Monday, March 4, 2013

මුළු ලංකාවම වඳවීයාමේ අනතුරක කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක්..........

මුළු ලංකාවම වඳවීයාමේ අනතුරක කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක්..........  

                                                       අප විසින් මීට පෙර කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය සහ එහි අනතුර පිළිබඳව ඔබව දැනුවත් කළා මතක ඇතැයි සිතමු. යම් හෙයකින් එම ලිපිය කියවන්නට නොලැබුනු අයෙක් වෙත් නම් මෙතැනින් ඊට ඇතුළත් වෙන්න.  

http://www.blogger.com/blogger.g?blogID=4538453444032679962#editor/target=post;postID=8640927899692339377       

                     බාල වර්ගයේ තාක්ෂණය භාවිතා කරමින් රුසියානු සමාගමක් මගින් දකුණු ඉංදියාවේ කුඩන්කුලම් වල ඉදි කෙරෙමින් පවතින මෙම න්‍යෂ්ටික බලාගාරයේ පළමු අදියර අරඹමින් එහි න්‍යෂ්ටික ප‍්‍රතිකාරක බල ගැන්වීම හෙවත් යුරේනියම් බලාගාරයට ඇතුල් කිරිමේදී මෙම විකිරණ කාන්දුව සිදුවි ඇත.මේ සම්බන්ධව වඩාත් විස්තරාත්මක තොරතුරු නොපමාව ඔබට අපි නුදුරේ දි ගෙන එන්නෙමු. න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවේ තොරතුරු වලට මෙතැනින් ඇතුළුවන්න                                              http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7654:2013-03-04-03-31-38&catid=34:news&Itemid=62

Thursday, February 28, 2013

උරුමය සොයා.......2013


උරුමය සොයා.......2013


මිහිතල මිතුරෝඅපි, අපේ අනාගත පරපුරත් සමග උරුමය සොයා යන ගමන 2012 අවුරුද්දෙ යන්න හිටියත් නොහිතපු විදිහට නොකඩවාම ඇද හැළුනු මහා ධාරානිපාත වරුෂා නිසා අපට ඒ ගමන කල් දාන්න සිදු උනා. ඔන්න ඒ ගමන දැන් යන්නයි සූදානම. 2013 මාර්තු 26 වන දා තමයි අපි අපේ උරුමය සොයා යන්නෙ. හැම දෙනාටම අපි විවෘතව ආරාධනා කරනව අපත් සමග මෙම චාරිකාවට එකතු වෙන්න කියල.  එක් දින අධ්‍යයන චාරිකා යටතේ මෙවර අපි තෝරා ගත්තෙ අපේ මහා උරුමයන් පිළිබඳව අපේ සාමාජිකයින්ට අබෝධයක් ලබා දෙන්නට සමත් ස්ථාන 2 ක්.


අපි යන්නෙ දකුනු ආසියාවේ විශාලතම රෝසතිරුවාණා නිධිය සමග ජාතික නාමල්   උයනත් ලෝක උරුමයක් වූ සීගිරියත් ගැන හොයා බලන්න.

                                                                    මෙම ස්ථානයන් සතු පුරාවිද්‍යාත්මක, පාරිසරික, සෞන්දර්යාත්මක වටිනාකම් පිළිබඳව මෙම චාරිකාවේ දී ඔබට දැනගන්නට දැක ගන්නට හා විඳ ගන්නට ලැබේවි.  ජාතික නාමල් උයන පිහිටා ඇත්තේ  ගල්කිරියාගම,  ආඩිගල, උල්පත ග‍්‍රාමයේය.  අක්කර 260 ක් පුරා විහිදී ඇති  නා  වනය පැරණි රජ දරුවන්ගේ  සමය තෙක් ඉතිහාසයකට දිවයයි
අදින් වසර මිලියන 550 කට පමණ පෙර ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ  නිර්මාණය වූ රෝස තිරුවාණා නිධිය අපේ ජාතිය සතු මහා අනර්ඝ වස්තුවක්. අනුරාධපුර යුගය තෙක් ඉතිහාසය දිවයන ජාතික නාමල් උයන ජාතියට හඳුන්වා දෙමින් මෙහි නිර්මාතෘවරයා වශයෙන් වනවාසී රාහුල හිමිපාණන් ඉටුකරන මෙහෙවර අගය කළ යුතුය.දේවානම්පියතිස්ස රජ සමයේ සිට 8 වන සියවසේ  iv වන දප්පුල රාජ සමයතෙක් මෙහි ඉතිහාසය දිව යයි.

 ලෝකයේ වාර්තාවන එකම මිනිස් අභය භූමිය ද මෙයයි.  ඒ බැව් ivවන දප්පුල  රජුගේ  රණව ටැම් ලිපියේ සඳහන්වේ. මේ ස්ථානයේ ඇති තවත් වැදගත් තොරතුරු අපි එම ස්ථානයේදීම  දැන ගනිමු.
‘‘සීගිරිය ගැන මොනව කියන්නද අපි  ඕන තරම් සිගිරි ගිහින් තියෙනව’’ කියල සමහරු කියන්න පුළුවන්. ඒත් සිගිරිය කියන්නෙ සිගිරි ලලනාවන් බලල  ගල මුදුනට නැගල කාශ්‍යප රජතුමාගෙ මාලිගාව බලල එන එකනම් නෙමෙයි. ඊට වඩා අපි දැකිය යුතු ඉගෙන ගත යුතු හුඟක් දේවල් සිගිරියෙ තියෙනව.                                                                    සීගිරියෙ උද්‍යාන ගනනාවක්  දකින්න පුළුවන්. ඉන් එකක් තමයි
 ජල උද්‍යානය. 
අනෙක් උද්‍යානය තමයි මෙහි ඇති ස්වභාවික ගල් පර්වත නිර්මාණශීලී ලෙස යොදා ගනිමින් නිමැවූ ශිලා උද්‍යානය. ඒ වගේම වෘක්ෂ උද්‍යානයත් අපිට දැක ගන්න පුළුවන්. සීගිරිය එවකට ශී‍්‍ර ලංකාවේ පැවති නගර නිර්මාණයට ඉතා හොඳ නිදසුනක්. සීගිරි චිත‍්‍ර හෙවත් බිතු සිතුවම් කළාත්මක අංශයෙන් ගත්තොත් ඉතාමත් ඉහළ නිර්මාණ, කැටපත් පවුරත් පුදුම එළවන සුළු නිමැවුමක්. සීගිරි පව්ව මුදුනෙහි පිහිටි රජ මාලිගයට ජලය ලබාගෙන තියෙන්නෙ පහළින් පිහිටි සීගිරි වැවෙන් කියලයි විශ්වාස කරන්නෙ. එතකොට කොහොමද ඒ තරම් ඉහළට ජලය ලබා ගත්තෙ. ඒ තාක්ෂණය මොකක්ද ? මේ වගෙ තව කරුණු ගොඩක් ගැන අපි සීගිරියට ගිහින්ම කථා කරමු. 


ඉතිං අපේ උරුමය සොයා යන මේ ගමනට එකතු වෙන්න කැමති අයට අප හා එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ 
0713496971 දුරකථන අංකයට මුණගම හෝ 0714285480 දුරකථන අංකයට සඳරුවන් හෝ   0716606318 අංකයෙන් ප‍්‍රදිප් හෝ සම්බන්ධකර ගැනිමයි. එහෙමත් නැත්නම් mihithalamithuro@gmail.com   හෝ  mihithala.mithuro@yahoo.com යන විද්‍යුත් ලිපිනයන්ගෙන් එකකට ඔබේ තොරතුරු ලබා දිමයි.

උරුමය සොයා.......2013


මිහිතල මිතුරෝඅපි, අපේ අනාගත පරපුරත් සමග උරුමය සොයා යන ගමන 2012 අවුරුද්දෙ යන්න හිටියත් නොහිතපු විදිහට නොකඩවාම ඇද හැළුනු මහා ධාරානිපාත වරුෂා නිසා අපට ඒ ගමන කල් දාන්න සිදු උනා. ඔන්න ඒ ගමන දැන් යන්නයි සූදානම. 2013 මාර්තු 26 වන දා තමයි අපි අපේ උරුමය සොයා යන්නෙ. හැම දෙනාටම අපි විවෘතව ආරාධනා කරනව අපත් සමග මෙම චාරිකාවට එකතු වෙන්න කියල.  එක් දින අධ්‍යයන චාරිකා යටතේ මෙවර අපි තෝරා ගත්තෙ අපේ මහා උරුමයන් පිළිබඳව අපේ සාමාජිකයින්ට අබෝධයක් ලබා දෙන්නට සමත් ස්ථාන 2 ක්.


අපි යන්නෙ දකුනු ආසියාවේ විශාලතම රෝසතිරුවාණා නිධිය සමග ජාතික නාමල්   උයනත් ලෝක උරුමයක් වූ සීගිරියත් ගැන හොයා බලන්න.

                                                                    මෙම ස්ථානයන් සතු පුරාවිද්‍යාත්මක, පාරිසරික, සෞන්දර්යාත්මක වටිනාකම් පිළිබඳව මෙම චාරිකාවේ දී ඔබට දැනගන්නට දැක ගන්නට හා විඳ ගන්නට ලැබේවි.  ජාතික නාමල් උයන පිහිටා ඇත්තේ  ගල්කිරියාගම,  ආඩිගල, උල්පත ග‍්‍රාමයේය.  අක්කර 260 ක් පුරා විහිදී ඇති  නා  වනය පැරණි රජ දරුවන්ගේ  සමය තෙක් ඉතිහාසයකට දිවයයි
අදින් වසර මිලියන 550 කට පමණ පෙර ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ  නිර්මාණය වූ රෝස තිරුවාණා නිධිය අපේ ජාතිය සතු මහා අනර්ඝ වස්තුවක්. අනුරාධපුර යුගය තෙක් ඉතිහාසය දිවයන ජාතික නාමල් උයන ජාතියට හඳුන්වා දෙමින් මෙහි නිර්මාතෘවරයා වශයෙන් වනවාසී රාහුල හිමිපාණන් ඉටුකරන මෙහෙවර අගය කළ යුතුය.දේවානම්පියතිස්ස රජ සමයේ සිට 8 වන සියවසේ  iv වන දප්පුල රාජ සමයතෙක් මෙහි ඉතිහාසය දිව යයි.

 ලෝකයේ වාර්තාවන එකම මිනිස් අභය භූමිය ද මෙයයි.  ඒ බැව් ivවන දප්පුල  රජුගේ  රණව ටැම් ලිපියේ සඳහන්වේ. මේ ස්ථානයේ ඇති තවත් වැදගත් තොරතුරු අපි එම ස්ථානයේදීම  දැන ගනිමු.
‘‘සීගිරිය ගැන මොනව කියන්නද අපි  ඕන තරම් සිගිරි ගිහින් තියෙනව’’ කියල සමහරු කියන්න පුළුවන්. ඒත් සිගිරිය කියන්නෙ සිගිරි ලලනාවන් බලල  ගල මුදුනට නැගල කාශ්‍යප රජතුමාගෙ මාලිගාව බලල එන එකනම් නෙමෙයි. ඊට වඩා අපි දැකිය යුතු ඉගෙන ගත යුතු හුඟක් දේවල් සිගිරියෙ තියෙනව.                                                                    සීගිරියෙ උද්‍යාන ගනනාවක්  දකින්න පුළුවන්. ඉන් එකක් තමයි
 ජල උද්‍යානය. 
අනෙක් උද්‍යානය තමයි මෙහි ඇති ස්වභාවික ගල් පර්වත නිර්මාණශීලී ලෙස යොදා ගනිමින් නිමැවූ ශිලා උද්‍යානය. ඒ වගේම වෘක්ෂ උද්‍යානයත් අපිට දැක ගන්න පුළුවන්. සීගිරිය එවකට ශී‍්‍ර ලංකාවේ පැවති නගර නිර්මාණයට ඉතා හොඳ නිදසුනක්. සීගිරි චිත‍්‍ර හෙවත් බිතු සිතුවම් කළාත්මක අංශයෙන් ගත්තොත් ඉතාමත් ඉහළ නිර්මාණ, කැටපත් පවුරත් පුදුම එළවන සුළු නිමැවුමක්. සීගිරි පව්ව මුදුනෙහි පිහිටි රජ මාලිගයට ජලය ලබාගෙන තියෙන්නෙ පහළින් පිහිටි සීගිරි වැවෙන් කියලයි විශ්වාස කරන්නෙ. එතකොට කොහොමද ඒ තරම් ඉහළට ජලය ලබා ගත්තෙ. ඒ තාක්ෂණය මොකක්ද ? මේ වගෙ තව කරුණු ගොඩක් ගැන අපි සීගිරියට ගිහින්ම කථා කරමු. 


ඉතිං අපේ උරුමය සොයා යන මේ ගමනට එකතු වෙන්න කැමති අයට අප හා එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ 

0713496971 දුරකථන අංකයට මුණගම හෝ 0714285480 දුරකථන අංකයට සඳරුවන් හෝ   0716606318 අංකයෙන් ප‍්‍රදිප් හෝ සම්බන්ධකර ගැනිමයි. එහෙමත් නැත්නම් mihithalamithuro@gmail.com   හෝ  mihithala.mithuro@yahoo.com යන විද්‍යුත් ලිපිනයන්ගෙන් එකකට ඔබේ තොරතුරු ලබා දිමයි.

Monday, February 11, 2013

හිතායු සුඛායු දිඝායු වේවා

හිතායු සුඛායු දිඝායු වේවා

‘‘ආරොග්‍යා පරමා ලාභා’’- ගෞතම බුදුරදුන්


මිහිතල මිතුරන්ගෙ අනු සංවිධානයක් වෙච්ච ‘‘සජන මිතුරෝ ’’ සංවිධානයේ ප‍්‍රජා සත්කාර්යයක් හැටියට 2013 අවුරුද්දෙ මුල්ම වැඩසටහන දියත් වුනේ 2013 ජනවාරි 27 වෙනිදා. 14 වෙනිදා තියන්න හිටියත් හුඟක් අයට නිවාඩු නැති ප‍්‍රශ්නයක් ආපු හින්ද 27 වෙනිද තිබ්බ. බටහිර තලගල වීර මද්දුම බංඩාර විදුහලේ පවත්වපු මේ වැඩසටහන අර්ථවත් කරන්නට පැමිනියේ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සහකාර පර්යේෂණ නිලධාරි අපේ අතිජාත මිත‍්‍ර අසෝක කරුණාරත්න මහත්තය. 
කොඩිගහකන්ද ජෛව විවිධත්ව පර්යේෂණය කරල එම වාර්තාව පොතක් හැටියට සකස් කරපු වනජීවී භාරයේ වැඩසටහන් නිලධාරි වරයා හැටියට සේවය කරාපු ශී‍්‍ර ලාල් නිශාන්ත හෙට්ටි ආරච්චි මහත්තය තම ජිවිතයෙන් සමුගත්ත රිය අනතුර සිදු උන වාහනයේ ගමන් කරල එලොව ගිහින් මෙලොව ආපු කෙනෙක් තමයි අසෝක මහත්තය. හරිම සරල නිරහංකාර බවින් පිරුන එතුමා අපේ වැඩසටහන් ගණනාවකට සහයෝගය දිල තියෙනව. ගමේ වැඩිහිටි ප‍්‍රජාව විතරක් නෙමෙයි නිරෝගි ජිවිතයක් ගතකරන හැටි ඉගෙන ගන්න පුංචි පැටවුනුත් සැළකිය යුතු ප‍්‍රමාණයක් එදා ඇවිදින් හිටිය.
මේ එදා එතුමා දොඩමළු වෙද්දි ඉදිරිපත් කරපු අදහස් වලින් අහුලාගත් අදහස් කිහිපයක්. මේව බලල විතරක් නම් මදි. ප‍්‍රායෝගිකවම තමන්ගෙ ජීවිතේට එකතු කරගන්න වෙනව. නැත්නම් කිසිම තේරුමක් නැහැ.     

අසෝක කරුණාරත්න මහතා තම දැණුම ජනතාවට බෙදා දෙමින්

                                                                                                                           

උනන්දුවෙන් දේශනයට සවන් දෙමින්


ඉස්සෙල්ලම කියල දුන්නෙ ආයුර්වේදය කියන්නෙ මොකක්ද කියල. හුඟක් දෙනෙකුට ආයුර්වේදය කියපු ගමන් දැනෙන්නෙ මහා අපුලක් . ගඳ ගහන තෙල් බෙහෙත් ගාන, තිත්ත කෂාය බොන්න දෙන තැනක් කියලනෙ හිතන්නෙ. ආයුර්වේදය කියන්නෙ ලෙඩට බෙහෙත් දෙන තැනක් නෙමෙයි. ලෙඩ නොවි නිරෝගිව ජිවත්වෙන හැටි උගන්වන තැනක්. ආයුෂ වින්දනය කරන හැටි උගන්වන එකතමයි ආයුර්වේදයෙන් කෙරන්නෙ. එහි එන මූලික සංකල්පයක් තමයි හිතායු, සුඛායු හා දිඝායු කියන්නෙ. හිතායු කියන්නෙ මනස නිරෝගී විම, හුඟක් අයට තියෙන රෝග වලින් වැඩි හරියක්ම කායික රෝග නෙමෙයිනෙ. මානසික රෝග. ඒ හින්ද ඉතාම වැදගත්ම දේ තමයි නිරෝගී සැපවත් දිවියක් ගත කරන්න මානසික නිරෝගි කම. ඊලඟට සුඛායු. සුඛායු කියන්නෙ කායික නිරෝගිකම. එතනින් පස්සෙ දීඝායු. ඒ කියන්නෙ දීර්ඝායුෂ ලැබීම. මේ සඳහා අතිශයින්ම වැදගත් වෙන්නෙ අපේ ඇවතුම් පැවතුම්
පළමුවෙන්ම අවදි වෙන වේලාව. නිරෝගී සාර්ථක ජිවිතයක් අපේක්ෂා කරන්නෙක් අනිවාර්යයෙන්ම හිරු නැගෙන්නට මිනිත්තු 55 කට පෙර අවදි විය යුතුයි. ඒ තමයි ආයුර්වේදයේ සඳහන් කර ඇති ‘‘බ‍්‍රහ්මමූර්තිය’’ . සාමාන්‍යයෙන් අළුයම 04.30 - 05.00 ත් අතර කාලය. නවීන විද්‍යාව විසින් පිළිගන්නව මේ වෙලාවට තමයි වායුගෝලයේ හයිඩ‍්‍රජන් ධන අයන (H+) සහ හයිඩ්‍රොක්සිල් සෘණ අයන (OH-) වැඩි පුරම තියෙන්නෙ කියල. ඉතින් නැගිටල ශරිර කෘත්‍යය එහෙම කරල මුලින්ම කරන්න තියෙන්නෙ පිරිසිඳු ජලය පානය කිරිම. මේකත් හරි වැදගත්. මේ පිළිබඳව විවිධ මත සමාජයට ගිහින් තියෙනව. වතර විදුරු 3 ක් බොන්න  ඕනැ කියල සමහරු කියනව. විදුරුව කියන්නෙ සම්මත මිම්මක් නෙමෙයිනෙ. එක එක ජාතියෙ විදුරු තියෙනව එක එක ප‍්‍රමානයට. අනෙක වැඩිහිටියෙකු බොන ජල ප‍්‍රමාණය කුඩා දරුවකට ගැලපෙන්නෙ නැහැ. අන්න ඒ හින්ද බොන්න  ඕනි තමන්ගෙ දෝතින් 3 ක් ( දෝත පුරා 3 වරක් වතුර අරගෙන භාජනයකට දාල මේ ප‍්‍රමාණය මැන ගන්න පුළුවන් * .
ඊට පස්සෙ ටිකක් වාතාශ‍්‍රය හොඳට තියෙන තැනකට ගිහින් ප‍්‍රාණයාමය කරන්න. ඒ කියන්නෙ තමන්ගෙ එක ඇඟිල්ලකින් එක නාස්පුඩුවක් වසා ගෙන දීර්ඝ හුස්මක් ඉහළට අරගෙන වැසු නාස්පුඩුව විවර කර (හුස්ම ගත් නාස් පුඩුව වසාගෙන * හෙමින් හුස්ම පිට කරන්න. මේ දේ මාරුවෙන් මාරුවට විනාඩි 5 ක් පමන කරන්න. අපේ පෙනහැලි වල පිහිටි ගර්ත ඉහත කී අයන අඩංගු පිරිසිඳු ඔක්සිජන් වලින් පිරී අපේ රුධිර පද්ධතිය දවසේ ආරම්භයේදී පිරිසිඳු වේවි.
ඊලඟට කරන්න තියෙන්නෙ මනස සැහැල්ලූ කර ගන්න එක. පළමුව තමන්ට සුබ පතන්න. අද දවස සරු කර ගන්න අදිටන් කර ගන්න. දෙවනුව තම මව් පියන් ගරුවරුන් ඇතුළු තම සමිපතමයන්ගෙන් පටන් ගෙන පිරිසිඳු අවංක හිතින් ලෝකයටම සුබ පතන්න.
දැන් උදේ ආහාරය . උදේට මුලින්ම සුදුසු කැද වර්ගයක් පානය කිරිමයි. දිගු පැය ගණනක් ආහාර නොමැතිව තිබුන ජීර්ණ පද්ධතියට එක් වරම බර ආහාරයක් වෙනුවට ජීර්ණයට පහසු කැඳ වර්ගයක් පානය කරන්න. මේ සඳහා කොළ කැඳ, කුරක්කන් කැඳ, මෙනේරි කැඳ, තණ හාල් කැඳ ආදී කැඳ වර්ග  ඕනෑ තරම් තියෙනව. දිනපතා මාරුවෙන් මාරුවට විවිධ ගුණ ඇති කැඳ වර්ග පානය කරන්න පුළුවන්.
තව විශේෂ දෙයක් කිව යුතුයි. අපි ආහාර ගන්න කොට ඒකෙ රස ගැන හිතනවනෙ. මොනවද අපි දන්න රස. අපි ආහාරයක බලන්නෙ ලූනු - ඇඹුල් තියෙනවද මිරිස් ඇතිද මදිද කියල විතරනෙ. නැහැ ආහාරයක තවත් රස තියෙනව ඒ තමයි කහට රස සහ කෂාය රස.  ඉතිං මේ පංචවිධ රසයම ආහාරයක ඇතුළත් වෙන්න  ඕනි.
පුරානයේ අපේ අම්මල බත ‘‘ හැතපෙන්න ’’ තියෙනව. දන්නවද ඒ ගැන?
බත හැතපෙනව කියන්නෙ බත ඉදීගෙන එන කොට වතුර හිඳි ගෙන එන කෙට බත හොඳට කූරු ගාල නෑබිලිය මුනින් නවල මද ගින්නෙ තියෙන එකට. එහෙම කරන්නෙ ඇයි කියල ඔබ දන්නවද? බත්වල තියෙන පෝෂ්‍ය පදාර්ථ (යම් අහිතකර දෙයක් තිිබුනනම් ඒකත්* ඒකාකාරව හැම තැනම විසිරි යන්න. එතකොට පවුලේ හැමට හැම දෙයක්ම සම සමව ලැබෙනව ගුණ වගේම අගුනත්. 
අපි මේ කථාකරන්නෙ අපේ ඇවතුම් පැවතුම් ගැන. රාත‍්‍රි ආහාරයත් වැදගත්. රාතී‍්‍ර ආහාරය 07.30 ට විතර අරගන්න. අරගෙන පියවර 60 ක් ඇවිදින්න. මේක හැම ආහාර වේලකටම පස්සෙ කරන්න.
ඉතිං එදා අසෝක මහත්තය එදි නෙදා අපිට වැලඳෙන පුංචි පුංචි ලෙඩ රෝග බෙහොමයකට නිවසේදිම බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන් අත් බෙහෙත් ගැනත් අපිව දැනුවත් කළා. අද සමාජයේ බහුලව තියෙන බෝනෙවන රෝග ගැනත් දැනුවත් කළා. අද හුඟක් අයට තියෙන රෝගයක්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම. මේකට හොද‘ ප‍්‍රතිකර්මයක් එතුමා කියල දුන්න. ඉස්සර අපේ ආච්චිල මිරිස් ගලේ ( දැන් ඉතිං එහෙම එකක් නැහැනෙ. තිබුනත් මොනව අඹරන්නද ? ඔක්කොම පහසුවට ග‍්‍රයින්ඩින් මිල්ස් වලින් කුඩු කරලම දෙනවනෙ* ගුලි ගණනාවක් ඇඹරුව. මිරිස් ගුලිය, තුනපහේ ගුලිය, අබ ගුලිය, කහ ගුලිය සහ ගොරක ගුලිය ඒ අතරෙ ප‍්‍රධානයි. හොදි උයන කොට මේ ගුලිවලින් ටික ටික අවශ්‍ය ප‍්‍රමාණයට යොදනව. ඔබ දන්නවද මේ අතරෙ තියෙන ගොරක කියන්නෙ අපේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් පාලනය කරන ඔසුවක් බව. හැබැයි මතක තියා ගන්න ඒක අඹරල, අඹරන්න බැරිනම්  බ්ලෙන්ඩර් කරල හරි ආහාරයට එක් කර ගන්න.  සතියකට දෙකකට පස්සෙ චෙක් කරල බලන්නකො මේක ඇත්තද නැත්තද කියලම.
අනෙක තමයි ග‍්‍රැස්ට‍්‍රයිටීස්. ඉස්සර නම් හොද්ද ලිපේ තියල හොඳට හැඳි ගානව. ඒක කලේ දර ලිපේ. ගින්දර අඩුවේගෙන යන කොට ලිපට පිඹිනව. අළු ඇවිස්සිල්ලා අළු හොද්දට වැටෙනව. හැම දාම ආහාරයට ලිපේ අළුත් එකතු උනා. ඔබ දන්නවනෙ ග‍්‍රැස්ට‍්‍රයිටීස් කියන්නෙ ආමාශයේ ආම්ලික බව වැඩිවීම. ආම්ලික බව වැඩි උනහම ඒක උදාසීන කරන්න දෙන්නෙ භෂ්මයක්. ලිපේ අළු කියන්නෙ (පොටෑසියම කාබනේට්* භෂ්මයක්. මේ රෝගය යම් විදිහකින් වැළඳුනොත් ලිපේ සුදු අළු අරගෙන ලූනු වතුර ටිකක් දාලා දියකරල බොන්න. වැඬේ  හමාරයි.

Friday, December 28, 2012

සිරිලකට වින කටින කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය

සිරිලකට වින කටින කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය



කුඩන්කුලම් තියෙන්නෙ කොහෙද?


කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය පිහිටා තියෙන්නේ දකුණු ඉංදියවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉංදියන් සාගර වෙරළාසන්නයේය. පහත සිතියමෙන් එය පැහැදිලි වනු ඇත.



 

 

න්‍යෂ්ටික බලාගාරයක් යනු කුමක්ද?

න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගෙන ලාභදායී  ලෙස විදුලිය නිපදවීමට හැකි ක‍්‍රමයකි.

න්‍යෂ්ටික තාක්ෂණය යනු කුමක්ද?

මේ සඳහා  න්‍යෂ්ටික ප‍්‍රතිකාරක ලෙස  යුරේනියම්, ප්ලූටෝනියම්, තෝරියම් වැනි මූලද්‍රව්‍ය යොදා ගැනේ. ඉහත සඳහන් පරමාණුවක (යුරේනියම්/235U යැයි සිතමු) න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහරදීමෙන් (විවර්ශනය කිරීමෙන්)පසු සෑදෙන අස්ථායී සමස්ථානියකය  (236U)ක්ෂණිකව පිපිරිමෙන් මුලද්‍රව්‍ය දෙකක් බවට දෙකඩවීමේ දී අති විශාල ශක්තියක් නිපදවේ. ඊට අමතරව ඉවතට විසිවි යන නියුට්‍රෝන ඉතිරි සියළු යුරේනියම් පරමාණු වල න්‍යෂ්ටියට පහර දීමෙන් ප‍්‍රතිකි‍්‍රයාව නොනැවතී දාම ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස සිදුවේ. මෙය න්‍යෂ්ටික බෝම්බයක දී සිදුවන කි‍්‍රයාවළියයි. බලාගාරයක දී සිදුවන්නේ උෂ්ණත්වය සිසිලන ක‍්‍රම මගින් පාලනය කර දාම ප‍්‍රතිකි‍්‍රයාව පාලනය කිරීමයි.




යුරේනියම් ග‍්‍රෑම් 1 කින් නිපදවන විදුලි බලය නිපදවිමට ගල් අඟුරු කිලෝ ග‍්‍රෑම් 3000 ක් අවශ්‍යවේ 

මේ තරම් ලාභදායි ක‍්‍රමයකට ඇයි එරෙහි වෙන්නෙ ? 


කෙතරම් ලාභදායී වුවත් න්‍යෂ්ටික අනතුරක් යනු අති දැවැන්ත විනාශයක්  ඒක හරියට පරමාණු බෝම්බයක් පිපුරුව වගේ. ඒ තමයි අපේ අත්දැකිම් 



මොනවද වෙන්න පුළුවන් අනතුරු ? 


ඊට පළමුව බලමු න්‍යෂ්ටික බලාගාරයක කි‍්‍රයාකාරිත්වය සරළව තේරුම් ගන්න 


ලෝකයේ න්‍යෂ්ටික බලය යොදා ගන්නෙ කොහොමද කියල බලලම ඉමු 

මුුල්ම න්‍යෂ්ටික බලාගාරය ඉදිකරනු ලැබූවේ 1950 දී ඇමරිකා එක්සත් ජනපදය 
දැනට ලෝකය පුරා න්‍යෂ්ටික බලාගාර 430 ක් කි‍්‍රයාත්මක වන අතර මුළු ධාරිතාව මෙගා වොට් 372,000 කි 
එය ලෝක විදුලි නිෂ්පාදනයෙන් 14.7 % කි 











න්‍යෂ්ටික අනතුරු ආකාර කිහිපයකින් සිදුවේ 
1 සිසිලන පද්ධතිය පාලනය කර ගත නොහැකිව දාම ප‍්‍රතික‍්‍රියාව දිගටම සිදුවිමෙන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමක් සිදුවීම 
2 සිසිලන පද්ධතියේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිව න්‍යෂ්ටික ප‍්‍රතිකාරක Melt down  වීම 
3 විකිරණ කාන්දුවිම් 
4 න්‍යෂ්ටික අපද්‍රව්‍ය 

මේවගේ අනතුරු සම්බන්ධ ලෝක අත්දැකීම් මොනවද

1.  1979 මාර්තු 28 ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සල්වේනියාවේ Three Mile Island
හි සිදුවූ Melt down  වීම

2. 1986 අපේ‍්‍රල් 26 වන දින සෝවියට් දේශයේ යුක්රේන් සමුහාණ්ඩුවේ චර්නොබිල්වල සිදුවූ න්‍යෂ්ටික පිපිරිම 

3.  2011 මාර්තු 11 වන දින ජපානයේ ෆුකුසිමා වල සිදුවූ න්‍යෂ්ටික Melt down  
වීම 



අපි  දැන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දිහාවට හැරෙමු 

1988 දී රජිව් ගාන්ධි අගමැති තුමා  විසින් එවකට සෝවියට් සමූහාණ්ඩුවේ ජනාධිපති මිහයිල් ගොර්බචෝව් සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව 2001 දි වැඩ අරඹන ලදී 
2004 දී මූලික පරිසර තක්සේරු වාර්තාව සකසන ලද අතර එය මහජන මත විමසුම සඳහා ඉදිරිපත් කරනු නොලැබීය 
ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3 කි 
මුළු ධාරිතාව මෙගාවොට් 9200 
 
(ගිගා වොට් 9.2
) 
 කි 

පළමු අදියරේදී මෙගා වොට් 1000 ක් නිපදවේ 


මෙය ඉදිවෙන්නෙ භූ කම්පන කලාපයක  දැනටමත් ශී‍්‍ර ලංකාව හා දකුණු ඉන්දියාව එම භූ කම්පනයන්ට ගොදුරු වෙමින් තියෙන්නෙ.
අනෙක මේ ප‍්‍රදේශය පාරම්පරිකව පැවත එන  

ජනතාව පදිංචි 
ගොවිබිම්.


 මොනවද මෙවැනි න්‍යෂ්ටික අනතුරකදි වෙන්න පුළුවන් බලපෑමි
 

1 ජීවිත විනාශවීම

2 සදාකාලික අබලතා, ජාන විකෘතිවීම්

3 පිලිකා

4 විකිරණ වල බලපෑම ආකාර කිහිපයකින් වෙන්න පුළුවන්

මෙම න්‍යෂ්ටික බලාගාරයේ අප ද්‍රව්‍ය වෙන්නෙ සීසීයම්,  අයඞීන් වගේ විකිරිණශීලී  ද්‍රව්‍ය ඒව සාගරයට තමයි මුදා හරින්නෙ. එතකොට මාළුන් හරහා මෙම විකිරණවල බලපෑම ඇතිවෙන්න පුළුවන්

සංචාරක පක්ෂින් විශාල ප‍්‍රමාණයක් ඉංදියාව හරහා ලංකාවට එනව. ඔවුන් හරහාත් එන්න පුළුවන්

මෙම බලාගාරයට එරෙහිි ජනතා කි‍්‍රයාකාරිත්වයන් ගොඩනැගී තිබේද?

ඔව් ඉංදියාවෙ ජනතාව න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි ජනතා ව්‍යාපාරය වටා සංවිධානය වී තිබෙනවා. ඔවුන් විශාල විරෝධතා ව්‍යාපාර මීට එරෙහිව පවත්වා තිබෙනවා. නමුත් තමිල්නාඩු ප‍්‍රාන්ත පොලීසිය එම ජනතාව මත දැඩි මර්ධනයක් දියත් කර තිබෙනවා. දැනට තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 22 ක් පමණ අතුරුදහන්. කුඩන්කුලම් බලාගාරය අවට සියළු ජනයා ( ආසන්න වශයෙන් ලක්ෂයක පමණ* එම ප‍්‍රදේශයෙන් ඉවත් කරනු ලබනවා.


 

අපිට මොනවද කරන්න පුළුවන් ?

1 පහසුම දේ තමයි කිසිවක් නොකර සිටීම

2 එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වෙනුවෙන් කි‍්‍රයාකාරි වෙන්න

ඒ  සඳහා අපට මොනවද කරන්න පුළුවන්

1 සියල්ලටම පළමුව මේ පිළිබඳව නිවැරදිව දැනුවත් වෙන්න

2 ඊට පස්සෙ අනෙක්  අයත් දැනුවත් කරන්න

3 මේ විනාශයෙන් ගැලවිම සඳහා සංවිධානය වෙන්න

4 ඒ සඳහා ගොඩනගා ඇති කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය සමග අත්වැල් බැඳගන්න
























Monday, December 17, 2012

kudankulam,Meethotamulla waste, Ayu¾weda prog.

කුඩන්කුලම් ගැන කියන්න දකුණෙන් උතුරට 

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම ඇතුළු පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ගණනාවක එකතුවෙන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගුන අතර කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම බලාගාරය නිසා සිදුවන පාරිසරික හා මානව බලපෑම් පිළිබඳව දැනුවත් කරන ලදී. පසුගිය නොවැම්බර් 24 සහ 25 යන දිනවල මන්නාරම හා යාපනය ප‍්‍රදේශයන්හි සංචාරය කරමින් රදගුරු තුමා කතෝලික පියවරුන් සහ මුස්ලිම් මව්ලවිවරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයන් ද මුණගැසි ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව කතිකාවන් පවත්වන ලදී . යාපනයේදී මාධ්‍යවේදින් සඳහා මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. කුඩන්කුලම් බලාගාරයේ බලපෑම් පිළිබඳව සැකසුන වාර්තාවක් ලඟදීම පළවේ.

මන්නාරමේ පැවති සංවාදයේදී කතෝලික පියනමක් අදහස් දකවමින් 

මිහිතල මිතුරෝ ගරු සභාපති කේ. මුණගම මහතා අදහස් දක්වමින් 

යාපනය තිනක්කුරල් පුවත්පතේ මාධ්‍යවේදීන් හමුවූ මොහොතක් 

යාපනයේ දී පැවති තවත් සංවාදයක අවස්ථාවක්

 මන්නාරම සංවාදය පිළිබඳව  තිනක්කුරල් පුවත්පත පලකළ වාර්තාවක් 

කුණුවලින් වැනසෙන මීතොටමුල්ල .......... 

 

 කොළඹ නගරයේ කුණු දැන් වසර 4 කට පමණ පෙර සිට බහාලනු ලබන්නේ මීතොටමුල්ල පැරණි වෙල්යායකටය. අද එහි යන  ඕනෑම කෙනෙකුට දකින්නට ඇත්තේ මෙරට සියළු කඳු පරදා මිතොටමුල්ලේ ඉදිවන මහා කුණු කන්දකි. මෙම ප‍්‍රදේශයේ 10,000  කට අධික ජනතාවක් වාසය කරන අතර දැන් එම ජනතාවට කුණු කන්දට ඉඩදී සිය වාසස්ථාන අතහැර ප‍්‍රදේශයෙන් ඉවත්වී සරණාගතයන් බවට පත්වීමට සිදුවී ඇත. මෙම අසාධාරණයට එරෙහිව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, කතෝලික හා මුස්ලිම් පූජක වරුන් ගේ ආශිර්වාදය මැද මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගි ඇත. එහි මූලික වටයේ සාකච්ඡුාවක් පසුගිය දෙසැම්බර් 09 වන ඉරුදින මිතොටමුල්ල ප‍්‍රජාශාලාවේදී පැවැත්වූ අතර ප‍්‍රජාව දැනුවත් කිරිමේ රැුස්වීමක් කොලොන්නාව රජමහා විහාරයේ දී පසුගිය දෙසැම්බර් 14 වන සිකුරාදා පැවැත්විනි. මෙම අරගලය සඳහා ද මිහිතල මිතුරෝ සෘජුවම මැදිහත්වන අතර එම දැනුවත් කිරීම් සඳහා සංවිධානයේ ගරු සභාපති තුමා සම්බන්ධවිය.

එදිනෙදා ජීවිතය පහසුකරලීමට ආයුර්වේදය ............

පුංචි ලෙඩක් හැදුනත් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරල ප‍්‍රතිකාර ගන්න අපේ සමාජය දැන් පුරුදු වෙලා. ඒත් එදා කන්ද උඩරට රාජධානියේ සිරකරුවෙක් වෙලා හිටපු රොබට් නොක්ස් ඔහුගෙ ’‘එදා හෙලදිව’’ ග‍්‍රන්ථයේ සඳහන් කරල තියෙන්නෙ ලංකාවේ සෑම ගෘමණියක්ම දක්ෂ වෛද්‍යවරියක් බවයි. කැලයට රිංගා රැුගෙන එන ඔසු වලින්  ඕනෑම රෝගයක් සුව කිරිමේ දක්ෂතාවය ඔවුන්ට තිබූ බවද බත් හැලියක් ඉදෙන විට කැඩුනු සන්ධියක් පෑස්සිමට ඔවුන්ට හැකි බවද ඔහු පවසා ඇත. බුද්ධදාස රජතුමා නාගයින්ට පවා ප‍්‍රතිකාර කළ බව සඳහන්වේ. සිරිලක වෙදකම එතරම්ම විශිෂ්ඨය. එහෙත් බටහිර වෛi ක‍්‍රමය ප‍්‍රචලිත කරමින් අපේ පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය අභාවයට යවන ලදී. සියල්ල මුදලමත තින්දුවන තැනට කටයුතු සිදු විය. එදා මුදල නොව සේවය ගැන සිතා වෙදකමේ යෙදුනු සම්බාවනියත්වයක් ඉසිලූ ගමේ වෙදමහතා අභාවයට යවා මුදල් මත සියල්ලම තීරණය කරන දොස්තර මහතා රජ විය. බටහිර ඔසු නිපදවන ගෝලිය සමාගම් සිතුසේ සිය ඖෂධ ජාවාර කරමින් ජනතාවගේ ගෙල සිරකරන්නට වූ අතර ඒ සඳහා නොනිල වශයෙන් සමාගම් වල ඒජන්තවරුන් වෙමින් බටහිර දොස්තර මහත්වරුන් එම පාපයේ කොටස් කරුවන් විය.
මෙවැනි සමාජ වාතාවරණයක් තුල අපේ පැරණි වෙද ක‍්‍රමය යලි ඉස්මතු කරමින් සිය ඇවතුම් පැවතුම් තුළින්ම නිරෝගිබව ලබා ගැනීමටත් නිවසේදිම සාදා ගත හැකි ඔසු පිළිබඳවත් ප‍්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් 2013 ජනවාරි 14 වන දින සවස 04.00 ට බටහිර තලගල වීර මද්දුම බංඩාර විදුහලේදී  පැවැත්වේ. මෙහිදි නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සහකාර පර්යේෂණ නිලධාරී අසෝක කරුණාරත්න මහතා විසින් ජනතාව දැනුවත් කරනු ඇත. මේ සඳහා  ඕනෑම අයෙකුට සහභාගිවිමට විවෘතව අවස්ථාව ඇත.