කොඩිගහකන්ද සහ එහි ජෛව විවිධත්වය පිළබ`දව පැවැති කෙටි දේශනයකට සහභාගී වූ ඔවුන් මිහිතල මිතුරෝ පාරිසරක මාර්ගෝපදේශක කණ්ඩායමේ මෙහෙයවීම යටතේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව අධ්‍යනය අරඹන ලදි. පරිසර අධ්‍යයනයට
Thursday, December 22, 2011
ක්වන්ටම් ක්ලෝතින් ආයතනයේ නිලධාරීන් කොඩිහකන්ද සංචාරයට පැමිණි දා..........
කොඩිගහකන්ද සහ එහි ජෛව විවිධත්වය පිළබ`දව පැවැති කෙටි දේශනයකට සහභාගී වූ ඔවුන් මිහිතල මිතුරෝ පාරිසරක මාර්ගෝපදේශක කණ්ඩායමේ මෙහෙයවීම යටතේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව අධ්‍යනය අරඹන ලදි. පරිසර අධ්‍යයනයට
Monday, December 12, 2011
දෙදින පාරිසරික කඳවුර ඉතා සාර්ථක ලෙස පැවැත්වණු වගයි........
කණඩායම් 03කට වෙන් වී සිය හැකියාවන් හා දක්ෂතාවයන් ප‍්‍රදර්ශනය කෙරෙන ගිණමැල සංදර්ශනය නොවැම්බර් 09 වන දින රාත‍්‍රී 07.30 ට පමණ ආරම්භ විය. නරිබෑනා, කාලගෝල වැනි නාට්‍ය සහ නැටුම් ගැයුම් ඇතුලත් සංදර්ශනය පැමිණ සිටි සැමගේ ප‍්‍රසාදයට හේතු විය
පසු දින උදෑසන කොඩිගහකන්ද වනපෙතෙහි පරිසර අධ්‍යන වැඩසටහන ස`දහාද කණ්ඩායම් වශයෙන් ඔවුන් සහභාගී විය. පරිසර අධ්‍යනයට අමතරව ප‍්‍රථමාධාර පාරිසරක වික‍්‍රමාන්විත ක‍්‍රියා වැනි විවිධ වැඩසටහන් වලටද සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව උදා වී තිබුණි. සියලූම කි‍්‍රයාකාර කම් ඇ`ගයීමට ලක් වූ අතර උඩවැඩියා, දුන්හිද, මීදුම් යන කණඩායම් පිළිවෙලින් පළමු, දෙවන, තුන් වන ස්ථාන හිමි ගන්නා ලදි. සහභාගිකයන්ට වටිනා පාරිසරික පෝස්ටර්, පොත් පත‍්‍රිකා ඇතුලත් ත්‍යාග පිරිනමන ලදි'
Monday, November 28, 2011
☺දෙදින පාරිසරික කඳවුර
කොඩිගහකන්ද අශ‍්‍රිතව පැවැත්වෙන මෙම පාරිසරික කඳවුරු පැවැත්වෙන්නේ එලිමහන් කඳවුරු ලෙසය. එක් කඳවුරකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 40 කි. අවම ප‍්‍රමාණය 15 කි . විවිධ කි‍්‍රයාකාරකම් වලින් සමන්විත මෙම කඳවුර සඳහා පාසල් පරිසර නියමුභටයින්, පරිසර සංවිධාන සහ වෙනත් සංවිධානාත්මක කණ්ඩායම් සඳහා දැනට විවෘතව පවතී.
2012 සිට මාසිකව පැවැත්වෙන මෙම පරිසර කඳවුරු සඳහා දිවයිනේ ඕනෑම අයෙකුට සහභාගිවිය හැකිය.
2012 සිට මාසිකව පැවැත්වෙන මෙම පරිසර කඳවුරු සඳහා දිවයිනේ ඕනෑම අයෙකුට සහභාගිවිය හැකිය.
ඒ පිළිබඳ විස්තර අප වෙබ් අඩවිය (www.mihithalamithuro.org) හා (www.mihithalamithuro.blogspot.com) හරහා ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත.
කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්්ථානය සිය සේවාවන් අරඹයි.....
2011 සැප්තැම්බර් 25 වන දින සිය සේවාවන් ඇරඹු කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය දැනට පහත සේවාවන් අරඹා ඇතිවග සතුටින් දන්වමු.
☺පාරිසරික අධ්‍යයන වැඩසටහන්
මේ යටතේ පාසල් සිසුන් සහ පොදුවේ පරිසර හිතකාමීන් සඳහා කොඩිගහකන්ද වනාන්තරය ආශ‍්‍රිතව එක් දින ජෛව විවිධත්ව අධ්‍යයන වැඩසටහන් අරඹා ඇත. මේ සඳහා පැමිනෙන්නවුනට තමන්ට පහසු ආකාරයට වැඩසටහන් සඳහා සහභාගි විය හැකිය.
මෙම වැඩසටහන් සඳහා සහභාගිවන ( අවම 15 දෙනෙකුගේ * කණ්ඩායමක් සඳහා උදෑසන ආහාර, දිවා ආහාර සහ තේ සඳහා එක් අයෙකුගෙන් අයකරනු ලබන්නේ රුපියල් 600 ක් වැනි සහනදායි ගාස්තුවක් පමණි. මෙම මුදලට මාර්ගෝපදේශකයින්ගේ ගෙවිම් ද ඇතුළත්වේ.
සැ.යු. ආහාර අවශ්‍ය නොවන කණ්ඩායම් සඳහා එක් මාර්ගෝප දේශකයකු සඳහා රුපියල් 500 ක් පමණක් ගෙවිම ප‍්‍රමාණවත් වේ.
☺පාරිසරික අධ්‍යයන වැඩසටහන්
මේ යටතේ පාසල් සිසුන් සහ පොදුවේ පරිසර හිතකාමීන් සඳහා කොඩිගහකන්ද වනාන්තරය ආශ‍්‍රිතව එක් දින ජෛව විවිධත්ව අධ්‍යයන වැඩසටහන් අරඹා ඇත. මේ සඳහා පැමිනෙන්නවුනට තමන්ට පහසු ආකාරයට වැඩසටහන් සඳහා සහභාගි විය හැකිය.
මෙම වැඩසටහන් සඳහා සහභාගිවන ( අවම 15 දෙනෙකුගේ * කණ්ඩායමක් සඳහා උදෑසන ආහාර, දිවා ආහාර සහ තේ සඳහා එක් අයෙකුගෙන් අයකරනු ලබන්නේ රුපියල් 600 ක් වැනි සහනදායි ගාස්තුවක් පමණි. මෙම මුදලට මාර්ගෝපදේශකයින්ගේ ගෙවිම් ද ඇතුළත්වේ.
සැ.යු. ආහාර අවශ්‍ය නොවන කණ්ඩායම් සඳහා එක් මාර්ගෝප දේශකයකු සඳහා රුපියල් 500 ක් පමණක් ගෙවිම ප‍්‍රමාණවත් වේ.
Friday, October 28, 2011
අපේ පරිසර නිවහනට ගෙවැදුනු ඒ අසිරිමත් දා......
පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් කළුතර දිස්ති්රක් පාර්ලිමේන්තු මන්ති්‍ර විදුර වික්‍රමනායක මහතා ප්‍රමුඛ ගිහි පිරිසත් හරියටම උදේ 09.27 ට යෙදුනු සුබ මුහුර්තයෙන් අපේ පාරිසරික නිවහනට ගොඩවැදුනා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් හඩ මධ්‍යයේ කිරි උතුරුවා සෞභාග්‍යමත් අනාගතයට පැතුම් පොදි බැඳ ගත් පිරිස පොල්තෙල් පහන් සිළු දල්වමින් පඥාවේ ප්‍රදිපාලෝකය දල්වා ලුවා. ඔළබොඩුව ශී්‍ර ජයවර්ධනාරාමාධිපති අතිගෞරවණිය පණ්ඩිත උඩුවේ හේමාලෝක හිමිපාණන් විසින් පැමිනි සැම පංචශිලයෙහි පිහිටුවීමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩ ඇරඹුනා. මිහිතල මිතුරන්ගේ වසර 17 ක ගමන් මගෙහි මහා වනස්පතීන් සේ හිඳිමින් එම මග එකළු කරමින් සිටියදී සදහටම අප හැරගිය සැබෑ සහෘද හිතවතුන්ට උපහාර පිදෙන උත්තම පුජා පූජෝපහාරය පිරිනැමුනේ සියල්ලන්ගේම දැසට කඳුළක් එක් කරමින්. මිහිතල මිතුරෝ සංවිධානයේ ප්‍රථම උපලේකම් ප්‍රැන්සිස් ඕමත්තගේ, භාණ්ඩාගාරික ධුරය හොබවමින් සිටිය දී අපහැර ගිය එල්. ඩී. විජයපාල මහතා, 1995 - 1998 කොඩිගහකන්ද ජෛවවිවිධත්ව පර්යේෂණය සිදු කළ වනජීවීභාරයේ වැඩසටහන් නිලධාරීව සිටියදී හදිසි අනතුරකින් අප හැර ගිය ශී්‍ර ලාල් නිශාන්ත හෙට්ටි ආරච්චි මහතා සමරමින් ඔවුන්ගේ පිළිරූ මල්දමින් සැරසූයේ ඔවුන්ගේ ඥාතීන් විසිනි.
පිළිගැනීම හා අරමුණ පැහැදිලි කරමින් මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ සභාපති කරුණාදාස මුණගම මහතා උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය. කොඩිගහකන්ද වනාන්තරය සංරක්ෂණය කිරීමට අපි ආරම්භ කරපු ගමන් මගේ එක් ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස තව නොබෝ දිනකින් මෙම වනපෙත කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම වනජීවී කලාපය ලෙස අභයභුමියක් බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය අපි සියළු දෙනාම සාමූහිකව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් . අපි මෙම ස්ථානයේ ගොඩනගල තියෙන පාරිසරික නිවහන ඉදිරියේදී මෙම වනපෙත අධ්‍යයනයට පැමිනෙන පරිසර කි්‍රයාධරයන්ට මහඟ තෝතැන්නක් වේවි. මෙම නිවහන සියයට අනූවක්ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය වූවක්. මෙම නිවහන හදන්න අපේ සංවිධානයේ පුංචිම සාමාජිකයාගේ පටන් වැඩිහිටි සාමාජිකයා දක්වා කැපවුනා. කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනමේ සියළු දෙනාම මේ සඳහා ලබා දුන් සහයෝගය ඉමහත්. ඒ නිසා මෙම ජෛව විවිධත්ව මධ්‍යස්ථානය කැපවිමේ හා පරිත්‍යාගයේ සංකේතයක්. ඒ වගේම යම් කෙනෙකුට ප්‍රජා සහභාගිත්වයෙන් වනාන්තරයක ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්නෙ කොහොමද කියල දැන ගන්න ඔනිනම් එන්න අපි ලඟට. අපි ඒ වැඩේ ඉතාමත්ම ඉහළින් කරළ තියෙනව. ඒ විතරක් නෙමෙයි, මුදල් වෙනුවෙන් ඕනෑම ජඩවැඩක් කරන්න සුදානම් වුනු මෙවන් අවධියක තමන්ගෙ පුද්ගලික මුදල් යොදවල වනාන්තරයක් මිලදී ගෙන එය සොබාදහම පරිත්‍යාග කරපු මිනිසෙක් සිටිනවානම් ඒ රෝහණ සොයිසා මැතිතුමන් විතරයි. එබැවින් එවන් සැබෑ මිනිසුන්ට අප සැමගේ උපහාරය හිමි විය යුතුයි.
මෙම උත්සව සභාව අමතමින් කළුතර දිස්ති්රක් පාර්ලිමේන්තු මන්තී්ර විදුර වික්‍රමණායක මැතිමන් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුවට ගොස් අනාගත පරම්පරාව වෙනුවෙන් කළ ඉහළම කටයුත්ත කොඩිගහකන්ද අභයභූමියක් බවට පත් කිරීමට තමන්ට දායක විමට හැකිවීම බව පැවසීය. රටේ සිදුවන ඕනෑම පරිසර විනාශයක කෙළවර දේශපානඥයෙක් සිටින බව ද සංවර්ධිත රටවල් බලහත්කාරයෙන් අප මත පටවන ලද බොහෝ දේවල් අපට ඉමහත් ව්‍යසන කාරී දේවල් බවට පත්වී ඇති බවද පැවසීය.
මෙම උත්සව සභාව අමතා පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ අනුශාසනාවක් කළ අතර හෝමාගම ප්‍රාදේශීය සභා මන්තී්‍ර මහින්ද උඩුවන මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජෙෆ්/එස් ජී පී වෙනුවෙන් ශිරන්ති මහත්මිය, කොඩිගහකන්ද සංරක්ෂණ ප්රජා පදනම වෙනුවෙන් එහි සභාපති ජී.පේමදාස මහතා, රොහාන් ද සොයිසා මහතා සභාව ඇමතීය. අනතුරුව පෙ.ව. 11.32 ට පාරිසරික නිවහනේ ඉඳුල් කිරීමේ චාරිත්‍රය සිදුවූ අතර සියළු දෙනාටම කිරිබත් කැවුම් කොකිස් ඇතුළු රසවත් තේ පැන් සංග්‍රහයක රස භුක්ති විඳිමටද හැකිවිය.
Tuesday, September 13, 2011
කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය සැප්තැම්බර් 25 වන දා ............
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම හා කොඩිගකන්ද සංරක්ෂණ ප්රජා පදනම මගින් ඉදිකරන ලද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය 2011 සැප්තැම්බර් මස 25 වන ඉරු දින පෙ.ව.09.27 ට යෙදෙන සුබ නැකැතින් සිදු කෙරේ. කළුතර දිස්ති්රක් පාර්ලිමේන්තු මන්තී්ර විදුර වික‍්‍රමණායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනියයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සව සභාව පැවැත්වෙනු ඇත.
Saturday, August 20, 2011
රූ දෙස් සංචරණයට නව මානයක් - මිහිතල මිතුරන්ගෙන් ඇරයුමක් !
මිහිතල මිතුරෝ මගින් සංවිධානය කරනු ලබන චාරිකා වැඩසටහනේ මිලඟ චාරිකාව සැප්තැම්බර් මාසයේ අවසන් සති අන්තයේ දී පැවැත්වෙනු ඇත. එක්දින චාරිකාවක් ලෙස පැවැත්වෙන මෙම චාරිකාවේ අධ්‍යයන ස්ථාන ලෙස ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා නිධිය, සිගිරිය, සහ දඹුල්ල තෝරාගෙන ඇත. මෙම ස්ථාන පිළිබඳව අධ්‍යයනය කරමින් දැණුම, විනෝදය හා පාරිසරික සතුට භුක්තිවිඳිමට කැමති ශී‍්‍ර ලාංකික ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.
x යාපනය, තී‍්‍රකුණාමලය, මඩකලපුව, පොතුවිල්, ආරුගම්බේ, කුමන, කුඩුම්බිගල, ලාහුගල ඇතුළත් දින 5 චාරිකාව සංවිධානය වෙමින් පවතී. මේ සඳහා සහභාගිවිමට කැමති ශී‍්‍ර ලාංකික ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.
x යාපනය, තී‍්‍රකුණාමලය, මඩකලපුව, පොතුවිල්, ආරුගම්බේ, කුමන, කුඩුම්බිගල, ලාහුගල ඇතුළත් දින 5 චාරිකාව සංවිධානය වෙමින් පවතී. මේ සඳහා සහභාගිවිමට කැමති ශී‍්‍ර ලාංකික ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.
Subscribe to:
Posts (Atom)
