Sunday, April 24, 2011

දුම්බර කඳුවැටි අතරින් ............



මිහිතල මිතුරෝ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ 2010 වාර්ෂික චාරිකාව සඳහා මෙවර තෝරා ගත්තේ අපුර්ව පරිසර පද්ධතියක් සිය පවුල්වල අඹු දරුවන්ද සමග චාරිකාවට එක්වුනු අප 2010.08.22 -23 දෙදින ඒ සඳහා යොදා ගෙන තිබුනා. නුවර දළදා මාලිගාව වැඳ පුදාගෙන අප සුන්දර පිටවලපතන පියමංකරන විට මිහිදුම් සළු හැඳගත් දුම්බර කඳුවැටි අපව පිළිගන්න පෙරමග බලා සිටියා. එපමණක්ද ?  අප ආ සතුටින් ඉපිලී සුළං කුමරිය සිය හැකියාවන් උපරිමයෙන් දක්වමින් පිටවල පතන්බිම සිසාරා  අපූර්ව රැුඟුම් රඟන්නට පටන් ගත්තා. එය නම් මහා විස්මයක්. සුළං කුමරිය මෙතරම් හැඩවැඩ වි රඟන විට අප කෙසේනම් නිහඩව බලා සිටින්නද? අපේ පුංචි සිඟිත්තන් දැත් අහසට විදා සුළං කුමරියගේ තාලයට ඇය හා හරිහරියට රඟන්නට පටන්ගත්තා. අප සියල්ලන්ම දරුවන්හා අක්ව ඒ රැුඟුමට එක්වුනා. සුළං කුමරියද ගී ගයමින් විවිධාකාර රංග ශෛලින් අනුව රැුඟුවා. නිදහසේ සුළගේ පාවෙමින් හෝරා ගෙවී ගියත් ඇය හැර යන්නට ලෝබ කමින් අපි එහිම රැුඳි සිටියා. පුංචි ලෝකාන්තය අසලදි නම් ඇය වියරු රංගනයක නිරතවුනා. අපවත්  ලෝකාන්තය දෙසට රැුගෙන යන්නට ඇය උත්සාහ කළා. තරමක බියක් හිතට දැනුනා. සුළං කුමරිය මෙතරම් විචිත‍්‍රවත් හා විවිධ බව ජීවිතයේ ප‍්‍රථම වතාවට අප සියල්ලන්ටම පසක් වූවා. සොබාදහමට පිං දෙමින් අපි පිටවල ගම්මානයේ අපේ පුංචි නවාතැනට ආව. ගමේ අයගෙ සැළකිලි මැද රැුය ගෙවී ගියා. ඔවුන් සමග රැුය පුරා දොඩමළුවූ අපට දුම්බර හා බැඳුනු බොහෝ දේ දැන ගන්නට ලැබුනා.
අළුයම අවදිව පුංචි උන්ද සමග අප පිටත් උනේ මානිංගල කන්ද තරණය කරන්නටයි. සුද්දන්ගෙ කාලයේ මෙහි පැවති තේවතුවල වැඩකළ අයට වේලාව ලබා ගන්නට මෙහි කන්දට වැටෙන සෙවනැල්ල අපකාරී වු බැවින් ( දෙමල බසින් මනි යනු වේලාවයි* මෙම කන්ද මානිංගල නම් වූ බව ඔවුන් අප සමග පැසූවා. ජෛව විවිධත්වයෙන් මෙන්ම සොබා සුන්දරත්වයෙන්ද අනුන  දුම්බර කඳුවැටිය සිත්සේ විඳ ගන්නට අප පිංකර තිුනා. ඒ අපුර්ව රසය වචනවලින් පැහැදිලි කරන්නට බැහැ. එය ඇත්තෙන්ම විඳිය යුතුමයි. අපටම ආවේණික බිනර මල් පොකුරක් අපි දිහා බලා සිහින් සිනාවක් හරිම අහංසක විදිහට පාමින් අපට කියූවේ ඇගේ අයිතාය අපෙන් පැහැරගෙන නොරටුන් විසින් හිමි කරගෙන ඇති දුක්මුසු කතාවයි. ඇතින් ලකේගල, කළුපහන කඳු දිස්වුනා. මනහර ¥විලි ඇල්ල ඈත කළුපහන කන්දෙන් කඩා හැලෙන අපුරුව දුර දක්නයෙන් නැරඹුව. අවට පෙනෙන විවිධ වර්ණ රටාවන්ගෙන් පිරිපුන් තුරු හිස් විචිත‍්‍රවත් සිතුවමක් වගේ. අපි හරිත වර්ණයේ විවිධක්වය ගනන් කරන්නට පටන් ගත්තා. කොළ පැහැයේ විවිධත්වය කෙතරම්ද? විස්සකට ආසන්න විවිධත්වයක් හරිත වර්ණය විස්න තුරු පත්වල සටහන්ව තිබුනා. අප එන ගමනේදි රිවස්ටන් කඳු ශිඛරය අවට දුටු පිග්මි
(කුරුමිටි* වනාන්තර කෙතරම් වර්නවත් රටාවන් ගෙන් සමන්විත වූවාද? ඇත්තෙන්ම සොබාදහම කෙතරම් විස්මිත නිමැවුම් කරුවෙක්ද? මානිගල බැස වැද්දා පැනි ඇල්ලේ සිත්සේ බැස පිහිනා සිසිල් දිය පහස වින්දා.
ආපසු එන්නට කිසිවකුටත් සිතක් නැහැ. කෙසේ නම් මේ පෙම්බරිය හැර යන්නටද? සුදුගල කන්ද නෙසෙල් වී අප දෙස බලා සිටියා. නැවත හැකි ඉක්මනින් ඇය හා තුරුළු වෙන්නට එන බවට ප‍්‍රතිඥා දෙමින් දුක රැුඳුනු හදින් අපි දුම්බර පෙම්බරියට සමුදුන්නා.

Sunday, December 12, 2010

Saturday, October 23, 2010

මිහිතල මිතුරන්ගේ සහයෝගයෙන් පැවැත් වූ කිරි එළදෙනුන් බෙදා දීමේ උත්සවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වන සංවත්සරය වෙනුවෙන් මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම සහ සහ දිරිය කාන්තා පදනම එකතු වෙලා තමයි මේ පින්කම සිදු කරන්නට යෙදුනෙ.
 මේ උත්සවය තිබුනෙ පසුගිය ඔක්තෝම්බර් 19 වන දින කිරිවත්තුඩුව කිතුලවිල තිස්සවන විහාරස්ථානයේ
එහිදී මරණයට කැපවෙලා හිටපු කිරි එලදෙනුන් 91 දෙනෙක් මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්+රාල්, නීතිපති මොහන් මුණසිංහ මහත්වරුන් ඇතුලු සම්හාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් නිදහස් කරනු ලැබුවා. මේ ගවයින් හැමදෙනෙක්ම අසල ගම්මාන වල ඉන්න ගොවියන්ට ලබාදෙන්න මිහිතල මිතුරන් මැදිහත් උනා.

Tuesday, August 17, 2010

මිහිතල මිතුරන්ගේ නිවහනේ කතාන්දරය.

මේක පටන් ගත්තෙ 2008.11.23 වෙනිදා. එදාට යෙදිලා තිබුණු සුබ නැකතකින් තමයි අපේ අධ්‍යාපන ධ්‍යස්ථානය ඉදි කරන්න පටන් ගත්තෙ.
ඉති ගමන අද වන තුරු අපේ සාමාජිකයන්ගේ දුක් කම්කටොලු මෙනම අද්දැකීම්ද සමගින් අවුරුදු දෙකකට ආසන්න කාලයක් අදිලා ආවා. අපේ මේ ගොඩනැගිල්ල ඇත්තෙන්ම සුවිශේෂයි. 'අදර්න් බිල්ඩින්' (earthen building) ගොඩනැගිලි තාක්ෂණය තමයි මෙයට යොදාගෙන තියන්නෙ.
මේක පරිසර හිතකාමී නිවාසයක්. අපි මුලින්ම කලේ අත්තිවාරම බැන්ඳට පස්සෙ පස් සහ සිමෙන්ති මිශ්‍ර කරලා යන්ත්‍රයක් ආධාරයෙන් ගලක් නිර්මාණය කිරීමයි. ඇත්තටම මේ ගල වේලුනාට පස්සෙ කලු ගලක් වගේ හයියයි. ඒට පස්ස්සෙ අපි ගොඩනගිල්ලෙ බිත්ති බැන්දා. ගල් එකින් එක සම්බන්ධ කලේ මැටි හා සිමෙන්ති මිශ්‍ර කර සාදා ගත් කොලපුවකින්.
බිත්ති බඳින විට අපි කොන්ක්‍රීට් යොදා ගත්තෙ අත්‍යවශ්‍යම තැන් වලට විතරයි. කොහොම හරි බිත්ති බඳින අතරෙ වහලෙ ගහන්නත් සෙට් උනා.
වහලෙ ලී විදියට අපි තෝරා ගත්තෙ අපේ පළාත ආක්‍රමණය කරමින් වැඩෙන ගිනිකූරු ශාකරේ දැව පමණයි. ඊට පස්සෙ සෙවිලි කරන්න උලු සොයා ගත්තෙ ඇඹිලිපිටියෙන්. මේ උලු වර්ගය ඉක්මනින් තාප සංක්‍රමණය සිදු කර ඇතුලතට සිසිලසක් ගෙන ඒමට සමත්. අපි භූමිය සකස් කිරීමේදිත් යොදා ගත්තෙ ඒ බිමෙන් ඉවත් කරන ලද ගල් සහ පස් විතරමයි. ඒත් එක්කම අපි, ගොඩනැගිල්ල ඉදි කිරීමේදී ඒ අවට වෙසෙන ශාක වලට මෙන්ම සතුන්ටත් අවම බලපෑමක් ඇතිවෙන විදියට ඒවා කරන්නත් පරෙස්සම් උනා.

Wednesday, August 11, 2010

අපේ වාර්ශික කොළ කැඳ දන්සැල

මිහිතල මිතුරෝ ළමාසමාජය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන කොළකැඳ දන්සැල මෙවරත් ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය.

මිහිතල මිතුරන්ගේ නවනිවහනට ගෙවදීමට ලඟයි.....

දැනට වසර එකහමාරක පමණ තිස්සේ කොඩිගහකන්ද පාමුල ඉදිවුණු මිහිතල මිතුරන්ගේ නව නිවහන සැප්තැම්බර් මස මුලදී විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙමු.