අප සංවිධානය ප්‍රදේශවාසි ජනයාට අපේ මව්බිමේ පාරිසරික හා සංස්කෘතික වටිනාකම් පිළිබඳව අවබෝධයක් ලබා දිම සඳහා සංවිධානය කරනුලබන එක් දින චාරිකා වැඩසටහනේ පළමු වැඩසටහන 2011 ජූලි 02 වන දින පැවැත්වීමට සැළසුම්කර ඇත. මෙවර චාරිකාව සඳහා,
1. අරංකැලේ ඓතිහාසික තපෝවනය-: ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතුන් වැඩසිටි පිං බිමයි. ජන්තාගරය, පධානගර, ඇතුළත් ලංකාවේ දිගම වැලි මංපෙත මෙහි පිහිටා ඇත.
2. රැස්වෙහෙර -: අභය මුද්‍රාවෙන් වැඩසිටින ශෛලමය පිළිමය, සැතපෙන පිළිමය ඇතුලත් පිංබිමකි.
3. නිල්ලක්ගම-: බෝධිඝරයක් බවට තහවුරුවූ පැරණිතම බෝධිඝරය
4. හත්ථීකුච්ඡී-: අනුරාධපුර යුගයේ තපෝවනයකි. සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය ලෙස පුරා විද්‍යාඥයින් සළකනු ලබන ස්ථානය
තෝරාගෙන ඇත. මෙම චාරිකාවට සහභාගිවන්නවුන් අප සංවිධානයේ විනයට යටත් විය යුතුය. මත්පැන් හා දුම්වැටි භාවිතය සපුරා තහනම් වේ. සංවිධායක කමිටුවේ බහට අවනත විය යුතුය. මෙම චාරිකවේ බරපැන රු. 700/- ක් පමණ වේ.
මේ සඳහා සහභාගිවිමට කැමති අය 2011. 06. 25 වන දිනට පෙර මේ සමග ඇති අයදුම් පත්‍රය පුරවා අප විද්‍යුත් ලිපිනයට එවීමට කාරුණික වන්න. ගැටළුවක් ඇතොත් පහත දුරකථන අංක අමතන්න. 0713496971/ 0716606318
Sunday, June 26, 2011
Wednesday, June 8, 2011
වනාන්තර ජීවයේ ජීවයයි
ලෝක පරිසර දින සැමරුමට නව අරුතක්.....
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම තවත් සංවිධාන කිහිපයක්
සමග ඒකාබද්ධව 2011
පරිසර දින සැමරුම් උළෙල මෙවර 2011 ජූනි 5 වන දින කොළඹ 7, ශී‍්‍රමත් මාර්කස්
ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී
අභිමානවත් අයුරින් සමරනු ලැබීය. පරිසරය සිය පැවැත්ම සඳහා යොදවා ගනිමින්
පරිසර කි්රයාධරයන් ව්‍යාපෘති කාරකයින් බවට පත්ව ඇති සමයක සැබැවින්ම
නොබිෙඳන, නොසැලෙන අධිෂ්ඨානයකින් එක්වන්නට සැබෑ පරිසර කි්රයාධරයන්ට ඇරයුම්
කරනු ලබන ජාතික කතිකාවතක ආරම්භය සනිටුහන් කරමින් මෙම උළෙලේ දී සියළු
සංවිධාන සහ පැමිණි සිටි විද්වතුන්ගේ එකමුතුවෙන් “ SAVE THE EARTH” නමින් නව පරිසර ජාලයක ආරම්භයද සිදුවිය.
එදින පෙ.ව.09.30 ට ආරම්භවූ මෙම කතිකාවේ ආරම්භක දේශනය ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන් විසින් පවත්වන ලදී. එතුමා සභාව අමතමින් ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස වරක් තමාට කොළම පිහිටි පර්චර්ස් 500 ක කුඹුරු ඉඩමක් රැක ගැනීම සඳහා (ගොඩකිරීමට එරෙහිව) ඉදිරිපත් වීමේ වරදට අධිකරණයේ චූදිතයෙකු වීමට සිදුවූ බවය. එහෙත් ඒ මොහොතේ කිසිදු පරිසර නිතිඥයෙකු හෝ සිවිල් සංවිධානයක සහාය නොමැතිව තමාට හුදෙකලා සටනක නිරතවන්නට සිදුවු බව ද පැවසීය. කෙසේ වෙතත් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත වැනි ප්‍රදේශවල අක්කර දහස් ගණන් තිබිය දි කොළම නගරයේ පර්චර්ස් 500 ක කුඹුරකින් ඇති ඵලය කුමක්දැයි අධිකරණය තමාගෙන් ප්‍රශ්න කළ බවද එහිදි කුඹුරක් යනු වීනිෂ්පාදනය කරන්නාවූ බිම් කඩක් පමණක් නොව එය නගරයේ ගංවතුර පාලනය කරන්නාවූ ද භූගත ජලය සංරක්ෂණය කරන්නා වූ ද ජෛවවිවිධත්වය සංරක්ෂණය කරන්නාවූ ද තවත් බොහෝ සේවාවන් සිදු කරන්නාවූ ද පරිසර පද්ධතියක් බව අධිකරණයට පෙන්වා දුන් බවද පැවසීය. කෙසේ වෙතත් අස්වැන්න අතින් තෙත් කලාපයේ කුඹුරුවලින් ලැඛෙන අස්වැන්න වියළි කලාපයට සාපේක්ෂව පැහැදිලි අඩුවත් දක්නට තිබුනත් ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙ කලාපයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකි බව එතුමා පැවසීය. ඒ බව මේ වසරේ මුල් කාලයේ සිදුවු දැවැන්ත ගංවතුර හේතුවෙන් නැගෙනහිර, උතුරුමැද පළාත්වල සිදුවු මහා අස්වනු හානිය සාක්ෂි දරනු ඇත.
ශී‍්‍ර ලංකා තේ පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති
මොහොට්ටි මැතිඳුන් සභාව අමතමින් එතුමා විසින් සිදු කරන ලද පලිබෝධනාශක
පිළිබඳ පර්යේෂණයේ ප්‍රතිඵල පිළිබඳව සභාව දැනුවත් කරන ලදී. මෙම පර්යේෂණයේ
ඉලක්කය වූයේ පලිබෝධනාශක නිසා සිදුවන අනතුරු හෝ විෂවිම් නොව දිගු කලක්
පලිබෝධ භාවිතය නිසා සිදුවිය හැකි විපාකයන් පිළිබඳව සොයා බැලිම බව එතුමා
පැවසිය. දිගු කළක් පලිබෝධනාශක භාවිතාකිරිම නිසා පස, ජලය හා ආහාර දූෂණය
වේ. එහි ප්‍රතිවිපාක මේ සඳහා සෘජු සම්බන්ධයක් නැති පිරිස්වලට විඳිමට
සිදුවේ. උදාහරණයක් ලෙස පලිබෝධනශක ඉසීමට දායක වූ මවකගෙන් ඉපදෙන දරුවා
අංගවිකල දරුවෙකු ලෙස ඉපදීම පෙන්වා දිය හැක. විවිධ විකෘතිතා සහිත දරුවන්
බිහිවීම, සමේ රෝග, ආදී විවිධ රෝගී තත්වයන්ට මුහුණ දිමට සිදුවේ. තවද ජෛව
විවිධත්වයටද මෙයින් බලපෑමක් ඇත. පර්යේෂණයේදි කකුල් 3 ගෙම්බන් හමුවී ඇත.
සමහර
ගෙම්බන්ගේ ඇස් අන්ධ වී ඇත.
මීලඟට සභාව අමතනු ලැබූයේ හොල්සිම් සමාගමේ ජියෝ සයිකල් ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී අසේල ඉද්දවෙල මැතිතුමා වෙනුවෙන් චමිල හේරත් මහතා විසිනි. එතුමා විසින් කාර්මික අපද්‍රව්‍ය තිරසාර ලෙස බැහැර කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කරන ලදී.
හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන් සභාව
අමතමින් සංවාදාත්මක
දේශනයක් පැවැත්වීය. මිහිමව සුරැකීමේදී අපේ හර වටිනාකම් පිළිබඳව සභාවේ
අවධානය යොමු කරන ලදී.
ශී‍්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් , ගැමිදිරිය පදනමේ අතිරේක අධ්යක්ෂ කෘෂි ආර්ථීක විද්‍යාඥ ආචාර්ය ඩබ්.ජී.සෝමරත්න මැතිඳුන් විද්වත් මණ්ඩලය නියෝජනය කළ අතර රජරට විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය අරුණි මහත්මිය විසින් SAVE THE EARTH වෙබ් අඩවිය විවෘත කරන ලදි.
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම තවත් සංවිධාන කිහිපයක්
එදින පෙ.ව.09.30 ට ආරම්භවූ මෙම කතිකාවේ ආරම්භක දේශනය ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන් විසින් පවත්වන ලදී. එතුමා සභාව අමතමින් ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස වරක් තමාට කොළම පිහිටි පර්චර්ස් 500 ක කුඹුරු ඉඩමක් රැක ගැනීම සඳහා (ගොඩකිරීමට එරෙහිව) ඉදිරිපත් වීමේ වරදට අධිකරණයේ චූදිතයෙකු වීමට සිදුවූ බවය. එහෙත් ඒ මොහොතේ කිසිදු පරිසර නිතිඥයෙකු හෝ සිවිල් සංවිධානයක සහාය නොමැතිව තමාට හුදෙකලා සටනක නිරතවන්නට සිදුවු බව ද පැවසීය. කෙසේ වෙතත් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත වැනි ප්‍රදේශවල අක්කර දහස් ගණන් තිබිය දි කොළම නගරයේ පර්චර්ස් 500 ක කුඹුරකින් ඇති ඵලය කුමක්දැයි අධිකරණය තමාගෙන් ප්‍රශ්න කළ බවද එහිදි කුඹුරක් යනු වීනිෂ්පාදනය කරන්නාවූ බිම් කඩක් පමණක් නොව එය නගරයේ ගංවතුර පාලනය කරන්නාවූ ද භූගත ජලය සංරක්ෂණය කරන්නා වූ ද ජෛවවිවිධත්වය සංරක්ෂණය කරන්නාවූ ද තවත් බොහෝ සේවාවන් සිදු කරන්නාවූ ද පරිසර පද්ධතියක් බව අධිකරණයට පෙන්වා දුන් බවද පැවසීය. කෙසේ වෙතත් අස්වැන්න අතින් තෙත් කලාපයේ කුඹුරුවලින් ලැඛෙන අස්වැන්න වියළි කලාපයට සාපේක්ෂව පැහැදිලි අඩුවත් දක්නට තිබුනත් ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙ කලාපයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකි බව එතුමා පැවසීය. ඒ බව මේ වසරේ මුල් කාලයේ සිදුවු දැවැන්ත ගංවතුර හේතුවෙන් නැගෙනහිර, උතුරුමැද පළාත්වල සිදුවු මහා අස්වනු හානිය සාක්ෂි දරනු ඇත.
ශී‍්‍ර ලංකා තේ පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති
මීලඟට සභාව අමතනු ලැබූයේ හොල්සිම් සමාගමේ ජියෝ සයිකල් ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී අසේල ඉද්දවෙල මැතිතුමා වෙනුවෙන් චමිල හේරත් මහතා විසිනි. එතුමා විසින් කාර්මික අපද්‍රව්‍ය තිරසාර ලෙස බැහැර කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කරන ලදී.
හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන් සභාව
ශී‍්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් , ගැමිදිරිය පදනමේ අතිරේක අධ්යක්ෂ කෘෂි ආර්ථීක විද්‍යාඥ ආචාර්ය ඩබ්.ජී.සෝමරත්න මැතිඳුන් විද්වත් මණ්ඩලය නියෝජනය කළ අතර රජරට විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය අරුණි මහත්මිය විසින් SAVE THE EARTH වෙබ් අඩවිය විවෘත කරන ලදි.
Sunday, May 29, 2011
වනාන්තර ජීවයේ ජීවයයි
ලෝක පරිසර දින සැමරුමට නව අරුතක්.....
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම තවත් සංවිධාන කිහිපයක් සමග ඒකාබද්ධව 2011 පරිසර දින සැමරුම් උළෙල මෙවර කොළඹ දී පැවැත්විමට සූදානම් වෙයි. පරිසරය සිය පැවැත්ම සඳහා යොදවා ගනිමින් පරිසර කි්රයාධරයන් ව්‍යාපෘති කාරකයින් බවට පත්ව ඇති සමයක සැබැවින්ම නොබිෙඳන, නොසැලෙන අධිෂ්ඨානයකින් එක්වන්නට සැබෑ පරිසර කි්රයාධරයන්ට ඇරයුම් කරනු ලබන මෙම උළෙල 2011 ජූනි 05 වන දින පෙ.ව.09.00 ට කොළඹ 7, ශී‍්‍රමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ, අංක 42 හි පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ ( කෞතුකාගාරය ඉදිරිපිට) දී පැවැත්වේ. මෙහිදී ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන්, හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන්, ශී‍්‍ර ලංකා තේ පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති මොහොට්ටි මැතිඳුන්, ශී‍්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් දෙසුම් පවත්වති.

Thursday, May 19, 2011
මිනිස් ගුණදම් සපිරි යහපත් ලොවකට පිළිවෙතින් පෙල ගැසෙමු.
මිහිතල මිතුරෝ 2600 සම්බුද්ධත්ව ජයන්තිය
සමරයි.......

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් සංවිධානය කළ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු පෙරහැර නැටුම් ගැයුම් සහිතව 2011 මැයි මස 16 වන දින පින්නකොළවත්ත පෙර පාසල අසල සිට ඔළබොඩුව ශී‍්‍ර ජයවර්ධනාරාමය කරා ගමන් කලේය . මෙම පෙරහැරට ළමා සමාජ සාමාජිකයින් සමග සොබාසවිය තරුණ සමාජ සාමාජිකයින් හා වැඩිහිටියන් ද සහභාගි විය. එදින සවස 05.00 ට පමණ ආරම්භ වු පෙරහැර දෙහිගස්පිටිය, ඔළබොඩුව මංසන්ධිය හරහා විහාරස්ථානයට ලඟා වන විට සවස 06.30 පමණ විය. පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය ඔළබොඩුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ අනුශාෂකත්වයෙන් සම්බුද්ධ පුජාව පැවැත්වීය.

Wednesday, May 4, 2011
වාර්ෂික සීත කඳවුර මෙවර ලෝක උරුම සිංහරාජ වනයේ දී............
Saturday, April 30, 2011
රූ දෙස් සංචරණයට නව අරුතක් ............ සාමාන්‍ය ජනතාව සඳහා පාරිසරික හා සංස්කෘතික චාරිකා සංවිධානය මිහිතල මිතුරෝ අරඹයි
මිහිතල මිතුරෝ තම සාමාජිකත්වයෙන් පිට සාමාන්‍ය ජනයා සඳහා සිය චාරිකා විවෘත කිරිමට තීරණය නරන ලදී. ඒ අනුව ඒ සඳහා සංවිධානයේ චාරිකා අංශයට ඊ මේල් ^mihithala.mithuro@yahoo.com/ kmugama@gmail.com) හෝ 0713496971 දුරකථනයට ඇමතීමෙන් විස්තර ලබා ගත හැකිය. එක්දින චාරිකා, දෙදින,තෙදින, ආදී වශයෙන් චාරිකා පැකේජයන් ඇත. එමෙන්ම පාරිසරික වික්‍රමාන්විත
^ Adventure& වැඩසටහන් ඇතුළත් තරුණ පාරිසරික චාරිකාද පැවැත්වේ.
ලෝක උරුමයකට හිමිකම් කියන වතුරාන වගුරු වනාන්තරයට ගිය දා ................
ශ්‍රී ලංකාවේ ඇති එකම වගුරු වනාන්තරය වන බුලත්සිංහල වතුරාන වගුරු වනාන්තරය 2011 සිය ප්‍රථම අධ්‍යයන චාරිකාව සඳහා යොදාගන්නට තීරණය කළ මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් 2011 අප්‍රේල් 02 වන දින උදෑසනින්ම ඒ සඳහා පිටත් උනා. වඳවී ගිය බවට රතු දත්තපොතට ඇතුළත්ව තිබූ හොරවැල ශාකය ^ stemanoporus mooni& සහ සුවඳ ශාකය ලෝකයේ දැකිය හැකි එකම ස්ථානය මෙය පමණි. සුවඳ ශාකය පමණක් මෙ ස්ථානයෙන් ගෙන ගොස් පේරාදෙනිය උද්භිද උද්‍යාණයේ රෝපණය කර ඇත. ඒකදේශිය ශාක හා සතුන් විශාල සංඛ්‍යාවකට නිවහන සපයන මෙම වගුරු වනාන්තරය කළු ගෙඟ් අතු ගංගාවක් වූ කුඩා ගෙඟ් පිටාර තැන්නේ පිහිටා ඇත. ඉතාමත් දුර්ලභ අති උඩයන් විශේෂයක් ද මෙහි වාර්තාවීි ඇත. කණ්ඩායම් කි‍්‍රයාකාරකම් සහිතව සිදු කළ මෙම අධ්‍යයනයේදි දරුවන් ඉමහත් උනන්දුවකින් සහ ඕනෑකමකින් අධ්‍යයන කටයුතු වල නිරත විය.
Subscribe to:
Posts (Atom)