Monday, June 25, 2012
Thursday, June 7, 2012
මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය 6 වන වරටත් කොළකැඳ දන්සල සාර්ථකව අවසන් කළ වගයි....
මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් සංවිධානය කරපු කොළ කැඳ දන්සල කියන්නෙත් හරිම අපූරු වැඩක් කියලයි හිතෙන්නෙ. හැම දෙනාම එකට එකතු වෙලා සුහදතාවය බෙදා හදා ගනිමින් සතුට සෙනෙහස එක්තැන් කරන තැනක් හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. ගමේ හැමෝගෙම එකමුතුවෙන් හා සහයෝගයෙන් සිදුවන මෙම කාර්යයට මෙදා පාර අපේ ළමා සමාජයේ පුංචි සාමාජික සාමාජිකාවො හරිම උනන්දුවෙන් සහභාගි උනා. මොකද මෙදා පාර එහි සියළු කටයුතු වල වගකීම් පැවරුනේ ඔවුන්ටම හින්ද. තරුණ සංවිධානයේ අයියල අක්කල පිටිපස්සෙන් ඉඳල ඒව ගැන හොයා බැලූව විතරයි.
කොහොම හරි ජූනි මාසෙ 3 වෙනිදා ඒ කියන්නෙ 2012 පොසොන් පෝයට පෙරදා හවස ඉඳල කට්ටිය කඩියො ටික වගේ වැඩ පටන් ගත්ත.
ගමේ හැමෝගෙම සහයෝගයෙන් එකතු කරගත් විවිධාකාර රස ගුණ සපිරි කොළ වර්ග පිරිසිඳු කරන එකත් ලොකු වැඩක්. මොකද හැම දෙයක්ම සැළකිල්ලෙන් පිරිසිඳුව කරන්න එපායැ.
පුංචි අය වගේම ළමා සමාජයේ දරුවන්ගේ අම්මල තාත්තලත් මේ වැඬේට හවුල් උනා.
පිරිසිඳු කරගත්ත කොළ වර්ග හොඳට හෝදන්න වෙනම කට්ටියක් ලෑස්තියි
ඊට පස්සෙ ඒව පුංචි කැබලිවලට කපා ගන්න ඕනැනෙ මෙන්න ඒකටත් කාංඩෙ සුදානමින්
දැන් නම් හොඳටම රැ වෙලා. හවස 3.00 ඉඳල වැඩ. පුංචි එවුන්ට බඩගින්න දැනෙනව ඇති. ඒ හින්ද රැ කෑම වේල හරිම විනෝදෙන් එකා වගේ එකතු වෙලා භුක්තිවින්ද
කුඩාවට කපාගත්ත කොල ඊලඟට වනේ දාලා පුලූවන්තරම් හීනි වෙන්න කොටා ගන්න ඕනෑ. ඒකනම් ලේසි වැඩක් නෙමෙයි. පුංචි අත්වලට ඒක බර වැඩියි. ඒත් වැඬේ අමාරුයි කියල අත් අරින්න අපේ පංචි දරුවො සුදානම් නැහැ
වෙහෙස නොබල විනෝදෙන් ඒවැඬේ කරන කොට තරුන සංවිධානෙ අයියල අක්කලත් ඒ වැඬේට උදව් කළා.
පොල් ගෙඩි සීයක් හමාරක් ගාන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒකටනම් සහයෝගය දුන්නෙ මිහිතල මිතුරෝ සංවිධානයේ ‘‘සජන මිතුරෝ ’’ කි්රයාධරයෙක් වුනු ගෝනපල ප්රසන්න මහත්තය තමයි. තනියෙන්ම ඒ බර කරට අරගෙන දරුවන්ගෙ වැඬේට මහා සහයෝගයක් දුන්නෙ බාධක මැද. මේ සඳහා භාවිතාකළ එතුමාගෙම විදුලි හිරමනය අක්රිය උනා. තරුණ සංවිධානෙ අය වහාම තවත් විදුලි හිරමනයක් හොයා ගෙන ආව. විනාඩි පහක්වත් ගියෙ නෑ ඒකත් ලෙඩ උනා. ප්රසන්න මහත්තය අධෛර්ය උනේ නැහැ. මහ ? ගෝනපලට ගිහින් හිරමනයක් හොයා ගෙන ඇවිත් වැඬේ කළා.
කොල ටික හින් වෙන්න කොටල ඊට පස්සෙ කරන්න තියෙන්නෙත් අමාරු වැඩක් ඒ තමා ඒව අතේ විරියෙන් මිරිකන එත. ඒක කරන්නනම් පුංචි එවුන්ට බෑ. ඔවුන්ගෙ අම්මල වගේම තාත්තලත් වැඬේට හවුල් උනා.
මිරිකපුව අයෙමත් කොටනව. පස්සෙ පොල් මිරිකල ඉවර වෙලා ඒ පොල් සමග කොළ මිශ්ර කරල අයෙමත් කොටනව. කොළවල තියෙන සාරය ඔක්කොම වගේ කොහොම හරි මිරිකා ගන්න තමයි වෙහෙසෙන්නෙ.
මේ සියල්ලෙන් පස්සෙ එන්නෙ කැඳ පිළියෙල කිරිම. ගිනි රස්නෙ නොතකා එක මොහොතක් වත් අත් හරින්නෙ නැතුව හැඳි ගාමින් හරිම රසවත් ලෙස කොල කැඳ නිම වෙනව.
දහසකට අධික ජනතාවක් කොළ කැඳ පානය කරන්නෙ හරිම සතුටකින්. පුදුමාකාර රසයක්. ඒවගේම ගුණයත් ඒවගේමයි. අළුයම 4.00 ට උපාසිකාවො සිල් ගන්න පන්සල් යන්න එන කොට කැඳ සුදානමින් මඳ උණූසුමින් යුතු කොළ කැඳ බීල ඔවුන් දරුවන්ට පිං දෙනව.
සමහර මව් පියො පුංචි දරුවන්ට පවා කොහොම හරි කැඳ උගුරක් පොවා ගන්න උත්සාහ කරනව. ඔවුන් දන්නව මෙය ඒතරම්ම වටිනව කියල.
තවත් විශේෂත්වයක් තියෙනව. ඒතමා කැඳ සමග ලැබෙන විශේෂ හකුරු වර්ගය. ඉතාමත් පිරිසිඳුව සැලකිල්ලෙන් නිෂ්පාදනය කරන කිතුල් හකුරු කැබැල්ලක් ඔවුන්ට ලැබෙනව. කටට දා ගත්ත ගමන් හරියට ග්ලූකොස් වගේ දිය වෙලා යනව. මේ හකුරු අපට ලබා දෙන්නෙ මාතර වනසරණ තුරුලතා සංවිධානයේ සභාපති පියතිස්ස මහත්තයගෙ අනුග්රහයෙන්. ඇත්තෙන්ම එතුමාටත් එම සංවිධානයටත් එම හකුරු නිෂ්පාදනය කරන ප්රජාවටත් මේ ලබා දෙන අනුග්රහයට පිං දෙන්න ඕනෑ.
ඔබට මෙම පිරිසිදු හකුරු ලබා ගැනීමට වන සරණ තුරු ලතා සංවිධානයේ සභාපති පියතිස්ස මහතා 0716216642 දුරකථනය ඔස්සේ සම්බන්ද කරගන්න
Sunday, May 27, 2012
Monday, May 14, 2012
කිරිගල්පොත්තේ චුරු චුරු වෙන් ඇරඹී ලෝකාන්තයෙන් දෝරගලා ගිය වසන්ත කඳවුර
- 3 වන කොටස
8 දා අළුයම 5'00 ට අවදි උණා. දින 3 ක් පුරා අපේ කුසගින්දර නිවන්න අපමණ වෙහෙසක් දරමින් රසවත් ආහාර වේලක් අපට සපයා දෙන්නට දිරි දුන් අපේ සහෝදර කැල මුලින්ම මේ සටහන් පෙළට එක්කරගන්න කල්පනා කළේ ඔවුන්ගේ සේවයට පිදෙන උපහාරයක් පිනිසයි.
අවසන් දවස. සියළු බඩු බාහිරාදිය පොදි බැඳගෙන බස් එකට පැටෙව්ව. කට්ටියට හිටි ගමන් එළවළු උණ හැදුන. වැඩියෙන්ම මිථිලට. මෙන්න බොලේ කට්ටියම එළවළු කොටුවකට පැනල. කැරට්, බීට්, අර්තාපල් පුරව ගත්තෙ නැතෑ මළුවලට. කෙහොමෙන් කොහොමෙන් හරි ටිකක් වෙලාවත් ගියා. ආයෙමත් මහඑළියට ඇවිල්ල කට්ටිය මේ සූදානම බේකර්ස් ඇල්ලයි ලෝකාන්තයයි බලන්න යන්න.
තරමක් දුරට පාර කොන්කී්රට් කරල හදල. අපහසුවකින් තොරව බේකර්ස් ඇල්ල දක්වා යන්න පුළුවන්. මහඑළියට එන නොසංඩාලයොත් ඉන්න වග තේරුනේ ජනතාව දැනුවත් කරන්න සවිකරල තිබුන පුවරු කඩා බිඳ දමල තියනව දැක්කහමයි. මේවගෙ උන් මොනවට මේ මිහිපිට ඉපදුනාද මන්ද?
ඔන්න අපි බේකර්ස් ඇල්ල සමීපයට ආව.
නෙල්ලූ ශාකය පිළිබඳව හරිම වැදගත් තොරතුරු සමුහයක් ඇතුළත් පුවරුවකට අපේ කට්ටියගෙ හිත ගියා.
එතැන් සිට ඇල්ල දක්වා පහළට බහින්න තියෙන කොටස තරමක් දුෂ්කරයි. පාරත් වැස්සට හේදිලා ගිහින්.
ඇල්ලට බහින්න තියෙන මාර්ගය සොදා පාළුවෙන් රැකගන්න කොන්කී්රට් කණු සිටවල තිබුනත් ඒව දැන් ප්රමාණවත් නැහැ. ඉක්මන් විසඳුමක් දෙන්න වෙයි නැත්නම් ඇෙඟ් පතේ හයි හත්තිය තියෙන අයට විතරක් බේකර්ස් ඇල්ල සිමා වෙයි
අමාරුවෙන් උනත් මෙන්න කට්ටියම දැන් බේකර්ස් ඇල්ල ඉස්සරහටම ඇවිත්.
බේකර්ස් ඇල්ල ඉහළ කොටස
බේකර්ස් ඇල්ල නරඹන්න හදල තියෙන කොන්කී්රට් අට්ටාලය ලගින් ආපහු හැරෙන අය මහ අවාසනා වන්තයො කියල අපට හිතෙනව. ඒ ඇයිද කියල දන්නවද? මේ ඇල්ලෙ නියම සුන්දරත්වය විඳින්න නම් බොහොම දුෂ්කරතා විඳ ගෙන පහලට බහින්නම ඕනෑ. ඉහලට පෙනෙන්නෙ මේ කොටස පමණයි. පහලට බැස්සහම පෙනෙන ඇල්ලෙ මුළු දර්ශනයයි මේ කොටසයි ඔයගොල්ලොම සංසන්දනය කරල බලන්නකො.
පහළට අමාරුවෙන් හරි බැස්සොත් දැකිය හැකි ඇල්ලේ දර්ශනයක්
එතැනින් පහළටත් ඇල්ල ගලා හැලෙනව. අපේ කැමරා කාචයට පුළුවන් විදිහට ඇල්ල හසුකරගත් ආකාරය බලන්න.
මේ ඇල්ලෙ පහළම කොටස
පහළ සිට ඉහළට ඇල්ල පෙනෙන හැටි
කොහොමද වැඬේ. වනජිවී එකෙනුත් ජනතාවට කියන්නෙ උඩ විතරයි ඇල්ල කියලනෙ. ඒකනෙ පහලට බහින්න පහසුකම් සපයල නැත්තෙ.සමහර විට ඒ මහත්වරුත් කවදාවත්ම පහළට බැහැල නැතුව ඇති.
මේ ඇල්ල ලඟදි අපේ කට්ටිය සමුහ ඡුායාරූපයකට මුහුණ දුන් ආකාරයයි.
වැඬේ ඉන් එහාටයි. පාර නම් දුෂ්කරයි. සමහර තැන් ලිස්සනව. බොහොම පරෙස්සමින් අඩිය තියල යන්න ඕනෑ. හැබැයි යන කොට දකින මනබඳින දර්ශන අපේ වෙහෙසත් ගමනේ දුෂ්කර බවත් පරදනව. බලන්නකො මෙයාගෙ ලස්සන.
අපි දැන් මග ගෙවා ගෙන ලෝකාන්තය අසලටම ආව කියමුකො. මිදුමෙන් වැහිල. නියමම ලෝකාන්තය තමයි. ඇත්තෙන්ම මෙතැනට එන ඕනෑම මිනිස් ප්රාණියෙකුට මේ දර්ශනයත් සමග ඇතිවෙන නිශ්චලතාවයත් ලෝකයේ අන්තය මේයැයි යන හැඟුමත් අපටත් ජනිත උනා. ඒ අතරින් පහල මිදුම තුනි වෙලා විවිධ දර්ශන පෙනෙන්නට පටන් ගත්ත. නන්පෙරියල් තේවත්තත්, එහි විවිධ ගොඩනැගිලිත් පුංචි ගිනි පෙට්ටි වගේ මීදුම අතරින් පේන්න පටන් ගත්ත. ඒත් වැඩි දුරකට දසුන් බලන්න මේ අවස්ථාව නෙමෙයි කියලයි සොබාදහම අපට කිව්වෙ.
කෝ මෙතනින් එහාට ලෝකයක් ? ලෝකය මෙතැනින් අවසන් නොවේද? සැබෑම ලෝකාන්තයේ දසුනක්
මීදුම තුනී වී නන්පෙරියල් වතුයායේ සමහරු දසුන් තැනින් තැන පෙනෙන්නට පටන් ගත්තා. ලෝකාන්තය යනු මායාවක් නොවේද? ඒ ගුප්ත බව අපේ හදවත් වෙලා ගත්තා
වැඩිවෙලාවක් ගියෙ නැහැ. මෙන්න පටන් ගත්ත අහසින් පොලොවට වැහි බිඳු පතිත වෙන්න.ටිකෙන් ටික වැස්ස වැඩි කළා. හීිතලේ ගැහි ගැහි වැස්සෙ තෙමි තෙමි අපි ආපහු ගමන පටන් ගත්ත. මහපාර එකම දොළපාරක්. ඒකටත් එක්ක පාර. වැස්සට හෝදල ගිහින් මහා ආවාට. ඇත්තෙන්ම ලෝකාන්තයේ සිට එන මාර්ගය නම් ගන්න දෙයක් නැහැ. දේශිය සංචාරකයෙක් ගෙන් පවා ලොකු මුදලක් අය කරනව. ඒත් අඩුම වශයෙන් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන ලෝපතල මේවගෙ තැනකට යන පාර යම් මට්ටමකට (අනතුරු සහිත නොවන මට්ටමකට) වත් ප්රතිසංස්කරණය කරන්න බලධාරීන් සැළකිලිමත් වෙනව නම් හොඳයි කියලයි හිතෙන්නෙ. තෙත බේරෙන ඇඳුම් එක්ක ගමන දුෂ්කරයි. එහෙම කියල නවතින්න පුළුව නෑ. ආව ආව ඉවරයක් නෑ. අන්තිමට හවස 3 විතර වෙන කොට ගමන අවසන් කරන්න පුළුවන් උනා. බඩගින්න ඔක්කොටම වැඩියි. තෙත ඇඳුම් උනා දාල දවල්ට කෑම කෑවා.
බඩගින්න උහුල ගන්න බැරි තරම්
හීතලේ ගැහි ගැහී දවල් බත් වේලටත් වග කිව්ව කට්ටිය
හපුතලේ පාරෙන් ආපහු ආවෙ බස්රථය තුලදී නැවතත් මිහිතල එෆ් එම් සේවය හරහා ‘‘පුළුවන්නම් දිනා ගන්න’’ ප්රශ්න විචාරාත්මක තරඟය පවත්වමින්. ඒතරඟයට සහභාගිවුන අපේ පැංචන් සහ පැංචියන් මුදල් තෑගි දිනා ගත්තෙ තමන් මේ දින කිහිපය තුල ලබා ගත් දැණුම ආවර්ජනය කරමින්.
නැවතත් අපි සුන්දර දුම්බර වනපෙත තුල සිදු කළ අධ්යයන චාරිකාවකින් ඔබ හමුවන්නම් ඔබට ජය!
Subscribe to:
Posts (Atom)