-2 වන කොටස
කිරිගල්පොත්ත කන්දයි අපි නගින්නේ....
අපි නැවතුනේ විශේෂ පඳුරු සමූහයක් අසල. මේ තමයි ‘‘දාරු හරිද්රා’’
වෙනිවැල්ගැට ලෙස අපි භාවිතා කරන ඖෂධයේ නියමම පැලෑටිය. වෙනිවැල්ගැට කියන්නෙ මේ පැලෑටියෙ ආදේශකයක්. අපට ඉගෙන ගත යුතු නිසා අපි පුංචි අතුකැබැල්ලක් කඩා බැලූව (මතක තබාගන්න මෙවැනි වනබිමක අත්තක් හෝ කැඩිම සපුරා තහනම්). එය කහම කහ පාටයි. වෙනිවැල්ගැටයේ පාටමයි. තද තිත්ත රසයි
දාරු හරිද්රා පැලෑටිය
ඒ අසලම මහරත්මල් පොකුරක් රතට රතේ පිපිල දිලිසෙනව.
උදෑසන නිසා තැන්නට ගෝණුන් පැමිනෙමින් තිබුන.
මිහිතල එෆ්.එම්.
‘‘ ආයුබෝවන් දැන් වේලාව උදෑසන 9 පසුවී විනාඩි 38 යි. මේ මිහිතල එෆ්. එම්. සේවයයි’’ සුපුරුදු පරිදි රංජන් වැඩ පටන් ගත්ත. ‘‘ ඔව්, මිහිතල මිතුරන් මෙහෙයවන වසන්ත කඳවුර වැඩසටහන යටතේ දැන් අපේ කණ්ඩායම
කිරිගල්පොත්ත තරණය කිරිමේ චාරිකාව ඇරඹෙනව. ඔව් මුණගම මහත්මා ඔබට මාව ඇහෙනවද? කොහොමද ඔය පැත්තෙ තොරතුරු? නඬේ ඉදිරියෙන්ම ගමන් කළේ මම. ‘‘ ඔව් රංජන් මහත්මා අපට ඔබව හොඳින් ඇහෙනව. දැන් කාටත් පේනව ඇති ලස්සනට කිරිපාටට සුදට සුදේ ගලාගෙන යන දිය දහරාවක්. ඒ තමයි අර පේන තොටුපොල කන්දෙන් ඇරඹිලා ගලාගෙන යන බෙලිහුල්ඔය. ඒ ඔය තමයි වලවේ ගඟේ ආරම්භය.
j,fõ
.Õ ks¾udkh lrk fn,syq,a Th
අපේ කට්ටිය කිරිගල්පොත්ත කරා පිය නගමින්....
රංජන් මහත්මයා ඔබට අපව ඇහෙනවද
මේ දැන් අපි දකින්නෙ තවත් ඖෂධීය ශාකයක් . මේ තමයි මහසුදනා
මහසුදනා
ඒ විතරක් නෙමෙයි මේ කහපාටට මල්පිපිලා තියෙන පඳරු තමයි යුලෙක්ස් යුරෝපියා කියන්නෙ. බලන්න මේක කටු පඳුරක් හැබැයි මල් ලස්සනයි. ඒත් මෙක ආක්රමණික ශාකයක්. 1999 අවුරුද්දෙ මිහිතල මිතුරන් මේ ශාකය ගලවා දැමිමේ ජාතික මහා ශ්රමදානයක් මෙහි පැවැත්වුවා.
මිහිතල මිතුරන් මෙහෙය වූ 1999 පෙබරවාරි 12
-14 ජාතික ශ්රමදානය
ඔයගොල්ලන්ට පේනවද මේ පස්. කළුම කළු පාටයි. මේ බලන්න දිරායන කොළ රොඩු වලින් හැදිච්ච මේ හියුමස් පස් තට්ටුව හරියට ස්පොන්ජියක් වගේ.විශාල ජල ප්රමාණයක් උරා ගන්නව. ඒ විතරක් නෙමෙයි. මේ වනාන්තර වලට කියන්නෙ වළාකුළු වනාන්තර කියල. කියන කොටම අර බලන්න අර වනාන්තරය හරහා වළාකුලක් ගමන් කරන හැටි.
නිතරම වලාකුළුවලින් වැසි පවතින නිසා වළාකුළු වනාන්තර (Cloudy
Forest) ලෙස හඳුන්වනු ලබනවා.
වළාකුළු වනාන්තර
මේ නිසා වර්ෂාව නැතුවත් මහඑළිය තැන්නට ජලය ලැබෙනව ඔව් මුණගම මහත්මා අපට ඒක හරියටම පැහැදිලි නැහැ. තව ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද මිහිතල එෆ් එම් සේවයේ නිවේදක රංජන් කටහඩ අවදි කරයි. ඔව් රංජන් මහත්මා අර බලන්න අර ගස්වල පහතට සුදු පාටට එල්ලෙන්නෙ මොනවද කියල මම විමසිමි.
ඒව හරියට නාකි මිනිහෙක්ගෙ යටි රැුවුල වගේ තමයි මට පේන්නෙ රංජන් පවසයි.
ඇත්ත තමයි ඒවට කියන්නෙ මහළු මිනිසාගේ රැවුල / Old man’s Beard කියල තමයි. ඒව ලයිකන විශේෂයක්
ඉතිං ඒවයෙ ඇති වැදගත්කම මොකක්ද සඳරුවන් විමසයි.
මේ ලයිකන හැදිල තියෙන්නෙ නීලහරිත ඇල්ගි සහ දිලිර කියන ජීවින්ගෙ සහජීවන සංගමයක් හැටියට. මේවට පුළුවන් කෙලින්ම වලාකුළු වල තියෙන ජල වාශ්ප උරාගෙන
මහපොලොවට ජල බිංදු හැටියට දෙන්න. අර බලන්න අර ලයිකනවලින් ජල බිංදු දැනුත් බිමට වැටෙන හැටි.
අර බලන්න අර ගස්වල හැටි. ඒව දහ අතේ ඇඹරිලා ගිහිල්ල. ඒ ඇයි කවුදෝ පුංචි සාමාජිකයෙක් අපෙන් විමසයි.
මේ පතන් බිම් හරහා වේගයෙන් සුළං හමායනව. සමහර කාලෙට ඒව චණ්ඩ කුණාටු වගේ. ඉතිං ඒ සුළං වලට ඔරොත්තු දෙන්න ශාක දක්වන අනුවර්තනයක් තමයි මේ. බලන්න සිහිං පත්ර කුඩ ඉහිවළු වගේ තමයි අතු අග පත්රගොමු පිහිටල තියෙන්නෙ. සොබාදහම හරිම විචිත්රවත්.
කිලෝ මීටර් 14 ක් අද දවසට ඇවිදින්න තියෙනව. හුඟක් අයට මීටර් 100 ක් යන්නත් වාහන ඕනෑ. කට්ටියට මහන්සි පාටයි. පොඞ්ඩක් නැවතිලා මොනව හරි හපල වෙහෙස නිවා ගමු. දොලපාරක් අද්දර පුංචි ගල්තලාවක කට්ටිය ගිමන් හැරිය
දැන් වෙලාව දවල් 12 30 ට විතර ඇති අපි මේ පහුකරන්නෙ මහවැලි ගඟ. ඔව් අපි එක පාරින්ම මහවැලි ගෙඟන් මෙගොඩට පැන්න. මේ තමයි මහවැලි ඇරඹුම අග්රාඔය’‘
දැන් කෙමෙන් කෙමෙන් අපි කිරිගල්පොත්ත කඳුමුදනට ලඟා වෙමින් සිටිමු. හරිම අපූරු දසුන් ඈතින් පෙනේ.
පැත්තක අවුරැුලි පායා ඇත. තවත් පසෙක මීදුම ගලා එයි. තවත්
පැත්තෙක ඝණ අඳුරකි. වැස්සක පෙර නිමිති පහළ වි ඇත.
දැන් කඳුමුදුන පෙනෙයි. ඒෙහෙත් යායුතු මග දුෂ්කරය. අනතුරු දායකය. යාමට ඇත්තේ අඩියකටත් වඩා පුළුල් නොවූ පටු බිමි තිරුවකය. අනෙක් පස මහා ප්රපාතයකි. සීරුවෙන් පියවර තබමින් එකා පසු පස එකා පැමිණිය යුතුය.
ගල මතු පිට ලිස්සනවා පය පැකිලේවී
සතුට දෝර ගලයි. අද දවසේ ඉලක්කය වෙත පැමිණ ඇත. ‘‘ෂා නියමයි. අපි දැන් මේ ඉන්නෙ ලංකාවේ උසින් දෙවන කන්ද මුදුනෙ. ’’සියල්ල පැහැදිලිය. ඈතින් ඈතට අපට බොහෝ දේ දිස්වේ දසුන් අයස්කාන්තය.
කාලය සෙමින් ගලා යයි. දැන් පරිසරය වෙනස් වෙමින් ඇත. හාත්පස වසා ගනිමින් අපට පහලින් වළාකුලක් ඇදි යයි.
බලන්න දැන් අපි ඉන්නෙ අහසෙ. අන්න බලන්න අපට පහලින් වළාකුළු ගමන් කරන හැටි’’
අපි දැන් ඉන්නෙ අහසෙ
ගතවූයේ තවත් මොහොතකි. අපවද පසුකරමින් වළාකුළු ඇදියයි. මේ විස්මයානුකූල දසුනින් අපි වික්ෂිප්තව බලා හිඳිමු. සොබාදහමේ අපුර්ව නිමැවුම් දකින්නට අපි පිංකර ඇත්තෙමු.
අපේ කට්ටිය කිරිගල්පොත්ත කඳු මුදුනේ දී
අග්රාඔය අසලින් දිවා ආහාරය ගෙන අවසන් වූවා පමණකි. මෙන්න වැහි කෝඩයක් ඇදහැලෙන්න ගත්ත. වෙලාවට මහ වැස්සක් නෙමෙයි. කිරිගල්පොත්තේ චුරු චුරුවයි මේ ඇරඹුනේ. ඒත් අපි ගමනාන්තය දෙසට එන කොට හොඳට පායලා. තෙත ඇඳුම් වේලිලා. වෙලාව සවස 5.00 ට විතර ඇති. සිත්සේ පතන් බිමේ තණ බුදින ගෝණු රංචුවල අසිරිය විඳ ගත්ත. සෙමින් සෙමින් මහඑළියෙන් පහලට සේන්දු වෙමින් අද දවසේ පට්ටිපොල අපේ නවාතැනට අපි සේන්දු උනා.
මහන්සියක ගානක්වත් නැහැ. මෙතරම් සුන්දර අත්දැකීම් ලබා ගත් පසු කුමන නම් වෙහෙසක්ද ? මෙන්න හිතේ සතුටටත් එක්ක rd;S%fh we.ehsï ieis jdrh wjikකණ්ඩායම පටන් ගත්තෙ නැතෑ පැදුරු සාජ්ජෙ ගජරාමෙට
ටික වෙලාවකින් ඔන්න නටන්නත් පටන් ගත්තෙ නැතෑ.
සාර්ථක දවසක අවසන සියළු දෙනා නින්දට ගියෙ පසුදා අළුයම 5.00 ට අවදිවෙන බලාපොරොත්තුවෙන්
Harima Lassanai
ReplyDeleteගොඩක් වැදගත් වුන post එකක්.. මහඑලිතැන්න පිලිබද තොරතුරු හොයන අතරේදී අහම්බෙන් හම්බුන ලිපියක්.. ස්තුති ❤️
ReplyDelete