Sunday, May 27, 2012

ඔසු කැද දන්සල 06 වන වරටත්..............

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය ම`ගින් ප‍්‍රදේශවාසීන්ගේ පූර්ණ සහයෝගය මත 06 වන වරටත් සංවිධානය කරනු ලබන ඔසු කැද දන්සල 2012 ජුනි 04 වන පොසොන් පොහෝ දින අඑයම 05.00 සිට ගෝනපළ හංදිය, පින්නකොළවත්ත බුද්ධිදාන පෙරපාසල අසලදී පැවැත්වේ.


Monday, May 14, 2012


කිරිගල්පොත්තේ චුරු චුරු වෙන් ඇරඹී ලෝකාන්තයෙන්  දෝරගලා ගිය වසන්ත කඳවුර

- 3 වන කොටස

 

  8 දා අළුයම 5'00 අවදි උණා. දින 3 ක් පුරා අපේ කුසගින්දර නිවන්න අපමණ වෙහෙසක් දරමින් රසවත් ආහාර වේලක් අපට සපයා දෙන්නට දිරි දුන් අපේ සහෝදර කැල මුලින්ම මේ සටහන් පෙළට එක්කරගන්න කල්පනා කළේ ඔවුන්ගේ සේවයට පිදෙන උපහාරයක් පිනිසයි.


අවසන් දවස. සියළු බඩු බාහිරාදිය පොදි බැඳගෙන බස් එකට පැටෙව්ව. කට්ටියට හිටි ගමන් එළවළු උණ හැදුන. වැඩියෙන්ම මිථිලට. මෙන්න බොලේ කට්ටියම එළවළු කොටුවකට පැනල. කැරට්, බීට්, අර්තාපල් පුරව ගත්තෙ නැතෑ මළුවලට. කෙහොමෙන් කොහොමෙන් හරි ටිකක් වෙලාවත් ගියා.                                                                  ආයෙමත්  මහඑළියට ඇවිල්ල කට්ටිය මේ සූදානම බේකර්ස් ඇල්ලයි ලෝකාන්තයයි බලන්න යන්න.
 තරමක් දුරට පාර කොන්කීරට් කරල හදල. අපහසුවකින් තොරව බේකර්ස් ඇල්ල දක්වා යන්න පුළුවන්. මහඑළියට එන නොසංඩාලයොත් ඉන්න වග තේරුනේ  ජනතාව දැනුවත් කරන්න සවිකරල තිබුන පුවරු කඩා බිඳ දමල තියනව දැක්කහමයි. මේවගෙ උන් මොනවට මේ මිහිපිට ඉපදුනාද මන්ද? ඔන්න අපි බේකර්ස් ඇල්ල සමීපයට ආව.  

නෙල්ලූ ශාකය පිළිබඳව හරිම වැදගත් තොරතුරු සමුහයක් ඇතුළත් පුවරුවකට අපේ කට්ටියගෙ හිත ගියා.


එතැන් සිට ඇල්ල දක්වා පහළට බහින්න තියෙන කොටස තරමක් දුෂ්කරයි. පාරත් වැස්සට හේදිලා ගිහින්.


ඇල්ලට බහින්න තියෙන මාර්ගය සොදා පාළුවෙන් රැකගන්න කොන්කීරට් කණු සිටවල තිබුනත් ඒව දැන් රමාණවත් නැහැ. ඉක්මන් විසඳුමක් දෙන්න වෙයි නැත්නම් ඇෙඟ් පතේ හයි හත්තිය තියෙන අයට විතරක් බේකර්ස් ඇල්ල සිමා වෙයි

අමාරුවෙන් උනත් මෙන්න කට්ටියම දැන් බේකර්ස් ඇල්ල ඉස්සරහටම ඇවිත්.

බේකර්ස් ඇල්ල ඉහළ කොටස
                                     බේකර්ස් ඇල්ල නරඹන්න හදල තියෙන කොන්කීරට් අට්ටාලය ලගින් ආපහු හැරෙන අය මහ අවාසනා වන්තයො කියල අපට හිතෙනව. ඇයිද කියල දන්නවද? මේ ඇල්ලෙ නියම සුන්දරත්වය විඳින්න නම් බොහොම දුෂ්කරතා විඳ ගෙන පහලට බහින්නම  ඕනෑ. ඉහලට  පෙනෙන්නෙ මේ කොටස පමණයි. පහලට බැස්සහම පෙනෙන ඇල්ලෙ මුළු දර්ශනයයි මේ කොටසයි ඔයගොල්ලොම සංසන්දනය කරල බලන්නකො.

 පහළට අමාරුවෙන් හරි බැස්සොත් දැකිය හැකි ඇල්ලේ දර්ශනයක්

එතැනින් පහළටත් ඇල්ල ගලා හැලෙනව. අපේ කැමරා කාචයට පුළුවන් විදිහට ඇල්ල හසුකරගත් ආකාරය බලන්න
 මේ ඇල්ලෙ පහළම කොටස
පහළ සිට ඉහළට ඇල්ල පෙනෙන හැටි


 
කොහොමද වැඬේ. වනජිවී එකෙනුත් ජනතාවට කියන්නෙ උඩ විතරයි ඇල්ල කියලනෙ. ඒකනෙ පහලට බහින්න පහසුකම් සපයල නැත්තෙ.සමහර විට මහත්වරුත් කවදාවත්ම පහළට බැහැල නැතුව ඇති.

මේ ඇල්ල ලඟදි අපේ කට්ටිය සමුහ ඡුායාරූපයකට මුහුණ දුන් ආකාරයයි.

 

වැඬේ ඉන් එහාටයි. පාර නම් දුෂ්කරයි. සමහර තැන් ලිස්සනව. බොහොම පරෙස්සමින් අඩිය තියල යන්න  ඕනෑ. හැබැයි යන කොට දකින මනබඳින දර්ශන අපේ වෙහෙසත් ගමනේ දුෂ්කර බවත් පරදනව. බලන්නකො මෙයාගෙ ලස්සන.




 අපි දැන් මග ගෙවා ගෙන ලෝකාන්තය අසලටම ආව කියමුකො. මිදුමෙන් වැහිල. නියමම ලෝකාන්තය තමයි. ඇත්තෙන්ම මෙතැනට එන  ඕනෑම මිනිස් රාණියෙකුට මේ දර්ශනයත් සමග ඇතිවෙන නිශ්චලතාවයත් ලෝකයේ අන්තය මේයැයි යන හැඟුමත් අපටත් ජනිත උනා. අතරින් පහල මිදුම තුනි වෙලා විවිධ දර්ශන පෙනෙන්නට පටන් ගත්ත. නන්පෙරියල් තේවත්තත්, එහි විවිධ ගොඩනැගිලිත් පුංචි ගිනි පෙට්ටි වගේ මීදුම අතරින් පේන්න පටන් ගත්ත. ඒත් වැඩි දුරකට දසුන් බලන්න මේ අවස්ථාව නෙමෙයි කියලයි සොබාදහම අපට කිව්වෙ.

 
කෝ මෙතනින් එහාට ලෝකයක් ? ලෝකය මෙතැනින් අවසන් නොවේද? සැබෑම ලෝකාන්තයේ දසුනක්



 
මීදුම තුනී වී නන්පෙරියල් වතුයායේ සමහරු දසුන් තැනින් තැන පෙනෙන්නට පටන් ගත්තා. ලෝකාන්තය යනු මායාවක් නොවේද? ගුප්ත බව අපේ හදවත් වෙලා ගත්තා
 
වැඩිවෙලාවක් ගියෙ නැහැ. මෙන්න පටන් ගත්ත අහසින් පොලොවට වැහි බිඳු පතිත වෙන්න.ටිකෙන් ටික වැස්ස වැඩි කළා. හීිතලේ ගැහි ගැහි වැස්සෙ තෙමි තෙමි අපි ආපහු ගමන පටන් ගත්ත. මහපාර එකම දොළපාරක්. ඒකටත් එක්ක පාර. වැස්සට හෝදල ගිහින් මහා ආවාට. ඇත්තෙන්ම ලෝකාන්තයේ සිට එන මාර්ගය නම් ගන්න දෙයක් නැහැ. දේශිය සංචාරකයෙක් ගෙන් පවා ලොකු මුදලක් අය කරනව. ඒත් අඩුම වශයෙන් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන ලෝපතල මේවගෙ තැනකට යන පාර යම් මට්ටමකට (අනතුරු සහිත නොවන මට්ටමකට) වත් රතිසංස්කරණය කරන්න බලධාරීන් සැළකිලිමත් වෙනව නම් හොඳයි කියලයි හිතෙන්නෙ. තෙත බේරෙන ඇඳුම් එක්ක ගමන දුෂ්කරයි. එහෙම කියල නවතින්න පුළුව නෑ. ආව ආව ඉවරයක් නෑ. අන්තිමට හවස 3 විතර වෙන කොට ගමන අවසන් කරන්න පුළුවන් උනා. බඩගින්න ඔක්කොටම වැඩියි. තෙත ඇඳුම් උනා දාල දවල්ට කෑම කෑවා.


 
බඩගින්න උහුල ගන්න බැරි තරම් 
හීතලේ ගැහි ගැහී දවල් බත් වේලටත් වග කිව්ව කට්ටිය



 හපුතලේ පාරෙන් ආපහු ආවෙ බස්රථය තුලදී නැවතත් මිහිතල එෆ් එම් සේවය හරහා ‘‘පුළුවන්නම් දිනා ගන්න’’ රශ්න විචාරාත්මක තරඟය පවත්වමින්. ඒතරඟයට සහභාගිවුන අපේ පැංචන් සහ පැංචියන් මුදල් තෑගි දිනා ගත්තෙ තමන් මේ දින කිහිපය තුල ලබා ගත් දැණුම ආවර්ජනය කරමින්.


නැවතත් අපි සුන්දර දුම්බර වනපෙත තුල සිදු කළ අධ්යයන චාරිකාවකින් ඔබ හමුවන්නම් ඔබට ජය!