Friday, September 28, 2012

නොනිමි ගමනක යුග මෙහෙවර මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ 17 වසරක ගමන් මග දෙවන දිගහැරුම



නොනිමි ගමනක යුග මෙහෙවර
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ 17 වසරක ගමන් මග
දෙවන දිගහැරුම

පළමු දිගහැරුම බැලුවෙ නැති අය ඒකට යන්න.                                     http://www.blogger.com/blogger.g?blogID=4538453444032679962#editor/target=post;postID=2962886258069728157


  කොඩිගහකන්ද රක්ෂිත වනයක් කළ යුතු බවට බස්නාහිර පළාත්සභා මංතී‍්‍ර ආර්.පී. විජයසිරි මැතිතුමා පළාත්සභාවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත උනේ 1995 සැප්තැම්බර් 11 වනදා. මේ විදිහට කොඩිගහකන්ද සංරක්ෂණය සඳහා මෙන්ම ප‍්‍රදේශය තුල පිහිටි පාසල් වල පරිසර වැඩසටහන් අරඹමින් ඔවුන් කටයුතු කරමින් සිටියා.


ප‍්‍රදේශයේ පරිසර ගැටළු වලට මැදිහත් වෙමින්

නොනවතින අරගලයක සාර්ථක අත්දැකීම් - මහඔය ඇල දූෂණයට එරෙහි අරගලය

    තලගල, ඔළබොඩුව, ගෝනපොල, විදියගොඩ හරහා ගලායන මහඔය ඇල මාර්ගය 1995 වන විට මුහුණ දි තිබුනෙ දුර්භාග්‍ය සම්පන්න ඉරණමකට. මොරගහහේන ප‍්‍රදේශයේ පිහිටා ඇති නුල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක සියළු අපද්‍රව්‍ය මුදාහැරියෙ මහඔයට. ඒ නිසාම මෙම ඇලමාර්ගය මිය ගිහින් තිබුනා. ඇලේ මාළු මැරිල උඩ පා උනා. ඇල තදකළු පාටයි. ගඳ ඉවසන්න බැරි උනා. ඇලට බැස්සොත් කැසිල්ල හැදෙනව. නවතින්න වෙන්නෙ රෝහලෙන්. අනේ වෙනද කුඹුරට ගිය ගොවියා, හැන්දැවට ඇගපතේ දහදිය කුණු හෝද ගත්ත, ගමේ කොල්ලෙ කුරුට්ටො දිය බුං ගැහුව, රෙදිටික හෝදගත්ත, දහසකුත් දේවලට පිහිටවුන ගමට මහා සම්පතක්ව තිබුණු ඇල ගමට මහා ශාපයක් උනා. 
ගමේ ජනතාව මේ අවනඩුව දන්න දන්න හැමෝටම කිවුව. කිසිම දේකින් තඹ දොයිතුවක වැඩක් උනේ නැහැ. කවුරුත් කිව්වෙ මේක විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි කියල.

                   තලගල, ඔළබොඩුව, ගෝනපොල, විදියගොඩ හරහා ගලායන මහඔය ඇල මාර්ගය 1995 වන විට මුහුණ දි තිබුනෙ දුර්භාග්‍ය සම්පන්න ඉරණමකට. මොරගහහේන ප‍්‍රදේශයේ පිහිටා ඇති නුල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක සියළු අපද්‍රව්‍ය මුදාහැරියෙ මහඔයට. ඒ නිසාම මෙම ඇලමාර්ගය මිය ගිහින් තිබුනා. ඇලේ මාළු මැරිල උඩ පා උනා. ඇල තදකළු පාටයි. ගඳ ඉවසන්න බැරි උනා. ඇලට බැස්සොත් කැසිල්ල හැදෙනව. නවතින්න වෙන්නෙ රෝහලෙන්. අනේ ෟ  වෙනද කුඹුරට ගිය ගොවියා, හැන්දැවට ඇගපතේ දහදිය කුණු හෝද ගත්ත, ගමේ කොල්ලෙ කුරුට්ටො දිය බුං ගැහුව, රෙදිටික හෝදගත්ත, දහසකුත් දේවලට පිහිටවුන ගමට මහා සම්පතක්ව තිබුණු ඇල ගමට මහා ශාපයක් උනා.
  ගමේ ජනතාව මේ අවනඩුව දන්න දන්න හැමෝටම කිවුව. කිසිම දේකින් තඹ දොයිතුවක වැඩක් උනේ නැහැ. කවුරුත් කිව්වෙ මේක විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි කියල. මිහිතල මිතුරෝ මේ වෙන කොට තමන්ගේ පරිසර පණිවුඩය ජනයා අතරට ගෙනයන්න කලාව භාවිතා කරමින් තිබුනා. ඔවුන් මේ සඳහා වීදි නාට්‍ය සාර්ථකව යොදා ගත්ත. තමන්ගෙ ගම මැද්දෙන් ගලාගෙන යන ඇල මේ විදිහට ෂණය කරන්න ඉඩ දිල ඇස් කන් පියාගන ඉන්න මිහිතල මිතුරන්ට පුළුවන් කමක් තිබුනෙ නැහැ. ඔවුන් වැඬේට බැස්ස දැඩි අධිෂ්ඨානයකින්. ‘‘  ඕව කරන්න පුළුවන් වැඩද? ඔයිට වඩා ලොකු අය  ඕක නවත්වන්න හැදුව. කෝ පුළුවන් උනාද? කළු ගල්වල ඔලූව ගහගන්න හදනව’’ මේ වගේ කථා ඔවුන්ට ඇහුණ. ඒත් ඒවයින් තමන් පෙරට තැබූ පය පස්සට ගන්න ඔවුන් සුූදානම් උනේ නැහැ. පිළිවෙළකට වැඬේ කරගෙන ගියා. ජනයා අතරට ගිහින් වීදි නාට්‍ය රඟ දක්වමින්,  චිත‍්‍රපටි දර්ශන පවත්වමින් ජනයා මේ අරගලයට පෙළ ගැස්සුව.  දුෂ්කර අරගලයකින් පසුව අන්තිමේ අතිසාර්ථක අන්දමින් ඇල මාර්ගය ¥ෂණයෙන් ගලවා ගන්න මේ ළදරු සංවිධානයට හැකි උනා. ඒක සාර්ථක කථාවක් . ඒ කථාව වෙනම අහන්න වටින කථාවක්.

 දැන් මිහිතල මිතුරෝ වීදි නාට්‍ය රඟ දක්වමින් ගමින් ගමට තම පරිසර පණිවිඩය ජනතාව අතරට අරගෙන යනව. ඒ අතරෙ පාසල් ශිෂ්‍ය ප‍්‍රජාවට විශේෂ තැනක් හිමි උනා. 1997 වන විට හෝමාගම, හොරණ, කැස්බෑව, ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වල පරිසර කමිටු පිහිටුවා පාරිසරික ශිෂ්‍ය ජාලයක් අරඹා තිබුනා. ඒ හරහා විශාල වැඩ කොටසක් කිරීමට ඔවුන්ට හැකිවුනා. සෑම පාසලකම පරිසර කමිටුවලට වාර්ෂික වැඩ සැළැස්මක් තිබුනා. ඒ යටතේ ඔසු උයන් ඇරඹිම, පාරිසරික ප‍්‍රදර්ශන, පාරිසරික නාට්‍ය හා වෙනත් විචිත‍්‍රාංග ඇතුළත් පරිසර සංදර්ශන පැවැත්විම, පරිසර දැණුම මිණුම, පාරිසරික අධ්‍යයන වැඩමුළු හා පාරිසරික අධ්‍යන චාරිකා විශේෂ තැනක් ගත්තා. මිහිතල මිතුරෝ මේ සඳහා ජාතික මට්ටමේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය ද ලබා ගත්ත. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දේශිය වෛද්‍යක‍්‍රම පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනය, වර්ල්ඞ්විව් ජාත්‍යන්තරය හා වර්ල්්වීව් ශී‍්‍ර ලංකා, ජීවිත හා පරිසරය සුරැුකිමේ සංවිධානය, හොරණ පොදු ජන හිමිකම් කමිටුව, ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරය ආදි ආයතන ඒ අතර වෙනව. 1998 වන විට මිහිතල මිතුරන්ට ශක්තිමත් ශිෂ්‍ය අංශයක් ගොඩනැගි තිබුණා. මේ හැම කටයුත්තකදීම විනය ඉහළින්ම පවත්වාගෙන යාමට ඔවුන් වගබලා ගත්ත. ඒ නිසාම ගුරුවරුන් මෙන්ම දෙමව් පියන්ද මෙම කටයුතු සඳහා තම දරුවන් යොමු කිරීමට මැලි වුනේ නැහැ.                                                              

‘‘පරිසරයට දහම් සවිය’’ අරඹමින් පාසල් වැඩසටහන් දහම් පාසල් දක්වා රැගෙන යමින්

 ජාතික තලයට


  ගම කේන්ද්‍ර කරගනිමින් බිහිවූ මෙම කුඩා සංවිධානය සෙමින් සෙමින් අතු ඉති ලා වැඩෙන මහා වෘක්ෂයක් බවට පත්වෙමින් තිබුණා. 1999 වසර පටන් ගත්තේ ‘‘ හරිදේ කරමු. කරන දේ හරියට කරමු’’ යන තේමාවෙන්. මෙම වසර ඔවුනට කිසිදු විවේකයක් නොමැති කාර්ය බහුල වසරක් වුනා. 1999 පෙබරවාරි 11 දා මිහිතල මිතුරන්ට සුවිශේ්ෂ දවසක්. 33 ක කණ්ඩායමක් සමග බදුල්ල රාතී‍්‍ර තැපැල් දුම්රියෙන් පිටත් උනේ මහඑළිය ( ගෝනතැන්න/හෝර්ටන්තැන්න) බලා. අළුයම 5.00 ට පමණ හිරිගඩු පිපෙන හීතලේ පට්ටිපොල දුම්රිය නැවතුමෙන් බැසගත්ත ඔවුන්ව පිළිගන්න මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය වනජිවි අධ්‍යක්ෂ අමරතුංග මහතා ඇතුළු පිරිස පැමිණ සිටියා. කැබ් රථ 2 ට බඩු භාණ්ඩ හා කාන්තාවන් කිහිපදෙනෙකු නංවා අනෙක් පිරිස හීතලේ පාගමනින්ම හොර්ටන්තැන්න බලා පිටත් උනා. කඩින් කඩ කණ්ඩායම කැබ්රථවලින් ගමන් කළා . කෙසේ වෙතත් උදෑසන 10.00 ට පමණ  කණ්ඩායම හෝර්ටන්තැන්නේ නේවාසිකාගාරය අසලට රොක් උනා. වනජීවි නිලධාරී ජයමාන්න මහතා මෙම අනභිබවනීය පරිසර පද්ධතිය පිළිබදව කණ්ඩායම දැනුවත් කළා.

ඔවුන් ඇයි මෙහි ආවෙ ?

 සුන්දර හොර්ටන් තැන්න පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් මහත් ව්‍යසනයක් කරමින් දිවි ගෙවන ආක‍්‍රමණිකයෙකුට එරෙහිව අරගලයක නිරතවෙන්නයි ඔවුන් මෙහිි ආවෙ. ‘‘ කඳුකරයේ පාරාදිසය රැුකගනිමු’’ ඒ ඔවුන්ගේ තේමාවයි. ආක‍්‍රමණිකයාට එරෙහි ආක‍්‍රමණය අරඹන්නයි ඔවුන්ගේ සූදානම.  කහපාට සුන්දර මලකිින් හැඩවැඩ වෙලා දුටුවන් නෙත් සිත් මෝහණය කරන හොර්ටන් තැන්න රූ රැුජින.  ඔව් ඒ අන් කවරකුවත් නෙමෙයි, විදේශයකින් මෙරටට ආ ආගන්තුක ශාකයක්වන ‘zzUlex europea (යුලෙක්ස් යුරෝපියා) ශාකයයි. කටුපඳුරක්වූ මෙය කිසිදු සතෙකුගේ ආහාරයක් නොවේ. වේගයෙන් වෙනත් ශාක අභිබවමින් මෙය පැතිරෙයි. එබැවින් තෘණ භූමිය යුලෙක්ස් ශාකයෙන් පිරීයමින් තිබුණි. ලෝකයේ රංචු වශයෙන් ජීවත්වන ගෝණුන් දැකිය හැකි එකම වනෝද්‍යාණය හෝර්ටන් තැන්නයි. උදෑසනත් විශේෂයෙන් සන්ධ්‍යාභාගයේ පතන් බිමේ සිය ගණන් ගෝණුන් රංචු වශයෙන් තෘණ උලාකන සුපුරුදු දසුන හොර්ටන් තැන්නට පැමිණෙන සංචාරකයෙකු ගේ මන පිනවයි. මෙම ගෝණුන්ට ආහාර පිනිස පවතින තාණ භූමියද යුලෙක්ස් ආක‍්‍රමණය කරයි. අපි ඔවුන්ගේ කථාවට ඊලඟ දිග හැරුමින් සවන් දෙමු.

 

මහඑළිය තැන්න ආක‍්‍රමණය කරන ආක‍්‍රමණික ශාකයක් වූ ඉයුලෙක්ස් යුරෝපියා කටු පුරු ශාකය ගැලවීමේ ජාතික මහා ශ‍්‍රමදානය

1 comment: