මිහිතල මිතුරෝ මගින් 2011 ජුලි 02 වන දින සංවිධානය කරන ලද පාරිසරික හා සංස්කෘතික චාරිකා -2011 සඳහා මෙවර 63 දෙනෙකුගේ සහභාගිත්වය ලැබුණිි. මෙම චාරිකාව අතිශයින් සාර්ථක චාරිකාවක් වූ බව එයට සහභාගිවූ සියල්ලන්ගේම පොදු මතය විය. චාරිකාවට සහභාගිවන්නවුන් සඳහා චාරිකා ස්ථානයන්හි ඇති සංස්කෘතික, පාරිසරික, පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම අළලා රචිත වර්ණ පොත් පිංචක් ද ලබා දීමට සංවිධායක මඩුල්ල කටයුතු යොදා තිබුණි. ( මෙම පොත් පිංචෙහි විද්‍යුත් පිටපතක් අවශ්‍ය අයට ඉල්ලූම් කර නොමිලේ ලබා ගත හැකිය. ඒ සඳහා ඔබගේ විද්‍යුත් ලිපිනය ලබා දෙන්න)
මෙම චාරිකාවේදි අධ්‍යයනය සඳහා පළමුව තෝරා ගෙන තිබුනේ අරන්කැලේ ( ශී්‍ර ලංකාවේ අන්තිම මහරහතුන් වන මලියදේව මහරහතුන් වැඩසිටි තපෝවනය) තපෝවනයයි. බවුන් වඩන භික්ෂුන්ට ඖෂධ ඇඟ ගල්වා උණුපැන් ස්නානය සඳහා වෙන් වූ ජන්තාඝරය, චන්කමනය(සක්මන් මැදුර), අපුර්වතම නිරිමාණයක් වූ සම්මුඛ ලෙන, සිමා මාලකය, පධානඝර,පොකුණු සහ පෙත් මං මෙන්ම කුරුල්ලන්, සමනළුන් හා අංකටුස්සන් නැරඹිය හැකි නිසසල පරිසර පද්ධතියක් නැරඹීමට සහභාගිකයින්ට වාසනාව ලැබුණි.
දෙවන ස්ථානය වූයේ රැස්වෙහෙරයි. අව්කන බුදු පිළිමයට නෑකම් කියන අඩි 42 අඟල් 4 ක් උස්වූ ශෛලමය පිළිමය, දෙතිස් ඵල බෝධිය, හා අතින් වියන ලද සිවුරක් අන්දවා පසුව බදාම ගා සකසන ලද සැතපෙන බුදු පිළිමය මෙහි දි දැකිය හැකිය. ( මෙම ස්ථානය පිළිබඳව සැකසුනු විඩියෝ වාර්තා වැඩසටහනක් ඔබේ විද්‍යුත් ලිපිනයට නොමිලේ ලබා ගත හැකිය)
තෙවන ස්ථානය වූයේ හත්ථීකුච්ඡි විහාරයයි.

බස් රථයේදී "මිහිතල එෆ් එම්" මෙහෙය වූ වැඩසටහන් සියල්ලන්ගේම දැණුමට හා විනෝදයට හේතු විය. විශේෂයෙන් " පුළුවන්නම් දිනා ගන්න " වැඩ සටහන ජනපි්‍රය විය. සහභාගිකයින්ට තෑගි පිරිනමන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වු එය එදින චාරිකාව නැවත සමාලෝචනය කිරිමකි. සහභාගිවූ තරඟ කරුවන් 5 දෙනෙකු අතුරෙන් තිදෙනකු මුදල් ත්‍යාග දිනා ගැනිමට සමත්විය.
පින්වත් මහත්වරුනි, මා හට ඔබ සංගමයෙන් සුළු උපකාරයක් අවශ්‍ය වී ඇත.ඒ බවින් කරුණාකර මා හා සම්බන්ද වන්න.
ReplyDeleteමම කරවිට පඤ්ඤාදස්සි ස්වමීන් වහන්සේ.
0718388448
revkpdassi@gmail.com