දකුණූ ලකේ අග නගරේ ගාලූ පුරේ සිරී කෙසේ වනම්දෝ ගාලූ සිරි වනම්දෝ.........
ඉතිං යාළුවනේ , ගාලූ පුරේ සිරි විසිතුරු නරඹන අපේ අධ්‍යාපන හා විනෝද චාරිකාව ගැන පසු සටහන් තබන්න නොහැකි උනා. කාලයත් ටිකක් ගෙවිල ගිහින්. ඒකට හේතුව තමයි අපේ පරිඝනකය අවුල් වීම. කොහොම හරි අගෝස්තු 18 වෙනිදා චාරිකාවට හිතුවට වඩා පිරිසක් එකතු උනා. වැඩිහිටියොයි පොඞ්ඩොයි ඔක්කොම 90 ක් විතර එකතු උනා. බස් රථය ප‍්‍රමාණවත් නොවෙන හිංද වැන් රථයකුත් ගමනට එකතු කර ගත්ත. අපි ගමන පිටත් වෙන කොට උදේ 5. 30 ට විතර උනා. කහතුඩුව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුල් උනා. දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව මාකුඹුරෙන් ඇරඹිලා මාතර ගොඩගමින් අවසන් වීමට නියමිත උනත් එහි පළමු අදියර අවසන් වෙලා තියෙන්නෙ ගාල්ල පින්නදූවෙන්. අපේ කණ්ඩායමට අධිවේගී මාර්ගය පිළිබදව දැණුම ලබා දෙන්නත් අපි අමතක කලේ නැහැ.
මෙම මාර්ගයේ ප‍්‍රධාන පිවිසුම් වෙන්නෙ කොට්ටාව මාකුඹුර. එම පිවිසුම හා සම්බන්ධ වෙන්නෙ A -4 මාර්ගයයි. කොට්ටාව පිහිටා තියෙන්නෙ පිවිසුමට කි.මී. 1.8 ක් දුරින් . හෝමාගම කි.මී.2.2 ක් , මහරගම කි.මී. 6.3 ක් , නුගේගොඩ කි.මී. 11.3 ක්, කොළඹ කි.මී. 20.6 ක් , අවිස්සාවේල්ල කි.මී. 37 ක් දුරින් පිහිටා තිබෙන්නෙ.
ඊලඟ පිවිසුම තමයි කහතුඩුව. මෙම පිවිසුම සම්බන්ධ වෙන්නෙ ඊ-084 මාර්ගයයි. එම පිවිසුමට කැස්බෑව නගරයේ සිට කි.මී. 5.8 ක් පිළියන්දල නගරයේ සිට කි.මී. 8.1 ක් හොරණ සිට කි.මී. 12.3 ක් දුරයි.
කහතුඩුවේ සිට විනාඩි 5 ක් පමණ ගතවෙන කොට අපි හොරණ - පානදුර මාර්ගය පසු කළා. මේ ඊලඟ පිවිසුම් මාර්ගයයි. එය ගැලනිගම හුවමාරුවයි. එය ් -8 මාර්ගය හා සම්බන්ධ වෙයි. බංඩාරගම නගරය මෙම පිවිසුමට කි.මී. 1.8 ක් දුරින් ද පානදුර නගරය කි.මී. 11.6 ක් දුරින් ද හොරණ නගරය කි.මී. 11.6 ක් ඉංගිරිය කි.මී. 20.4 ක් හා රත්නපුර කි.මී. 58.1 ක් දුරින් පිහිටා ඇත.
විනාඩි 20 ක් වගේ කාලයකින් අපි දොඩංගොඩ හුවමාරුව පසු කළා. එම පිවිසුම් මග හා සම්බන්ධ වෙන්නෙ ඊ-304 මාර්ගයයි. මෙම පිවිසුමේ සිට කි.මී. 5.5 ක් දුරින් මතුගම නගරයත් කි.මී. 11.3 ක් දුරින් අගලවත්ත නගරයත් කි.මී. 11.5 ක් දුරින් නාගොඩ නගරයත් කි.මී. 17 ක් දුරින් කළුතර නගරයත් පිහිටා තිබෙනව.
අපි කහතුඩුවේ පිවිසුමෙන් අධිවේගි මගට පිවිසිලා පැය භාගයක් පමණ ගතවෙද්දි වැලිපැන්න සේවා පෙදෙසට පැමිණියා. අපේ මුල්ම කි‍්‍රයාකාරකම සිදු උනේ එතැනදි. අධිවේගි මගේ ගමන් ගන්නා අයට මදක් ව්වේක ගන්න වගේම බැංකු අවශ්‍යතා ඉටු කරගන්න, ආහාරපාන ලබාගන්න, වැසිකිලි අවශ්‍යතා ඉටුකරගන්න මෙම ස්ථානයේ පහසුකම් සපයා තිබෙනව. සියළු දෙනා කණ්ඩායම් 4 කට වෙන් කිරිමත් කණ්ඩායම් නායකයින් පත් කිරිමත් කණ්ඩායමට සුදුසු නමක් යොදා ගැනීමත් එහිදි සිදු උනා.
වැලිපැන්න සේවා පෙදෙසේ දී අපේ කණ්ඩාය ෙම් සියළු දෙනා කණ්ඩායම් ගත වෙමින් සිටි මොහොත
වැලිපැන්න සේවා ස්ථානය පසුකර මද දුරක් පැමිනෙන විට වැලිපැන්න හුවමාරුව හමුවෙනව. එහ සම්බන්ධ වෙන්නෙ
ඊ-157 මාර්ගයට. එම පිවිසුමේ සිට අළුත්ගම නගරයට කි.මී. 10.3 ක් මතුගම නගරයට කි.මී. 11.5 ක් හා අගලවත්තට කි.මී. 17.5 ක් දුරයි.
වැලිපැන්නෙන් පිටත් වෙලා විනාඩි 12 කින් විතර ගතවෙද්දි අපි කුරුඳුගහහැතැක්ම හුවමාරුව පසු කළා. පෙරදා ඉඟලතලාව විදුහලේ පරිසර වැඩසටහනකට අප ආ ගමන සිහිපත් උනේ පාසල පසුකර යද්දි. මෙම හුවමාරුව සම්බන්ධවෙන්නෙ ඊ-014 මාර්ගයටයි. මෙම පිවිසුමට කි.මී. 3.8 ක් දුරින් ඇල්පිටිය නගරයත් කි.මී. 6 ක් දුරින් කරන්දෙනිය නගරයත්, කි.මී. 7 ක් දුරින් බටපොල නගරයත්. ජ13.2 ක් දුරින් අම්බලන්ගොඩ නගරයත් කි.මී.13.5 ක් දුරින් බලපිටිය නගරයත් පිහිටා තිබෙනව.
අපි ඉන්පසුව පසු කලේ බද්දේගම හුවමාරුවයි . මෙම හුවමාරුව සම්බන්ධ වෙන්නෙ ඊ-153 මාර්ගයටයි. එහි සිට කි.මී. 1.5 ක් දුරින් බද්දේගම නගරයත් කි.මී. 12.8 ක් දුරින් හික්කඩුව නගරයත් කි.මී. 20.8 ක් දුරින් උඩුගම නගරයත් පිහිටල තියෙනව.
olaISK wêfõ.S ud¾.h oekg wjika fjkafk mskakoQfjka th fldÜgdj
isg ls'ó' 95'3 la oqrska msysgd we;' wms mskakoQfjka Wvq.u ud¾.fha yshdf¾
yxoshg meñK t;ekska yshdf¾ c,dYh olajd .uka ගමන් කළෙමූ'
හියාරේ ජලාශය ගොඩනගා ඇත්තේ 1911 වසරේ දී ඞී.ජේ.විමලසුරේන්ද‍්‍ර මහතා විසිනි. එතුමා ශී‍්‍ර ලංකාවේ ජල විදුලිබලයේ නිර්මාතෘතුමාය. අක්කර 55 ක් පමණ විශාල හියාරේ ජලාශය වටා අක්කර 480 ක පමණ වපසරියකින් යුතු කෝමල කොට්ටව රක්ෂිත වනය පිහිටා ඇත. එහෙත් මහාමාර්ගයක් නිසා දෙකඩවී ඇති මෙම වනය එම මුළු භූමියම සැළකූවිට හෙක්ටයාර 1130 ක් තරම් විශාලය' සියක් ආර ^ආරක් යනු ජලපාරකි& හියාරේ වූ බවට මතයක් ඇත'
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින් මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි' එහෙත් මෙම ස්ථානය ගාල්ල මහ නගර සභාවට අයත් දේපළකි' ශී‍්‍ර ලංකාවේ දැනට පවතින එකම සත්ව රෝහල ද මෙම ස්ථානයේ පවත්වාගෙන යයි'
අපට මෙම ස්ථානයේ දී අවශ්‍ය දැණුම ලබා දුන්නේගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ රොහාන් මහතා විසිනි. ඔහු එම සංගමයේ කි‍්‍රයාකාරී සාමාජිකයෙකි'
වැට අල්ලගෙන කකූලක් උඩට අරගෙන කොළපාට ටීෂර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ රොහාන් තමයි'
අප ඉදිරියෙන් දිස්වන්නේ හෙළයේ මහා පාඥයා උපත ලැබූ නිවහනයි
මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය ඇත්තෙන්ම දැණුම් ගබඩාවකි. එහිදී එතුමන් විසින් පරිහරණය කරන ලද විවිධ උපකරණ හා භාණ්ඩ ප‍්‍රදර්ශනයට තබා ඇත. ඒවා මෙම බ්ලොග් අඩවියට ඇතුළත්කිරීම උචිත නැතැයි සිතමි.
ඔන්න දවල්ට කෑම එහෙම කාල කණ්ඩායම සූදානම් උනේ රූමස්සල යන්න. රූමස්සල ගැන අපූරු ජනප‍්‍රවාදයක් තියෙනව. රාම රාවණා යුද්ධෙ වෙලාවෙ රාවණාගෙ හීසරයකින් රෝගාතුර උන රාමගේ සොයුරු ලක්ෂ්මණට අවශ්‍ය සංජීවනී ඖෂධය ගෙන එන්නට හිමාලයට ගිය හනුමන්තා ඖෂධයේ නම අමතකවීම නිසා හිමාලයෙන් කොටසක් රැුගෙන අහසින් එන විට ඉන් කොටසක් උනා වැටී ඇත.උනාවැටුනු තැන උණවටුන විය. එම ඖෂධ කැලය රූමස්සල බවට විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් මහා සාගරය අසළම පිහිටි මෙම කන්ද ජෛව විවිධත්වයෙන් පොහොසත් ස්ථානයකි. තෙත් කලාපිය වනාන්තරයක් සේ දිස්වේ. මෙය සොබාදහමේ සොඳුරු නිමැවුමකි. ගුරුත්වාකර්ශණය අධික ස්ථානයක් ලෙසද මෙය සැළකේ.
එතැන්සිට දැකිය හැක්කේ මනරම් දසුනකි'
'අපේ සංචාරයේ ප‍්‍රධානතම ඉලක්කයක් උනේ ජංගල් බීච් (Jungle Beach) එකේ සිදු කෙරෙන කි‍්‍රයාකාරකම් සමග මුහුදේ නෑම හා විවිධ කී‍්‍රඩා ඉසව් පැවැත්වීම මෙය ඇත්තෙන්ම පිරිසිඳු හා සුන්දර වෙරළ තීරයක්. තරමක් ආරක්ෂිතයි.
කණ්ඩායමේ සියළු දෙනාම කි‍්‍රයාකාරකම් සඳහා සූදානමින්.
ලොකු ද පොඩි ද කියල තරගයට වයස් බේදයක් නෑ.
ජයග‍්‍රහණයෙන් උදම්වී .....
විවිධ තරග ඉසව් වලින් ලැබුවෙ මහා සතුටක් විනෝදයක්. ඒ වගේමයි කට්ටිය මදි නොකියන්න මුහුදෙ නෑව. නියම විනෝදයක් අහිංසක විදිහට ලැබුව. පුංචිම එකාගෙ ඉඳල වැඩිහිටියා දක්වා එකාවගේ විනෝද උනා. මුහුදෙන් ගොඩ එන කොට හොඳටම හවස් වෙලා. දැන් කොටුවට යන්න වෙලාවකුත් නෑ. එන ගමන් පුළුවන්නම් දිනා ගන්න තරගය මිහිතල එෆ් එම් හරහා කි‍්‍රයාත්මක උනා. තරග කරුවන් 5 යි. තරගයෙන් ජයග‍්‍රහණය කළේ යසිරු. අපේ ඉදිරි වැඩසටහන් වලින් නැවත හමුවෙමු
No comments:
Post a Comment