Monday, November 4, 2013

ඔක්තෝබරයේ අපේ පියසටහන් ඔස්සේ ඇවිද යමු...........

 ඔක්තෝබරයේ අපේ පියසටහන් ඔස්සේ ඇවිද යමු...........


හිතවත් මිතුරනි,
පසුගිය මාසය  අපිට හුගක්ම කාර්ය බහුල උනා. නොවැම්බර් 14 සිට 18 දක්වා ලෝක සංරක්ෂණ සංගමය මෙහෙයවපු ‘‘ පාරිසරික සංචරණය’’ පිළිබඳ අතිශයින්ම ප‍්‍රයෝජනවත් වැඩමුළුවකට සහභාගිවන්න මටත් සඳරුවන්ටත් අවස්ථාව ලැබුන. පාරිසරික සංචරණයේ දී අපේ ඇස නොගැටුනු බොහෝ තැන් පිළිබඳව අපේ අවධානය යොමුකරල සාර්ථකව එය දියත් කරන්නට අවැසි දැණුම එහිදි ලබා ගත්ත. අපිට කල්පිටියෙ බාධක පරය නරඹන්නත් අවස්ථාව උදා උනා. ඩොල්පින් දැකගන්න බැරි උනේ දවල් වුන නිසයි. ඒ වගේම ප‍්‍රජාව විසින් කි‍්‍රයාත්මක කරන පාරිසරික සංචාරක වැඩසටහන් කිහිපයක් දැක ගන්නටත් ලැබුන.ඉතිං නුදුරු දින කිහිපය ඇතුළත එම වැඩමුළුවේ රස මුසු තැන් රූ සටහන් සමග ඔබට කියන්න අපි බලාපොරොත්තු වෙනව. 

18 වෙනිදා ඉඳල 20 වෙනිද වෙනකම් ගල්නෑවේ සුපිපි පරිසර දරුවන් බිහිකරන්න   ‘‘ දිවියෙහි වෙනසක් සඳහා පරිසරය’’ වැඩමුළුව පිළිබඳව ඔබට කියන්න දේවල් බොහොමයි. කල්ගත උනා තමයි. එ්ත් පුංචි පුංචි තාක්ෂණික ගැටළු නැතුවාම නොවෙයිනෙ. එ් ගැනත් විස්තර ඔබට නොපමාව ඉදිරිපත් කරන්න අපි පොරොන්දු වෙනව.
අපි පොරොන්දු වුන විදිහටම පරිසර නියමුවන් වෙනුවෙන් අති සාර්ථක පාරිසරික අධ්‍යයන වැඩමුළුවක් ඔක්තෝබර් 26 සහ 27 දෙදික පුරා කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී පැවැත්තුව. එ් ගැනත් විස්තර කියන්න තියෙනව.
තවත් විශේෂ දෙයක් කියන්න තියෙනව අපි අළුත්ම ආරක අපූරු වැඩකට මුල පුරන්න සූදානම් වෙමින් ඉන්නෙ.එ්කට අපේ සහෘද්ධයින්ගෙ දායකත්වයත් අපිට අවශ්‍යයි.
ලබන දෙසැම්බරයේ උතුරු හා නැගෙනහිර පරිසරික, භූවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් ඔස්සේ ඇවිද යන්නත් සූදානම් වෙමින් ඉන්නෙ. එ් සියල්ල ගැන විස්තර සමග මුණ ගැහෙමු. නොපමාව.