Thursday, February 28, 2013

උරුමය සොයා.......2013


උරුමය සොයා.......2013


මිහිතල මිතුරෝඅපි, අපේ අනාගත පරපුරත් සමග උරුමය සොයා යන ගමන 2012 අවුරුද්දෙ යන්න හිටියත් නොහිතපු විදිහට නොකඩවාම ඇද හැළුනු මහා ධාරානිපාත වරුෂා නිසා අපට ඒ ගමන කල් දාන්න සිදු උනා. ඔන්න ඒ ගමන දැන් යන්නයි සූදානම. 2013 මාර්තු 26 වන දා තමයි අපි අපේ උරුමය සොයා යන්නෙ. හැම දෙනාටම අපි විවෘතව ආරාධනා කරනව අපත් සමග මෙම චාරිකාවට එකතු වෙන්න කියල.  එක් දින අධ්‍යයන චාරිකා යටතේ මෙවර අපි තෝරා ගත්තෙ අපේ මහා උරුමයන් පිළිබඳව අපේ සාමාජිකයින්ට අබෝධයක් ලබා දෙන්නට සමත් ස්ථාන 2 ක්.


අපි යන්නෙ දකුනු ආසියාවේ විශාලතම රෝසතිරුවාණා නිධිය සමග ජාතික නාමල්   උයනත් ලෝක උරුමයක් වූ සීගිරියත් ගැන හොයා බලන්න.

                                                                    මෙම ස්ථානයන් සතු පුරාවිද්‍යාත්මක, පාරිසරික, සෞන්දර්යාත්මක වටිනාකම් පිළිබඳව මෙම චාරිකාවේ දී ඔබට දැනගන්නට දැක ගන්නට හා විඳ ගන්නට ලැබේවි.  ජාතික නාමල් උයන පිහිටා ඇත්තේ  ගල්කිරියාගම,  ආඩිගල, උල්පත ග‍්‍රාමයේය.  අක්කර 260 ක් පුරා විහිදී ඇති  නා  වනය පැරණි රජ දරුවන්ගේ  සමය තෙක් ඉතිහාසයකට දිවයයි
අදින් වසර මිලියන 550 කට පමණ පෙර ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ  නිර්මාණය වූ රෝස තිරුවාණා නිධිය අපේ ජාතිය සතු මහා අනර්ඝ වස්තුවක්. අනුරාධපුර යුගය තෙක් ඉතිහාසය දිවයන ජාතික නාමල් උයන ජාතියට හඳුන්වා දෙමින් මෙහි නිර්මාතෘවරයා වශයෙන් වනවාසී රාහුල හිමිපාණන් ඉටුකරන මෙහෙවර අගය කළ යුතුය.දේවානම්පියතිස්ස රජ සමයේ සිට 8 වන සියවසේ  iv වන දප්පුල රාජ සමයතෙක් මෙහි ඉතිහාසය දිව යයි.

 ලෝකයේ වාර්තාවන එකම මිනිස් අභය භූමිය ද මෙයයි.  ඒ බැව් ivවන දප්පුල  රජුගේ  රණව ටැම් ලිපියේ සඳහන්වේ. මේ ස්ථානයේ ඇති තවත් වැදගත් තොරතුරු අපි එම ස්ථානයේදීම  දැන ගනිමු.
‘‘සීගිරිය ගැන මොනව කියන්නද අපි  ඕන තරම් සිගිරි ගිහින් තියෙනව’’ කියල සමහරු කියන්න පුළුවන්. ඒත් සිගිරිය කියන්නෙ සිගිරි ලලනාවන් බලල  ගල මුදුනට නැගල කාශ්‍යප රජතුමාගෙ මාලිගාව බලල එන එකනම් නෙමෙයි. ඊට වඩා අපි දැකිය යුතු ඉගෙන ගත යුතු හුඟක් දේවල් සිගිරියෙ තියෙනව.                                                                    සීගිරියෙ උද්‍යාන ගනනාවක්  දකින්න පුළුවන්. ඉන් එකක් තමයි
 ජල උද්‍යානය. 
අනෙක් උද්‍යානය තමයි මෙහි ඇති ස්වභාවික ගල් පර්වත නිර්මාණශීලී ලෙස යොදා ගනිමින් නිමැවූ ශිලා උද්‍යානය. ඒ වගේම වෘක්ෂ උද්‍යානයත් අපිට දැක ගන්න පුළුවන්. සීගිරිය එවකට ශී‍්‍ර ලංකාවේ පැවති නගර නිර්මාණයට ඉතා හොඳ නිදසුනක්. සීගිරි චිත‍්‍ර හෙවත් බිතු සිතුවම් කළාත්මක අංශයෙන් ගත්තොත් ඉතාමත් ඉහළ නිර්මාණ, කැටපත් පවුරත් පුදුම එළවන සුළු නිමැවුමක්. සීගිරි පව්ව මුදුනෙහි පිහිටි රජ මාලිගයට ජලය ලබාගෙන තියෙන්නෙ පහළින් පිහිටි සීගිරි වැවෙන් කියලයි විශ්වාස කරන්නෙ. එතකොට කොහොමද ඒ තරම් ඉහළට ජලය ලබා ගත්තෙ. ඒ තාක්ෂණය මොකක්ද ? මේ වගෙ තව කරුණු ගොඩක් ගැන අපි සීගිරියට ගිහින්ම කථා කරමු. 


ඉතිං අපේ උරුමය සොයා යන මේ ගමනට එකතු වෙන්න කැමති අයට අප හා එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ 
0713496971 දුරකථන අංකයට මුණගම හෝ 0714285480 දුරකථන අංකයට සඳරුවන් හෝ   0716606318 අංකයෙන් ප‍්‍රදිප් හෝ සම්බන්ධකර ගැනිමයි. එහෙමත් නැත්නම් mihithalamithuro@gmail.com   හෝ  mihithala.mithuro@yahoo.com යන විද්‍යුත් ලිපිනයන්ගෙන් එකකට ඔබේ තොරතුරු ලබා දිමයි.

1 comment:

  1. අනිවාරයෙන් මෙ පාර නම් අපිට යන්න පුලුවන් වෙයි ........

    ReplyDelete