහිදී ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන්, හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන්, ශී්‍ර ලංකා තේ පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති මොහොට්ටි මැතිඳුන්,  ශී්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් දෙසුම් පවත්වති.


Thursday, May 19, 2011

මිනිස් ගුණදම් සපිරි යහපත් ලොවකට පිළිවෙතින් පෙල ගැසෙමු.

මිහිතල මිතුරෝ 2600 සම්බුද්ධත්ව ජයන්තිය
සමරයි.......






මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් සංවිධානය කළ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු පෙරහැර නැටුම් ගැයුම් සහිතව 2011 මැයි මස 16 වන දින පින්නකොළවත්ත පෙර පාසල අසල සිට ඔළබොඩුව ශී්‍ර ජයවර්ධනාරාමය කරා ගමන් කලේය . මෙම පෙරහැරට ළමා සමාජ සාමාජිකයින් සමග සොබාසවිය තරුණ සමාජ සාමාජිකයින් හා වැඩිහිටියන් ද සහභාගි විය. එදින සවස 05.00 ට පමණ ආරම්භ වු පෙරහැර දෙහිගස්පිටිය, ඔළබොඩුව මංසන්ධිය හරහා විහාරස්ථානයට ලඟා වන විට සවස 06.30 පමණ විය. පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය ඔළබොඩුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ අනුශාෂකත්වයෙන් සම්බුද්ධ පුජාව පැවැත්වීය.

Wednesday, May 4, 2011

වාර්ෂික සීත කඳවුර මෙවර ලෝක උරුම සිංහරාජ වනයේ දී............

මිහිතල මිතුරෝ වාර්ෂික සීත කඳවුර සඳහා මෙවර තෝරා ගත්තේ සිංහරාජ වනාන්තරයයි. 2010 දෙසැම්බර් 26 -28 ඒ සඳහා දින නියම වුනා. සාජීව චාමිකර මහතාගේ මාර්ගෝප දේශකත්වයෙන් මෙවර පරිසර අධ්‍යයන කඳවුරට සොබාසවිය තුරුණු සංවිධානයේ සාමාජික සාමාජිකාවන් සහභාගිවුනා. විශේෂයෙන් මිහිතල මිතුරෝ මාර්ගෝපදේශක කණ්ඩායමේ සහභාගිතවය කැපී පෙනුනා. සොබාසවිය ළමා සමාජයේ සාමාජිකයින් කිහිප දෙනෙකුටද මෙම අධ්‍යයන කඳවුරට සහභාගිවෙන්න අවස්ථාව හිමිවුනා. මාකෙළි ඇල්ල නරඹා සිංහරාජ අධ්‍යයන චාරිකාව ඇරඹු අපට නොසිතු ලෙස වල් අලි තර්ජනය පැමිනි තිබු නිසා සිංහගල නැරඹිම අවලංගු කර දමන්නට සිදු උනා. එහෙත් ඉන් කම්පා නොවු අප කණ්ඩායම ඒ අඩුව පිරිමසන්නත් එක්ක කුරුල්ලන් නැරඹිම දිගටම කරගෙන ගියා කුරුළු නඩ ^ Bird Flock ගණනාවක් නිරීක්ෂණය කරමින් ලංකාවට ආවේණික කුරුල්ලන් විශේෂ 15 ක් පමණ නිරික්ෂණය කරන්න අප කණ්ඩායමට හැකි වුනා. ඒ අතර කැහිඛෙල්ලා ^Blue Magpie& හොඳින් නිරික්ෂණය කරන්නත් උගේ විවිධ චර්යාවන් දැකබලා ගන්නටත් හැකිවුනා. ඉතාමත් දුර්ලභ අවස්ථාවක් අපට හිමි වුනා. ඒ තමයි පඩුවන් බස්සා දැකබලා ගැනීමට හැකිවිම. පැය ගණනාවක වෙහෙසකින් පසු අපට ඌ දැකගන්නට ලැබුනා. එය අපේ වාසනාවක්. හැන්දෑවට කුඩව ගඟට බැහැල සිත් සේ දිය කෙළිමින් අපේ කට්ටිය පීන පීනා නෑව. රාතී්‍ර අඳුරත් සමග දවසේ සමාලෝචනය කරල සිහින් හඬින් ගිගැයුවේ අපේ සංගීත කණ්ඩායමේ නායකයා වෙච්ච ළහිරුගෙ ගිටාරයේ තත්සර නංවමින්, චින්තක තාල වාදනයෙන් සහාය වුනා. දින 3 ක් සිංහරාජයේ පහස ලබමින් පාරිසරික අධ්‍යයනයකින් ලැබිය හැකි උපරිම වින්දනය ලබන්නට අපේ කණ්ඩායම පින් කර තිබුනා.