Tuesday, October 20, 2020

ප‍්‍රතික්ෂේපවීම් පරාජයන් හමුවේ නොසැලී දිවිය ජයගත් මිනිසෙකුගේ කථාව

 ප‍්‍රතික්ෂේපවීම් පරාජයන් හමුවේ නොසැලී දිවිය ජයගත් මිනිසෙකුගේ කථාව

The story of a man who won his life  the face of defeats and Rejections 

අපේ කථානායකයා උපන්නෙ ගම්පහ ඔරුතොටවත්ත ග‍්‍රාමයේ නිසල පරිසරයකය.   කුඩා කළ තරමක දගකාරයෙකු වූ නිසා පියා විසින් ඔහු නේවාසිකාගාරයක නවත්වා පාසල් යැවිය යුතුයැයි තීරණය කරනු ලැබූයෙන් ඔහුව මහනුවර  ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් කරනු ලැබීය. අ.පො.ස.(සා.පෙ) විභාගයට මුහුණ දීමෙන් පසු  සංස්කෘතික හුවමාරු වැඩසටහනක් යටතේ පැවති තරග විභාගයකින් තේරුනු ඔහුට ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට අවස්ථාව උදා විය. ඒ අනුව ඔහුට ජපානය, ඇමරිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඔ්ස්ටේ‍්‍රලියාව යන රටවල් 5 න් එකක් තෝරා ගැනීමට සිදු විය. 

     ඔබට මෙම අවස්ථාව උදා වුවා නම් ඔබ තෝරා ගන්නේ කුමන රටද?

අද අපි කථාකරන මෙම සුවිශේෂි මිනිසාගේ කථාව අපට අසන්නට ලැබෙන්නේ මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ 26 වන අභිමානවත් සංවත්සර සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත දේශනය තුළිනි.  

අළුයම හිරු රැුස් මිහිකත සිඹින උදෑසන සංවත්සර සමුළුවට  සහභාගිවීමේ අරමුණෙන් පාසල් දරුවන් ඇතුළු අනාගතයට හුස්ම පොදක් රැුකීමේ අරමුණෙන් පිරිස් කොඩිගහකන්ද ජෛවවිවිධත්ව මධ්‍යස්ථානය කරා ඇදි ආවේ ඉමහත් උද්යෝගයකිනි. 




 




2020 සැප්තැම්බර් මස 26 වන දා කොඩිගහකන්ද ප‍්‍රජා සංරක්ෂිත අභයභූමි පරිශ‍්‍රයේ පිහිටි මිහිතල මිතුරෝ ජෛවවිවිධත්ව මධ්‍යස්ථානයේ දී පැවති 26 වන සංවත්සර සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මැතිතුමා (මැද) ජාතික කොඩිය ද රොහාන් ද සොයිසා මැතිතුමා පරිසර කොඩිය ද කරුණාදාස මුණගම මහතා මිහිතල මිතුරෝ ධජයද ඔසවමින්..........

එදින සංවත්සර සමුළුව සඳහා පාසල් පරිසර නියමුවන්, මිහිතල මිතුරෝ සාමාජිකයින්, ලියෝ සමාජ සාමාජිකයින්  ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.  ප‍්‍රථමයෙන් 26 වන සංවත්සරය නිමිත්තෙන් පැල 26 ක් රෝපණය කිරීම සිදු කරන ලදී. එම වැඩසටහන ලියෝ සාමාජිකයින් විසින් මෙහෙයවන ලදී.   




Add caption
Add caption
 

     සමුළුව අරඹන්නට පෙර කිරිබත් සමග දේශිය රස කැවිලි වලින් පෝෂිත උදෑසන පාතරාසය භුක්ති විඳින්නට කවුරුත් අමතක කළේ නැහැ. 





චාරිත‍්‍රානුකූලව මංගල පහන්සිළු දැල්වීමෙන් අනතුරුව සංවත්සර සමුළුවේ වැඩකටයුතු ඇරඹුනි. 




 මෙදින සුමුළුවේ ප‍්‍රධාන දේශනය පවත්වන ලද්දේ ආචර්ය රොහාන් පල්ලෙවත්ත මැතිතුමන් විසිනි.  



එතුමන් විසින් පවත් වන්නට යෙදුන එම දේශනයේ සංක්ෂිප්ත සටහනක් මෙම බ්ලොග් සටහන කියවන ඔබගේ අවධානය පිනිස මෙසේ සටහන් කරමු.  එය නිකම්ම නිකම් තවත් එක් කථාවක් පමණක් නොවේ. එය ශී‍්‍ර ලාංකික පුත‍්‍රයෙකුගේ අභිමානවත් ගමනක පියසටහන්ය. එය  පරාජයන් හමුවේ තම අරමුණ අතනොහැර ගමන් කළ දිරිය මිනිසෙකුගේ කථාවකි. සාවධානව එය කියවන්න.

    ඔහු ගම්පහ ඔරුතොටවත්ත ග‍්‍රාමයේ උපත ලබා මහනුවර ශාන්ත අන්තෝනි වදුහලෙන් අධ්‍යාපනය ලැබීය. එතුමා තම ජීවිත කථාව දිගහරින්නට පෙර ගිටාරය කරේ එල්ලා ගෙන මිහිරි ගීතයක් ගායනා කළේය. ‘‘ බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹුරු ගණන...... ’’ ඔහු ලයාන්විතව ගායනා කළේ පැමිණ සිටි සියළු දෙනාට නව ප‍්‍රබෝධයක් ලබා දෙමිනි. 

 

 

   ‘‘ හුගක් අය විශේෂයෙන් මගේ කථාවක් ඹිට පෙර අහල නැති දරුවො හිතන්න ඇති දේශනයකට ආරාධනා ලබල ඇවිත් සින්දුවක් කිව්වෙ වැරදිලාවත් ද කියල. පුතාලටත් සමහර විට අවස්ථාව ලැබිල ඇති පාසලේ සමිතියෙ කථාවක් කරන්න අවස්ථාව. එහෙම අවස්ථාවක් ලැබුනහම ගීතයක් ගායනා කරල කථාව පටන් ගන්න අපි හිතනවද? අපි ඒකට බයයි. එහෙම කළොත් අනෙක් අය  කොහොම හිතයි ද? තමන්ට සමච්චල් කරයි ද ප‍්‍රතික්ෂේප වෙයිද වගේ දේවල් හින්ද අපි සාමාන්‍ය රටාවෙන් පිට පනින්න බයයි. වෙනස් දෙයක් කිරීමට ඇති බය තමයි අපව ඇද බැඳ තබන්නේ. "

 මෙම කථාව අභියෝගයන් හමුවේ දිරියෙන් ඉදිරියට යන්නට අදහස් කරන ඔ්නෑම අයෙකුට අතිශයින්ම වැදගත් යැයි හිතන නිසා එම කථාව මෙම බ්ලොග් සටහනේ වෙනම සටහනක් ලෙස ලියා තබන්නට අපි අදහස් කළා. එය ‘‘ දිරියෙන් ජයගත් අපේ කාලයේ සැබෑ මිනිසෙකුගේ කථාව ’’ නමින් ඔබට කියවන්නට ලැබේවි. 

සමුළුව අමතා රොහාන්ද සොයිසා මැතිතුමා, පරිසරවේදී සජීව චාමිකර මැතිතුමා සහ 306,A-2, දිස්ති‍්‍රක්  ලියෝ සමාජයේ උප සභාපති  නවෝද් කිරිවත්තුඩුව මැතිතුමා කථා කළා.


මිහිතල මිතුරෝ පරිසර සංවරධන පදනමේ වත්මන් ගරු ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොඩිගහකන්ද වනාන්තරය සිය ධනය යොදවා මිල දි ගෙන අනාගත පරපුරට දායාද කළ රොහාන් ද සොයිසා මැතිතුමා සමුළුව අමතමින්


ටේ පැනනගින ඔ්නෑම පරිසර ප‍්‍රශ්නයක් ඉදිරියේ අභිතව සිය හඩ අවදි කරන ඒ වෙනුවෙන් නොබියව සටන් කරන පරිසරවේදී සජීව චාමිකර මහත්මා සමුළුව අමතමින්

306  ලියෝ සමාජයේ දිස්ති‍්‍රක් උප සභාපති නවෝද් කිරිවත්තුඩුව මහත්මා සමුළුව අමතමින් 

සමුළුවේ පළමුවන අදියර දහවල් 01.30 ට පමණ නිමා වූ අතර සියළු දෙනාම දිවා ආහාරය භුක්ති වින්දා. 



 රාතී‍්‍ර භාගයේ සිංහළ සිනමාවේ රස මුසු තැන් සොයා යන සංගීතමය සුයාමය ඇරඹුනා.  සංගීතය මෙහෙයවනු ලැබුයේ පානදුර ශී‍්‍ර සුමංගල පිරිමි විද්‍යාලයේ සංගිත ආචාරිණී වත්සලා අබේසිංහ ගුරු මාතාව විසිනි. ළහිරු, තිලාන්, ජයාන්, ජනිඳු සහ පිවිතුරු වාදනයෙන් සහාය උනා. මේ සියල්ල ස්වේච්ඡුා දායකත්වයන් මිසක කිසිවක් මුදලට සිදුවන දේවල් නෙමෙයි.



















 

No comments:

Post a Comment