Wednesday, November 4, 2015
අවිඳු අඳුර දුරලන්නට පඥා ප‍්‍රදීපය දල්වමු - පඥා ප‍්‍රදීපනී සමග සංස්කෘතික චාරිකාව ඓතිහාසික පොලොන්නරුව පුද බිම
අවිඳු අඳුර දුරලන්නට පඥා ප‍්‍රදීපය දල්වමු - පඥා ප‍්‍රදීපනී සමග සංස්කෘතික චාරිකාව ඓතිහාසික පොලොන්නරුව පුද බිම
මිහිතල මිතුරෝ සිය 21 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද පඥා ප‍්‍රදිපනී පිංකම සහ සංස්කෘතික චාරිකාව සඳහා මෙවර තෝරාගත්තේ පොලොන්නරුව පූජනීය නගරයයි. මෙම පිංකම සිදු කරන ලද්දේ ඓතිහාසික ගල් විහාර පුදබිමෙහි සිටය.
2015 සැප්තැම්බර් මස 24 වන දින අළුයම 3.30 ට චාරිකාව ඇරඹුනි. මහරගම විද්‍යාකර බාලිකා විදුහලේ ප‍්‍රියන්ති ගුණරත්න ගුරු මාතාව සහ දරුවන් ද දෙමව්පියන් ද ඇතුළු 25 ක පිරිසක් ද සමග 60 ක පමණ පිරිසක් චාරිකාවට එක් විය.
සංවිධායකයින්ද ඇතුළුව 60 ක පමණ පිරිසක් මේ සදහා සහභාගිවිය.
අපගේ පළමු චාරිකාවේ පළමු නැරඹුම් ස්ථානය වූයේ ඓතිහාසික දඹදෙනි රාජධානියේ පිහිටි ශී‍්‍ර විජයසුන්දරාරාමයයි. පළමුව උදෑසන ආහාරයෙන් පිරිස සප්පායම් විය.
3 වන විජයබාහු රජතුමා විසින් සිරිලක තෙවැනි රාජධානිය වූ දඹදෙනිය පළමුවරට සිය රාජධානිය ලෙස තෝරාගන්නා ලදී.
පොලොන්නරුව මාඝගේ ආක‍්‍රමණය නිසා සිංහල රාජ වංශයට එය අහිමි විය. රජරට ද‍්‍රවිඩ බලයට නතු වීමත් සමග ප‍්‍රාදේශීය පාලකයන් විීධ ප‍්‍රදේශවල පාලනය ගෙන යන ලදී. 3 වන විජයබාහු මායා රට බලය පිහිටුවමින් දඹදෙනිය තම රාජධානිය බවට පත් කර ගන්නා ලදී. එය රටේ යහපත් වෙනසක් සදහා හේතු විය. එතුමා මෙතෙක් කලක් කොත්මලේ මහ පොලොව යට ආරක්ෂිතව සගවා තිබූ දළදාව සහ පාත‍්‍රා ධාතුව බෙලිගල දළදා මාලිගයක් කරවා පුද පෙරහරින් එහි තැන්පත් කරන ලදී.
විජයසුන්දරාරාමය කරවා ශාසනයට බොහෝ සේවාවක් කළ එතුමාගේ වැඩිමහල් පුත‍්‍රයා 1236 දී 2 වන පරාක‍්‍රමබාහු නමින් රජ විය. මහා පඩිරුවනක් වූ එතුමා කලිකාල සර්වඥ පණ්ඩිත යන උපාධි නාමයෙන් උපහාර ලබන ලදී. එතුමා විසින් බොහෝ සාහිත්‍ය කෘති කරන ලදී. එතුමා විසින් කව්සිළුමිණ කාව්‍ය සංග‍්‍රහය රචනා කරන ලදී. විසුද්ධි මාර්ග සන්නය, අටදා සන්නය එතුමාගේ කෘතින් අතර වෙයි.
2 වන පරාක‍්‍රමබාහු රජතුමා විසින් ඉටුකරන ලද විශිෂ්ඨතම මෙහෙවරක් වන්නේ 1255 දී මාඝ පරාජයට පත් කරමින් රජරට ප‍්‍රදේශය නිදහස් කර ගැනීමයි.
දඹදෙනියෙන් සමුගත් අප කුරුණැගල නගරය හරහා මාර්ග ප‍්‍රතිසංස්කරණය නිසා ඇතිවූ මාර්ග බාධක හමුවේ දැඩි පීඩාවක් සහිතව පොලොන්නරුවට ලගා වීමු.
පරාක‍්‍රම සමුද‍්‍රය අසබඩ නිදහස් පරිසරයක රුක් සෙවන අපේ දිවා ආහාරය සප්පායම් විම සදහා සුදුසුම බිම විය.
දිවා ආහාරයෙන් පසුව අපගේ අවධානය යොමු වුයේ පොලොන්නරුව ඓතිහාසික පුරවරය දෙසටයි. අප මුලින්ම සපැමිනියේ පරාක‍්‍රමබාහු ප‍්‍රතිමාව ලෙස ප‍්‍රසිද්ධ ප‍්‍රතිමාව නැරඹිමටයි.
විශිෂ්ඨ නිර්මාණයක්වන මෙම ප‍්‍රතිමාව පිළිබඳව නිශ්චිත නිගමනයක් නැතත් බොහෝ දෙනෙකු මෙන්ම සෙනරත් පරණවිතාන ශූරීන් පවා පිළිගනු ලබන්නේ මෙය පරාක‍්‍රමබාහු රජුගේ ප‍්‍රතිමාව ලෙසයි. අතින් ගෙන සිටින්නේ වියගස බව ඔවුන්ගේ අදහසයි. තවත් මතයකට අනුව මේ ප‍්‍රතිමාව පුලස්ති සෘෂිවරයාගේ ප‍්‍රතිමාවයි.
මේ මතය තහවුරු කරන්නට සමත් නිර්මාණයක් අංක 1 ශිව දේවාලයේ කැටයම් අතර වෙනවා. මෙය හොදින් නිරීක්ෂණය කරන්න.
ඉන්පසුව අප නැරඹුයේ පොත්ගුල් විහාරයයි. මෙය පුස්තකාලයක් ලෙස සැළකිය හැකිද? මෙය තවත් විහාරාරාමයකි. පරාක‍්‍රමබාහු රජතුමාට සෘෂින්ගේ උත්පත්ති කථා ශ‍්‍රවණය කිරිමට සාදන ලද මණ්ඩල මන්දිරය මෙය විය හැකිය. මෙය වෘත්තාකාර මෙන්ම මුළුමනින්ම ආවරණය කරන ලද ගොඩනැගිල්ලකි. එම ගොඩනැගිල්ලට පිටතින් සතර දිශාවෙන් ස්ථුප 4 කි.
කාලය වේගයෙන් පියඹා යයි. සිහින් හිරිපොද වැටෙමින් පවතින හැන්දෑවේ පරාක‍්‍රම සමුද‍්‍රයට බැස ගත දෝවනය කර ගන්නට අප පිරිස යුහුසුළු උනා.
ගතින් පවිත‍්‍ර වූ අප මේ සූදානම් වන්නේ සිතින්ද පිවිතුරු වී පඥාවේ පහන් දල්වන්නටය. ආමිශයෙන් නොනැවතී ප‍්‍රතිපත්ති පූජාවට පිවිසෙන්නට හා භක්තියෙන් මිදී ශ‍්‍රද්ධාවෙන් කුසල් වැඩෙන පිංකම් කරන්නට මග පෙන්වන ‘‘ පඥා ප‍්‍රදීපනී ’’ පිංකමට සියළු දෙනා ලහි ලහියේ සුදානම් උනා.
රාතී‍්‍ර 07.30 ට පමණ සුදු සද රැුස් දෝර ගලා යන පොලොන්නරුව පුද බිමෙහි ඓතිහාසික උත්තරාරාමය හෙවත් ගල් විහාරයෙහි පවත්වන පඥා ප‍්‍රදිපනී පිකමෙහි පූජාවන් රැුගත් පෙරහැර ඇරඹුනා.
පොලොන්නරුව ගල් විහාර වාසී පූජ්‍ය සේකර හිමියන්ගේ අනුශාෂකත්වයෙන් දෙකදුවෙල මෙත්සෙවන විහාරාධිපති සුමනතිස්ස හිමිපාණන් විසින් පිංකම මෙහෙයවන ලදී.
රාතී‍්‍ර යාමයේ ගල්විහාරයේ බුදු පිළිම වලින් දිස්වුයේ අප කිසිදා දැක නොමැති චමත්කාර ජනක දසුනකි. ශාන්ත බවින් පිරි ගිය එම බුදු පිළිම වල නියම සුන්දරත්වය දැකිය හැක්කේ මෙවැනි නිසල රාතී‍්‍රයකම පමණකි.
පිංකම අවසන මහරගම විද්‍යාකර බාලිකාවේ සිසු දැරියන් විසින් ගල්විහාර පංසලේ ධර්මශාලවේ බොදු බැති ගී සරණියක් පවත්වන ලදී.
පසු දින කිරිපිඩු රැුගත් පෙරහැර ගල් විහාර පුද බිමට සේන්දු උනා. උදෑසන ලා හිරු රැුසින් නැහැවුනු සමාධි බුදු පිළිම වහන්සේ කරුණාබර දෙනෙතින් අප දෙස බලා සිටියා.
එදින උදෑසන අරුණළු කැන් විහිදුනු පොලොන්නරුව පුද බිමේ චමත්කාරය මෙසේ විදින්නට අපට හැකි උනා.
මේ දිස්වන්නේ පොලොන්නරුව කිරි වෙහෙර චෛත්‍ය රාජයායි
ලංකා තිලක ප‍්‍රතිමා ගෘහය
නිශ්ශංකමල්ල රජු විසින් කරවූ රන් කොත් වෙහෙර
බද්ධ සීමා ප‍්‍රාසාදය
බද්ධ සීමා ප‍්‍රාසාදයේ පිහිටි සිමා කණූ
- පුංචි ගල් විහාරය
- පුංචි ගල් විහාරය
- ආලාහන පිරිවෙන් සංකීර්ණයේ පිහිටි භික්ෂු කුටි
ආලාහන පිරිවෙන් සංකීර්ණයේ පිහිටි භික්ෂු රෝහල
ගල්විහාරයේ විද්‍යාධර ගුහාවේ වැඩ වසන සමාධි බුදු පිළිම වහන්සේ
අංක 1 ශිව දේවාලය
අති විශිෂ්ඨ කලා නිර්මාණයක් වූ නිශ්ශංක ලතා මංඩපය
තිවංක පිළිම ගේ
සැප්තැම්බර් 25 වන දින පොලොන්නරුව පුද බිම පුරා ඇවිද යමින් අපි අපේ රටේ ඉතිහාසය මතු කරගන්නට වෙහෙසුනා. එදින සන්ධ්‍යාවේ අපේ ආධ්‍යාත්මික හා සංස්කෘතික චාරිකාව අවසන් කරමින් අපි නැවත පසු ගමන් ඇරඹුවා.
Subscribe to:
Posts (Atom)