මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් සංවිධානය කරපු කොළ කැඳ දන්සල කියන්නෙත් හරිම අපූරු වැඩක් කියලයි හිතෙන්නෙ. හැම දෙනාම එකට එකතු වෙලා සුහදතාවය බෙදා හදා ගනිමින් සතුට සෙනෙහස එක්තැන් කරන තැනක් හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. ගමේ හැමෝගෙම එකමුතුවෙන් හා සහයෝගයෙන් සිදුවන මෙම කාර්යයට මෙදා පාර අපේ ළමා සමාජයේ පුංචි සාමාජික සාමාජිකාවො හරිම උනන්දුවෙන් සහභාගි උනා. මොකද මෙදා පාර එහි සියළු කටයුතු වල වගකීම් පැවරුනේ ඔවුන්ටම හින්ද. තරුණ සංවිධානයේ අයියල අක්කල පිටිපස්සෙන් ඉඳල ඒව ගැන හොයා බැලූව විතරයි.
කොහොම හරි ජූනි මාසෙ 3 වෙනිදා ඒ කියන්නෙ 2012 පොසොන් පෝයට පෙරදා හවස ඉඳල කට්ටිය කඩියො ටික වගේ වැඩ පටන් ගත්ත.
ගමේ හැමෝගෙම සහයෝගයෙන් එකතු කරගත් විවිධාකාර රස ගුණ සපිරි කොළ වර්ග පිරිසිඳු කරන එකත් ලොකු වැඩක්. මොකද හැම දෙයක්ම සැළකිල්ලෙන් පිරිසිඳුව කරන්න එපායැ.
පුංචි අය වගේම ළමා සමාජයේ දරුවන්ගේ අම්මල තාත්තලත් මේ වැඬේට හවුල් උනා.
පිරිසිඳු කරගත්ත කොළ වර්ග හොඳට හෝදන්න වෙනම කට්ටියක් ලෑස්තියි
ඊට පස්සෙ ඒව පුංචි කැබලිවලට කපා ගන්න ඕනැනෙ මෙන්න ඒකටත් කාංඩෙ සුදානමින්
දැන් නම් හොඳටම රැ වෙලා. හවස 3.00 ඉඳල වැඩ. පුංචි එවුන්ට බඩගින්න දැනෙනව ඇති. ඒ හින්ද රැ කෑම වේල හරිම විනෝදෙන් එකා වගේ එකතු වෙලා භුක්තිවින්ද
කුඩාවට කපාගත්ත කොල ඊලඟට වනේ දාලා පුලූවන්තරම් හීනි වෙන්න කොටා ගන්න ඕනෑ. ඒකනම් ලේසි වැඩක් නෙමෙයි. පුංචි අත්වලට ඒක බර වැඩියි. ඒත් වැඬේ අමාරුයි කියල අත් අරින්න අපේ පංචි දරුවො සුදානම් නැහැ
වෙහෙස නොබල විනෝදෙන් ඒවැඬේ කරන කොට තරුන සංවිධානෙ අයියල අක්කලත් ඒ වැඬේට උදව් කළා.
පොල් ගෙඩි සීයක් හමාරක් ගාන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒකටනම් සහයෝගය දුන්නෙ මිහිතල මිතුරෝ සංවිධානයේ ‘‘සජන මිතුරෝ ’’ කි‍්‍රයාධරයෙක් වුනු ගෝනපල ප‍්‍රසන්න මහත්තය තමයි. තනියෙන්ම ඒ බර කරට අරගෙන දරුවන්ගෙ වැඬේට මහා සහයෝගයක් දුන්නෙ බාධක මැද. මේ සඳහා භාවිතාකළ එතුමාගෙම විදුලි හිරමනය අක‍්‍රිය උනා. තරුණ සංවිධානෙ අය වහාම තවත් විදුලි හිරමනයක් හොයා ගෙන ආව. විනාඩි පහක්වත් ගියෙ නෑ ඒකත් ලෙඩ උනා. ප‍්‍රසන්න මහත්තය අධෛර්ය උනේ නැහැ. මහ ? ගෝනපලට ගිහින් හිරමනයක් හොයා ගෙන ඇවිත් වැඬේ කළා.
No comments:
Post a Comment