ශී‍්‍ර ලංකාවේ ලෙන් විහාර සහ පරිසර පද්ධති අතර සබැඳියාව සොයා පිය මං කළ එක් දින චාරිකාව.........
මෙම ඉල් මහේ මිහිතල මිතුරන්ගේ එක් දින චාරිකාවේ අරමුණ උනේ ශී‍්‍ර ලංකාවේ ලෙන් විහාර සහ පරිසර පද්ධති අතර සබැඳියාව සොයා යාමයි. තම සාමාජිකයින් සහ හිතවතුන් සමග ඒ සඳහා ගමන් කළේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ සියනෑ කෝරළයේ පිහිටි ලෙන් විහාර කිහිපයක් වෙතටයි. මේ සූදානම ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙතට ගෙන එන්නයි.
ඉල් මහේ එනම් 2014 නොවැම්බරයේ 01 වන ශනිදා අපි උදෑසනින්ම ගමන පිටත් උනා. මෙවර චාරිකාවට පිරිස ප‍්‍රමාණය ඉක්මවාගිය සංඛ්‍යාවක් ඉදිරිපත් වූ නිසා පසුව සම්බන්ධ වූ අය සඳහා නොවැම්බර් 09 වෙනිදා චාරිකාව යන බලාපොරොත්තු වෙන් මෙම චාරිකාව පිටත් උනා.
අපේ චාරිකාවට ළමා සමාජ,තරුණ සංවිධානය සහ සජන මිතුරෝ සාමාජිකයින් සහභාගි උනා. ඒ අතරේ තායිලන්තයේ පන් පන් ආයතනයේ සිට පැමිණි රම්පායි මෙනෙවියත් සිටියා.
නොවැම්බර් 09 චාරිකාවේ කණ්ඩායම
පිළිකුත්තුවේ ඉතිහාසය ආදි මානවයින් දක්වා එනම් ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන බවයි ඉතිහාඥයින්ගේ මතය. කෙසේ වෙතත් මෙහි ඇති සෙල් ලිපියට අනුව මෙය අනුරාධපුර යුගය දක්වා දිව යනවා.
වලගම්බා රජතුමා චෝල ආක‍්‍රමණය හමුවේ පැරද පළාවිත් සැගව සේනා සංවිධානය කළ ස්ථානයක් ලෙස පිළිකුත්තුව සැළකෙනවා. කි‍්‍ර.පූ.88 දී නැවත රජකම ලබාගත් පසු වලගම්බා රජතුමා මෙම ස්ථානයේ ලෙන් විහාර කළ බවයි පැවසෙන්නේ.
ප‍්‍රමාණයෙන් අක්කර 48 ක් ද මුහුදු මට්ටමේ සිට අඩි 400-450 ක් පමණද උසකින් පිහිටා ඇති මෙය ශී‍්‍ර ලංකාවේ ස්වභාවික ගල්ලෙන් වැඩිම ප‍්‍රමාණයක් පිහිටි ස්ථානය යි. මෙහි ස්වභාවික ගල් ලෙන් 99 ක් හඳුනාගෙන තිබේ. එම සෑම ගල්ලෙන් සියල්ලකම කටාරම් කොටා ඇත . ඉන් හැගවෙන්නේ මේ සියල්ලම මානව පරිහරණයට යොදාගත් බවයි.
වලගම්බා රජු පහත රට සැගව සිටින කාලයේ පිළිකුත්තුව ලෙන් ගුහාතුල වැඩි කාලයක් සැගවි සිටිබව කියවේ. ජනප‍්‍රවාදයට අනුව මේ එක් ලෙනක් වලගම්බා රජ්ජුරුවන්ගෙ ඇඳුම් ගබඩා කර තබා ගැනීමට භාවිතා කර තිබේ. එබැවින් පිළි සගවා තැබූ ස්ථානය පිළිකුත්තුව වූ බවට මතයක් පවතී. තවද එම අවධියේ රජතුමාගේ බිසව වූ සෝමා දේවියගේ රාජකීය ඇදුම් අයිත්තම් ආරක්ෂාව පිණිස සගවා තිබූ ස්ථානය මෙය වූ බැවින් පිළි සගවා තැබූ තැන පිළිකුත්තුව බව එක් ජනප‍්‍රවාදයකි. එලසම රාජමහා ඇමතීන්ට රෙදි පිළි සැපයූ තැන පිළිකුත්තුව බව තවත් මතයකි.
පිළිකුත්තුව විහාර භූමිය තුළ කි.පූ. 3-4 යුගයට අයත් ලෙන් ගුහා අති විශාල ප‍්‍රමාණයක් ඇත. ඉපැරණි පොකුණු වටිනා කම මිල කල නොහැකි වෘක්ෂලතා මෙම විහාරයේ වටිනාකම ඉහළ දමයි.
පිළිකුත්තුව ආශි‍්‍රතව තවත් ඓතිහාසික ගම්මාන 06 කි. එම ගම්වල නාමයන් ද යම් යම් ඓතිහාසික කරුණු හා ජනප‍්‍රවාද මත රඳා පවති. යුධ භටයන් බඳවා ගත් ප‍්‍රදේශය යොන්ගම්මන ද යුධ භටයන් රැුස්කළ ප‍්‍රදේශය බටේපොළ ද යුධභටයන්ට බත් දුන් ප‍්‍රදේශය බුත්පිටිය ද දළදා වහන්සේ තැන්පත් කිරිමට සෑදු රහස් කුටියට පස් ලබාගත් ප‍්‍රදේශය පසුගම්මන සහ දළදා මාළිිගාව ඉදිකර දළදාවහන්සේ තැන්පත් කළ ප‍්‍රදේශය මාළිිගාතැන්න
පිළිකුත්තුව රාජමහා විහාරයේ වැඩහිදින මහනුවර යුගයට අයත් යැයි සැලකෙන දාගැබ් වහන්සේ ප‍්‍රමාණයෙන් කුඩාය. මෙය පිහිටා ඇත්තේද ගල් ලෙනක් තුලය. මෙම චෛත්‍ය රාජයන් වහන්සේව වැස්සෙන් ආරක්ෂා කර ගැනීමට ලෙන වටා කටාරම් කොටා ඇති අයුරුද දැකගත හැකිය. මෙම විහාරයේ 16 වන ශතවර්ෂයේ අඳින ලද චිත‍්‍රයන්ද තවමත් දැක ගත හැකිය. මෙම චිත‍්‍රවල උඩුකය නිරුවත් කාන්තා රූප දක්නට ලැබේ.බිත්ති වල සිතුවම් කර ඇති මහනුවර යුගයට අයත් සිතුවම් බොහොමයක් ජාතක කතා වලින් විචිත‍්‍රවත් වී ඇත. ඔ්ලන්ද පාලන සමයේ මෙම සිතුවම් ඇඳි හෙයින් බොහෝ විට ඇඳුම් ආයිත්තම් හා ආභරණ ඔ්ලන්ද සම්ප‍්‍රදායන් විදහා දක්වයි.
ධර්මපාල ජාතකය දැක්වෙන සිතුවමක්
වෙස්සන්තර ජාතකය විදහා දැක්වෙන සිතුවමක්
පිළිකුත්තුව කඳු මුදුනේ රමණිය විශාල ගල් තලාවකි.
කඳු මුදුනට පැමිනි විට අවට විහාල භූමි ප‍්‍රදේශයක් දර්ශනය වන අතර එම දසුනින් සිත් සතන් නිවී පහන් වී යයි.
වට අඩි 6 ක් පමණ වන වසර 400 ක් පමණ පැරණි යෝධ පුස්වැල මේ බිමට මහත් අභිමානයක් ගෙන එයි. එය විවිධ විසිතුරු රටා මවමින් දසත විහිදී ඇත.
මෙම ස්ථානයේ ඇති තවත් වැදගත් අංගයක් වනුයේ ඔ්ලන්ද සමයේ ඉදිකරන ලද මහනුවර යුගයට අයත් දැව පාලමයි.
මෙම නිස්කලංක පරිසරය ගතට මෙන්ම මනසට ද සුවදායකය. මෙහි ඇති රුක්ගොමු , ලෙන් හා විහාරාරාම අපේ ඉතිහාසයේ රහස් නිහඩව සගවාගෙන ඇත. මෙම පින්බිම අද දවස මිනිස් නොපණත් කම් වලින් විනාශවෙමින් පවතී. නිධන් හොරුන් හා ජඩ ගති ඇති මිනිසුන් මෙම සොඳුරු බිම කිලිටි කරමින් ඇත. බලධාරීන්ගේ හා වගකිවයුතු සියලූ අංශයන්ගේ අවධානය පිළිකුත්තුවට යොමුවේනම් එවිට මෙම පිංබිම මතුපරපුර වෙනුවෙන් සුරැුකෙනු ඇත.
පිළිකුත්තුව නරඹා අපි පියමං කළේ එවැනිම තවත් වැදගත් ඓතිහාසික ස්ථානයක් වෙතටයි. ඒ මාලිගාතැන්නයි.
ආරම්භයේ දිම කළුගල් පව්වමත ක‍්‍රමාණුකූලව ඉදිකරන ලද පියගැට පෙළ මාලිගාතැන්නට නව අභිමානයක් ගෙන එයි.
පියගැට පෙළ අවසන්ව මකර තොරණ අබියස දෙපස කළුගලින් නිමවන ලද කැටයම් දෙකක් වෙයි. ඒ මත හුනු අතුරා අළුත්වැඩියාවක් ද කර ඇත. එහි හිරු-සඳු දකුණු පසද බල්ලා හා කපුටාගේ රුව වම් පස ද කැටයම් කර ඇත. එහි සැගවුන අරුතක් ඇත. ඉන් කියැවෙන්නේ ඉර හඳ පවතින තුරු පවතින්නා වූ මෙම විහාරාරාම වනසන්නවුන් බල්ලන් හා කපුටන් වී උපදින බවයි.
මාලිගාතැන්න පර්වත භූමිය තුල කි‍්‍ර.පූ. යුගයේ දී (වර්ෂ නිශ්චිත නැත) භාවිතාකරන ලද ගල් ලෙන් කිහිපයක් සහිතය. මෙම ස්ථානය වළගම්බා රජු සැගව සිටි තැනක් බවද කෝට්ටේ යුගයේ පර සතුරු උවදුරු තිබූ අවස්ථාවල රජුන් හා ඇමතීන්ට ආරක්ෂාව හා රැුකවරණය දුන් තැනක් බව ද ජනප‍්‍රවාදයයි. එමෙන්ම කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු පෘතුගීසින් හා එක්ව කතෝලික ආගම වැළඳගත් පසු ඇති වූ ව්‍යාකූල කාලයේ දී දළදා මන්දිරයේ දියවඩන නිලය දැරූ හිරිපිටියේ රාල විසින් දන්ත ධාතූන් වහන්සේ වඩමාගෙන විත් ආරක්ෂාව සඳහා මාලිගයක් කරවා තැන්පත් කළ බැව් සඳහන්වේ. දළදා වහන්සේ වැඩසිටි මාලිගය පිහිටි භූමිය මාලිගාතැන්න විය.