Friday, November 7, 2014

ප‍්‍රථම වතාවට කොඩිගහකන්ද වනපෙත පාරිසරික ත‍්‍රාසජනක අත්දැකිම් වලින් ඇළලී යයි ...............

 කොඩිගහකන්ද වනපෙත පාරිසරික ත‍්‍රාසජනක අත්දැකිම් වලින් ඇළලී යයි .........

ස්වභාවික වනපෙතක ඉදිවූ ප‍්‍රථම පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයට සිද්ධාලේප කාර්ය මංඩලය පැමිණි වගයි.

ඉතිං හිත මිතුරු හැමෝම වෙත තවත් අළුත් අත්දැකීමක් ගැන කියන්නයි මේ සූදානම. එදා 2014 ඔක්තෝඹර් 11 වෙනිදා. කොඩිගහකන්ද ස්වභාවික වනපෙතෙහි ඉදිවූ පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයේ අත්දැකීම් තම ජීවිතයට එක්කර ගනු රිසින් සිද්ධාලේප කාර්ය මංඩලයේ 62 කගෙන් සමන්විත කණ්ඩායමක් එදින කොඩිගහකන්ද වෙතට හිමිදිරි උදෑසනම පිය නැගුවා. 




කොඩිගහකන්දට පාර අසාගෙන බර පොදි උසුලාගෙන එනවා ..........

මෙම වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් හැටියටයි සංවිධානය උනේ. මිහිතල මිතුරෝ සමග ඒකාබද්ධ උනේ පාරිසරික ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් පිළිබඳව දිගු කාලීන අත්දැකිම් සහිත Sri Lankan SEALS



මෙම වැඩසටහනේ අරමුණ අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථක නායකත්වයක් ගොඩ නැගීම. ඒ වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනිම හා මෙම වැඩසටහනේ අරමුණ හඳුන්වා දෙනු ලැබූවේ  ආයතනයේ විධායක අධ්‍යක්ෂ ප‍්‍රවීණ පරිසරවේදී මහේෂ් ප‍්‍රියදර්ශන මහතා විසින්.



විවිධ කි‍්‍රයාකාරකම් මෙහෙයවනු ලැබූයේ හේමන්ත උදය කුමාර මහතා විසින්


එම කි‍්‍රයාකාරකම් අතිශයින්ම විනෝද ජනක හා අභියෝගාත්මකයි. හැම කි‍්‍රයාකාරකමක්ම අපේ ජිවිතයට අළුත් යමක් එකතු කරනු ලබයි.

එකින් එක එම කි‍්‍රයාකාරකම් විස්තර කිරිමට නොහැකි නිසා එම කි‍්‍රයාකාරකම් ඇතුළත් රූ සටහන් පමණක් මෙහි ඇතුළත් කරන්නෙමු.



කි‍්‍රයාකාරකම් අතර තුර කිසිදු වරදක් සිදුවන්නට බැහැ. පුංචි හෝ වරදක් සිදු උනොත් පුංචි හෝ දඩුවමකට යටත් වෙන්නත් වෙනව. ඒකත් හරිම විනෝද ජනකයි. මේ එවන් අවස්ථාවක්.












විශ්වීය නෙළුම් මල සාර්ථකව නිර්මාණය කළ වගයි......


සෑම කි‍්‍රයාකාරකමක් අවසානයේ සමාලෝචනයක යෙදෙන්නත් එය සොබාදහම සමග සම්බන්ධව සළකා බලන්නත් අමතක කළේ නැහැ.



දිවා ආහාරයෙන් පසු කණ්ඩායම් දෙකකට වෙන්වී පළමු කණ්ඩායම මේ සූදානම් වන්නේ පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානය වෙතට පිය නගන්නයි. තම ජීවිතයේ කෙනෙකුය කළාතුරකින් හිමිවන අවස්ථාවක් භූක්ති විඳිනු රිසින් උද්යෝගයෙන් කණ්ඩායම පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානය වෙතට පිය මං කළා.

ඊට පෙර අපි බලමු මෙවැනි පාරිසරික ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ මොනවාද කියල.



Carabinas, Figure of 8s, Harnases, Ropes, Helmats, Pullies 





හැම දෙනාම වගේ තමුන්ගේ ජිවිතයේ ප‍්‍රථම වතාවට මුහුණ දෙන මේ ත‍්‍රාසජනක පාරිසරික කි‍්‍රයාකාරකම පිළිබඳව මහත් නොඉවසිල්ලෙන් බලා හිටියා.



මුල්ම කි‍්‍රයාකාරකම ටයර් ඉනිමග Tire Ladder



දෙවන කි‍්‍රයාකාරකම රා මදින්නන්ගේඅතුරේ යාම


තෙවනුව ජේකොබ්ස් ලැඩර්


ඊට පස්සෙ ස්වභාවික වැල් අතරින් රිංගා ගොස්  බර්මා බි‍්‍රජ් තරණය කිරිම




මේ කි‍්‍රයාකාරකම් සඳහා පිරිමින් සමග කරට කර කාන්තාවන් ද හරිම උනන්දුවෙන් හා උද්යෝගයෙන් සහභාගි උනා.


බර්මා බි‍්‍රජ් එක තරණයෙන් පස්සෙ නිදහස් ලෙස ඉහළින් අවකාශය දිගේ පහළට එන්නයි තියෙන්නෙ - Free Abseiling 


ස්වභාවික වනපෙතක සොබාදහම සමග ඒකාත්මික වෙමින් අපූර්ව පාරිසරික අත්දැකීමක් ලබා ගත් සිද්ධාලේප කාර්ය මංඩල නිලධාරීන් අවසන් සමාලෝචන සැසියට සහභාගි උනේ සාර්ථක දිනයක තෘප්තිය ද හදෙහි රුවා ගෙනයි. 

හතර වටින් සැදැ කළුවර ගලා එමින් පවතින මොහොතේ කවුරුත් සාර්ථක දිනයක සතුට සමගින් එකිනෙකාගෙන් සමුගත්තා. තවත් සොඳුරු අත්දැකිමක් සමගම.



කොඩිගහකන්ද පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයේ පාරිසරික ත‍්‍රාසජනක අත්දැකීම් විඳගන්නට මෙන්ම එහි ජෛව විවිධත්වය රිසි සේ නරඹන්නට හා අධ්‍යයනය පිනිස පැමිණෙන්ට ඔබටත් දැන් අවස්ථාව උදා වි ඇත. අපේ වෙබ් අඩවිය www.lanka ecoadventures.com   වෙතට පිවිසෙන්න. අපේ දුරකථන අංක 011 2754 700  අමතන්න

Thursday, September 18, 2014

මිහිතල මිතුරෝ 20 වන සංවත්සර මහා සමුළුව


රසමුසුව මියුරු ගී සැඳෑවට ආරාධනා


රසමුසුව මියුරු ගී සැඳෑවට ආරාධනා


සොබාදහමේ රුව ගුණ සොයා කොඩිගහකන්දේ කදවුරු බැද ගත් විදුකර බාලිකා පරිසර නියමුවෝ

සොබාදහමේ රුව ගුණ සොයා කොඩිගහකන්දේ කදවුරු බැද ගත් විදුකර බාලිකා පරිසර නියමුවෝ...........

මිහිතල මිතුරන්ගේ බ්ලොග් සටහන් කියවන අපේ හිතවත් යාළුවනේ ගෙවී යන කාර්ය බහුල ජීවිතය නිසාම අපේ සටහන් ඔබ අතට පත් වන්නේ ගොඩක් පරක්කු වෙලා. ඒ ගැන සමාවන්න. මේ දිග හැරෙන්නේ මහරගම විද්‍යාකර බාලිකාවේ පරිසර නියමුවන් 2014 අගෝස්තු 17,18 සහ 19 යන තෙදින පුරා කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දි පවත්වන්නට යෙදුන පාරිසරික කදවුරේ අපූර්ව රසමුසු තැන් පිළීබද සටහනකි.



එදා 2014 ජූනි 20 දා. බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී පාරිසරික පියගැට පෙළ හදූන්වා දීමේ ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ගුරු වැඩමුළුව සදහා මහරගම විද්‍යාකර බාලිකාවේ පරිසර නියමු වැඩසටහන භාර මහරගම අධ්‍යාපන කොට්ඨාශයේ පරිසර නියමු කොමසාරිස් ප‍්‍රියන්ති ගුණරත්න මහත්මිය ද සහභාගි උනා.

මෙහි පොල්තෙල් පහන දල්වන්නේ ප‍්‍රියන්ති ගුණරත්න මහත්මියයි

ඇය එම වැඩසටහන තුළින් මිහිතල මිතුරන් කවුරුන් ද යන වග හොදින් වටහා ගත්තා. එහි ප‍්‍රතිඵලය උනේ ඇගේ පාසලේ පරිසර නියමුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් සමග කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට පැමිණිමයි.

මෙම කදවුර පවත්වන්න ඉස්සෙල්ල සංවිධාන කටයුතු පිළිබදව දෙමව්පියන් සමග සාකච්ඡුා වට කිහිපයක් පැවැත් උනා.ඒ නිසාම මෙම කදවුර පූර්ව සූදානමකින් සංවිධානාත්මකව පැවැත්වූ කදවුරක් උනා.

කෙසේ වෙතත් 17 වන දා හිරු කිරණ මිහිතලය සිප ගන්නා උදෑසනම විදුකර බාලිකාවේ පරිසර නියමුවන් වගේම ගුරුවරුන් දෙමව් පියන් ඇතුළු පිරිස  කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට සේන්දු උනා.

මුලින්ම පැවැත්වුන සමාරම්භක උත්සවයේ මුල්ම අංගය චිරාගත පොල්තෙල් පහන දැල්වීම. ස්වභාවික අමුද‍්‍රව්‍ය යොදා ගෙන මිහිතල මිතුරෝ තුරුණු සංවිධානයේ සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද පොල්තෙල් පහන විචිත‍්‍රවත්. 



සමාරම්භක උත්සවයෙන් පස්සෙ කදවුරේ වැඩ ඇරඹුනා. මෙතෙක් පරිසර නියමු නිල ඇදුමින් සැරසුන පරිසර නියමු බාලිකාවන් කදවුරට උචිත ඇදුමකින් සැරසිලා කණ්ඩායම් ගත වීමේ කි‍්‍රයාකාරකමට මුහුණ දුන්නා.


කණ්ඩායම් 3 ක් වශයෙන් ඔවුන් වෙන් උනා. 


කණ්ඩායමට උචිත නාමයක්, කණ්ඩායමට නායකයෙක්, තෝරගෙන කණ්ඩායමේ අනන්‍යතාවය නිරූපනය වන ධජයක්, සාමාජිකයින් හදුනා ගැනීමේ ලාංඡුනයක් ආදිය නිර්මාණය කිරිමේ කි‍්‍රයාකාරකමට සියළුම සාමාජිකයින් මුහුණ දුන්නෙ හරිම උද්යෝගයකින්.



කදවුරට සහභාගිවන සියළුම දෙනා නව නාම ගැන්වීමක් කළා. ඒ සදහා ඔවුන්ටම අවස්ථාව හිමි උනා. උදාහරණයක් ලෙස මෙම බ්ලොග් සටහන ලියන මම රුවන් කරු, පරිසර කදවුර සංවිධානය කළ ප‍්‍රියන්ති මිස් ප‍්‍රියාදර ප‍්‍රියා, ඒවගේම පුරු පුරු පූර්ණිමා, රත්තරන් රවිදූ,ලව් මිථිල, රංජු ජුමා, ආදී නාමයන්ගෙන් සමන්විත උනා මුළු කණ්ඩායමම. දැන් පුංචි කි‍්‍රයාකාරකමක්. නව නාමයන් සහිතව සියළු දෙනා හදුනා ගැනීම


කණ්ඩායම් විසින් නිර්මාණය කරන ලද තම ධජයන් සහ සියළු සාමාජිකයින් සදහා සකසන ලද හදුනා ගැනීමේ ලාංඡන සහිතව කණ්ඩායම් සීරුවෙන් පෙළ ගැසුනා. 

කණ්ඩායමේ නායකයා ඉදිරියට පැමිණ තම ධජයේ නිර්මාණාත්මක පැත්ත විග‍්‍රහ කරන්නට පටන් ගත්තා. පළමුවෙන්ම තම ධජය ගැන විස්තර කළේ හරිත මිතුරෝ කණ්ඩායමයි

ඊලග වාරය හිමි උනේ කැලෑ සුමිතුරන්ට

අවසන් අවස්ථාව අරුනළු කණ්ඩායමට හිමි උනා.


ඊලග කි‍්‍රයාකාරකම උනේ නිර්මාණාත්මක ලෙස තම කණ්ඩායමේ සාමාජිකයින හදූන්වා දීමේ අවස්ථාවයි. නාට්‍යානුසාරයෙන් තම කණ්ඩායම හොදම කණ්ඩායම බවට පත් කර ගන්න හැමෝම වෙහෙසුනා.



තවත් විවිධ කි‍්‍රයාකාරකම් වලින් අනතුරුව ප‍්‍රවීණ  පරිසර කි‍්‍රයාධරයෙක් වුන උදය ලියනගේ මහතා විසින් පරිසර ගවේශනයේ මූලධර්ම පිළිබදව අගනා සංවාදයක් ගොඩ නැගුවා. විශේෂයෙන් අතීතයේ ස්වභාවයෙවන්ම දරුවන්ට හිමි වූ පරිසරය නිරීක්ෂණය කිරීමේ වාසනාව අද දවසේ අහිමිව යාම පිළිබදවත් ඔහු කථා කළා.



සමනළුන් රංචු පිටින් සිරීපාදෙ වන්දනාවේ ගිය හැටි නරඹන්නට වර්තමාන දරු පරපුරට හැකියාවක් නොමැත. හැන්දෑවේ මිදුලේ පැදුරක් එළාගෙන අහස දිහා බලාගෙන පියාඹන වවුලන් ගනන් කරන්නට අද දරුවන්ට අවස්ථාවක් නැත. 

ඉන් පසු පරිසර නියමුවන් වනපෙත මායිම දිගේ මූළික ගවේශන චාරිකාවක නිරත උනෙ සිහින් සිරිපොද වැස්සත් සමගමයි. ඒ නිසාම එහි සේයාරූ සටහන් අප ලග නැහැ.

කදවුරු ගත උන පරිසර නියමුවන් රාතී‍්‍ර ‘‘රසමුසුව’’ සංගීතමය අත්දැකීම ලබන්නටයි සූදානම් උනේ. විදුකර බාලිකාවේ විදුහල්පතිනිය ලීලා අදිකාරම් මැතිණිය,දයානන්ද අදිකාම් මහතා ඇතුළු ගුරුවරුන් සහ දෙමව්පියන් මෙම වින්දනීය අත්දැකිම ලබන්නට එකතුඋනා.

විදුකර බාලිකාවන් සමග මිහිතල මිතුරෝ සාමාජික ළහිරු නදීර සංගීතය සපයමින් රසමුසුව සංගීත සැදෑව රසවත් කළා.


විදුහල්පති තුමිය තම සහෝදර ගුරු මහත්මියක් සමග ‘‘ රැු  පැල් රකින කුරහන් පැහෙනා හේනේ ’’ ගීතය ගයමින් ගී සෑදෑවට නව ජවයක් ලබා දුන්නා.

පසුදා අළුයම හිරු නැගෙන්නට පෙර අවදි වූ පරිසර නියමුවන් යෝග ව්‍යායාමයන්හි නිරත වෙමින් දවස ඇරඹුවා.



සජීව චාමිකර මහතා දරුවන් ගවේශන චාරිකාවකට යොමු කිරීමට අවශ්‍ය මූළික අවබෝධය ලබා දෙමින් 


වැසි දියෙන් තෙත බරිත වූ වනපෙතෙහි ඇවිද යාම විශේෂයෙන් කදු තරණය හරිම අසීරු කටයුත්තක්. ප‍්‍රවේශමෙන් යා යුතු ගමනක්.

පාරිසරික ත‍්‍රාසජනක අත්දැකීම් සහිත මෙම ගවේශන චාරිකාවේ විවිධ අවස්ථා  පහතින් දැක්වේ.



උදෑසන 10.00 ට පමණ වනගත ගමන ඇරඹුවත් ආපසු ගමන නිමා උනේ හතර වටින් ගොම්මන් කළුවර වැටෙන හැන්දෑවෙයි. දැන් ඔවුන් වෙහෙස නොබලා   තවත් සුවිශේෂි කටයුත්තකටයි මේ සූදානම් වෙන්නෙ.

අපි මේ කථාකරමින් සිටින්නේ කදවුරේ දෙවන දවස එනම් අගෝස්තු 18 වනදා ගැන. එම දිනය විදුකරය බාලිකාවන්ට සුවිශේෂි දවසක්. ඒ තමන්ට දිගු කලක් විදුහල්පතිනිය ලෙස සේවය ලබා දී ගුරුවෘත්තියෙන් විශ‍්‍රාමයන අදිකාරම් ගුරුමාතාවගේ උපන් දිනය 18 වනදා වීමයි. ඇය කිසිසේත් බලාපොරොත්තු නොවුන ලෙස මෙම කදවුරේ 18 වන දා රාතී‍්‍රයේ ඇය වෙනුවෙන් විශේෂ උපන් දින උත්සවයක් සංවිධානය උනා.



ගුරු දිවියෙන් සමු ගන්නා සිය 61 වන උපන් දිනය සැමරීමට සැරසෙන අදිකාරම්                   විදුහලපති තුමිය සහ ගුරු මහත්මීන් 



කදවුරේ ඊලග අංගය උනේ පරිසර නියමුවන්ට නිල ලාංඡුන පැළදවීමේ අවස්ථාවයි. අදිකාරම් ගුරු මාතාව විසින් පරිසර නියමුවන්ට පරිසර නියමු හා හරිත වර්ණ පදක්කම් පළදවනු ලැබුවා.


ඊලගට එළඹියේ කදවුරේ උත්කර්ශවත්ම අවස්ථාවයි. ඒ රාතී‍්‍ර ගිනි මැල සංදර්ශනයයි.


සතරවරම් දෙවි මහ රජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්   මහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජ සාමාජිකා භවන්ති සංදර්ශනය අරඹමින් මනහර රංගනයකින් රාතී‍්‍රය ඔපවත් කළා.

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජ සාමාජිකාවන් වන චතුමිනි සහ හසාරා අරුත්බර පරිසරය ගැන කියැවෙන විරිදු ගායනයකින් සංදර්ශනයට නව හැඩයක් ගෙන දුන්නා. 

මෙතැන්සිට ඔබ දකින්නේ විදුකර පරිසර නියමුවන් හා මිහිතල මිතුරෝ සාමාජිකයින් විසින් රතී‍්‍ර ගිනි මැල සංදර්ශනයට ඉදිරිපත් කරන ලද විවිධ අංගයන්ගෙන් කිහිපයක්.





අවසාන අංගය හාරිච්චි බෝරිච්චි ගීතයට රංගනයක් පිරිමි ළමුන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් පිරිමින් සේ වෙස් ගන්වා.......



කඳවුරේ අවසන් දවස 19 දා. මෙතෙක් සිදුකරන ලද දෑ අගයන්නට වගේම තවත් කි‍්‍රයාකාරකම් කිහිපයක් නිමා කරන්නට සැරසෙන දවස.


කඳවුරේ අවසන් අංගය සහභාගිවූවන් අගයා සහතික පිරි නැමීම

දැන් ඉතිං දින 3ක කඳවුර නිමාව දකින්නයි සූදානම. කාගෙත් ඇස් ක\ූලින් තෙත් වෙලා. දරුවන් වගේම කඳවුරට සහභාගිවූ දෙමව්පියන් සහ ගුරුවරුන්  හැම දෙනාම කිව්වෙ එකම දෙයක්. මේවගෙ අත්දැකීමක් තමන් ජීවිතයට ලැබූ පළමු අවස්ථාව මෙය බවයි ඔවුන්ගේ අදහස. හැම දෙයක්ම අර්ථවත්. කණ්ඩායමක් ලෙස වැඩ කිරීම එකිනෙකාට උදව් කිරිම සහ උත්තම මනු ගුණදම් දෝර ගලා ගිය අවස්ථාවක් ලෙස ඔවුන් මෙය විස්තර කළා. 



මෙහිදි අදහස් දක්වමින මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ති‍්‍රක් පරිසර නිලධාරිනී     මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ තමන් විවිධවැඩමුළු වලට සහභාගිවී තිබුන මුත් මේ තරම් සාර්ථක එමෙන්ම අත්දැකීම් වලින් පිරුණ විවිධත්වයකින් යුක්ත වැඩසටහනක් මින් පෙර අත් නොවිඳ ඇති බවයි

කෙසේ වෙතත් සංවේදී මොහොතක් ඒ. ආරම්භයක් ඇති හැම දෙයකටම අවසානයකුත් තියනව. 19 දා හවස 04.00 පමණ වෙද්දී කවුර නිමා කරමින් සියළු දෙනා විසිර ගියේ සොබාදහම සමග හැකිතාක් සමීපව ඇයත් සමග එක්ව ජීවත්වන අරමුණෙන්.