Sunday, August 11, 2019

ඔබට මරණය වෙනුවට ජීවිතය අවශ්‍යනම් පමණක් මෙය කියවන්න. - Read this only if you want life instead of death.

ඔබට මරණය වෙනුවට ජීවිතය අවශ්‍යනම් පමණක් මෙය කියවන්න. - Read this only if you want life instead of death


‘‘මචං බලාපන්කො මං මේ සිරාවට කියන්නෙ, ගන්න පඩිය දවසෙන් දෙකෙන් වාෂ්ප වෙනවනෙ....’’ සිරිමල් තම මිතුරු පියල් ට පැවසීය. 

''ඔ්කත් අහන්න දෙයක් ද මචං මුළු රටම අනාගතේ උපදින්න එකත් එක්කම ණය වෙලා තියෙද්දි අපිට විතරක් අමුතු ස්වර්ගරාජ්‍යයක් පහළ වෙනවැයි " පියල් පොලිටිකල් ටෝක් එකක් දැමීය.

‘‘ අනේ මේ පලයං යන්න උඹ ඔ්න මගුලක් කිව්වොත් ඒකට උඹේ දේශපාලන න්‍යාය දානව. වැඩක් නෑ උඹත් එක්ක කථා කොරල ’’ සිරිමල්ට වල පැන ඇති සෙයකි. 
‘‘ ඔන්න ඉතිං උඹට පොඩ්ඩ වරදින්න බෑනෙ. හරි හරි කියහංකො උඹ කියන්න ආපු එක’’  සිරිමල් කූල් ඩවුන් වන සේ පියල් පැවසීය. 

 ‘‘ නෑ මචං මෙදා පාර කරකියා ගන්න දෙයක් නැතුව ප‍්‍රියන්තිගේ මගුල් මාලෙ උගස්  කළා ’’  

 ‘‘ මොනව යකෝ උඹ මාසෙට එකක් පන්නල පඩි ගන්නව. මොකද උඹට ගෙවන්න කියල ලෝන් තියෙන එකක් යැ. පරම්පරාවෙන් හම්බු වෙච්ච සාගරයක් වගේ ගේ තියෙන්නං. ඉඩමත් අක්කර දෙක තුනක්. මොන මගුලට ද යකෝ උඹ ඔච්චර ණය වෙන්නෙ. මට ඇත්ත කියහං. උඹ මටත් නොකියන මොකක් හරි රහසක් තියෙනව.’’ පියල් සිරාවටම පැවසීය. 

සිරිමල්ගේ මුහුණ හැඩුම්බර ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙහොතක් කල්පනාවේ නිමග්නව සිටි ඔහු තම කථාව පියල් ඉදිරියේ දිග හැරීය.  ''උඹල හිතන් ඉන්නෙ අපිට ඉතිං මොන ප‍්‍රශ්න ද අපි කාලා බීල ජොලියෙ ඉන්නව කියල. අපි මාසෙකට හොයන්නෙ කීයද? ඇත්ත පඩිය එකයි දහයක් විතර හම්බු වෙනව. ඒත් කාර් එකට පෙට්රල් නිකං එන්නෙ නෑනෙ මචං. වත්තෙ පොල් මුරේ කැඩුවහම ඒක හැම තැනටම බෙදිල ගියහම ලොකු ආදායමක් නෑ. අප්පච්චි ගමේ යමක් කමක් තීච්ච ගරු නම්බුකාර විදිහට ජීවත් උනා තමයි. ඒත් අපි කවුද බං. හැබැයි හැමෝම හිතතාගෙන ඉන්නෙ අපි මහ ධනවත්තු කියල. අපි කන හැටි ලිපා දනී කිව්වළු." 

  ‘‘ හරි කියහං කියහං මං අහගෙන ඉන්නෙ’’ පියල් නිහඩව අසා සිටී .

‘‘සමන්ති දැන් ලෙඩගානෙ බං. විශ්වවිද්‍යාලෙ ගිහිං උපාධි අරගෙන ගෙදරට වෙලා දරුමල්ලො හදා ගෙන බත් තම්බ තම්බ ඉඳල ඇති වෙලා කියල ඒ දවස් වල නාහෙන් ඇඩුව. ඇත්තටම ලොකු පුතා හම්බු උනාට පස්සෙ එයා රස්සාවට යන එකට අපේ අම්ම අප්පච්චි විතරක් නෙමෙයි මමත් කැමති උනේ නෑ. ඒත් දැන් එයා ලෙඩ ගානෙ. මාසෙකට ඩොක්ටර්ස්ලටයි බේත් වලටයි චෙක්ප් වලටයි තිස් හතලිසි දාහක් යනව. "

‘‘දැන් උඹ හිතා ගෙන ඉන්නෙ ඔ්වගෙ ප‍්‍රශ්න තියෙන ලෝකෙ එකම එක්කෙනා උඹ විතරයි කියල ද?  ඒත් උඹට ඔය ප‍්‍රශ්න උඹේ පඩියෙන් මැනේජ් කරගන්න පුළුවන්නෙ’’ පියල් පවසීය.

''හරි මචං හරි මේ කථාවෙ ඉතුරු ටිකත් අහපංකො. ගමේ තියෙන තරං මගුල් ගෙවල් දානෙ ගෙවල් බිස්නස් ඔ්පනිං අරව මේව ඔක්කොම එනව. පංසලේ හිටපු ලොකුම දායකය අපේ අප්පච්චි නෙ. මාසෙන් මාසෙට මොනව හරි එනව පංසලෙන්. අන්තිමට බොධිප‍්‍ර‍්‍රාකාරෙ බැඳිල්ලට ලක්ෂ එකහමාරක් . ඒක ඉවර උනා විතරයි හාමුදුරුවො පටන් ගත්ත ඒක විවෘත කරන්න අට විසි බෝධි පුජා පිංකමක්. ඒකටත් බර ගානක් වියදං. ඔ්ව නොකරත් බෑනෙ බං. ගමේ නම්බුකාර විදිහට ඉන්නත් එපායැ. පංසලේ වැඩ එතනින් ඉවර නෑ. අළුතෙන් ටැම්පිට දේවාලයක් හදනව. ඒකෙ උළුවස්ස හදන වැඩේ මං භාර ගත්ත. ලොකු හාමුදුරුවො කිව්වහම අහක දාන්නත් බැනෙ.අනෙක අපේ යන තැනකට හරි පිං සිද්ධ වෙනවනෙ. 
‘‘ හරි හරි ඉතිං උඹ යන තැනකට පිංසිද්ධ කර ගන්නයි ගමේ නම්බුකාර විදිහට ජීවත් වෙන්නයි ගිහිල්ල ද මාලෙ උගස් කළේ." පියල් විමසීය.  

 '' එ් ඔක්කාම හරි කියහංකො බං මට කේන්ති ගියෙ මේ අල්ල පනල්ලෙ අපේ ගම කිට්ටුව මිහිතල මිතුරෝ කියල පරිසර සංවිධානයක් තියෙනව. ඒකෙ 25 වන සංවත්සරේට උදව් ඉල්ලගෙන ආහම.’’

''මොකක්ද බං ඒ සංවිධානෙ . මොනව ද ඒකෙන් කොරන්නෙ." 

''කොඩිගහක්නද කියල වනාන්තරයක් තියෙනව. ඒක දැන් අභය භූමියක් කරල. රටපුරා පරිසරය රකින එක කොරන්නෙ. ඔ්වට ඔය පිට රට ආධාර ලැබෙනව බං.
\
'' හැබෑවටම හොඳටම විශ්වාස ද ඒකට පිටරට ආධාර හම්බු වෙනව කියල.’’

'' ඒව හරියටම මං දන්නෙ නෑ. ඔය කවුරුත් කියන්නෙ. අනෙක බං වනාන්තරයි පරිසරයයි රකිින්න අපි මොටද බං ආධාර කරන්නෙ. මොන බම්බුවකට ද ? ඒවටනෙ බං ආණ්ඩු තියෙන්නෙ.’’

''අප්පට සිරි ගජ දැං මිහිතල මිතුරන්ගෙ විසිපස් වන සංවත්සරේට උඹ කීයක් දුන්නද ? ’’

‘‘ මං දීපු මගුලක් නෑ එය ස්විනිවයර් එකක්ද මොකක්ද ගහන්න ඇඩ් එකකට රුපියල් 5000 ක් ද කොහෙද ’’

උඹ නං නියමයි මචං අදහන්න ඔ්නැ උඹල වගේ මිනිස්සු . මේ රටට වැඩි වැඩියෙන් උපදින්න ඔ්නැත් උඹල වගේ මිනිස්සු.’’

'' ඇයි උඔ එහෙම කියන්නෙ. උඹ මට කෝචොක් කරනව නේද?"

‘‘යකෝ සිරිමල් උඹ ජීවත් වෙන්නෙ කාගෙ උදව්වෙන් ද? ’’ 

 ‘‘ කාගෙ උදව්වෙන් ද උඹට අමු කැවිලද ? අපි හම්බු කර ගත්ත අපි කෑව. අපිට ජීවත් වෙන්න වෙන කවුරු උදව් කරන්න ද?


‘ ඇත්ත ඇත්ත උඹ කියන්නෙ සහතික ඇත්ත. ඒත් මෙන්න මේ ටිකත් හොඳට අහගනිං. හුග දෙනෙක් දන්න ඒත් අවබෝධයෙන් නොදන්න, තඹ සතේකටවත් නොහිතන මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් අහපං. ’’

සිරිමල් විතරක් නෙමෙයි හැමෝම මේ කථාව සාවධානව අහන්න !

ඔබ මිනිත්තු 5 ක් හැකි නම් ඔබේ නාස් පුඩු 2 ත් කටත් හොඳින් වසා ගෙන ඉන්න.  
ඔබට දැනේවි වැටහේ වි හුස්ම නොගෙන ජීවත් විය නොහැකි බව. ඔබට හුස්ම ටික දෙන්නේ සොබාදහම එහි ඇති ගස් වැල්. ඔබට ජීවය දෙන ගස් වැල් වලට සොබාදහමට අවම වශයෙන් ඔබ ස්තුතියි කියාවත් කීවාද?

ඔබට හැකිද ජලය නොමැතිව සතියක් ජීවත් වෙන්න.

ඔබ සතියක් ජලය පානය නොකළ හොත් විජලනයෙන් ඔබට වේදනාකාරී මරණයක් උරුමවේවි.

ඔබ ආහාර නොගෙන සිටියහොත් ඔබට කුමක් සිදුවේවි ද?

ඔබට නියත ලෙසම මරණය හිමිවේවි

තව බොහෝ දේ අවශ්‍ය නැත ඔබට ජීවය දෙන හුස්ම පොද ලබා දෙන ඔබට ජීවය පවත්වා ගෙන යාමට ජලය ලබා දෙන ආහාර ලබා දෙන සොබාදහම වෙනුවෙන් ඔබ කුමක් කළෙහි ද ? අවම වශයෙන් යමක් කරන්නට නොහැකි නම් ලෝකයේ ඇති මහාම කුසල කර්මය වන සියළුම ජීවීන්ට ජීවිතය දෙන කුසල කර්මයේ කොටස් කරුවකු වන්න.

එළඹෙන නව ලොවට නව පරිසර කි‍්‍රයාධරයින් බිහිකරන්නට වෙහෙසෙන අපේ ගහකොළ ඇතුළු සොබාදහමත් මානව පරපුර ඇතුළු පරිසරයේ සියල්ලත් වෙනුවෙන් කැපවෙන මිහිතල මිතුරන්ට තමන්ගේ අර්ථවත් 25 වන සැමරුම සාර්ථක කර ගන්නට තමන් සතු මුදලින් පුංචි පරිත්‍යාගයක් කරන්න.
ඔබ තවමත් අපේ වැඩපිලිවෙල පිළිබඳව නොදන්නේ නම් අපගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න.

Ban details: 
AC NAme-: Mihithala Mithuro
Bank: Hattaon National Bank, Homagama Branch
AC No.: 077010011697
web-; www.mihithalamithuro.org
Blog-: www.mihithalamithuro.blospot.com
email-: mihithalamithuro@gmail.com
Tel-: 0713496971, 0714285480, 0774721937, 071 4472905

Thursday, August 8, 2019

තවත් ඇත්තේ දින 43 යි./ Another 43 days.

තවත් ඇත්තේ දින 43 යි./ Another 43 days.

මිහිතල මිතුරන්ගේ 25 වන සැමරුම් උළෙලට තවත් ඇත්තේ දින 43 කි. මේ දිනවල අපි නිදි වරාගෙන වැඩ.  අපි ස්වේච්ඡුා සංවිධානයක්. වැඩේ කරන්න ලොකු වියදමකුත් යනව. මිථ්‍යාව විකුණන්න පුළුවන්නම් මේ රටේ මුදල් හොයන එක කජ්ජක් නෙමෙයි. ඒත් අපි සත්‍යය වෙනු වෙන් පෙනී සිටින හා ඉතාම අමාරු දුෂ්කර වැඩක් කරන මිනිස්සු. අපිට සල්ලි හොයන්න අමාරුයි. ඒක තමයි යතාර්ථය. 

25th Anniversary of Mihithala Mithuro( Earth Friends)  has 43 more days. These days we are working sleepless . We are a voluntary organization. There is a huge cost involved. Making money is easy if the myth is marketable. But we are people who stand for the truth and work very hard. It's hard for us to make money. That's the reality.

කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි ඔය තරම් මහන්සි වෙලා සැමරුම් වැඩසටහනක් තියන්නෙ කියල. නිකම් උත්සව තියල ඇති පලේ මොකක්ද නිකං මුදල් නාස්තියක් විතරයිනෙ කියල හිතෙන්න පුළුවන්. . 

One might wonder why there is such a celebration of hard work.One might think What's the point of just celebrating? that festivals are worthless and that it is just a waste of money.

පෙනුම යනු හරය නොවේ. මෙම සැමරුම් උත්සවයේ වැඩසටහන්වල අන්තර්ගතය දෙස බලන්න. අපි අපේක්ෂා කරනු ලබන ප‍්‍රතිඵලයන් වලට අනුව වැඩසටහන් සැළසුම්ව ඇත.

Appearance is not the core. Take a look at the contents of this celebratory event. Programs are planned according to the results we have been expecting.

මේ වන විට පාසල් සිසුන් අතර චිත‍්‍ර තරගය ඇරඹි ඇත. සැප්තැම්බර් 20 වන දා දවස පුරා පාසල් පරිසර නියමුවන් 150 ක් ඉලක්ක කර පැවැත්වෙන වැඩසටහන හරිත ලෝකයක් දිනා ගන්නා අනාගත නායකයන් ගොඩ නගන සුවිශේෂි වැඩසටහනකි.',

The art competition among school children has already begun. The program, which will be held on September 20, will feature 150 school environment pioneers throughout the day, a unique program to build the future leaders of a green world.



එදින වැඩසටහනට එවරස්ට් කන්ද තරණය කළ ශී‍්‍ර ලංකාවේ එකම කාන්තාව වන ජයන්ති කුරුඋතුම්පාල මහත්මිය ද සහභාගි වන අතර දැවැන්ත අභියෝග ජය ගැනීමට ඇය තුළ තිබූ ශක්තීන් හා ගුණාංග පිළිබඳව දරුවන් හා ඇය අත්දැකිම් බෙදා ගනු ඇත.
Miss. Jayanthi Kuruuthampala, the only woman in Sri Lanka who has climbed Mount Everest, will be participating in the day's event and will share with the children and experiences about her strengths and qualities to overcome the huge challenges.

එවැනි වටිනා චරිත කිහිපයක් එදින දරුවන්ට මුණගැසෙනු ඇත. මෙය දරුවන්ට ලැබෙන දුලබ අවස්ථාවකි. එදින වැඩසටහන අවසන් වන විට අනාගතයේ ඉදිවන හරිත ලෝකය දිනන්නට සමත් පරිසර කි‍්‍රයාධරයින් පිරිසක් අපට උරුම වනු ඇතැයි අපි විශ්වාස කරමු.

The children will meet some of those precious characters that day. This is a rare opportunity for children. We hope that by the end of the day, we will have a group of environmental activists who will win the future green world.

සැප්තැම්බර් 21 අපි වෙන්කරල තියෙන්නෙ ප‍්‍රජාව වෙනුවෙන්. එදිනට ප‍්‍රජා සත්කාරක වැඩසටහන් රැුසක් කි‍්‍රයාත්මකයි. 22 දා අපේ සැමරුම් උත්සවය. එදින හැන්දෑවෙ සිංහල සංගීත වංශයේ අපූර්ව ගීත පෙළහර විඳ ගන්න ඔබට අවස්ථාව උදාවෙනවා.


September 21st is dedicated to the community. There are many community outreach programs on that day. Our celebration on the 22nd. In the evening you will have the chance to enjoy some wonderful songs from the Sinhala music history.


මේ සියල්ල කරන්න සල්ලි තියෙන්න ඔ්නි. වෙනද වගේම මෙදා පාරත් අපේ රටේ ජනතාව කෙරෙහි අපි විශ්වාසය තබනව. අපේ බොහෝ වැඩවලට ආධාර කළේ අපේ රටේ ජනතාව. 1999 අවුරුද්ද පුරාම මහඑළ්යතැන්නෙ අපි ‘‘ඉයුලෙක්ස් ’’ කියන ආක‍්‍රමණික ශාකය ඉවත් කරන්න ජාතික ශ‍්‍රමදානයක් කළා. ඒකට රටේ හැම පැත්තෙන්ම ජනතාව ආව. ජනතා පරිත්‍යාග මත තමයි ඒ මුළු වැඩසටහනම කි‍්‍රයාත්මක උනේ.


We need money to do all this. We believe in the people of our country too. It is the people of our country who have supported many of our projects. Throughout the year 1999 in Mahaeliya Thanna ( Hortan planes)  we have made a national effort to remove the invasive plant called "Eulex" People came from all parts of the country. The whole program was based on the donations of the people.
මෙවරත් ඔබේ සහයෝගය අපට අත්‍යවශ්‍යයි. ඔබ හිතනවනම් අපි කරන්නෙ හොඳ සහ ඵලදායී වැඩක් කියල ඔබට හැකි උපරිමයෙන් අපට උදව් කරන්න. රුපියල් ලක්ෂ ගණන් ඔබට සල්ලි නැතව ඇති. ඔබේ අතේ තියෙන්නෙ රුපියල් 100 නම් ඒක සතුටින් අපි භාරගන්න සූදානම්.
We need your support again. If you think we are doing a good and productive job, please help us as best we can. You may not have hundreds of thousands of rupees. If you have Rs 100, we are happy to accept it.

අපගේ ගිනුම් විස්තර පහත දැක්වේ. ඔබ කැමති නම් පමණක් අපට ආධාර කළ අය පිළිබඳව අපගේ වෙබ් අඩවිය. බ්ලොග් පිටුව, පේස්බුක් පිටුව හරහා විස්තර පළකරන්නත් අපි බලාපොරොත්තු වෙනව.

Below are our account details.A about people who have supported us only if you like,. We hope to publish details via the our website, blog page and Facebook page.

Account Details:
Bank: Hatton National Bank, Homagama Branch
AC Name: Mihithala Mithuro
AC No: 077010011697

Our Contact Details: Tel: 0713496971, 0714285480, 0774721937, 0714472905, 0112754700
e-mail: mihithalamithuro@gmail.com



Friday, August 2, 2019

සමාවෙන්න පමා උනාට...Sorry it's been late.

සමාවෙන්න පමා උනාට...  Sorry, it's been late.

බලාපොරොත්තු නොවුන විදිහට කොම්පියුටරේ ලෙඩ උනා. වැඩ ගොඩක් අස්සෙ ඒක ලෙඩ දුන්න. තාමත් ප‍්‍රතිකාර කරනව. ණයට ඉල්ල ගෙන මේ ලියන්නෙ. අපි කොඩිගහකන්ද කතාවස්තුව ගැන කියමින් උන්නෙ.
Unexpectedly, the computer got sick. A lot of work got sick of it. Still being treated. We were talking about the Kodigahakanda story.

අපේ 25 වන සංවත්සර සැමරුම් උත්සවයටත් වැඩි දවසක් නෑ. නින්දක් නැතුව වැඩ. දන්නවනෙ අපි වගේ සවේච්ඡුා සංවිධාන වලට වැඩකරන කොට කොච්චර අමාරුද කියල. ප‍්‍රධානතම ප‍්‍රශ්නෙ මුදල්?

Not long after our 25th-anniversary celebrations. We work without sleep. You know how hard it is to work with voluntary organizations like ours. The main problem is money.

කොඩිගහකන්ද කතාවස්තුවෙ  ඊලග අදියරයන් ඉක්මනින්ම ඔබට ඉදිරිපත් කරන්න පොරොන්දු වෙනව. ඒ අතරෙ රටේ පරිසර ප‍්‍රශ්න ගොඩයි. ඒ ගැනත් අපේ අවධානය යොමු කළ යුතුයි.

We promise promises to bring you the next stages of the story of Kodigahakanda. In the meantime, there are many environmental problems in the country. We should also pay attention to it.
එහෙනම් ඉක්මනින්ම අපි මුණගැසෙමු. රටේ අනාගතය ගැනත් අපි ඉදිරියට ඔබත් සමග සංවාදයක් අරඹන්න සුදානම්. මොකද මොනව කරන්නත් අපිට රටක් අවශ්‍යයයි. මේ විදිහට රට නන්නත්තාර වෙන්න දෙන්න බෑ. 

Then we'll meet soon. We are ready to have a dialogue with you about the future of the country. Because we need a country to do anything. The country cannot be made helpless. Because This is our Mother Country.

තාක්ෂණික අවහිරතා ජය ගන්න පුළුවන් උනා. ඊට විශාල වෙහෙසක් මහන්සියක් ගත්ත, නිදිවරාගෙන වැඩකරපු ළහිරු ජයකොඩි ආදරණිය මිහිතල මිතුරෝ සාමාජිකයාට කෘතවේදිත්වය පළ කළ යුතුයි. ඔහු තමයි අපේ ලැප්ටොප් එක වැඩකරන්න පුළුවන් විදිහට හදල දුන්නෙ. 

We were able to overcome the technical hurdles. Lahiru Jayakody, who worked hard and sleeplessly, should be grateful to the dear member of the Mihithala Mithuro for repaired the Laptop.






Monday, July 22, 2019

හෙට ඉදිවන හරිත ලොව ජය ගන්නා ජන බලය - Peoples Power to Conquer Tomorrow's Green World

හෙට ඉදිවන හරිත ලොව ජය ගන්නා ජන බලය Peoples Power to Conquer Tomorrow's Green World

මිහිතල මිතුරෝ සිය 25 වන සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 21 වන දිනය වෙන්කර තිබෙන්නේ ප‍්‍රජාව වෙනුවෙනි. 

Earth Friends have dedicated September 21st to the community for its 25th anniversary.

එදින උදෑසන 09.00 සිට සවස 03.00 දක්වා අක්ෂි සායන, දන්ත සායන, රුධිර පටල පරික්ෂාව ඇතුළත් විශේෂඥ වෛද්‍ය සායනයක් පැවැත්වෙනු ඇත.
From 9:00 am to 3:00 pm, a specialized medical clinic, which includes eye clinics, dental clinics and blood film tests..

එදිනම නොමිලයේ ඇස් කණ්නාඩි බෙදා දිමේ වැඩසටහනක් ද කි‍්‍රයාත්මක වේ.
There is also a free spectacle distribution program on the same day.

කොඩිිගහකන්ද අභයභූමියේ සැබෑම සංරක්ෂකයින් වන්නේ ඒ අවට ජිවත්වන ප‍්‍රජාවයි
The community that lives in and around Kodigahakanda Sanctuary is the real conservationist.

මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථක කර ගන්නට ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු.
We look forward to your contribution to make this community care a success.

Contacts-: 071 349 6971 Munagama,  
071 428 5480 Sandaruwan,  
077 472 1937 Sachith, 
071 447 2905, Chandika, 
011 275 4700 Office
e-mail: mihithalamithuro@gmail.com
www.mihithalamithuro.org






කොඩිගහකන්ද කථා වස්තුව තෙවන පියවර - Kodigahakanda Story The third step

කොඩිගහකන්ද කථා වස්තුව තෙවන පියවර   Kodigahakanda Story The third step

මෙම කථාවේ පළමුවන හා දෙවන පියවරයන් එකම පෝස්ටුවක් තුළ ඇතුළත් විය. එය නරඹා නොමැතිනම්  පහත සබැඳියාව හරහා එය නරඹන්න.

The first and second steps in this story were included in the same post. If you haven't seen it, watch it through the link below.
https://mihithalamithuro.blogspot.com/2019/07/blog-post_19.html
අපි ඊයේ කොඩිගහකන්ද කථා වස්තුවේ එක් ඉසව්වකට එබිකම් කළා. ඒ කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව බව ඔබට මතක ඇති. 
Yesterday we touched on one of the events in the Kodigahakanda story. You may recall that it was about the biodiversity of Kodigahakanda

අපි ඒ ගැන මදක් කථා කරමු. මේ කොඩිගහකන්දේ ජෛවවිවිධත්ව පර්යේෂණ වාර්තාවේ සඳහන් අළුත්ම දත්ත හා තොරතුරු තමයි ඔබට අපි ඉදිරිපත් කරන්නෙ. 
Let's talk about it a little bit. We present to you the latest data and information in this Kodigahakanda Biodiversity Research Report.

Animal Group
Species
Endemic Species
Orders
Families
Genera
Birds
83
(Migrants - 11)
7
13
35
68
Butterflies
69
3
1
6
49
Fish
20
5
5
10
14
Mammals
24
4
7
18
22
Reptiles
31
7
3
12
26
Amphibians
8
3
1
5
6
Total
235
29
30
86
185


Plant species 150+
කොඩිගහකන්ද හුදෙකලා වනාන්තරය ජෛවවිවිධත්වයෙන් කෙතරම් පොහොසත් ද කියන එක ඉහත වාර්තාවෙන් සනාත වෙනව.
The above report confirms how rich the biodiversity of Kodigahakanda's isolated forest is.
කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව සිදු කෙරුන ප‍්‍රථම විද්‍යාත්මක පර්යේෂණය 1986 වසරේ දි සිදු වෙනව. මහාචාරය සරත් කොටගම මහතා ගේ මුලිකත්වයෙන් කොළම විශ්වවිද්‍යාලයේ සංරක්ෂණය සඳහා පානගමු සංවිධානය එම පර්යේෂණය සිදුකරනු ලබනව.

In 1986, the first scientific research on the biodiversity of Kodigahakanda was undertaken. The research is being carried out by the ''March for Conservation" Organization of Colombo University under the initiative of Professor Sarath Kotagama.

දෙවන පර්යේෂණය 1995 - 1998 වසර 3 ක් පුරා වනජීවිභාරයේ වැඩසටහන් නිලධාරීව සිටි ශී‍්‍ර ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකරන ලදී.

In 1995 -1998 the second research was conducted by Srilal Nishantha Hettiarachchi, Program Officer of the Wildlife Trust for three years.

තෙවැන්න 2014 - 2015 කාලය තුල සජීව චාමිකර සහ අජන්ත පලිහවඩන යන මහත්වරුන් විසින් පවත්වන ලදී.

The third was held by Sajeewa Chamikara and Ajantha Palihawadana during 2014-2015.

ලෝකය පුරා වේගයෙන් ජෛවිවිධත්වය හායනය වන යුගයක ක‍්‍රමිකව කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය වර්ධනය වි ඇති බව එම පර්යේෂණ වාර්තා අපට පෙන්වා දෙයි.

The research reports show that the biodiversity of Kodigahakanda has gradually increased in an era of rapidly declining biodiversity around the world.


ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂින් ඇතුළු පක්ෂි විශේෂ 83 ක් කොඩිගහකන්දෙදි දැකගන්න පුළුවන්
83 species of birds and birds native to Sri Lanka can be seen at Kodigahakanda

සමනළ විශේෂ 69 ක් දැක ගන්න කොඩිගහකන්දට ආවොත් පුළුවන්. ඒ අතරෙ ලංකාවෙ ඉන්න ලස්සනම සමනලයාවත් දැක ගන්න පුළුවන්.

You can come to Kodigahakanda to see 69 butterfly species. You can see in here the most beautiful butterfly in Sri Lanka.

මෙයා තමයි ශී‍්‍ර ලංකාවෙ ලස්සනම සමනලයා. This is the Most Beautiful  Butterfly in Sri Lanka " Banded Peacock"

එපමණක් නොවෙයි සමනල කඳු වැටිය වැනි ඉහළ කඳුකර වනාන්තර වල වාර්තාවන   "Blue Admiral"      සමනලයා ද ඔබට කොඩිගහකන්දේ දී සුලබව දැක ගත හැකියි.

You can also see" Blue Admiral" butterfly found in the high mountain forests such as the "Samanala/SRIPADA" Mountains.











දැන් ඉතිං අදට ඇති. අපි අපේ 25 වන සංවත්සරයට සුදානම් වෙමින් ඉන්නෙ. හැකිනම් ඔබට පුළුවන් විදිහට අපේ අනාගත පරපුර වෙනුවෙන් සොබාදහම සංරක්ෂණය කරන්නට අපට උදව් කරන්

Contacts: 071 349 6971(Munagama), 071 428 5480(Sandaruwan), 077 472 1937( Sachith), 071 447 2905(Chandika),                         011 275 4700(Office)
mihithalamithuro@gmail.com, fb Page: Earth Friends of sri Lanka
Web: www.mihithalamithuro.org 

Friday, July 19, 2019

හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන්


හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන්  Environmental pioneers who will win tomorrow's green world





මිහිතල මිතුරන්ගේ 25 වන සංවත්සර සැමරුම ඒ කියන්නෙ රජත ජයන්තිය සැපැතැම්බර් 20, 21 සහ 22 දින තුනේ කොඩිගහකන්ද අභයභූමි පරිශ‍්‍රයේ පැවැත්වෙනව. 

The 25th Anniversary of Friends of the Earth will be held in the Kodigahakanda Sanctuary on the20th, 21st and 22nd of September

20 දා දවසම වෙන්කරල තියෙන්නෙ පරිසර නියමුවන් වෙනුවෙන්. ඔබටත් ආරාධනි කරනව ’’ හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන් ’’ වෙනුවෙන් යමක් කරන්න. අමතන්න
The day is reserved for environmental pioneers. Invite you to do something for  Environmental pioneers who will win tomorrow's green world.
Contact

0713496971, 0714285480, 0774721937, 0714472905, 0112754700
mihithalamithuro@gmail.com

නව ලොවකට පියවර ඔසවන මිහිතල මිතුරෝ - Earth friends who are stepping into a new world

නව ලොවකට පියවර ඔසවන මිහිතල මිතුරෝ 

Earth friends who are stepping                           into a new world

2019 සැප්තැම්බර් 19 වෙනිදට මිහිතල මිතුරන්ට හරියටම අවුරුදු 25 යි. 

On September 19, 2019, Earth Friends will be exactly              25 years old

මොනවද මේ අවුරුදු 25 ක් තිස්සෙ මිහිතල  මිතුරෝ කළේ. ඒක දිග කථාවක්. විසිපස් වසරක සැමරුම් ලෙහෙසියෙන් කියන්න පුළුවන්යැ.
අද අපි කියන්නෙ මිහිතල  මිතුරෝ කරපු එක දෙයක් ගැන.              What have the friends of the Earth done for 25 years.? It's a long story. 25 years of celebrations is not easy to say. Today we are talking about one thing that the Friends of the Earth did


ඔන්න මිහිතල මිතුරෝ තමන්ගෙ වැඩ පටන් ගන්නෙ 1994 සැපැතැම්බර් 19 වෙනිදා. ඒ විනාශයට යමින් තිබුන කොඩිගහකන්ද වනපෙත අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්න. ඒ වැඩෙත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් මිහිතල මිතුරෝ කරපු වැඩ ගැන කියන එකත් මහා දිග කථාවක්. 
Friends of the Earth began their work on September 19, 1994. Friends of the Earth began their work on September 19, 1994. Kodigahakanda Wildlife Sanctuary which was on the way to destruction It was not easy task to preseve for next generation. It is a long story to tell about the work done by friends of the earth.

ඉතිං මිහිතල මිතුරෝ සිය විසිපස්වන රජත ජයන්තිය මහා ඉහළින් සමරන්න සුදානම් වෙන මේ අව්ස්ථාවෙ ඒගොල්ලන් සංරක්ෂණය කරපු කොඩිගහකන්ද කියන්නෙ මොකක්ද කියල මුලින්ම බලල ඉමු. 

So let's take a look at what Kodigahakanda has preserved in this moment, as the friends of the Earth prepares to celebrate their 25th anniversary

මේ වීඩියෝව ඉස්සෙල්ලම බලල ඉන්න මේ විඩියෝව සිරස රූපවාහිනිය කරපු එකක්. එහි තිබෙන සමහර තොරතුරු හා දත්ත තරමක් පරණයි. 
This video was made by Sirasa TV. Some of the information and data are quite old.




මේ විඩියෝ එක සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් කරපු වීඩියෝවක් 
This is a video made by a student of Sabaragamuwa University




කොඩිගහකන්ද කියන්නෙ කියල ඉවර කරන්න බැරි තරම් දිග කථාවක් . අපි ඊලග කොටස හෙට බලමු. 
Kodigahakanda is a long story that cannot be said. We'll see the next part tomorrow

දෙවන පියවර - 2nd Step
මුලින්ම බලමු කොඩිගහමුලින්ම බලමු කොඩිගහකන්ද කොහෙද පිහිටා තිබෙන්නෙ කියල.
First let's see where Kodigahakanda is located.


ශී‍්‍ර ලංකාවේ, බස්නාහිර පළාතෙ, හොරණ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ , ඔළබොඩුව උතුර ග‍්‍රාමනිලධාරී වසමේ තමයි කොඩිගහකන්ද පිහිටා තිබෙන්නෙ. 
Kodigahakanda is located in the Olaboduwa North Grama Niladhari Division of the Horana Divisional Secretariat of the Western Province of Sri Lanka.

කොඩිගහකන්ද ගැන ඔබට කියන මේ කථාවට දිග ඉතිහාසයක් තියෙනව. ඒ ඉතිහාස කථාව අත්හැරල මේ ගැන කථා කරන්න බැහැ. 
This story about Kodigahakanda has a long history. I cannot leave this history behind and talk about it.
ඒ කථාව අරඹන්න ඉස්සෙල්ල කොඩිගහකන්දේ ජෛවවිවිධත්වයට අදාළ කැමරා සිතුවම් ටිකක් බලලම ඉමු.
Before we start that story, let's take a look at some of the Kodigahakanda Biodiversity Camera paintings.



















ඉතිහාස කථාවට එන්න ඉස්සෙල්ල අපි හෙට කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව කථා කරමු.
Before we get into the history story, let's talk about the biodiversity of Kodigahakanda tomorrow
හෙට නැවත හමුවෙමු
See you again tomorrow !