Saturday, May 12, 2012


අවුරුද්ද & මාසය

2012 අපේ‍්‍රල්
දින ගණන
03
පුද්ගලයන්
37
නවාතැන
පටිටිපොල
ප්රවාහනය
බස්රථය


කාලගුණය

උදය වරුව හොඳින් හිරු එළිය පායා තිබූ පැහැබර කාලගුණය සවස් වන විට වෙනස් වී වැසි ඇද වැටුනි.
මාර්ගය

ඔලබොඩුව කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය හෝමාගම අවිස්සාවේල්, යටියන්තොට  හැටන් නුවරඑළිය හක්ගල  අඹේවෙල පට්ටිපොල මහඑළිය  ඔහිය  බොරලන්ද  හපුතලේ  බලංගොඩ  පැල්මඩුල්ල  රත්නපුර  හොරණ  ඔලබොඩුව කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
සොබාදහම විඳින්න එයට ආදරය කරන්න. මිහිතලයේ සැබෑම මිතුරකු වන්න
කතෘ :
 කේ.මුණගම සභාපති මිහිතල මිතුරෝ


කිරිගල්පොත්තේ චුරු චුරු වෙන් ඇරඹි ලෝකාන්තයෙන් දෝර ගලා ගිය වසන්ත කඳවුර - 1 කොටස
මෙදා පාර මිහිතල මිතුරෝ තමන්ගෙ වසන්ත කඳවුර සඳහා තෝරා ගත්තෙ මහඑළිය තැන්න. කවුරුත් වගේ දන්න විදිහට කියනව නම් හෝර්ටන්තැන්න. අපි මහ නිදහස් ජාතියක්ලු. දේශමාමක කම ඉහින් කනින් බේරෙන්නෙ. ඒත් තවමත් අපේ ජාතික මහා උරුමයන් හඳුන්වන්නෙ අපේ රටට වින කරපු පරගැති සුද්දන්ගෙ නමින්. කොහොමෙන් කොහොමෙන් හරි අපේ පැරැුන්නො මහඑළිය තැන්න හෙවත් ගෝනතැන්න කියල හඳුන්වපු අයස්කාන්ත පරිසර පද්ධතිය හොයාගෙන අපේ ළමා සමාජ දරුවනුත් කැටුව ගිය වසන්ත කඳවුර ගැන ලියන ලියැවිල්ල වෙනදට වැඩිය වෙනස් මුහුණුවරක් අරගෙන. මෙවර අපි හිතුව වාර්තා ශෛලියෙන් මිදෙන්න. අපි විඳගත්තු සොබාදම් අසිරියෙන් බිඳක් වත් මෙය කියවන සිමිත පාඨක පිරිසට හරි ලබා දෙන්න. ඔන්න දැන් කතා බහ අරඹන්නයි මේ සුදානම.

ඇත්තටම අපේ කඳවුරට කට්ටිය සූදානම් කරගන්න එකටත් තිබ්බෙ මාර අමාරුවක්. හරියට ලාහට ගෙම්බො එකතු කරනව වගේ. සමහරු ඇඞ්වාන්ස් එක දිල ආපහු ගත්ත.
කොහොමෙන් හරි අපේ පැරැුන්නො මහඑළිය තැන්න හෙවත් ගෝනතැන්න කියල හඳුන්වපු අයස්කාන්ත පරිසර පද්ධතිය හොයාගෙන අපේ ළමා සමාජ දරුවනුත් කැටුව ගිය වසන්ත කඳවුර ගැන ලියන ලියැවිල්ල වෙනදට වැඩිය වෙනස් මුහුණුවරක් අරගෙන. මෙවර අපි හිතුව වාර්තා ශෛලියෙන් මිදෙන්න. අපි විඳගත්තු සොබාදම් අසිරියෙන් බිඳක් වත් මෙය කියවන සිමිත පාඨක පිරිසට හරි ලබා දෙන්න. ඔන්න දැන් කතා බහ අරඹන්නයි මේ සුදානම.

ඇත්තටම අපේ කඳවුරට කට්ටිය සූදානම් කරගන්න එකටත් තිබ්බෙ මාර අමාරුවක්. හරියට ලාහට ගෙම්බො එකතු කරනව වගේ. සමහරු ඇඞ්වාන්ස් එක දිල ආපහු ගත්ත. මේ එනව, ෂුවර් පිට ෂුවර් කියපු අය අන්තිමේ කට් කළා. කොහොමින් කොහාමින් හරි අපේ ළමා සමාජවල කට්ටිය නම් ඉස්සරහට තියපු පය ආපස්සට තිබ්බෙම නෑ. අය කඳවුරට එක හිතින් එකතු වුනා. මේ පාර ඔන්න බිංගිරිය අධ්යාපන කොට්ඨාශයේ ගැටුලාව විදුහලේ පරිසර නියමු භටයො 6 ක් එක්ක එම විදුහලේ විදුහල්පති ලක්සිරි මහත්තයයි, රජරට සරසවියෙ කථිකාචාර්ය මහත්තයෙක් වෙච්ච යටියන්තොට පැත්තෙ තුෂිත ජයවර්ධන මහත්තයයි බුලත්සිංහල පැත්තෙ රොසයිරු මහත්තයයි අමුත්තො විදිහට සම්බන්ධ වුනා. ඔක්කොම අපේ කට්ටිය 37 ක්. බැලුවහම පොඩි පහේ පිරිසකුත් නෙමෙයි. 
බක්මහේ අවුරුද් අසිරිය විඳගන්න කට්ටිය සුදානම් වෙන වෙලාවෙ මේවගෙ කඳවුරක් සූදානම් කරපු එක ගැන සමහරුන්ට නෝක්කාඩුවකුත් තිබ්බ අපිත් එක්ක. උනත් වසන්තයේ සිරි විඳින්න පුළුවන් වසන්ත සමයටම විතරනෙ. හින්ද අපි අපේ තිරණය වෙනස් කළේ නැහැ.
            බක්මස 6 වන දා අළුයම 2.00 විතර අපි කට්ටිය අපේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්යස්ථානයෙන් පිටත් උනා. සීතාවක. යටියන්තොට හරහා හැටන් නගරය පහුකරගෙන අපි බිම් එළිය වැටෙන කොට වටවල රදේශයට ඇවිල්ල.

 
අපි ගිය බස්රථයේ පුංචි කාර්මික දෝෂයක් හින්ද රියැදුරු හැටියට ගියපු විමලසේන අයිය (අපේ පැරණිතම සාමාජිකයෙක්) තම දෑතේ වීරියත් සුක්කානමට යොදල අපිව ඉදිරියට රැුගෙන ගියා. ඔන්න දැන් වෙලාව උදේ 7.00 විතර ඇති අපි ඔක්කොම ඩෙවෝන් දිය ඇල්ල ඉස්සරහ. (ඔක්කොම ඉංගරීසි නම් දිවත් උළුක් වෙනව කියන්න ගියහම)
 
කේඩෑරිවි ගලා හැලෙන ඩෙවෝන් දිය ඇල්ල

අපි වෙනදට දැක්කෙ ඇයව මේ විදිහට


 
 
පහත පෙනෙන්නෙ  සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල    සමහරුන් කිව්වෙ මේකට පුංචි නයගරා ඇල්ල කියල.




සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල පෙර දා තේජාන්විතව ගලා හැලෙන අයුරු

මේ ඇල්ල අද අපි දැක්ක විදිහ අපේ දක්ෂ කැමරා කරුවන්ට පිංසිද්ධ වෙන්න පෙන්නන්න විදිහක් නැහැ. දිය කඳුරක්වත් නැතිව බලහත්කාරයෙන් මරා දමන ලද සාන්ත ක්ලෙයාර්    ( අවාසනාව ඒකත් ඉංගීරසි නමක්) දිය ඇල්ල අපේ නෙතඟට කඳුළු එක්කලා. ඒත් අපේ කඳුළු          කැටවලට ඇගේ පිරිපුන් තාරුණ් ලබා දෙන්න බැහැ. ඇය අප දෙස ශෝකාකූලව දෙනෙත් අයා බලා හිටිය. ‘‘මිනිසුනි උඹලාගේ බලශක්තිය වෙනුවෙන් මම අකාලයේ මිය යන්නම්’’ ඇය කොඳුරා කියනු අපට හොඳටම ඇහුන.
දැන්නම් කට්ටියට බඩගිනිත් වැඩියි. අපි සුන්දර නුවර එළිය නගරයට පිවිසුනා. වසන්ත සැණකෙළියට ලහි ලහියේ සූුදානම් වෙන නුවර එළිය නගරයට හොඳට හිරු එළිය පායලා.
සමාවෙන්න අපේ දක්ෂ කැමරා කරුවො කොයිතරම් දක්ෂ කිව්වොත් සුන්දර නුවර එළිය නගරයෙ එකම දර්ශනයක්වත් තම කැමරා කාචයට නොගන්න වග බලාගෙන.



අපි නුවරඑළියෙ හාවා එළියෙ සඳරුවන් (අපේ සංවිධානෙ උප ලේකම්) ගෙ නැන්දනියගෙ ගෙදරට ගිහිල්ල උදේ ආහාරය අරගත්ත    ඈතින්  වළාකුළු අතරින් පෙනෙන්නේ හක්ගල කඳුවැටියයි
අපේ සුදානම සුන්දර නුවරඑළිය නගරය නරඹමින් හක්ගල බලා යාමටයි.
හක්ගල කියල නම වැටිල තියෙන්නෙ හක්බෙල්ලෙකුගෙ හැඩය ගත්ත ගලක් නිසා කියලයි කියන්නෙ. ඒක හැබෑව කියල සමීපයට ගියහම දැකගන්න ලැබුන. ඔන්න දැන් අපේ කට්ටියම හක්ගල උද්යානයට ඇතුළු වෙන්නයි සුදානම.
 
කට්ටියට පිස්සු වගේ. ඇයි ? බැලූ බැලූ අත සෞන්දර්යයෙන් පිරි නේක මල් ගොමු. සුන්දරත්වය දරා ගන්න බැහැ.


 

මෙන්න පටන් ගත්තෙ නැතෑ හක්ගලට වරු වැස්ස. තාමත් මෙම උද්යානෙන් බැලූවෙ කොච්චර පොඞ්ඩද? ඒත් වැස්සෙ තෙමෙන්නත් බැහැනෙ. ඉක්මන් ගමනින් බස් රථයට ආවෙ අඹේවෙල දක්වා යන අදහසින්.
කෙටි මගකින් අපි අඹේවෙල නවසිලන්ත ගොවිපල කරා පැමිණුනා.


 
කට්ටියට දවල් කෑම ගන්න වෙන තැනක් හම්බුවෙන්නෙ නැති හින්ද දවල් කෑමත් අරගෙන අපේ සුදානම ගොවිපල නරඹන්න.
මෙන්න පටන් ගත්තෙ නැතෑ අකුණු ගහන්න. මොර සූුරන වැස්ස. පළාතම සුදුපාට මීදුමෙන් වැහිල ගියා. කිසි දෙයක් පේනෙ නැහැ. ශිතලේ ගැහි ගැහි වැස්සෙ තෙමෙන්න කවුද කැමති? අපි ගොවිපල නරඹන අදහස අත් හැරිය.
මුලදි කියන්න අමතක වුනානෙ. වෙනදට අපි කඳවුරු බැඳ ගන්නෙ මහඑළිය තැන්නෙමයි. ඒත් අවාසනාවට වාසනාවට දන්නෙ නෑ අපිට කලින් සියල්ලම වෙන් කරගෙන. ඉතිං නවතින්න තැනක් හොයාගන්න වෙන්නෙ පට්ටිපොල පැත්තෙන්. අපේ මිතුරු නාරාහේන්පිට දුම්රිය ස්ථානාධිපති වරයෙක් වෙච්ච අපේ ශාණක විතාන මහත්තයට පිං සිද්ධ වෙන්න පට්ටිපොළ දුම්රිය ස්ථානාධිපති බණ්ඩාරණායක මහත්තයව දුරකථනය හරහා සම්බන්ධ කරගෙන තිබුන. එතුමා අපට නිවාසයක් හොයල දුන්න. ඇත්තටම ලොකුම උදව්වක් එතුමා කළා. මේ සංචාරක වාරෙ (සීසන් එකනෙ). ඉතිං හැමදේම ගණන්. ඒවගෙ කාලෙක අඩු ගානට ඔක්කොටම ඉන්න හොඳ ගෙයක් එතුමා හොයා දුන්න. විතරක් නෙමෙයි අපේ දුක සැපත් බැලූව. ගොඩක් කාලෙක ඉඳල දන්න හඳුනන හිතවතෙක් වගේ.
කියන්න අමතක වුනානෙ
පට්ටිපොල කියන්නෙ ලංකාවෙ ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථානය.



අර සුදුපාට ඇඳුමක් ඇදගෙන ඉන්නෙ බංඩාරණායක මහත්තය තමයි.



පෙරදා රාතීරය කවුරුත් නිදි වර්ජිතව ගත කරපු හින්ද ඉක්මනට කාලා නින්දට යන්න  ඕනැ කම තිබුනත් අපි රාතී 7.00 අපේ වැඩසටහන පටන් ගත්ත. ‘‘ සොඳුරු මියැසිය සමග ගෙවෙන වින්දනීය හෝරාව’’   අපි ඇරඹුව. ‘‘ ඉරත් පායලා තුන්වැනි ඉරත් පායලා.....’’ ලහිරුගෙ ගිටාරයෙන් සත්සර හැඩවෙද්දී අපි හැමෝම ගායනා කළා.

 
අතර මගදී බංඩාරනායක මහත්තයත් අපිත් එක්ක එකතු උනා. පටිටිපොල ඉතිහාසය වගේම මහඑළිය ඉතිහාසය ගැනත් එතුමා දත් බොහෝ දේ අපේ අයට කියා දෙන්න එතුමා නොමසුරු උනා. සංගීතයත් දැනුමත් සුහදතාවයත් සමග කැටි උන හෝරාව අවසන් කරල රාතී ආහාරයත් අරගෙ කට්ටිය හිරිගඩු පිපෙන ශිතලේ නින්දට ගියෙ පාන්දර 4.00 අහැරෙන බලාපොරොත්තුවෙන්.


No comments:

Post a Comment