Sunday, August 11, 2019

ඔබට මරණය වෙනුවට ජීවිතය අවශ්‍යනම් පමණක් මෙය කියවන්න. - Read this only if you want life instead of death.

ඔබට මරණය වෙනුවට ජීවිතය අවශ්‍යනම් පමණක් මෙය කියවන්න. - Read this only if you want life instead of death


‘‘මචං බලාපන්කො මං මේ සිරාවට කියන්නෙ, ගන්න පඩිය දවසෙන් දෙකෙන් වාෂ්ප වෙනවනෙ....’’ සිරිමල් තම මිතුරු පියල් ට පැවසීය. 

''ඔ්කත් අහන්න දෙයක් ද මචං මුළු රටම අනාගතේ උපදින්න එකත් එක්කම ණය වෙලා තියෙද්දි අපිට විතරක් අමුතු ස්වර්ගරාජ්‍යයක් පහළ වෙනවැයි " පියල් පොලිටිකල් ටෝක් එකක් දැමීය.

‘‘ අනේ මේ පලයං යන්න උඹ ඔ්න මගුලක් කිව්වොත් ඒකට උඹේ දේශපාලන න්‍යාය දානව. වැඩක් නෑ උඹත් එක්ක කථා කොරල ’’ සිරිමල්ට වල පැන ඇති සෙයකි. 
‘‘ ඔන්න ඉතිං උඹට පොඩ්ඩ වරදින්න බෑනෙ. හරි හරි කියහංකො උඹ කියන්න ආපු එක’’  සිරිමල් කූල් ඩවුන් වන සේ පියල් පැවසීය. 

 ‘‘ නෑ මචං මෙදා පාර කරකියා ගන්න දෙයක් නැතුව ප‍්‍රියන්තිගේ මගුල් මාලෙ උගස්  කළා ’’  

 ‘‘ මොනව යකෝ උඹ මාසෙට එකක් පන්නල පඩි ගන්නව. මොකද උඹට ගෙවන්න කියල ලෝන් තියෙන එකක් යැ. පරම්පරාවෙන් හම්බු වෙච්ච සාගරයක් වගේ ගේ තියෙන්නං. ඉඩමත් අක්කර දෙක තුනක්. මොන මගුලට ද යකෝ උඹ ඔච්චර ණය වෙන්නෙ. මට ඇත්ත කියහං. උඹ මටත් නොකියන මොකක් හරි රහසක් තියෙනව.’’ පියල් සිරාවටම පැවසීය. 

සිරිමල්ගේ මුහුණ හැඩුම්බර ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙහොතක් කල්පනාවේ නිමග්නව සිටි ඔහු තම කථාව පියල් ඉදිරියේ දිග හැරීය.  ''උඹල හිතන් ඉන්නෙ අපිට ඉතිං මොන ප‍්‍රශ්න ද අපි කාලා බීල ජොලියෙ ඉන්නව කියල. අපි මාසෙකට හොයන්නෙ කීයද? ඇත්ත පඩිය එකයි දහයක් විතර හම්බු වෙනව. ඒත් කාර් එකට පෙට්රල් නිකං එන්නෙ නෑනෙ මචං. වත්තෙ පොල් මුරේ කැඩුවහම ඒක හැම තැනටම බෙදිල ගියහම ලොකු ආදායමක් නෑ. අප්පච්චි ගමේ යමක් කමක් තීච්ච ගරු නම්බුකාර විදිහට ජීවත් උනා තමයි. ඒත් අපි කවුද බං. හැබැයි හැමෝම හිතතාගෙන ඉන්නෙ අපි මහ ධනවත්තු කියල. අපි කන හැටි ලිපා දනී කිව්වළු." 

  ‘‘ හරි කියහං කියහං මං අහගෙන ඉන්නෙ’’ පියල් නිහඩව අසා සිටී .

‘‘සමන්ති දැන් ලෙඩගානෙ බං. විශ්වවිද්‍යාලෙ ගිහිං උපාධි අරගෙන ගෙදරට වෙලා දරුමල්ලො හදා ගෙන බත් තම්බ තම්බ ඉඳල ඇති වෙලා කියල ඒ දවස් වල නාහෙන් ඇඩුව. ඇත්තටම ලොකු පුතා හම්බු උනාට පස්සෙ එයා රස්සාවට යන එකට අපේ අම්ම අප්පච්චි විතරක් නෙමෙයි මමත් කැමති උනේ නෑ. ඒත් දැන් එයා ලෙඩ ගානෙ. මාසෙකට ඩොක්ටර්ස්ලටයි බේත් වලටයි චෙක්ප් වලටයි තිස් හතලිසි දාහක් යනව. "

‘‘දැන් උඹ හිතා ගෙන ඉන්නෙ ඔ්වගෙ ප‍්‍රශ්න තියෙන ලෝකෙ එකම එක්කෙනා උඹ විතරයි කියල ද?  ඒත් උඹට ඔය ප‍්‍රශ්න උඹේ පඩියෙන් මැනේජ් කරගන්න පුළුවන්නෙ’’ පියල් පවසීය.

''හරි මචං හරි මේ කථාවෙ ඉතුරු ටිකත් අහපංකො. ගමේ තියෙන තරං මගුල් ගෙවල් දානෙ ගෙවල් බිස්නස් ඔ්පනිං අරව මේව ඔක්කොම එනව. පංසලේ හිටපු ලොකුම දායකය අපේ අප්පච්චි නෙ. මාසෙන් මාසෙට මොනව හරි එනව පංසලෙන්. අන්තිමට බොධිප‍්‍ර‍්‍රාකාරෙ බැඳිල්ලට ලක්ෂ එකහමාරක් . ඒක ඉවර උනා විතරයි හාමුදුරුවො පටන් ගත්ත ඒක විවෘත කරන්න අට විසි බෝධි පුජා පිංකමක්. ඒකටත් බර ගානක් වියදං. ඔ්ව නොකරත් බෑනෙ බං. ගමේ නම්බුකාර විදිහට ඉන්නත් එපායැ. පංසලේ වැඩ එතනින් ඉවර නෑ. අළුතෙන් ටැම්පිට දේවාලයක් හදනව. ඒකෙ උළුවස්ස හදන වැඩේ මං භාර ගත්ත. ලොකු හාමුදුරුවො කිව්වහම අහක දාන්නත් බැනෙ.අනෙක අපේ යන තැනකට හරි පිං සිද්ධ වෙනවනෙ. 
‘‘ හරි හරි ඉතිං උඹ යන තැනකට පිංසිද්ධ කර ගන්නයි ගමේ නම්බුකාර විදිහට ජීවත් වෙන්නයි ගිහිල්ල ද මාලෙ උගස් කළේ." පියල් විමසීය.  

 '' එ් ඔක්කාම හරි කියහංකො බං මට කේන්ති ගියෙ මේ අල්ල පනල්ලෙ අපේ ගම කිට්ටුව මිහිතල මිතුරෝ කියල පරිසර සංවිධානයක් තියෙනව. ඒකෙ 25 වන සංවත්සරේට උදව් ඉල්ලගෙන ආහම.’’

''මොකක්ද බං ඒ සංවිධානෙ . මොනව ද ඒකෙන් කොරන්නෙ." 

''කොඩිගහක්නද කියල වනාන්තරයක් තියෙනව. ඒක දැන් අභය භූමියක් කරල. රටපුරා පරිසරය රකින එක කොරන්නෙ. ඔ්වට ඔය පිට රට ආධාර ලැබෙනව බං.
\
'' හැබෑවටම හොඳටම විශ්වාස ද ඒකට පිටරට ආධාර හම්බු වෙනව කියල.’’

'' ඒව හරියටම මං දන්නෙ නෑ. ඔය කවුරුත් කියන්නෙ. අනෙක බං වනාන්තරයි පරිසරයයි රකිින්න අපි මොටද බං ආධාර කරන්නෙ. මොන බම්බුවකට ද ? ඒවටනෙ බං ආණ්ඩු තියෙන්නෙ.’’

''අප්පට සිරි ගජ දැං මිහිතල මිතුරන්ගෙ විසිපස් වන සංවත්සරේට උඹ කීයක් දුන්නද ? ’’

‘‘ මං දීපු මගුලක් නෑ එය ස්විනිවයර් එකක්ද මොකක්ද ගහන්න ඇඩ් එකකට රුපියල් 5000 ක් ද කොහෙද ’’

උඹ නං නියමයි මචං අදහන්න ඔ්නැ උඹල වගේ මිනිස්සු . මේ රටට වැඩි වැඩියෙන් උපදින්න ඔ්නැත් උඹල වගේ මිනිස්සු.’’

'' ඇයි උඔ එහෙම කියන්නෙ. උඹ මට කෝචොක් කරනව නේද?"

‘‘යකෝ සිරිමල් උඹ ජීවත් වෙන්නෙ කාගෙ උදව්වෙන් ද? ’’ 

 ‘‘ කාගෙ උදව්වෙන් ද උඹට අමු කැවිලද ? අපි හම්බු කර ගත්ත අපි කෑව. අපිට ජීවත් වෙන්න වෙන කවුරු උදව් කරන්න ද?


‘ ඇත්ත ඇත්ත උඹ කියන්නෙ සහතික ඇත්ත. ඒත් මෙන්න මේ ටිකත් හොඳට අහගනිං. හුග දෙනෙක් දන්න ඒත් අවබෝධයෙන් නොදන්න, තඹ සතේකටවත් නොහිතන මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් අහපං. ’’

සිරිමල් විතරක් නෙමෙයි හැමෝම මේ කථාව සාවධානව අහන්න !

ඔබ මිනිත්තු 5 ක් හැකි නම් ඔබේ නාස් පුඩු 2 ත් කටත් හොඳින් වසා ගෙන ඉන්න.  
ඔබට දැනේවි වැටහේ වි හුස්ම නොගෙන ජීවත් විය නොහැකි බව. ඔබට හුස්ම ටික දෙන්නේ සොබාදහම එහි ඇති ගස් වැල්. ඔබට ජීවය දෙන ගස් වැල් වලට සොබාදහමට අවම වශයෙන් ඔබ ස්තුතියි කියාවත් කීවාද?

ඔබට හැකිද ජලය නොමැතිව සතියක් ජීවත් වෙන්න.

ඔබ සතියක් ජලය පානය නොකළ හොත් විජලනයෙන් ඔබට වේදනාකාරී මරණයක් උරුමවේවි.

ඔබ ආහාර නොගෙන සිටියහොත් ඔබට කුමක් සිදුවේවි ද?

ඔබට නියත ලෙසම මරණය හිමිවේවි

තව බොහෝ දේ අවශ්‍ය නැත ඔබට ජීවය දෙන හුස්ම පොද ලබා දෙන ඔබට ජීවය පවත්වා ගෙන යාමට ජලය ලබා දෙන ආහාර ලබා දෙන සොබාදහම වෙනුවෙන් ඔබ කුමක් කළෙහි ද ? අවම වශයෙන් යමක් කරන්නට නොහැකි නම් ලෝකයේ ඇති මහාම කුසල කර්මය වන සියළුම ජීවීන්ට ජීවිතය දෙන කුසල කර්මයේ කොටස් කරුවකු වන්න.

එළඹෙන නව ලොවට නව පරිසර කි‍්‍රයාධරයින් බිහිකරන්නට වෙහෙසෙන අපේ ගහකොළ ඇතුළු සොබාදහමත් මානව පරපුර ඇතුළු පරිසරයේ සියල්ලත් වෙනුවෙන් කැපවෙන මිහිතල මිතුරන්ට තමන්ගේ අර්ථවත් 25 වන සැමරුම සාර්ථක කර ගන්නට තමන් සතු මුදලින් පුංචි පරිත්‍යාගයක් කරන්න.
ඔබ තවමත් අපේ වැඩපිලිවෙල පිළිබඳව නොදන්නේ නම් අපගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න.

Ban details: 
AC NAme-: Mihithala Mithuro
Bank: Hattaon National Bank, Homagama Branch
AC No.: 077010011697
web-; www.mihithalamithuro.org
Blog-: www.mihithalamithuro.blospot.com
email-: mihithalamithuro@gmail.com
Tel-: 0713496971, 0714285480, 0774721937, 071 4472905

No comments:

Post a Comment