පරිසර හිමිකම් නොමැති ලෝකයක මොන මානව හිමිකම් ද ?
ඇත්තට බිය නොවී ඇත්ත ඇති සැටියෙන්ම දකින්නට විවෘත නිදහස් සංවාදයකට ආරාධනා !
1 කොටස
පෙරවදන
අප සංවිධානය සතු ලැප්ටොප් පරිඝණකය කි‍්‍රයාවිරහිතවීම හේතුවෙන් බ්ලොග් සටහන් ප‍්‍රකාශයටපත් කිරීමට නොහැකිවිය. ඒ පිළිබඳව අපගේ කණගාටුව ප‍්‍රකාශ කරන අතර නව ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීම සඳහා මූළ්‍යමය දායකත්වය ලබා දුන් සැමට අප සංවිධානයේ ගෞරවණීය ස්තුතිය පිරිනමමු !
අපි මෙම කතිකාවට ප‍්‍රවේශයක් ලබා ගන්නට අපේ මහා ගාන්ධර්්වයාගේ මෙම ගීතය හොඳින් රස විඳිමු!
ඩිංගි රාළ උඹලා වන දෙවියෝය
සිටිනා තැනට බව බෝ සම්පත් බෝය
අපේ පුරට අකලට අන වින බෝය
හඹා ඇදෙන නොමිනිස්කම් හින්දාය.....
කියනා බණ බෝය අසනා බණ බෝය
රකිනා කෙනෙක් ගම් හතකත් නැතිසේය
ඩිංගිරාළ ගේ කැලයට වනනේය
ඒත් උඹට මේ අවනඩු නැතුවාය.....'
ඩිංගිරාළ උඹ තවමත් දඩු මැස්සේ
වනන්තරේ වන සිවුපාවුන් ඔස්සේ
අකල් විනාශෙට වහිනා මහ වැස්සේ
අපෙ රාළලා හබයක හැම පෑ තිස්සේ....
පහත ලින්ක් එක භාවිතා කර මෙම ගීතය රස විඳින්න https://www.youtube.com/watch?v=-WVXyDPVEz4
"සියල්ල සොබාදහමේ නිමැවුම්ය. සියල්ල නිමවන්නේ සොබාදහමය. සොබාදහමෙන් පරිබාහිරව කිසිවක් පැවතිය නොහැකිය. "
මෙය සත්‍යක් ද? අතිශයින්ම ප‍්‍රශ්නකාරීය .......???'
බැලූ බැල්මට මෙය සත්‍යක් සේ පෙනෙන්ට තිබේ. එහෙත් හරාත්මකව සළකා බැලූ කළ පෙනෙන්නට තිබෙන්නේ එය එසේ නොවන බවය. සොබාදහමෙන් පරිබාහිරව නිමවා ඇති බොහෝ දේ මිහිමත ඇත. ඒ අන් කිසිවක් නොව මිනිසා විසින් නිපදවන ලද දේවල්ය.
එවිට අයෙකුට මෙසේ තර්ක කරන්නට හැකියාව ඇත.
"මිනිසා නිමවන ලද්දේ සොබාදහම විසින් නම් ඔහු නිපදවන සියල්ල ද සොබාදහමේම නිමැවුම්ය"
මේ ඔබ දකින්නේ කන්දකි.
පහතින් පෙනෙන්නේ ද කන්දකි'
මේ කඳු දෙකම සොබාදහමේ නිමැවුම් ද?
සොබාදහම තුළ මානවයාගේ භූමිකාව ඇරඹෙන්නේ යම් දවසක ද එතැන්් සිට සොබාදහමට සෘජු ලෙස අයත් නොවන්නා වූ මානව නිෂ්පාදන ද ඇරඹුනි. එනමුදු එම නිෂ්පාදන සොබාදහම විසින් ප‍්‍රතික්ෂේප නොකරන ලද අතර ඉන් බොහොමයක් සොබාදහම විසින් සාදරයෙන් පිළිගනු ලැබීය. අදින් වසර 2300 කට පමණ පෙර බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරනු ලැබුවායැයි සැළකෙන සොරබොර වැව අදටත් මහා පාරිසරික සේවාවක් ඉටු කරමින් ජනතාවගේ කුස ගිනි නිවයි. එය මානව නිමැවුමක් වූවත් සොබාදහම එය සතුටින් භාරගෙන ඇත. එසේ වූයේ කෙසේ ද? සහ එම සොබාදහම් හිතවාදී මානව ශිෂ්ඨාචාරයේ නිෂ්පාදන කි‍්‍රයාවළිය සොබාදමට පස මිතුරු නිෂ්පාදන කි‍්‍රයාවළියක් බවට පත් වූයේ කෙසේ ද?
බටහිර වියුක්ත විද්‍යාවන්ගේ සංවර්ධනය හා කාර්මික විප්ලවය
බටහිර විද්‍යාවන් හි ( මෙහි විද්‍යාව යන වචනය භාවිතා වූවත් "විද්‍යා දදාති විනයං " වශයෙන් සිංහළ භාෂාවේ විද්‍යාව යන්නෙන් අර්ථවත් කළ විද්‍යාව නොවන බව අප තේරුම් ගත යුතුය.) සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස යුරෝපය හා ඇමරිකාව තුළ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු විය'.
කාර්මික විප්ලවය යනු 1760 සිට සමහරවිට 1820 සිට 1840 දක්වා කාලය තුළ යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නව නිෂ්පාදන ක්‍රියාවලීන් වෙත මාරුවීමයි. මෙම සංක්‍රාන්තියට හස්ත නිෂ්පාදන ක්‍රමවල සිට යන්ත්‍ර, නව රසායනික නිෂ්පාදන හා යකඩ නිෂ්පාදන ක්‍රියාවලීන්, වාෂ්ප බලය සහ ජල බලය වැඩි කිරීම, යන්ත්‍ර උපකරණ සංවර්ධනය කිරීම සහ යාන්ත්‍රික කර්මාන්තශාලා පද්ධතියේ නැගීම. කාර්මික විප්ලවය ජනගහන වර්ධන වේගය පෙර නොවූ විරූ ලෙස ඉහළ නැංවීමට ද හේතු විය.
කාර්මික විප්ලවයේ සේවා නියුක්තිය, නිෂ්පාදනයේ වටිනාකම සහ ආයෝජනය කළ ප්‍රාග්ධනය යන අංශවල ප්‍රමුඛතම කර්මාන්තය රෙදිපිළි විය. නවීන නිෂ්පාදන ක්‍රම භාවිතා කළ ප්‍රථම කර්මාන්තය රෙදිපිළි කර්මාන්තය ද විය.
මෙම මහා පෙරළිය 19 වන සිය වසේ ජීවත්වූ කාර්ල් මාක්ස් නම් මහා දාර්ශනිකයා තම නිසර්ග බුද්ධියෙන් විග‍්‍රහ කළේ මෙසේය. ඔහු එදා පැවසු දේවල් අදට කෙතෙරම් සත්‍යදැයි .නිදහස් මධ්‍යස්ථ මනසකින් හිතා බලන්න.
'' හස්තෝපක‍්‍රම කර්මාන්තයට පවා එම ඉල්ලුම සපුරාලිමට තවදුරටත් නොහැකි විය. එවිට වාෂ්ප සහ යන්ත‍්‍ර සහ යන්ත්‍රෝපකරණ විසින් කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනයේ විප්ලවයක් ඇති විණි.හස්තෝපක‍්‍රම කර්මාන්තය වෙනුවට නවීන මහා පරිමාණ යෝධමය කර්මාන්තය ඇති විය.කාර්මික මැද පංතියට අයත් ස්ථානය දසලක්ෂාධිපති ධන හිමි කර්මාන්ත කරුවෝ, කර්මාන්ත හමුදා මෙහෙයවන නායකයෝ,සමකාලීන ධනපති පංතිය අයත් කැරැු ගත්හ. මහා පරිමාණ කර්මාන්තය සමස්ත ලෝක වෙළඳ පොලක් බිහි කළේය. මෙයට මග හෙළි කරන ලද්දේ ඇමරිකාව සොයා ගැනීම විසිනි. සමස්ත ලෝක වෙළඳ පොළ වෙළඳාමේත්,නෞකා ගමනයේත්,ගොඩබිම ගමනාගමනයේත් ඉමහත් සංවර්ධනයක් ඇති කළේය. ධනපති පංතිය ආධිපත්‍යය ලැබූ හැම තැනෙකම, සියලු රදළවාදී,පීතෘ මූලික පරමාදර්ශි (චාන් ගැමි ජිවිත* සබඳකම් විනාශ කළේය. ‘‘ ස්වභාවික ස්වාමිවරුන්ට’’ බැඳ තිබුණු අනේක විධ රදළවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ ධනපති පංතිය, මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස ‘‘ මුදල් ගෙවීම හැර’’ වෙනත් කිසිදු සබ=කමක් ඉතිරි නොකළේය. ආගමික භක්තිය ද ධිර-වීර උනන්දුවක,අවරසිකවාදී අනුරක්තතාවය ද ආරභයා වූ ස්වර්ගමය ආනන්දයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නැමැති අයිස් වතුරෙහි ගිල්වා දමන ලදී. එය පෞද්ගලික අගය හුවමාරු වටිනාකම බවට පෙරළන ලදී. එමෙන්ම සංඛ්‍යා විරහිත,උදුරා ගත නොහැකි, වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘද සාක්ෂියට කොහෙත්ම එකග නොවන එකම නිදහස වන වෙළඳාම් කිරිමේ නිදහස පිහිටුවාලීය. වචනයකින් කිවහොත් , ආගමික සහ දේශපාලනික මායාවන්ගෙන් වසා තිබුණු සුරාකෑම වෙනුවට එය විවෘත,ලජ්ජා විරහිත,සෘජු,කෘර සූරාකෑම ආදේශ කළේය. මෙතෙක් ගරුත්වයට භාජනය වූ, ගෞරව පූර්වක විස්මයකින් යුතුව සැළකූ හැම වෘත්තියකම තිබූ ප‍්‍රභා මංඩලය ධනපති පංතිය විසින් ඉවත් කැරිණී.එය වෛද්‍ය වරයා, නීකි වේදියා, පුජකයා,කවියා,විද්‍යා කටයුතුවල නිරතවන්නා ආදී හැම කෙනෙක්ම වැටුප් ලබන ශ‍්‍රමිකයන් බවට පත් කළේය. ධනපති පංතිය, පවුලේ සිත් ගන්නා සුළු - අනුරක්තතාවයේ ආකල්ප බිඳ දමා එය හුදු මුදල් පිළිබඳ ආකල්පයක් දක්වා පහත හෙළීය. "
කාටුන් ශිල්පියකු විසින් චිත‍්‍රනය කරන ලද ධනේශ්වර ක‍්‍රමයේ යතාර්ථය පහත දැක්වේ.
පහත ලින්ක් එක භාවිතා කර MAN කාටුනය නරඹන්න https://www.youtube.com/watch?v=WfGMYdalClU
සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සියල්ල වෙළඳපොළ ඉලක්ක කරගත් හුවමාරු වටිනාකම් සහිත වෙළඳ භාන්ඩයන් පමණකි. අප තේරුම්ගත යුතු සත්‍ය.ය එයයි. වනාන්තර සංරක්ෂණය, පරිසර පද්ධති සංරක්ෂණය හුදු වාග් මාලාවන් පමණකි. ජාත්‍යන්තර සම්මුති සහ ගිවිසුම් හරහා රැුකෙන පරිසරයක් තිබේ ද? එන්න එන්නම සොබාවික පරිසරය වේගයෙන් විනාශය කරා යනු මිස රැුකෙන සේයාවක් වත් තිබේ ද? දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා අත්සන් කළ කියෝතෝ සම්මුතියට හෝ ඉන්පසුව අත්සන් කළ පැරිස් එකගතාවයට සිදුව ඇත්තේ කුමක් ද?
වේගයෙන් දියවී යන ග්ලැසියර් හා අයිස් කඳු ගැන කථාන්තර අසමින් සිටින අපි ලෝකයේ උණුසුම්ම වර්ෂය ගෙවී ගිය වසර බවට පත්වන හැටි දකිමින් සිටිමු. ලෝකයේ අතිශයින්ම උණුසුම් වර්ෂය 2050 බව 2051 දී පවසන තුරුත් අපි පරිසර සංරක්ෂණය පිළිබඳව දේශන පවත්වමින් රචනා ලියමින් චිත‍්‍ර අඳිමින් සිටිමු ද ? එසේත් නොමැති නම් මේ සියල්ල පවතින ආණ්ඩුවේ් වැරදි නිසා සිදු වන බව පවසමින් ඊලග සැරයේ අනෙක් කණ්ඩායම බලයට ගෙන ඒමට වැඩ කරමු ද?'
මේ කිසිවක් ආණ්ඩුව කරන පාලකයින්ගේම වරද නිසා සිදු වන්නක් නොව පවතින ධනේශ්වර ක‍්‍රමයේම අනිවාර්ය ප‍්‍රතිඵලයන්ය. ඒබැව් තේරුම් නොගන්නාතාක් කල් පරිසර සංරක්ෂණය අරුත් සුන්ය. ප‍්‍රශ්නය අතිශයින්ම බැරැුරුම්ය.දැන් අපි කුමක් කරමු ද?
ඔබේ ප‍්‍රතිචාරය දක්වන්න
No comments:
Post a Comment