මිනිස්කම දෝර ගලායන උතුර - දකුණ යාකරන පාද යාත‍්‍රාව
2015 ජූලි 8 වන දා උදෑසන කුමන වනෝද්‍යාණයේ පිවිසුම් දොරටුව අසළ දහස් ගනනක් මිනිසුන් නොඉවසිල්ලෙන් බලා සිටියේ එහි දොරටු විවෘත කරන තුරුය. යාපනයේ මන්ඩතිව් කොවිලේ සිට දිගු දුරක් පාගමනින් පැමිණ කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යට සහභාගිවිමට යන බැතිමතුන්ට තම ගමනේ අවසාන කිලෝමිටර 100 කට අධික දුර ගෙවාදමන්නට සිදුවන්නේ අලි,කොටි, වග වලසුන් පිරි කුමන හා යාල මහ වනය හරහා ගමන් කිරීමෙනි. එහෙත් මෙම මාර්ගය කුමන හා යාල වනෝද්‍යාන හරහා වැටි ඇත. වනෝද්‍යානයක නිති රිති වලට අනුකූලව වනෝද්‍යානයකට ඇතුළු විමට නිසි අවසරපතක් ලැබිය යුතුය. මාර්ගෝපදේශකයෙකුගේ මග පෙන්වීම යටතේ වාහනයකින් ගමන් කළ යුතුය. කිසිදු හේතුවක් නිසාවත් වාහනයෙන් බිමට බැසිමට අවසර නැත. එහෙත් එම නිති රීති සාම්ප‍්‍රදායික පාද චාරිකාවට වලංගු නැත. මෙම පාද චාරිකාවේ නියුතු දහස් ගණනක් බැතිමතුන් සදහා වනෝද්‍යානවල දොරටු විවෘත වෙයි.
මෙතැන් සිට ඇරඹෙන්නේ කුමන සිට කටගමුව දක්වා මෙම පාද චාරිකාවේ සජිවි අත්දැකිම් පෙළ ගැස්මකි.
මෙම පාද චාරිකාව සදහා සහභාගිවීමේ අරමුණෙන් අපි 2015 ජූලි 6 වනදා රාතී‍්‍ර පානම බලායන බස් රථයට පිටකොටුව බැස්ටියන් මාවත බස්රථ නැවතුමෙන් ගොඩු උනා. අපේ කණ්ඩායමට සාමාජිකයො 9 දෙනයි. මිහිතල මිතුරෝ වෙනුවෙන් මම (මුණගම* ත් සදරුවන් සහ සචිත් සහභාගි උනා. ප‍්‍රසාද් මංජුල සෙහොයුරාගේ මුලිකත්වයෙන් අපේ ගමන සංවිධානය උනා. 7 වන දා උදෑසන 7.00 පමණ වෙන කොට අපි පානම විහාරස්ථානයට පැමිණියා. උදෑසන ආහාරය පානම කඩමණ්ඩියේ හෝටලයකින් සප්පයම් උන අප කණ්ඩායම කුමන ඔකද දේවාලය කරා යාමේ බලාපොරොත්තුවෙන් මහ මගට පිවිසියා. ගතඋනේ පුංචි වෙලාවයි. අපේ වාසනාවට ඔකද දේවාලය කරා වන්දනාකරුවන් ප‍්‍රවාහනය කරන බස් රථයක් පැමිනියා. අපි එම බස් රථයෙන් ඔකද දේවාල භුමියට පැමිණියා. ඒ වන විටත් සෑහෙන බැතිමතුන් සංඛ්‍යාවක් දේවාල භූමියට පැමින සිටියා.
එදින දිවා ආහාරය දේවාල භූමියේ දන්සලකින් සප්පායම් උන අප කණ්ඩායම පානම සුන්දර මුහුදු තීරයට ගියේ මුහුදෙන් නාන අදහසින් . තරමක චණ්ඩ ස්වභාවයක් ඉසිලූ නමුත් අපි පරෙස්සමින් මුහුදු ජලයෙන් නා ගත්ත. ඒත් වැඩි වෙලාවක් ගියේ නැහැ. ප‍්‍රසාද් ඇතුළු පිරිස අපට කෑගසා කීවේ භයානක ප‍්‍රවෘත්තියක්. ඒ තමයි ජෙලි පිෂ් නමින් හදුන්වන අධික විෂ සහිත මසුන් මෙහි ඇති බව. අපි නැම පසෙක ලා ගොඩ බිමට පිවිසියා. එදින රාති‍්‍රය ඔකද දේවාල පසුබිමේ පිහිටි ගල් පර්වතය අසල ගත කරන්නට අපි තීරණය කළා.
කළුවර වැටෙන්න කලියෙන් රාතී‍්‍ර ආහාරය සූදානම් කළ යුතුව තිබුන හෙයින් කණ්ඩායමේ පිරිස ඒ සදහා සූදානම් උනා.
ජුලි 8 වෙනිදා අළුයම 4.00 ට පමන අවදි උන අපි 5.00 වෙන කොට පාද චාරිකාවට සහභාගි විමේ අරමුණෙන් දේවාල භූමියට සේන්දු උනා. ඒ වන විටත් වන්දනා කරුවන් කුමන පිවිසුම් දොරටුව කරා ඇදෙමින් තිබුනා. පහතින් දැක්වෙන්නේ එදින අළුයම 5.00 ට පමණ ඔකද දේවාලය දිස් වූ අයුරුයි.
කාන්තාවන්. පිරිමින්, කුඩා දරුවන් සහ මහල්ලන් ආදි කිසිදු බේදයකින් තොරව මෙම පාද චාරිකාවට පිරිස් සහභාගිවී තිබුනා. චාරිකාවක් සදහා එක් දිනයක් හෝ වෙන්කර ගැනීමට තරම් හැකියාවක් නොමැති තරමටම කාර්ය බහුල කොළඹ සමාජයත් මාස 2 කටත් අධික කාලයක් පා ගමනින් යාපනයේ සිට කතරගමට පවුල් පිටින් බාල මහළු බේදයකින් තොරව පැමිනෙන දෙමල සමාජයත් අතර ඇති වෙනස අපි දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කාරණයකි.
එදින උදෑසන පාද චාරිකාවට සහභාගිවන සියළු දෙනාටම යුද හමුදාව සහ බෞද්ධ ස්වාමීන් වහන්සේලා එක්ව කිරිබතින් සංග‍්‍රහයක් සිදු කිරීම පැසසිය යුතු කාරණාවකි. ජාතීන් අතර මිත‍්‍රත්වය හා බිදුනු සිත් යා කිරිමට මෙම පාද චාරිකාව මහගු අවස්ථාවකි.මට නිතැතින්ම සිහිපත් අනේ දීපිකා පි‍්‍රයදර්ශනි ගයන ගීතයක්
මේ මිහිමඩලේ - සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට අප හා එනු මැන පාද යාත‍්‍රාවේ
ඔබ අත දුන මැනවි - මා අත ගනු මැනවි
අත්වැල් බන්දා මෙත්සිත් රන්දා
අප යන ගමනට ඔබ එක්වනු මැන - පාද යාත‍්‍රාවේ
යුද බිම මල් අතුරා - ලොවම මලින් සරසා
මිනිස් සුගන්ධේ සිත් ආනන්දේ
ඒ මල් යායට එක්වනු මැන ඔබ - පාද යාත‍්‍රාවේ
තමන්ට සිංහල මිනිසුන්ගෙන් ලැබුන කිරිබත් සතුටින් භාරගත් මේ දරුවන් එම කිරිබත් බෙදා හදාගෙන කන්න අමතක කළේ නැහැ. ඇයි මේ පුංචි දරුවන්ගෙ ලෝකය අපි වනසා දමන්නෙ.
කුමන වනෝද්‍යානයේ දොරටු විවෘත කරන තුරු පෝලිම් ගැසී නොඉවසිල්ලෙන් බලා සිටින බැතිමතුන්
දොරටු විවෘත කිරීමට පෙර චාම් උත්සවයක් පැවතුනා. පැමිණි බැතිමතුන් පිළිගනිමින් වනෝද්‍යානයේ දී ඔවුන් අනුගමනය කළ යුතු පිළිවෙත් පහදමින් කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යානභාරකරු සුරංග මහතා කථා කළා.සුදු ඉරි සහිත නිල් ටීෂර්ටයකින් සැරසී සිටින්නේ සුරංග මහතායි.
ඉන් පසු දිස්ති‍්‍රක් ලේකම් තුමිය කතා කළා.
පාද චාරිකාවේ කදවුරුභාර නිලධාරි වරිය හැටියට අම්පාර දිස්ති‍්‍රක් ලේකම් තුමිය මේ අවස්ථාවෙ තම අදහස් දක්වමින් වටිනා කථාවක් කළා. උදෑසන 6.00 ට පමණ කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු බැතිමතුන් සදහා විවෘත උනා.
උදෑසන හිරුරැුස් මිහිතලය සිප ගනිමින් තිබුනා. ‘‘ හරෝ හරා .......’’ හඩින් කුමන වන උයන ගිගුම් දුන්නා. අපිත් මේ පිරිසත් සමග ඉදිරියට ඇදුනා. දවස් 7-8 කට අවශ්‍ය ඇදුම්, ආහාර ද‍්‍රව්‍ය ආදියෙන් පිරුණු ගමන් මල්ල සෑහෙන්න බරයි. ඒ බර පොදිත් උසුලාගෙන අපි ඉදිරියටම ඇදුනා. අපට වඩා බරපොදි දෙමල ජනයා ඔසවා ගෙන අපට වඩා වේගයෙන් ඉදිරියට ඇදෙන කොට අපටත් ජවයක් එකතු උනා. මේ අය අතර කැඩුනු බසින් සිංහල කථාකරන්න පුළුවන් අයත් සමග අපි දොඩමළු උනා.
ඔවුන් පා ගමනින් මෙසේ පැමිනෙන්නේ චාරිත‍්‍රයක් ලෙස කතරගම දෙවියන් සදහා භාරහාර ඔප්පුකර පිහිට ලබා ගන්නයි. මෙම චාරිකාවට හේතු උනා. ඉතිහාස කථාවක් ද ඔවුන් අපට පැවසූවා. ‘‘ ස්කන්ධ කුමාරයා ඉංදියාවේ සිට පැමිණ තමන්ට නවාතැන් ගැනීමට තැනක් ඉල්ලා සිටි විට දෙමල ජනයා ඔහුට නවාතැන් ලබා නොදුන් බවත් එහෙත් සිහල මිනිසුන් ඔහුට පැලක් සාදා නවාතැන් ගැනීමට ඉඩකඩ ලබා දුන් බවත් ඔවුන් අප සමග පැවසූවා. එඑදා දෙමල ජනයාගෙන් ස්කන්ධ කුමාරයාට සිදුවූ අකටයුත්තට සමාව ගැනීමට යාපනයේ සිට පාගමනින් දුක්ගැහැට විද සෑම වසරකම මෙසේ පැමිනෙන බවත් ඔවුන් අපට කියා සිටියා.
මේ කථා අසා සිටින අපට වසරකම වසරකම හැගුනේ සිංහලයා පිළිබදව ඔවුන් තුල ඇති ගරුත්වයයි. තමන් වන්දනාමාන කරන දෙවියෙකුට සැළකූ ජාතියක් ලෙස ඔවුන් සිංහලයන්ව දැකීමත් කොතරම් අගනේද? මේ අහිංංසක මිනිසුන් ජාතිවාදී හංවඩුව ගසා බැහැර කිරීම කෙතරම් දුෂ්ඨ කි‍්‍රයාවක්ද? ජාතිවාදීන්ට හොදම පිළිතුරක් පාද යාත‍්‍රාවෙන් ලබා ගත හැකියැයි මට සිතුනා.
මේ පහතින් පෙනෙන දර්ශන දෙස බලන්න. අපේ සචිත් සමග මිතුරු වූ කුඩා දරුවෙක් බොහෝ දුරක් අප සමගම එකට පැමිණුනා. ‘‘ පුතේ සිංහලයො කියන්නෙ අපිව කන්න ආපු මාරයො ටිකක්. උන් එක්ක එහෙම යාළුකමක් තියා ගන්න එපා.’’ ඒ දෙමල දෙමව්පියො තම දරුවන්ට එහෙම කිව්වෙ නැහැ. ඔවුන්ට අපව පෙනුනෙ මිනිසුන් ලෙස. ජාතිවාදයක් ඔවුන් තුල ගෑවිලාවත් තිබුනෙ නැහැ.
මේ අහිංසක සිගිත්තන්ගේ හිනාවේ දෙමල හෝ සිංහල ජාතිවාදයක් ගෑවී හෝ තිබේද?
මෙවන් නොදරුවන් ජාතිවාදී ගින්නෙන් දවාලන රුදුරු දෙමල හෝ සිංහල අන්තවාදයට අපි එරෙහි විය යුතු වෙමු.
දැන් දැන් හිරු කුමරුත් කෙමෙන් කෙමෙන් තම බල පරාක‍්‍රමය විහිදුවමින් ඉහළට ඇදුනා. කුමන ජාතික වනෝද්‍යානයේ සියළු කටයුතු පිළිවලකට සංවිධානය කර තිබුනා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 3 කට පමණ එක් ජල ටැංකිය බැගින් තිබුනා.
යෝධ ලිපත් පහුකරගෙන ඉබි ගමනින් ඉදිරියට ගිය අපේ ඇස ගැටුනේ දුලබ දසුනක් ඒ අප ගමන්කරන මහ මග අසලම වලසෙක් ගිමන් හරිනව. සචිත් එයාගෙ පෝන් එකෙන් ඌව ඡුායාරූපයක ගන්න සමත් උනා.
දහවල් 12.00 පමණ වන විට අපි බාගුරා කලපුවට සේන්දු උනා. ඒ වන විටත් විශාල පිරිසක් තැනින් තැන වාඩිලාගෙන ගිමන් හරිනව සමහර කණ්ඩායම් දිවා ආහාරය සකස් කරනව. අපිත් ගිමන් නිවා ගන්න තුරු සෙවනකට ඇදුනා.
ඔය අතරෙ බාගුරා කලපු පිටියට එනම් පාද යාත‍්‍රාවේ පළමු කදවුරු බිමට දිවා ආහාර රැුගෙන ලොරියක් පැමිණුනා. කණ්ඩායම පේලි සැදී දිවා ආහාර පාර්සල්, කෙසෙල්ගෙඩි සහ පිල්ටර් කරන ලද ජලය ලබා ගත්තා. මේ සියළු සංග‍්‍රහයන් පවත්වන්නේ සිංහල ජනයා විසින්. ප‍්‍රභාකරන් විසින් සිංහලයා යනු දෙමලුන් මරා කන්නට උපන් යකුන් සේ හදුන්වා දී තිබුනත් සිහලයා යනු කෙතරම් ආගන්තුක සත්කාරයට ලැදි ජාතිවාදින් නොවන පිරිසක්දැයි යම් හෝ හිතේ කහටක් තිබුන අයෙකුට වැටහෙන්නට ඇති. මෙම සටහන ලියන මගේ පුද්ගලික හැගීම නම් බහුතර සාමාන්‍ය දෙමල හෝ සිංහල සමාජය ජාතිවාදීන් නොවේ. සුළුතර පිරිසක් පමණක් ජාතිවාදීන්ය. එම සුළුතරයේ කි‍්‍රයාකාරකම් බහුතරයේ පැවැත්මට හානා දායක වන අතරම එය සමස්තයේ ප‍්‍රකාශනයක් ලෙස විග‍්‍රහවේ. ‘‘සිංහලයින් ම්ලේච්ඡුයින් පිරිසක් උන් දෙමළුන් මරා දමන අමුනෂ්‍යයින් පිරිසක්’’ ලෙස දෙමල සමාජය සිංහලයින් ගැන සීතිමෙන් හෝ ‘‘ දෙමලා සිංහලයාට විරුද්ධයි. උන් වෙනම රාජ්‍යක් වෙනුවෙන් සටන් වදින පිරිසක්’’ ලෙස සිතීමෙන් සිංහලයින්ට හෝ දෙමළ ජනයාට සිදුවන යහපතක් නම් නැත.
අපේ අද දවසේ ඉලක්කය කුඹුක්කන් ඔය අසල කුඩාකැබිලිත්ත දේවාල බිමේ පිහිටි කදවුර වෙත යාමටයි. ගමන් විඩාව නිසා ගමන සෙමින් සිදු වෙයි. දැන් අදුරත් ගලා එමින් පවතී. තව බොහෝ දුර යායුතුය. බඩගින්න ද තදින් දැනේ. ජල ටැංකියක් අසළ නතර වු අප කංඩායම රාතී‍්‍ර ආහාර පිළියෙල කිරීම ඇරඹිය.
ආහාර උයා අවසන කංඩායම එක්ව රාතී‍්‍ර ආහාරයෙන් සප්පායම් විම ඇරඹීය.
කැබ්රථයකින් පැමිණි වනජීවී නිලධාරීන් පිරිසක් අපට තදින් අවවාද කරමින් කියා සිටියේ මෙවන් ස්ථානවල නැවතී සිටීම හා රාතී‍්‍ර කාලයේ සංචරණය අවදානම් සහගත කි‍්‍රයාවක් බවයි. ඔවුන් අපට කියා සිටියේ කුමන හේතුවක් නිසාවත් කදවුරු බිමක මිස වෙනත් ස්ථානයක නැවතීමට ඉඩදිය නොහැකිවබවය. ආහාර ගෙන අවසන් වූ පසු අපව කැබ් රථයට නංවා ගත් ඔවුන් කුඹුක්කන් ඔය අසබඩ පිහිටි කුඩා කැබිලිත්ත දේවාල භූමියේ කදවුර කරා අප රැුගෙන යාමට හැකි වූයේ සුළු දුරක් පමණකි. පාර හරහා දිවියෙක් මාරු විය. ‘‘ දැන් මහත්තයලට තේරෙනව ද රාතී‍්‍ර කාලයේ ගමන්වල තියෙන භයානක කම. ’’ අදුර වැටුන පසු මෙවන් බිමක ඇවිද යාම කෙතරම් අවදානම් සහගත කි‍්‍රයාවක්ද යන වග පසක් විය.
එදින රාත‍්‍රිය එම කදවුරු බිමෙහි ගත කළ අපි පාන්දරින්ම අවදිව ගමන් ඇරඹුවෙමු. අප කුඹුක්කන් ඔය අසබඩට පැමින සිසිල් දියෙන් ඇගපත සෝදා ගෙන කුඹුක්කන් ඔය තරණය කර යාල වනෝද්‍යානයට ඇතුළු වුයෙමු.
කුමන වනෝද්‍යානයේ දී පාද චාරිකාවට අවශ්‍ය යටිතල පහසුකම් හොදින් සංවිධානය වී තිබුනත් යාල කොටසේ දී තවමත් ඒ සදහා සූදානම හොද මට්ටමක නොපැවතුනි. ජල ටැංකි තිබුනත් ජලය පුරවා නැත. පාද යාත‍්‍රාව ඇරඹුනා පමණකි. සංවිධාන කටයුතු තවම හරිහැටි ඇරඹි නැති සේය. අපි අළුයම අවදිව ගමන් ඇරඹුවත් තවම තේ කහට අගුරක් හෝ බීවේ නැත. ගත විඩාවෙන් පෙළෙයි.
අපේ කංඩායම අපට වඩා දුරගොස් ඇත තේ පානය කිරීමට භාජන ද ඔවුන් ලගය. කුමක් කරන්නේදැයි සිතමින් ආ අපට ජලටැංකියක් හමුවිය. එතැන හමුදා මුරපොළකි. ටැංකියේ ජලය ද පුරවා තිබුනි. යාල කොටසේ සියළුම ජල ටැංකියක් අසළ හමුදා මුරපොලක් ද පිහිටුවා ඇත. අපි තේ වත්කර ගන්නේ කෙසේද? හමුදා සොයුරන් ඔවුන් ලග තිබූ යකඩ භාජනයක් අපට දි එයින් වතුර රත් කර ගන්නැයි පැවසීය. එයනම් මහත්පල මහානිසංස ලැබෙන පිංකමකි. අපගේ බෑග්වල තේ කොළ සහ සීනි ඇත. අප තේ වත්කර බිස්කට් කා තේ පානය කළෙමුු.
ඒ කිසිවක කිසිදු දර්ශනයක් අපේ ඡුායාරූප අතරට එක් නොවීම අභාග්‍යකි. මදින් මද හිරු රැුස් චණ්ඩ වෙයි . මුළු බිමම දාහයෙන් ඇළලී යයි. ඒ අතර හමන සුළග අපගේ සිරුරෙහි ඉතිරිවන ජල බිිදුවද වියළා දමයි. ඉවසිය නොහෙන තරම් පිපාසාව දැඩිවෙයි. එහෙත් ජල ටැංකි මිසක ඒවායේ ජලය නැත.
කලකින් වැසි දිය නොලද බිම ඉරිතලා වියැලී ගොසිනි. ගහකොළ කොළ පැහැය අත හරිමින් දුඹුරුැ පැහැයට ආදරය කරන්නට පටන් ගෙන ඇත. පෙරකළ ජලය පිරි කලපු බිම මුළුමනින්ම වියලි ගොසිනි ඒ අතර සුන්දර මලින් පිරි කුඩා කටු පදුරු බිමෙහි කර්කශ බවට සුන්දරත්වය එක්කරයි.
ඉවසිය නොහෙන පිපාසාව අපගේ ගමන දුර්වල කරයි. අපේ අද දවසේ මුල්ම කදවුරු බිම ළිං තුනයි. අප පිවිසියේ කලපු බිමකටය. මෙහි යම් ප‍්‍රමාණයකට ජලය පිරි ඇත. කලපුවෙන් එගොඩ වුවහොත් මග කෙටය. නොමැති නම් දිගු දුරක් යා යුතුය. සියළුම දෙනා කලපුවෙන් බැස කෙටි මග ඔස්සේ ගමන් කරනු පෙනේ. අපේ බෑග් හිසට රැුගෙන කලපු දියේ වැටි වැටි ගිය ගමන විනෝද ජනක විය.
කලපු දියේ වැටි වැටී ආවට වඩා අමාරුව ඉතිරි හරිය එන එක ඒකට හේතුව තමයි එරෙන හරියක්වීම. මඩේ එරි එරී එන එක ලේසි නෑ. ප‍්‍රශ්නෙ කියන්නේ වයසක ආච්චිල හිටන් මේ විදිහට මේ දුෂ්කර ගමන ආපු එකයි. එතනින් අපි අපේ අද දවසේ පළමු කදවුරු බිමට ආව. මේ තමයි ළිං තුන කදවුරු බිම. ඒ වෙන කොටත් සමහර කංඩායම් දිවා ආහාර පිළියෙල කරනව. අපේ කංඩායමත් ආහාර පිළියෙල කරන්න පටන් ගත්ත. මෙය ලියන මට කෑම අරහං වෙලා. කන කිසිම දෙයක් පිරියක් නැහැ. ඊයෙ රාතී‍්‍ර බත් ටිකක් කෑවට පස්සෙ තාම කෑවෙ නැහැ. වෙලාවට වෛද්‍ය ප‍්‍රතිකාර සදහා පැමිණි වෛද්‍ය කංඩායමක් නොමිලයේම තේ දන්සලක් පවත්වනව. ඉගුරු දාල හදල තිබුන තේ එකනම් පිපාසයෙන් පෙළුන අපට දිව්‍ය ඖෂධයක් වගේ.
අපේ කංඩායම දිවා ආහාරයෙන් සප්පායම් වෙලා නැවත ගමන් අරඹන්න තීරණය කළා. ඒ අපට රාතී‍්‍රයේ සතුන් නැරඹිය හැකි ස්ථානයක් හමුවන තෙක් ගමන්කර රාතී‍්‍රය එවන් ස්ථානයක ගත කිරීමේ අරමුණ ඇතිව.
දාහය ඉවසිය නොහැකි තරම්. පිපාසයෙන් දිව කට වියැළි ගොසින් අප කංඩායම දෙහි මිරිකා පානය කිරීමට මදත් නතර උනා. එහිදී අප දුටුවේ අපූරු දසුනක් . අප දුටුවේ හරිම අපූරු කුරුළු රංගනයක් . එහෙත් අපේ පෝන් කැමරා එවන් සොදුරු දසුන් සිත්තම් කරන්න තරම් පොහොසත් නැහැ. හැකි අයුරින් එය කැමරා කාචයේ සටහන් කර ගත්තා.
කලපුවක් අසල ගසක් යට රාතී‍්‍රය ගත කිරීමට අප තෝරා ගත්තා. කලපු දියට සතුන් ඇදී ඒමට ඇති ඉඩකඩ වැඩි නිසා එම ස්ථානය අද ( ජුලි 9* රාතී‍්‍ර අපේ නවාතැන ලෙස අප තෝරා ගත්තා.
මේ රාතී‍්‍රය ගුප්ත බවින් පිරුණු භයංකර රාතී‍්‍රයක්. හතර වටින් විවිධ සතුන්ගේ හඩින් ගිගුම් දෙනව. තැනෙක පොර බදන සතුන්ගේ හඩවල්. තවත් තැනෙක හිවලුන් රංචුවක් නොනවත්වා වනය දෙවනත්වන සේ හඩතලනව. කලපුව පැත්තෙන් තොර තෝංචියක් නැතුව කිරලුන් මොර දෙනව. ඒ අතරෙ කළුපාට ගුලි 3 ක් ඇදී යනු පෙනේ. ඒ අන්කවරෙකුවත් නොව වලස් පවුලකි. මේ නම් අපූරු අත් දැකීමකි. යාල වනෝද්‍යානයේ කලපුවක් අසල ගසත් යටට වී රාතී‍්‍රයක් ගත කරන්නට ලැබෙන්නේ මේ පාද චාරිකාවේදීම පමණකි.
අළුයම 1.00 පමණ වන විට අහස් තලයේ සද පායා මුළු පෙදෙසම සද එළියෙන් නැහැවී යන්නට විය.
කැලෑ කිනිතුල්ලන්ගේ ප‍්‍රහාරය හමුවේ අපි අසරණ වුනෙමු. උන්ගේ දෂ්ඨනයට හසුවූූ තැන් දැඩි ලෙස රිදුම් දෙයි. පලු මතුවී ඇත. අළුයම අවදිව අපි ලා හිරු රැුස් පතිතවන අරුනළු ූඋදයේ පාදචාරිකාවේ තුන්වන දිනය ඇරඹුවෙමු.
පෙරදා රාතී‍්‍රයේ අපේ කංඩායම ආහාරයෙන් තොරව ගෙවා දැමූ නිසා කංඩායමට කුසගින්න තදින් දැනෙනව ඇති. මට නම් කුසගින්නක් දැනෙන්නෙම නැහැ. අපි හමුදා මුරපොල අසල ඇති ජල ටැංකිය අසල නැවතී මුහුන සෝදා කුරක්කන් කැද සෑදිම ඇරඹුවෙමු.
කුරක්කන් කැදවලින් දවස සප්පායම් කර ගත් අප පැරණි තොටුපල කදවුර තෙක් ගමන් කිරීමේ අදිටනින් ගමන් ඇරඹුවෙමු. හෝරාවක් පමණ ගෙවී ගිය පසු වතුර ටැංකිය සහිත ටැක්ටරයක අපේ ගමන් සගයින් දෙදෙනෙකු වූ පිල්ලෙ සහ තංගවේල් සිටිනු අප දුටුවෙමු. අධික බරක් සහිත අපේ ගමන් බෑග් ද එහි පටවා පැරණි තොටුපල අසලින් බාගන්නා ලෙස ඔහුට දැනුම් දී අප අපගේ බර සැහැල්ලු කර ගතිමු.
මම, සචිත් සහ සදරුවන් අප තිදෙනා ඉදිරියෙන්ම ගමන් කළෙමු. ජලය නොමැතිකම අපට දැඩි බාධාවකි. අවසන් වරට බත් කටවල් කිහිපයක් කෑවේ 8 වන දා රාතී‍්‍රයේය. අද 10 වනදා. කිසිදු ආහාරයක් මගේ කුසට ඇතුළු වූයේ නැත. ඉවසිය නොහැකි තරහ් පිපාසය දැනේ. අපේ සැහැල්ලුවේ නෙස්ටමෝල්ට් සහ සීනි ස්වල්පයක් ඇත. වතුර ස්වල්පයක් ද ඇත. ඇල්වතුරෙන් නොස්ටමෝල්ට් සාදා පානය කළ අප ඉදිරියටම ඇදුනෙමු. දිගු ගමනකින් පසු අප මැණික් ගග අසබඩට පැමිණුනෙමු.
වමේ සිට සචිත්,සදරුවන් සහ මම
මැණික් ගගේ සුදු වැලිතලාවේ ගිමන් හරින වන්දනා නඩ සමූහහයකි. පැරණි තොටුපල කොයි පැත්තෙද? අපි ඔවුන්ගෙන් විමසූවෙමු. එහෙත් කිසිවෙක් හරි හැටි නොදනී. ‘‘ඉහළට යන්න එතකොට පාලම හමුවෙනව. එතැනින් කටගමුවට යන්න පුළුවන්. ’’ සමහරු පැවසූහ. ආපසු නොහැරී ඉදිරියටම යන්නට අපි තීරණය කළෙමු.
අප තිදෙනා මැණික් ගගට සමාන්තරව වැටී ඇති මාර්ගය දිගේ ඉදිරියට ඇදුනෙමු. මීට පෙර මෙම මගෙහි කිසිවකු ගමන් කළ සළකුණක් ද නැත. දැන් අප කිලෝමීටර් 3-4 ක් පමණ පැමිණ ඇත. එහෙත් කිසිදු ජල ටැංකියක් වත් හමුදා මුරපොළක් හෝ නැත. විඩාව කියා නිම කළ නොහැක ගතේ ශක්තිය පිරිහී ඇත. පිපාසය කොතෙක්දැයි කිව නොහැකිය. නිකම් ජලය බිව් පමණින් පිපාසය මග හැරෙන්නනේ ද නැත. මගේ සැහැල්ලුවේ පෙරදා හමුවූ දිවුල් ගැටයක කොටසක් ඇති බැව් සිහි විය. මට හොද’ ුදහසක් පහළ විය. ඇල්වතුර ජෝගුවට දමා දිවුල් ගැට සූරා වතුරට දමා හොදින් මිරිකා එම ජලය පානය කිරීමට අප තිදෙනාට සිදු විය.
දිවුල් ගැට බීමවල රස බලන්න පාද යාත‍්‍රාවෙම එන්න එපායැ
සචිත් සහ සදරුවන් පෙනෙන නොපෙනෙන මානයේ මට ඉදිරියෙන් ගමන් කරයි. මම පසු පසිනි. වංගුවකින් සචිත් සහ සදරුවන් නොපෙනී ගොසින්. මම හෙමින් හෙමින් ගාට ගාටා ඉදිරියට ඇදුනෙමි. වම්පස කොළ අතු බිදෙන හඩක් ඇසුනි. මම දෙනෙත් විදහා බැලුවෙමි. මට මීටර් 7-8 ක් දුරින් සද්දන්තයාය. මෙතෙක් දැන අගත් දේවල් කොහේ ගියාදැයි මම නොදනිමි. මම නැවත ඒ දෙස නොබැලුවෙමි. මෙතෙක් අතිශයින්ම දුර්වලව සිටි මගේ ගතට කුමක් වුවාදැයි මම නොදනිමි. වේගයෙන් ඉදිරියට දුව ගොස් මා ලද අත්දැකීම මගේ ගමන් සගයින් දෙදෙනාට දැනුම් දුනිමි. අලියකු දැකීම අපට ආහ්වාද ජනක සිද්ධියක් වූවත් මේ අවස්ථාවේ ආපසු හැරීයාම නුවණට හුරු නොවන නිසා අප ඉදිරියටම ඇදුනෙමු. පාළු මාවතේ ඉදිරියට යන අප මුහුණ දුන් උභතෝකොටික ප‍්‍රශ්නය වූයේ පැරණි තොටුපල ඉදිරියේ ද අප පසුපස ද යන්නයි. දැනටමත් අප එම ස්ථානය පසුකර ඇවිදින් ද එසේනම් අපේ ගමන් මළු එහිය. අපට ආපසු යා නොහැකිය. ඊලග කදවුරු බිම වරහන බව පමණක් අපි දනිමු.
අපට ඉදිරියෙන් ටැක්ටරයක් එන ශබ්ද්ධය ඇසුනු හෙයින් හිතට මහත් අස්වැසිල්ලක් දැනුනි. ස්වල්ප මොහොතකින් අපගේ ගමන් මළු රැුගෙන ගිය වතුර ටැංකි පටවා ගත් ටැක්ටරය අප ඉදිරියට පැමිණුනි. අප මුළින්ම ඇසූ ප‍්‍රශ්නය වූයේ ‘‘ අපේ සගයින් දෙදෙනා කොහේද? අපේ ගමන් මළු කොහේද’’ යන්නයි.
‘‘ මහත්තයලගේ දෙන්න අපි කියපු එක ඇහැවුවෙත් නැහැ අපි ගියෙ වරහනට විතරයි. එතැනින් බැහැල එතෙන්ට ආපු ටැක්ටරේක නැගල කටගමුවටම ගියා.’’ අපේ හිතට එක් අස්වැසිල්ලක් වූයේ අපේ ගමන්මළු පසු පස නොව ඉදිරියේ ඇති වග දැන ගැනීම නිසාය. එහෙත් අප කණ්ඩායමක් ලෙස මහත් අසීරුතාවයකට පත් වී ඇත. ඉවුම් පිහුම් කිරීමට අවැසි සියළු ආහාර ද‍්‍රව්‍ය ඔවුන් ලගය. ඒ නිසා නිරාහාරව ඉදිරි දින ගත කිරීමට සිදුවේ. කුමන හෝ වැරැුද්දක් සිදුවී ඇත. කෙසේ හෝ දුෂ්කරතා මැද අප වරහනට පැමිණියෙමු. එහි සිටි හමුදා නිලදරුවන් අප ගැන මහත් අනුකම්පාවෙන් සබන් ආදිය දී මැණික් ගගෙන් නා ගෙන ඒමට ඉඩකඩ සළසා දෙන ලදී. සිත් සේ මැණික් නදියේ ගිලි නෑවෙමු. හමුදා නිලදරුවන් අපට තේ සහ බිස්කට් වලින් සංග‍්‍රහකරන ලදී. මා තේ පමණක් බීවෙමි. දැන් ඉතිං අපේ තව කංඩායමක් අපට බොහෝ පිටු පසිනි. සිග්නල් නොමැති නිසා ඔවුන් සමග කථාබහ කිරීමට ද නොහැකිය.
සවස හමුදා භටයන් පිරිසක් රැුගෙන වාහනයක් එන බවත් අපට ද එම වාහනයෙන් කතරගමට යා හැකි බවත් හමුදාවෙන් පැවසීය. දැන් ඉතිං අපගේ පාද චාරිකාව අවසන් වී ඇත. කී පරිදිම පැමිණී වාහනයෙන් දූවිලි නාගෙන කතරගමට පැමිණ අපි බස් රථයෙන් පසු දා අළුයම නිවසට පැමිනුනෙමු.
අපගේ ජීවිතයේ කිසිදා අත් නොවිදි අපූරු අත්දැකීම් සම්භාරයක් හා සොදුරු මතක සටහන් පිරි 2015 පාද චාරිකා අත්දැකීම් මෙසේ අවසන් කරන්නේ ගී‍්‍රන් 4 චේන්ජ් හි ප‍්‍රසාද් මංජුල අම්බලන්යාය සොයුරා ඇතුළු සොයුරු කැලට අපගේ ගෞරව ස්තුතිය පිරිනමමිනි.