ඉතිං යාළුවනේ , තරමක නිහැඩියාවකට පස්සෙ තමයි ඔබත් සමග දොඩමළු වෙන්නෙ. මේ අපේ 20 වන සංවත්සර අවුරුද්දනෙ. ඒ සදහා අපි හරිම අවිවේකීයි. ලියන්න දේවල් නම් ගොඩක් තියෙනව. ඒ ඔක්කොම හෙමිහිට දිග හැරේවි. අපි මේ මෑතක ලබා ගත් අත්දැකීමකින්ම මේ සටහන පටන් ගන්නම්. ඒ තමයි හරිම විනෝද ජනක ඒ වගේම ඵලදායී කටයුත්තක් වුන මී මැසි පාලනය. ඒ ගැන තොරතුරු තමයි මේ පල වෙන්නෙ. කියවලම තේරුම් ගන්න.
මිහිතල මිතුරෝ 2014 වර්ෂයේ කි‍්‍රයාත්මක කරනු ලබන 20 වන සංවත්සර වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස කොඩිගහකන්ද අභය භුමිය වටා පදිංචි පවුල් 50 ක් සමග මී මැසි පාලන වැඩසටහනක් දැන් අරඹා ඇත.
2014 ජූනි 15 වන දින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී මී මැසි පාලන පුහුණුව සදහා තෝරාගත් පවුල් 50 හේ කණ්ඩායම් නායකයින් වෙනුවෙන් පැවති පුහුණු වැඩමුළුව සදහා සම්පත් දායකත්වය සපයනු ලැබූයේ හොරණ කනන්විල කෘෂි පුහුණු පාසලේ පුහුණු නිලධාරී පතිරණ මහතා විසිනි.
එදින වැඩමුළුව න්‍යායික මෙන්ම ප්‍රායෝගික කි‍්‍රයාකාරකම් වලින් සමන්විත විය.
ජූනි 22 දින තවත් ප්‍රායෝගික පුහුණුවක් පැවැත් උනා. ඒ බිදුනු මල් පෝච්චියක බැද තිබු මී මැසි ජනපදයක් මි මැසි පෙට්ටියක මාරු කිරීමයි. මේ සදහා ද සම්පත් දායකත්වය සැපයුයේ පතිරණ මහතා විසින්මයි. සජන මිතුරෝ භාණ්ඩාගාරික රොසයිරු මහතාගේ නිවසේ දී පැවැත්වූ මෙම වැඩමුළුව අතිශයින්ම චමත්කාර ජනක වැඩසටහනක්.
මුලින්ම කළේ අළුතෙන් මි මැසි ජනපදය ස්ථාපිත කරන පෙට්ටිය හොදින් පවිත්‍ර කිරීමයි. මේ සදහා සාම්බ්‍රානි කුඩු භාවිතා කළා.
No comments:
Post a Comment