Thursday, October 1, 2020

විසි හය වසරක මෙහෙවරක අතීතාවර්ජනය - මිහිතල මිතුරෝ විසිහයවන සංවත්සර මහා සමුළුව

  විසි හය වසරක මෙහෙවරක අතීතාවර්ජනය          මිහිතල මිතුරෝ විසිහයවන සංවත්සර මහා සමුළුව

අපේ 25 වන සංවත්සර මහා සමුළුව 2019 සැප්තැම්බර් 20, 21 සහ 22 යන තෙදින පුරා උත්කර්ෂවත්ව සැමරූ වග සිහිපත් කරන්නේ ඉමහත් සොම්නසිනි. අපි 2020 වසර අර්ථවත් ලෙස සැළසුම් කළෙමු. එනමුත් නොසිතූ පරිදි COVID-19/කෙරෝනා වසංගතය මුළු ලෝකයම වසා දැමූ පරිසරයක් තුළ අපේ සැළසුම් පමණක් කෙළෙස දියත් කරන්නද? 

    2020 සැප්තැම්බරය පැමිණ ඇත. අපේ ගමන් මගට වසර 26 ක් සපිරෙයි. 1994 සැප්තැම්බර් 19 වන දා ( බිනර පුන්පොහෝ දා) 15 දෙනෙකුගේ තරුණ කණ්ඩායමකගෙන් ඇරඹි මෙම පරිසර චාරිකාව නොනැවතී ඉදිරියට ඇදී යයි. ආරම්භකයින්ගෙන් සමහර දෙනෙක් දැන් දිවියෙන් සමුගෙන ඇත. අපේ ප‍්‍රථම සභාපති වරයා, ප‍්‍රථම උපලේකම් වරයා මෙන්ම දිගු කලක් අපේ භාණ්ඩාගාරික ධුරය හෙබවූ විජේපාල අයියා අප හැර ගොසින්ය. ආරම්භක මොහොතේ සිට අපට මහා ශක්තියක් ලබා දුන් විතාන මහතා ද දැන් ජීවතුන් අතර නැත. අපේ ගමනට සැමදා ආශිර්වාද කළ අපේ සාමාජිකවක වූ (වත්මන් සභාපති හා මිහිතල මිතුරෝ නිර්මාතෘගේ) මෙය අකුරු කරවන මගේ දයාබර අම්මාද දැන් ජීවතුන් අතර නැත. ගම් දනව් පුරා යමින් පරිසර පණිවුඩය ජනගත කරන්නට වෙහෙසුන සෝමාවතී මාතාව ද අප හැර ගොසිනි. එවැනි තවත් බොහෝ දෙනෙක් අපෙන් සමු ගෙන ඇත. සුමනසේන මහත්මා, සෝමපාල මහත්මා වැනි ජේෂ්ඨ සාමාජිකයින් ද ඒ අතර වෙයි. ඒ සියළු දෙනා අප සැවොම හද පිරි භක්ත්‍යාදර ගෞරවයෙන් සිහිපත් කරමු. මෙහි නම් සඳහන් කරන්නට නොහැකි වූ අය ද ඒ අතර ඇත. ඒ සියළු දෙනා අපට කමත්වා.
2020 රටට ලෝකයට බොහෝ පාඩම් කියා දී ඇත. ඒහෙත් ඒ කිසිවකින් කිසිදු පාඩමක් ඉගෙනගත් බවක් නම් නොපෙනේ.  නැවත හිටියාටත් වඩා නරක විදිහට සොබාදහම හා පරිසරය නොසළකා හරින බවක් පෙනේ. ලෝක උරුම සිංහරාජය දෙබෑකරගෙන පාරවල් හැදෙන්නේත්, අනවිලුන්දාව රැුම්සාර් තෙත්බිම එක රැුයෙන් ඩෝෂර් වී ඉස්සන් කොටු හදන්නට වළි කන්නේත් ශී‍්‍ර ලංකාවේ වනාන්තර හෙක්ටයාර ලක්ෂ 6 කට වැඩි ප‍්‍රමාණයක් වනසංරක්ෂණයෙන් මුදවා නිදහස් කරන්නට කැස කන්නේත් කොරෝනා කියා දුන් පාඩම තඹ දොයිතුවක හෝ මායිම් නොකරන නිසාය. 

පරිසරවේදීන් සංවර්ධන දෙ‍්‍රා්හීන් ලෙස සළකන යුගයක් බිහිවී ඇති වග පෙනේ.. රටේ ලෝකයේ කොතැනක හෝ පරිසර ප‍්‍රශ්නයක් පැන නැගි විට ඊට නොබියව නැගි සිටිමින් තම හඩ අවදිකළ අපේ මිත‍්‍ර සජීව චාමිකරයන්ට මිලියන ගණන් වන්දි ඉල්ලා එන්තරවාසි එවා ඔහුගේ හඩ නිහඩ කරන්නට බලය ධනය හිමි ඇත්තෝ වළිකති.
සජීව චාමිකර මහත්මා අපේ 25 වන සංවත්සරයේ 2019 සැප්තැම්බර් 20 වන දා ......

මිහිතල මිතුරෝ හැමදාමත් සොබාදහම හා පරිසරය වෙනුවෙන් පෙනි සිටි අතර මේ මොහොතේත් අපගේ වගකිම් හා යුතුකම් මොහොතකටවත් අමතක කර නැත.  අපේ පරිසර අරගලයේ සටන් සගයා සජීව චාමිකර  සමග අපි එක්ව සිටිමු. ඔහු කිසිලෙසකින්වත් තනි නොකරන්නෙමු. මේ 26 වන සංත්වත්සරය අබියස සිට අපි ඒ බැව් ශපත කරමු.


 

26 වන සංවත්සරය නිමිත්තෙන් 2020 සැප්තැම්බර් 26 වන ශනිදා පෙ.ව. 09.00 ට මෙම ප‍්‍රදේශයට ආවේණික ශාක විශේෂ ඇතුළත් වන සේ පැල 26 ක් කොඩිගහකන්ද අභයභූමි පරිශ‍්‍රයෙහි රෝපණය කිරිමට සැළසුම්කර ඇත.  තවද එදින සහභාගිවන අප සාමාජික පවුලකට පළතුරු පැලයක් පිරිනැමිමට ද සැළසුම්කර ඇත.  එදින පෙ.ව. 10.30 ට 26 වන සංවත්සර සමුළුව ඇරඹෙන අතර ප‍්‍රධාන ආරාධිත දේශනය ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මැතිතුමා විසින් පවත්වනු ඇත.\


 එදිනම රාත‍්‍රී 07.00 ට සංගීතමය රස වින්දන වැඩසටහනකි. සංගීතය මෙහෙයවීම පානදුර සුමංගල මහා විද්‍යාලයේ සංගීතාචාරිණී වත්සලා අබේසිංහ මහත්මිය විසිනි.



 

 

No comments:

Post a Comment