සිරිලකට වින කටින කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය
කුඩන්කුලම් තියෙන්නෙ කොහෙද?
කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය පිහිටා තියෙන්නේ දකුණු ඉංදියවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉංදියන් සාගර වෙරළාසන්නයේය. පහත සිතියමෙන් එය පැහැදිලි වනු ඇත.
න්‍යෂ්ටික බලාගාරයක් යනු කුමක්ද?
න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගෙන ලාභදායී ලෙස විදුලිය නිපදවීමට හැකි ක‍්‍රමයකි.
න්‍යෂ්ටික තාක්ෂණය යනු කුමක්ද?
මේ සඳහා න්‍යෂ්ටික ප‍්‍රතිකාරක ලෙස යුරේනියම්, ප්ලූටෝනියම්, තෝරියම් වැනි මූලද්‍රව්‍ය යොදා ගැනේ. ඉහත සඳහන් පරමාණුවක (යුරේනියම්/235U යැයි සිතමු) න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහරදීමෙන් (විවර්ශනය කිරීමෙන්)පසු සෑදෙන අස්ථායී සමස්ථානියකය (236U)ක්ෂණිකව පිපිරිමෙන් මුලද්‍රව්‍ය දෙකක් බවට දෙකඩවීමේ දී අති විශාල ශක්තියක් නිපදවේ. ඊට අමතරව ඉවතට විසිවි යන නියුට්‍රෝන ඉතිරි සියළු යුරේනියම් පරමාණු වල න්‍යෂ්ටියට පහර දීමෙන් ප‍්‍රතිකි‍්‍රයාව නොනැවතී දාම ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස සිදුවේ. මෙය න්‍යෂ්ටික බෝම්බයක දී සිදුවන කි‍්‍රයාවළියයි. බලාගාරයක දී සිදුවන්නේ උෂ්ණත්වය සිසිලන ක‍්‍රම මගින් පාලනය කර දාම ප‍්‍රතිකි‍්‍රයාව පාලනය කිරීමයි.
යුරේනියම් ග‍්‍රෑම් 1 කින් නිපදවන විදුලි බලය නිපදවිමට ගල් අඟුරු කිලෝ ග‍්‍රෑම් 3000 ක් අවශ්‍යවේ
මේ තරම් ලාභදායි ක‍්‍රමයකට ඇයි එරෙහි වෙන්නෙ ?
කෙතරම් ලාභදායී වුවත් න්‍යෂ්ටික අනතුරක් යනු අති දැවැන්ත විනාශයක් ඒක හරියට පරමාණු බෝම්බයක් පිපුරුව වගේ. ඒ තමයි අපේ අත්දැකිම්
මොනවද වෙන්න පුළුවන් අනතුරු ?
ඊට පළමුව බලමු න්‍යෂ්ටික බලාගාරයක කි‍්‍රයාකාරිත්වය සරළව තේරුම් ගන්න
ලෝකයේ න්‍යෂ්ටික බලය යොදා ගන්නෙ කොහොමද කියල බලලම ඉමු
මුුල්ම න්‍යෂ්ටික බලාගාරය ඉදිකරනු ලැබූවේ 1950 දී ඇමරිකා එක්සත් ජනපදය
දැනට ලෝකය පුරා න්‍යෂ්ටික බලාගාර 430 ක් කි‍්‍රයාත්මක වන අතර මුළු ධාරිතාව මෙගා වොට් 372,000 කි
එය ලෝක විදුලි නිෂ්පාදනයෙන් 14.7 % කි
න්‍යෂ්ටික අනතුරු ආකාර කිහිපයකින් සිදුවේ
1 සිසිලන පද්ධතිය පාලනය කර ගත නොහැකිව දාම ප‍්‍රතික‍්‍රියාව දිගටම සිදුවිමෙන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමක් සිදුවීම
2 සිසිලන පද්ධතියේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිව න්‍යෂ්ටික ප‍්‍රතිකාරක Melt down වීම
3 විකිරණ කාන්දුවිම්
4 න්‍යෂ්ටික අපද්‍රව්‍ය
මේවගේ අනතුරු සම්බන්ධ ලෝක අත්දැකීම් මොනවද
1. 1979 මාර්තු 28 ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සල්වේනියාවේ Three Mile Island
හි සිදුවූ Melt down වීම
2. 1986 අපේ‍්‍රල් 26 වන දින සෝවියට් දේශයේ යුක්රේන් සමුහාණ්ඩුවේ චර්නොබිල්වල සිදුවූ න්‍යෂ්ටික පිපිරිම
3. 2011 මාර්තු 11 වන දින ජපානයේ ෆුකුසිමා වල සිදුවූ න්‍යෂ්ටික Melt down
වීම
අපි දැන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දිහාවට හැරෙමු
1988 දී රජිව් ගාන්ධි අගමැති තුමා විසින් එවකට සෝවියට් සමූහාණ්ඩුවේ ජනාධිපති මිහයිල් ගොර්බචෝව් සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව 2001 දි වැඩ අරඹන ලදී
2004 දී මූලික පරිසර තක්සේරු වාර්තාව සකසන ලද අතර එය මහජන මත විමසුම සඳහා ඉදිරිපත් කරනු නොලැබීය
ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3 කි
මුළු ධාරිතාව මෙගාවොට් 9200
(ගිගා වොට් 9.2
)
කි
පළමු අදියරේදී මෙගා වොට් 1000 ක් නිපදවේ
මෙය ඉදිවෙන්නෙ භූ කම්පන කලාපයක දැනටමත් ශී‍්‍ර ලංකාව හා දකුණු ඉන්දියාව එම භූ කම්පනයන්ට ගොදුරු වෙමින් තියෙන්නෙ.
අනෙක මේ ප‍්‍රදේශය පාරම්පරිකව පැවත එන
ජනතාව පදිංචි
ගොවිබිම්.