Friday, July 19, 2019

නව ලොවකට පියවර ඔසවන මිහිතල මිතුරෝ - Earth friends who are stepping into a new world

නව ලොවකට පියවර ඔසවන මිහිතල මිතුරෝ 

Earth friends who are stepping                           into a new world

2019 සැප්තැම්බර් 19 වෙනිදට මිහිතල මිතුරන්ට හරියටම අවුරුදු 25 යි. 

On September 19, 2019, Earth Friends will be exactly              25 years old

මොනවද මේ අවුරුදු 25 ක් තිස්සෙ මිහිතල  මිතුරෝ කළේ. ඒක දිග කථාවක්. විසිපස් වසරක සැමරුම් ලෙහෙසියෙන් කියන්න පුළුවන්යැ.
අද අපි කියන්නෙ මිහිතල  මිතුරෝ කරපු එක දෙයක් ගැන.              What have the friends of the Earth done for 25 years.? It's a long story. 25 years of celebrations is not easy to say. Today we are talking about one thing that the Friends of the Earth did


ඔන්න මිහිතල මිතුරෝ තමන්ගෙ වැඩ පටන් ගන්නෙ 1994 සැපැතැම්බර් 19 වෙනිදා. ඒ විනාශයට යමින් තිබුන කොඩිගහකන්ද වනපෙත අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්න. ඒ වැඩෙත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් මිහිතල මිතුරෝ කරපු වැඩ ගැන කියන එකත් මහා දිග කථාවක්. 
Friends of the Earth began their work on September 19, 1994. Friends of the Earth began their work on September 19, 1994. Kodigahakanda Wildlife Sanctuary which was on the way to destruction It was not easy task to preseve for next generation. It is a long story to tell about the work done by friends of the earth.

ඉතිං මිහිතල මිතුරෝ සිය විසිපස්වන රජත ජයන්තිය මහා ඉහළින් සමරන්න සුදානම් වෙන මේ අව්ස්ථාවෙ ඒගොල්ලන් සංරක්ෂණය කරපු කොඩිගහකන්ද කියන්නෙ මොකක්ද කියල මුලින්ම බලල ඉමු. 

So let's take a look at what Kodigahakanda has preserved in this moment, as the friends of the Earth prepares to celebrate their 25th anniversary

මේ වීඩියෝව ඉස්සෙල්ලම බලල ඉන්න මේ විඩියෝව සිරස රූපවාහිනිය කරපු එකක්. එහි තිබෙන සමහර තොරතුරු හා දත්ත තරමක් පරණයි. 
This video was made by Sirasa TV. Some of the information and data are quite old.




මේ විඩියෝ එක සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් කරපු වීඩියෝවක් 
This is a video made by a student of Sabaragamuwa University




කොඩිගහකන්ද කියන්නෙ කියල ඉවර කරන්න බැරි තරම් දිග කථාවක් . අපි ඊලග කොටස හෙට බලමු. 
Kodigahakanda is a long story that cannot be said. We'll see the next part tomorrow

දෙවන පියවර - 2nd Step
මුලින්ම බලමු කොඩිගහමුලින්ම බලමු කොඩිගහකන්ද කොහෙද පිහිටා තිබෙන්නෙ කියල.
First let's see where Kodigahakanda is located.


ශී‍්‍ර ලංකාවේ, බස්නාහිර පළාතෙ, හොරණ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ , ඔළබොඩුව උතුර ග‍්‍රාමනිලධාරී වසමේ තමයි කොඩිගහකන්ද පිහිටා තිබෙන්නෙ. 
Kodigahakanda is located in the Olaboduwa North Grama Niladhari Division of the Horana Divisional Secretariat of the Western Province of Sri Lanka.

කොඩිගහකන්ද ගැන ඔබට කියන මේ කථාවට දිග ඉතිහාසයක් තියෙනව. ඒ ඉතිහාස කථාව අත්හැරල මේ ගැන කථා කරන්න බැහැ. 
This story about Kodigahakanda has a long history. I cannot leave this history behind and talk about it.
ඒ කථාව අරඹන්න ඉස්සෙල්ල කොඩිගහකන්දේ ජෛවවිවිධත්වයට අදාළ කැමරා සිතුවම් ටිකක් බලලම ඉමු.
Before we start that story, let's take a look at some of the Kodigahakanda Biodiversity Camera paintings.



















ඉතිහාස කථාවට එන්න ඉස්සෙල්ල අපි හෙට කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව කථා කරමු.
Before we get into the history story, let's talk about the biodiversity of Kodigahakanda tomorrow
හෙට නැවත හමුවෙමු
See you again tomorrow !

Sunday, July 7, 2019

දිරියෙන් එක්ව ජය ලබමු !

                                                   දිරියෙන් එක්ව ජය ලබමු !                                Let us win together with courage!!

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම සිය 25 වන සංවත්සරය මහත් අභිමානයෙන් සැමරීමට සූදානම් වෙයි.
Mihithala Mithuro (Earth Friiends)  Environment Development Foundation is proudly celebrating its 25th anniversary.

දින 3 ක් පුරා දිවයන වැඩසටහන් මාලාවක් ඒ වෙනුවෙන් කි‍්‍රයාත්මක කිරිමට සැළසුම් කර ඇත. 2019 සැප්තැම්බර් 20,21 සහ 22 යන තෙදින පුරා කොඩිගහකන්ද අභයභූමියෙහි පිහිටි මිහිතල මිතුරෝ ජෛවවිවිධත්ව මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ මෙම සැමරුම් වැඩසටහන් කි‍්‍රයාත්මක වෙයි.    

  A series of 3-day programs are planned for this event. 

These commemorative events will take place on September 

20, 21 and 22, 2019 at the Mihithala Mithuro (Earth 

Friends)   Biodiversity Center at the Kodigahakanda 

Sanctuary.

                
Ø හරිත ලොව දිනන සොබා සිත්තරු
Nature Artists of Winning Green World

ශී‍්‍ර ජයවර්ධනපුර, හෝමාගම සහ හොරණ අධ්‍යාපන කලාපයන් හි පාසල් සිසුන් සඳහා පාරිසරික තේමාවන් ඔස්සේ මට්ටම් 3 ක චිත‍්‍ර තරගයක් පැවැත්වීම
Conducting a three levels of art competition on environmental themes for school children in Sri Jayawardhanapura, Homagama and Horana Education Zones

Ø හරිත ලොව දිනන පරිසර නියමුවෝ
Environmental Pioneers of winning Green World

සැප්තැම්බර් 20 වන දා දවස පුරා තෝරාගත් පරිසර නියමුවන් 150 ක් සඳහා පාරිසරික වැඩමුළුවක් පැවැත්වීම



Ø හරිත ලොව දිනන බලසෙනග
People's Force of winning Green World

සැප්තැම්බර් 21 වන දින උදේ 09.00 සිට සවස 03.00 දක්වා අක්ෂි සායන, දන්ත සායන ඇතුළු විශේෂඥ වෛද්‍ය සායනයක් පැවැත්වීම, රුධිර පරීක්ෂණ සහ නොමිලයේ ඇස් පරීක්ෂාකර ඇස් කන්නාඩි ලබා දීම, නිරෝගී දිවි පෙවතක් සමග සියක් ආයු ලබන්නට ඇවැසි වැඩසටහන් ඇතුළත් වනු ඇත.
Ø දිරියෙන් එක්ව ජය ලබමු
Let us win together with courage!!

සැප්තැම්බර් 22 වන දින උදෑසන 09.00 ට ඇරඹෙන මිහිතල මිතුරෝ 25 වන සමුළුවෙහි සමාරම්භක උත්සවය මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වෙ යි. මිහිතල මිතුරෝ සාමාජිකයින්ට අමතරව පාරිසරික ක්ෂේත‍්‍රයේ විද්වතුන් පරිසර කි‍්‍රයාධරයින් හා සමාජ කි‍්‍රයාකාරින් රැසක් මෙම සමාරම්භක උළෙලට සහභාගිවනු ඇත. සවස 02.00 ට මිහිතල මිතුරෝ  මහා සමුළුව සහ නිලවරණය පැවැත් වෙනු ඇත.
එදින රාතී‍්‍ර  07.00 ට සුභාවිත ගීතයේ රසමුසු තැන් සොයා යන සංගීතමය වැඩසටහන රාත‍්‍රී 10.00 දක්වා පැවැත්වෙනු ඇත.

The inaugural ceremony of the Mihithala Mithuro's (Earth Friends)  25th Summit will be started at 09.00 a.m. on September 22nd. In addition to the Members  of Mihithala Mithuro (Earth Friends) environmental experts, environmental activists and social activists will also participate in the inauguration. The Earth Friends AGM will be held at 02.00 pm.

A meaningful music evening will be held from 7:00 pm to 10:00 pm.

මෙම වැඩසටහන පිළිබඳව සියළු විමසිම්
All inquiries about this program
 0112 754700, 0713496971, 0714285480, 0774721937, 0714471905
mihithalamithuro@gmail.com



Wednesday, January 30, 2019

බොරුව රැුවටිල්ල වෙනුවට සත්‍යය වෙනුවෙන් සටන් කළ ඇය දෙවියන් ද ප‍්‍රශ්න කරනු ලැබීය.


බොරුව රැුවටිල්ල වෙනුවට සත්‍යය වෙනුවෙන් සටන් කළ ඇය දෙවියන් ද ප‍්‍රශ්න කරනු ලැබීය.....................


මරණය දොරක් දොරක් පාසා පැතිර යද්දී, පීඩිත ජනයා වෙනුවෙන් සාධාරණත්වය, යුක්තිය හා අයිතිවාසිකම් ඉල්ලා ඇය සිය හඩ අවදි කළාය. තමන්ගේ ජීවිතයට එල්ල වු රුදුරු මරණය පෙනි පෙනිත් ඇය ජනතාව වෙනුවෙන් ගැයුවාය.

Sunday, January 20, 2019

හදමු අපි අළුත් රටක්! අළුත් දේශයක්!! මිනිසත්කම දෝරගලා යන සමාජයක්....!!!

හදමු අපි අළුත් රටක් !  අළුත් දේශයක් !!

මිනිසත්කම දෝරගලා යන සමාජයක්.... !!!

සියළු යස ඉසුරින් පිරුනු භූමියක් ඉහළම බුද්ධි ප‍්‍රභාවෙන් පිරිපුන් මානව සම්පතක් හිමි             ශී‍්‍ර ලංකා මාතාව ඔබෙන් ඇයැද සිටින්නේ කුමක් ද? 

ඔබේ මව් බිමට ඔබේ සේවය ඇවැසි මොහොත එළඹ තිබේ.

ප‍්‍රිය මිත‍්‍රවරුනි, මේ ගැන හිතන්න. අපි කථා කරමු.


 මීට දශක 3 කට පමණ පෙර නන්දාමාලනිය නම් වූ අභිත ගගැහැනිය විසින් මහාචාරිය සුනිල් ආරියරත්නයන්ගේ පද වැලක් ගායනා කළාය. මරණය තම දොරකඩටම අවුත් එබිකම් කරද්දී ඇය කළ මෙම ආරාධනය දෙස බලන්න.

සිහළ ද්‍රවිඩ මුස්ලිම් කළ්‍යාණ මිතුරනී
බොදුනු කිතුනු හින්දූ ඉස්ලාම් සොයුරනී
එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුධ වැදී
සතුරු කැලත සඳළු තලෙහි හිඳිති මධු බිබී .......

සිහළ අපට අධම සිහළ මෘගයෝ වෙති
තොපටද ද්‍රාවිඩ මුස්ලිම් දෙ‍්‍රා්හියෝ  වෙතී
උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරනී
සදා පෙලෙන තොප ද අප ද කුමට එරෙහි වී .......

කැති ද පොළු ද මුගුරු ද ගෙන සොයුරු ප්‍රේමයෙන්
පිබිද එන්න උතුරු දකුණු සකළ දේශයෙන්
නසා අප ද තොප ද පෙලන රුපුන් ක්‍රෝධයෙන්
නිරයක් වූ දේශය රැකගනිමු ආලයෙන් .......

මහා භිෂණ සමයක, අපගේ දේශය මිනී කන්නන්ගේ දේශයක් වූ අවධියක ඇය ගැයූ මේ ගිතයේ සැබෑ අරුත අදට ද වලංගුය. එනමුදු අද අපට කැති පොළු හෝ මුගුරු නොව ඒ වෙනුවට පඥාව, එකමුතුකම හා නිවැරදි දැක්ම නැමැති අවි අවශ්‍යව ඇත.



මෙම කථා බහ කුමක් අරබයා සිදු කරන්නක්ද ? කිසිදු පවතින දේශපාලන පක්ෂයක් හෝ එවැනි දේශපාලන මතවාදයකට ගැති නොවී නිදහසේ තම අදහස් පළ කරන්නට වේදිකාවක් තනා ගැනීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ඒ හරහා දැනටමත් විලි ලමින් සිටින නව ජනතා ව්‍යාපාරයක් සඳහා ඉඩ හසර විවර කර ගැනීම අපේ අරමුණයි.

සියල්ලටම පළමුව අපි අපේ ආකල්ප පිළිබඳව සැළකිලිමත් විය යුතුමය. මේ රට හදන්න බෑ.... පුළුවන්නම් මේ රට දාල කොහේ හරි පිට රටකට පැන ගන්න ඔ්නි. අන්න ඒ ආකල්පයෙන් මිදිය යුතුමයි. ඇත්තෙන්ම මේ රට හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියළු භෞතික, මානව සම්පත් අවශ්‍ය තරමටත් වඩා අපට ඇත. නැත්තේ ඒ පිළිබඳ යහපත් ආකල්පයි. එබැවින් මේ රටේ ජනතාවගේ ආකල්ප වලට බල පෑමක් කර එම යහපත් වෙනස අපි ඇති කර ගනිමු. 


නව ලොවක්,නව රටක්, නව සමාජයක් පිළිබඳව බලාපොරොත්තු දල්වා සිටින ප‍්‍රිය මිතුරනි, ඔබටයි මේ ආරාධනා....!




කීමට බොහෝ දේ ඇත. ඔබට මේ ගැන පවසන්නට ඇති දේ ලියන්න. ඔබටයි මේ ආරාධනා !

Thursday, November 17, 2016

තිරසාරත්වය කරා පිය නගමු

තිරසාරත්වය කරා පිය නගමු 

අපගේ බ්ලොග් අඩවිය පරිශිලනය කරන හිතවත් මිතුරනි,
කලෙකින් මෙහි සටහන් තබන්නට අපට නොහැකි වූයේ අධිකතර වැඩ කටයුතු නිසාමය
.  පසුගිය කාලය තුළ අප බොහෝ දේ සිදු කළෙමු. ඒ සියල්ල ගැන මෙහි සටහන් තබන්නට නොහැකිය. පරිසර සංරක්ෂණය උදෙසා අප සිදු කළ බොහෝ දේ අතර වනාන්තර සංරක්ෂණය සඳහා අප විසින් දියත් කරන ලද වැඩසටහන් රැුසකි. දේශගුණික විපර්යාසයන් හමුවේ ඊට අනුහුරු වීම අරමුණු කරමින් ද අප වැඩසටහන් දියත් කළෙමු. ඒ සඳහා අපගේ පාරම්පරික ඥාණය පිළිබඳව ද වැඩසටහන් දියත් කළෙමු. පසු ගිය කාලය තුළ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය වෙනුවෙන් අපි වැඩි වශයෙන් කාලය ගත කළෙමු. වස විස නැති නිෂ්පාදන අලෙවිය සඳහා ද අපි පියවර ගතිමු

අප ද‍්‍රව්‍ය මහා හිසරදයක් කර ගත් රටකට එය මහා සම්පතක් බවට පත්කර ගැනීමට මග පෙන්වන ‘‘ පරිසරපොළ ’’ සංකල්පය කි‍්‍රයාත්මක කිරිමට ද අපි ඉහළම දායකත්වය ලබා දුනිමු. මෙතෙක් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ කි‍්‍රයාත්මක කළ මෙම වැඩ සටහන ප‍්‍රථම වරට ඉතාමත් සාර්ථක ලෙස හෝමාගම විල්ප‍්‍රඩ් සේනානායක කී‍්‍රඩාංගනයේ දී 2016 ඔක්තෝබර් 22 සහ 23 යන දෙදින පවත්වන ලදී. එළඹෙන නොවැම්බර් 26 සහ 27 දෙදින කහතුඩුවේ දී ද පරිසරපොළ පැවැත්වේ



මෙහි දී , රජයේ පළතුරු හා උද්‍යාණ බෝග දෙපාර්තමේන්තුව මගින් නැවුම් හා ගුණදායී පළතුරු ග‍්‍රෑම් 200 ක් ඉතාමත් පහසු මිල ට ලබා ගැනිමට අවස්ථාව උදාකර දී ඇත


Tuesday, June 7, 2016

ගමේ වගතුග, වැවේ වගතුග, හේනෙ වගතුග, කමතෙ වගතුග ගැන කතා කරමු

ගමේ වගතුග, වැවේ වගතුග, හේනෙ වගතුග, කමතෙ වගතුග ගැන කතා කරමු

අපේ පාරම්පරික උරුමයන් හා මහා දැණුම් සම්භාරය පිළිබදව කිසිදු තැකීමකින් තොරව ඒ සියල්ල අපේ ජීවිත වලින් ඈත් කිරීමේ පාපයට අද අපි ජාතියක් හැටියට වන්දි ගෙවමින් සිටින්නෙමු. අපේ ශිෂ්ටාචාරයේ හංසගීතය ගැයෙමින් පවතී. නුවණින් මේ සියල්ල විමසා දැන හැදින වහාම අපි අපේ අක්මුල් සොයා ගත යුතුය. එසේ නොවුනහොත් ලෝකයේ ඇති සියළු කුණු කන්දල් දෝතින් බදාගෙන වැනසිගිය ශිෂ්ටාචාරයක් හිමි ජාතියක් බවට ඉතිහාසයට අපි එක් වනු ඇත.

මේ පිළිබදව අපි දිගු කලක සිට අදහස් දැක්වූයෙමු. රටකට සොබාදහමත් සමග කරන නැණවත් ගනු දෙනුවකින් තොරව ඉදිරියට යා හැකිද? දැන් ඉතිං අපේ සියළු කදු නාය යමින් පවතී. ගංවතුර නියගය හා දරා ගත නොහැකි උනුසුම අපට විපත් ගෙන දෙමින් සිටියි. වස විස කිසිදු බියකින් තොරව තම දරුවන්ට කවන පොවන මව් පියවරු තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන වද වෙමින් ජනපි‍්‍රය පාසල් සොයා තරගයට දිව යති. තම දරුවා රෝගී වී අකල් හි මරු වැලද ගැනිමට නියමිතව සිටින වග ඔවුන්ට ගැටළුවක් නොවේ. 


මේ සියල්ලම කීවේ යම් සුවිශේෂි අරමුණක් එක්ක. අපි මිහිතල මිතුරෝ හැටියට සුදානම් කරගෙන යනවා වැඩසටහනක්. ඒ තමයි අපේ පාරම්පරික උරුමයන් හා දැණුම නව පරපුර වෙතට ලබා දීම. මෙම ජූනි 11 වන සෙනසුරාදා සවස 07.00 ට කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ඇරඹෙනව. මේ සදහා සහභාගිවන්නෙ ශී‍්‍ර ලංකාවෙ ජනශ‍්‍රැති පර්යේෂක මහිනකුමාර දළුපොත මහත්තය. එතුමා සමග සංවාදය මෙහෙයවන්නෙ පරිසරය හා සංවර්ධනය පිළිබද ලේඛක හා සමාජ කි‍්‍රයාකාරිකයෙකු වූ ශාස්ත‍්‍රපති සම්පත් ආරියසේන මහත්මා. 

ශී‍්‍ර ලංකාවෙ හුග දෙනෙක් මහින්ද කුමාරදළුපොත මහත්තයව දන්නව. එතුමා පහුගිය අළුත් අවුරුද් කාලෙ හුගක් නාලිකාවල නැතුවම බැරි කෙනෙක් වෙලා හිටිය. ඒත් එතුමා ගැන යමක් කිවයුතුයි.


අප කථාකරන මේ විෂයේ විවිධ පැතිකඩයන් ගැන එතුමා ග‍්‍රන්ථ රාශියක් රචනා කර තිබෙනවා. එම ග‍්‍රන්ථ අතුරින් බොහොම ස්වල්පයක් පහත පළවෙනව




විවිධ පුවත්පත් වලට එතුමා මෙම විෂයන්ට අදාලව බොහෝ ලිපි පළකරල තියෙනව.





මේ අගනා මොහොතට සම්බන්ධ වෙන්න යමෙකුට හිතක් පහළ උනොත් පහත සදහන් දුරකථන අංක වලට කතා කරල වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

011 2754 700, 071 3496 971, 071 4285 480

Friday, May 13, 2016

හිරු නැගෙන - බහින අසිරිය එක් තැනක සිට බලන්නට එන්න කොඩිගහකන්දට

හිරු නැගෙන - බහින අසිරිය එක් තැනක සිට බලන්නට 

එන්න කොඩිගහකන්දට

ඔබ ඉන්නෙ බස්නාහිර පළාතෙ නම් ඔබට වඩාත් පහසුයි. මේ අසිරිමත් බිමට පැමිණ සොබාදහමේ අපූර්වත්වය විදින්නට, වනාන්තරයක නියම අත්දැකීම ලබන්නට අංශක 360 කින් මධ්‍යම කදුකරයේ සිට නිරිත දිග තැනිතලාවම එක් මොහොතක දකින්නට ඔබට පුළුවන්.

ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි.
ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්. සමනල විශේෂ 69 ක්  ක්ෂිරපායී විශේෂ 24 ක් ඇතුළු සත්ව විශේෂ සහ ශාක නැරඹිය හැකියි. 

සොයිසාවරුන්ගේ ප‍්‍රතාපවත්  නිවාඩු නිකේතනයක් වූ ‘‘ උඩ බංගලාව’’ ලෙස හදුන්වන වසර 127 ක් පැරණි වලව්ව නරඹන්නත් පුළුවන්.

එපමණක් නොවෙයි ඔබ ත‍්‍රාසජනක පාරිසරික කි‍්‍රයාකාරකම් වල නිරත වන්නට කැමැත්තක් දක්වන්නෙක් නම් කොඩිගහකන්ද ස්වභාවික වනපෙත තුල ඉදිවී ඇති ‘‘පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානය / ECO ADVENTURE PARK’’ ඔබව සාදරයෙන් පිලිගැනීමට සැදී පැහැදී සිටින වග ද සතුටින් දන්වමු.

https://www.youtube.com/watch?v=nI-Di12wN8w
https://www.youtube.com/watch?v=sp-qrPQIuMU
https://www.youtube.com/watch?v=qRhWIkZ0eg0
0112754700, 0713496971, 0714285480, 0774721937
mihithalamithuro@gmail.com  හරහා ඔබට අපව සම්බන්ධකර ගන්න පුළුවන්




ජෛව විවිධත්ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.