Friday, December 28, 2012

සිරිලකට වින කටින කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය

සිරිලකට වින කටින කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය



කුඩන්කුලම් තියෙන්නෙ කොහෙද?


කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය පිහිටා තියෙන්නේ දකුණු ඉංදියවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉංදියන් සාගර වෙරළාසන්නයේය. පහත සිතියමෙන් එය පැහැදිලි වනු ඇත.



 

 

න්‍යෂ්ටික බලාගාරයක් යනු කුමක්ද?

න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගෙන ලාභදායී  ලෙස විදුලිය නිපදවීමට හැකි ක‍්‍රමයකි.

න්‍යෂ්ටික තාක්ෂණය යනු කුමක්ද?

මේ සඳහා  න්‍යෂ්ටික ප‍්‍රතිකාරක ලෙස  යුරේනියම්, ප්ලූටෝනියම්, තෝරියම් වැනි මූලද්‍රව්‍ය යොදා ගැනේ. ඉහත සඳහන් පරමාණුවක (යුරේනියම්/235U යැයි සිතමු) න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහරදීමෙන් (විවර්ශනය කිරීමෙන්)පසු සෑදෙන අස්ථායී සමස්ථානියකය  (236U)ක්ෂණිකව පිපිරිමෙන් මුලද්‍රව්‍ය දෙකක් බවට දෙකඩවීමේ දී අති විශාල ශක්තියක් නිපදවේ. ඊට අමතරව ඉවතට විසිවි යන නියුට්‍රෝන ඉතිරි සියළු යුරේනියම් පරමාණු වල න්‍යෂ්ටියට පහර දීමෙන් ප‍්‍රතිකි‍්‍රයාව නොනැවතී දාම ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස සිදුවේ. මෙය න්‍යෂ්ටික බෝම්බයක දී සිදුවන කි‍්‍රයාවළියයි. බලාගාරයක දී සිදුවන්නේ උෂ්ණත්වය සිසිලන ක‍්‍රම මගින් පාලනය කර දාම ප‍්‍රතිකි‍්‍රයාව පාලනය කිරීමයි.




යුරේනියම් ග‍්‍රෑම් 1 කින් නිපදවන විදුලි බලය නිපදවිමට ගල් අඟුරු කිලෝ ග‍්‍රෑම් 3000 ක් අවශ්‍යවේ 

මේ තරම් ලාභදායි ක‍්‍රමයකට ඇයි එරෙහි වෙන්නෙ ? 


කෙතරම් ලාභදායී වුවත් න්‍යෂ්ටික අනතුරක් යනු අති දැවැන්ත විනාශයක්  ඒක හරියට පරමාණු බෝම්බයක් පිපුරුව වගේ. ඒ තමයි අපේ අත්දැකිම් 



මොනවද වෙන්න පුළුවන් අනතුරු 


ඊට පළමුව බලමු න්‍යෂ්ටික බලාගාරයක කි‍්‍රයාකාරිත්වය සරළව තේරුම් ගන්න 


ලෝකයේ න්‍යෂ්ටික බලය යොදා ගන්නෙ කොහොමද කියල බලලම ඉමු 

මුුල්ම න්‍යෂ්ටික බලාගාරය ඉදිකරනු ලැබූවේ 1950 දී ඇමරිකා එක්සත් ජනපදය 
දැනට ලෝකය පුරා න්‍යෂ්ටික බලාගාර 430 ක් කි‍්‍රයාත්මක වන අතර මුළු ධාරිතාව මෙගා වොට් 372,000 කි 
එය ලෝක විදුලි නිෂ්පාදනයෙන් 14.7 % කි 











න්‍යෂ්ටික අනතුරු ආකාර කිහිපයකින් සිදුවේ 
1 සිසිලන පද්ධතිය පාලනය කර ගත නොහැකිව දාම ප‍්‍රතික‍්‍රියාව දිගටම සිදුවිමෙන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමක් සිදුවීම 
2 සිසිලන පද්ධතියේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිව න්‍යෂ්ටික ප‍්‍රතිකාරක Melt down  වීම 
3 විකිරණ කාන්දුවිම් 
4 න්‍යෂ්ටික අපද්‍රව්‍ය 

මේවගේ අනතුරු සම්බන්ධ ලෝක අත්දැකීම් මොනවද

1.  1979 මාර්තු 28 ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සල්වේනියාවේ Three Mile Island
හි සිදුවූ Melt down  වීම

2. 1986 අපේ‍්‍රල් 26 වන දින සෝවියට් දේශයේ යුක්රේන් සමුහාණ්ඩුවේ චර්නොබිල්වල සිදුවූ න්‍යෂ්ටික පිපිරිම 

3.  2011 මාර්තු 11 වන දින ජපානයේ ෆුකුසිමා වල සිදුවූ න්‍යෂ්ටික Melt down  
වීම 



අපි  දැන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දිහාවට හැරෙමු 

1988 දී රජිව් ගාන්ධි අගමැති තුමා  විසින් එවකට සෝවියට් සමූහාණ්ඩුවේ ජනාධිපති මිහයිල් ගොර්බචෝව් සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව 2001 දි වැඩ අරඹන ලදී 
2004 දී මූලික පරිසර තක්සේරු වාර්තාව සකසන ලද අතර එය මහජන මත විමසුම සඳහා ඉදිරිපත් කරනු නොලැබීය 
ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3 කි 
මුළු ධාරිතාව මෙගාවොට් 9200 
 
(ගිගා වොට් 9.2
 කි 

පළමු අදියරේදී මෙගා වොට් 1000 ක් නිපදවේ 


මෙය ඉදිවෙන්නෙ භූ කම්පන කලාපයක  දැනටමත් ශී‍්‍ර ලංකාව හා දකුණු ඉන්දියාව එම භූ කම්පනයන්ට ගොදුරු වෙමින් තියෙන්නෙ.
අනෙක මේ ප‍්‍රදේශය පාරම්පරිකව පැවත එන  

ජනතාව පදිංචි 
ගොවිබිම්.


 මොනවද මෙවැනි න්‍යෂ්ටික අනතුරකදි වෙන්න පුළුවන් බලපෑමි
 

1 ජීවිත විනාශවීම

2 සදාකාලික අබලතා, ජාන විකෘතිවීම්

3 පිලිකා

4 විකිරණ වල බලපෑම ආකාර කිහිපයකින් වෙන්න පුළුවන්

මෙම න්‍යෂ්ටික බලාගාරයේ අප ද්‍රව්‍ය වෙන්නෙ සීසීයම්,  අයඞීන් වගේ විකිරිණශීලී  ද්‍රව්‍ය ඒව සාගරයට තමයි මුදා හරින්නෙ. එතකොට මාළුන් හරහා මෙම විකිරණවල බලපෑම ඇතිවෙන්න පුළුවන්

සංචාරක පක්ෂින් විශාල ප‍්‍රමාණයක් ඉංදියාව හරහා ලංකාවට එනව. ඔවුන් හරහාත් එන්න පුළුවන්

මෙම බලාගාරයට එරෙහිි ජනතා කි‍්‍රයාකාරිත්වයන් ගොඩනැගී තිබේද?

ඔව් ඉංදියාවෙ ජනතාව න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි ජනතා ව්‍යාපාරය වටා සංවිධානය වී තිබෙනවා. ඔවුන් විශාල විරෝධතා ව්‍යාපාර මීට එරෙහිව පවත්වා තිබෙනවා. නමුත් තමිල්නාඩු ප‍්‍රාන්ත පොලීසිය එම ජනතාව මත දැඩි මර්ධනයක් දියත් කර තිබෙනවා. දැනට තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 22 ක් පමණ අතුරුදහන්. කුඩන්කුලම් බලාගාරය අවට සියළු ජනයා ( ආසන්න වශයෙන් ලක්ෂයක පමණ* එම ප‍්‍රදේශයෙන් ඉවත් කරනු ලබනවා.


 

අපිට මොනවද කරන්න පුළුවන් ?

1 පහසුම දේ තමයි කිසිවක් නොකර සිටීම

2 එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වෙනුවෙන් කි‍්‍රයාකාරි වෙන්න

ඒ  සඳහා අපට මොනවද කරන්න පුළුවන්

1 සියල්ලටම පළමුව මේ පිළිබඳව නිවැරදිව දැනුවත් වෙන්න

2 ඊට පස්සෙ අනෙක්  අයත් දැනුවත් කරන්න

3 මේ විනාශයෙන් ගැලවිම සඳහා සංවිධානය වෙන්න

4 ඒ සඳහා ගොඩනගා ඇති කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය සමග අත්වැල් බැඳගන්න
























Monday, December 17, 2012

kudankulam,Meethotamulla waste, Ayu¾weda prog.

කුඩන්කුලම් ගැන කියන්න දකුණෙන් උතුරට 

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම ඇතුළු පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ගණනාවක එකතුවෙන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගුන අතර කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම බලාගාරය නිසා සිදුවන පාරිසරික හා මානව බලපෑම් පිළිබඳව දැනුවත් කරන ලදී. පසුගිය නොවැම්බර් 24 සහ 25 යන දිනවල මන්නාරම හා යාපනය ප‍්‍රදේශයන්හි සංචාරය කරමින් රදගුරු තුමා කතෝලික පියවරුන් සහ මුස්ලිම් මව්ලවිවරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයන් ද මුණගැසි ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව කතිකාවන් පවත්වන ලදී . යාපනයේදී මාධ්‍යවේදින් සඳහා මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. කුඩන්කුලම් බලාගාරයේ බලපෑම් පිළිබඳව සැකසුන වාර්තාවක් ලඟදීම පළවේ.

මන්නාරමේ පැවති සංවාදයේදී කතෝලික පියනමක් අදහස් දකවමින් 

මිහිතල මිතුරෝ ගරු සභාපති කේ. මුණගම මහතා අදහස් දක්වමින් 

යාපනය තිනක්කුරල් පුවත්පතේ මාධ්‍යවේදීන් හමුවූ මොහොතක් 

යාපනයේ දී පැවති තවත් සංවාදයක අවස්ථාවක්

 මන්නාරම සංවාදය පිළිබඳව  තිනක්කුරල් පුවත්පත පලකළ වාර්තාවක් 

කුණුවලින් වැනසෙන මීතොටමුල්ල .......... 

 

 කොළඹ නගරයේ කුණු දැන් වසර 4 කට පමණ පෙර සිට බහාලනු ලබන්නේ මීතොටමුල්ල පැරණි වෙල්යායකටය. අද එහි යන  ඕනෑම කෙනෙකුට දකින්නට ඇත්තේ මෙරට සියළු කඳු පරදා මිතොටමුල්ලේ ඉදිවන මහා කුණු කන්දකි. මෙම ප‍්‍රදේශයේ 10,000  කට අධික ජනතාවක් වාසය කරන අතර දැන් එම ජනතාවට කුණු කන්දට ඉඩදී සිය වාසස්ථාන අතහැර ප‍්‍රදේශයෙන් ඉවත්වී සරණාගතයන් බවට පත්වීමට සිදුවී ඇත. මෙම අසාධාරණයට එරෙහිව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, කතෝලික හා මුස්ලිම් පූජක වරුන් ගේ ආශිර්වාදය මැද මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගි ඇත. එහි මූලික වටයේ සාකච්ඡුාවක් පසුගිය දෙසැම්බර් 09 වන ඉරුදින මිතොටමුල්ල ප‍්‍රජාශාලාවේදී පැවැත්වූ අතර ප‍්‍රජාව දැනුවත් කිරිමේ රැුස්වීමක් කොලොන්නාව රජමහා විහාරයේ දී පසුගිය දෙසැම්බර් 14 වන සිකුරාදා පැවැත්විනි. මෙම අරගලය සඳහා ද මිහිතල මිතුරෝ සෘජුවම මැදිහත්වන අතර එම දැනුවත් කිරීම් සඳහා සංවිධානයේ ගරු සභාපති තුමා සම්බන්ධවිය.

එදිනෙදා ජීවිතය පහසුකරලීමට ආයුර්වේදය ............

පුංචි ලෙඩක් හැදුනත් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරල ප‍්‍රතිකාර ගන්න අපේ සමාජය දැන් පුරුදු වෙලා. ඒත් එදා කන්ද උඩරට රාජධානියේ සිරකරුවෙක් වෙලා හිටපු රොබට් නොක්ස් ඔහුගෙ ’‘එදා හෙලදිව’’ ග‍්‍රන්ථයේ සඳහන් කරල තියෙන්නෙ ලංකාවේ සෑම ගෘමණියක්ම දක්ෂ වෛද්‍යවරියක් බවයි. කැලයට රිංගා රැුගෙන එන ඔසු වලින්  ඕනෑම රෝගයක් සුව කිරිමේ දක්ෂතාවය ඔවුන්ට තිබූ බවද බත් හැලියක් ඉදෙන විට කැඩුනු සන්ධියක් පෑස්සිමට ඔවුන්ට හැකි බවද ඔහු පවසා ඇත. බුද්ධදාස රජතුමා නාගයින්ට පවා ප‍්‍රතිකාර කළ බව සඳහන්වේ. සිරිලක වෙදකම එතරම්ම විශිෂ්ඨය. එහෙත් බටහිර වෛi ක‍්‍රමය ප‍්‍රචලිත කරමින් අපේ පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය අභාවයට යවන ලදී. සියල්ල මුදලමත තින්දුවන තැනට කටයුතු සිදු විය. එදා මුදල නොව සේවය ගැන සිතා වෙදකමේ යෙදුනු සම්බාවනියත්වයක් ඉසිලූ ගමේ වෙදමහතා අභාවයට යවා මුදල් මත සියල්ලම තීරණය කරන දොස්තර මහතා රජ විය. බටහිර ඔසු නිපදවන ගෝලිය සමාගම් සිතුසේ සිය ඖෂධ ජාවාර කරමින් ජනතාවගේ ගෙල සිරකරන්නට වූ අතර ඒ සඳහා නොනිල වශයෙන් සමාගම් වල ඒජන්තවරුන් වෙමින් බටහිර දොස්තර මහත්වරුන් එම පාපයේ කොටස් කරුවන් විය.
මෙවැනි සමාජ වාතාවරණයක් තුල අපේ පැරණි වෙද ක‍්‍රමය යලි ඉස්මතු කරමින් සිය ඇවතුම් පැවතුම් තුළින්ම නිරෝගිබව ලබා ගැනීමටත් නිවසේදිම සාදා ගත හැකි ඔසු පිළිබඳවත් ප‍්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් 2013 ජනවාරි 14 වන දින සවස 04.00 ට බටහිර තලගල වීර මද්දුම බංඩාර විදුහලේදී  පැවැත්වේ. මෙහිදි නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සහකාර පර්යේෂණ නිලධාරී අසෝක කරුණාරත්න මහතා විසින් ජනතාව දැනුවත් කරනු ඇත. මේ සඳහා  ඕනෑම අයෙකුට සහභාගිවිමට විවෘතව අවස්ථාව ඇත.

Tuesday, October 30, 2012

උරුමය සොයා යන දිනය වෙනස් වූ වගයි.......

නොවැලැක්විය හැකිම හේතුවක් නිසා අපේ චාරිකාව නොවැම්බර් 11දා නොව නොවැම්බර් 18 වන ඉරු දින පැවැත්වෙන බව දන්වමු.........

Tuesday, October 9, 2012

උරුමය සොයා.......

උරුමය සොයා.......


මිහිතල මිතුරෝඅපි, අපේ අනාගත පරපුරත් සමග උරුමය සොයා යන ගමන 2012 අවුරුද්දෙ යන්න හිටියත් නොහිතපු විදිහට නොකඩවාම ඇද හැළුනු මහා ධාරානිපාත වරුෂා නිසා අපට ඒ ගමන කල් දාන්න සිදු උනා. ඔන්න ඒ ගමන දැන් යන්නයි සූදානම. 2013 මාර්තු 26 වන දා තමයි අපි අපේ උරුමය සොයා යන්නෙ. හැම දෙනාටම අපි විවෘතව ආරාධනා කරනව අපත් සමග මෙම චාරිකාවට එකතු වෙන්න කියල.  එක් දින අධ්‍යයන චාරිකා යටතේ මෙවර අපි තෝරා ගත්තෙ අපේ මහා උරුමයන් පිළිබඳව අපේ සාමාජිකයින්ට අබෝධයක් ලබා දෙන්නට සමත් ස්ථාන 2 ක්.


අපි යන්නෙ දකුනු ආසියාවේ විශාලතම රෝසතිරුවාණා නිධිය සමග ජාතික නාමල්   උයනත් ලෝක උරුමයක් වූ සීගිරියත් ගැන හොයා බලන්න.

                                                                    මෙම ස්ථානයන් සතු පුරාවිද්‍යාත්මක, පාරිසරික, සෞන්දර්යාත්මක වටිනාකම් පිළිබඳව මෙම චාරිකාවේ දී ඔබට දැනගන්නට දැක ගන්නට හා විඳ ගන්නට ලැබේවි.  ජාතික නාමල් උයන පිහිටා ඇත්තේ  ගල්කිරියාගම,  ආඩිගල, උල්පත ග‍්‍රාමයේය.  අක්කර 260 ක් පුරා විහිදී ඇති  නා  වනය පැරණි රජ දරුවන්ගේ  සමය තෙක් ඉතිහාසයකට දිවයයි
අදින් වසර මිලියන 550 කට පමණ පෙර ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ  නිර්මාණය වූ රෝස තිරුවාණා නිධිය අපේ ජාතිය සතු මහා අනර්ඝ වස්තුවක්. අනුරාධපුර යුගය තෙක් ඉතිහාසය දිවයන ජාතික නාමල් උයන ජාතියට හඳුන්වා දෙමින් මෙහි නිර්මාතෘවරයා වශයෙන් වනවාසී රාහුල හිමිපාණන් ඉටුකරන මෙහෙවර අගය කළ යුතුය.දේවානම්පියතිස්ස රජ සමයේ සිට 8 වන සියවසේ  iv වන දප්පුල රාජ සමයතෙක් මෙහි ඉතිහාසය දිව යයි.

 ලෝකයේ වාර්තාවන එකම මිනිස් අභය භූමිය ද මෙයයි.  ඒ බැව් ivවන දප්පුල  රජුගේ  රණව ටැම් ලිපියේ සඳහන්වේ. මේ ස්ථානයේ ඇති තවත් වැදගත් තොරතුරු අපි එම ස්ථානයේදීම  දැන ගනිමු.
‘‘සීගිරිය ගැන මොනව කියන්නද අපි  ඕන තරම් සිගිරි ගිහින් තියෙනව’’ කියල සමහරු කියන්න පුළුවන්. ඒත් සිගිරිය කියන්නෙ සිගිරි ලලනාවන් බලල  ගල මුදුනට නැගල කාශ්‍යප රජතුමාගෙ මාලිගාව බලල එන එකනම් නෙමෙයි. ඊට වඩා අපි දැකිය යුතු ඉගෙන ගත යුතු හුඟක් දේවල් සිගිරියෙ තියෙනව.                                                                    සීගිරියෙ උද්‍යාන ගනනාවක්  දකින්න පුළුවන්. ඉන් එකක් තමයි
 ජල උද්‍යානය. 
අනෙක් උද්‍යානය තමයි මෙහි ඇති ස්වභාවික ගල් පර්වත නිර්මාණශීලී ලෙස යොදා ගනිමින් නිමැවූ ශිලා උද්‍යානය. ඒ වගේම වෘක්ෂ උද්‍යානයත් අපිට දැක ගන්න පුළුවන්. සීගිරිය එවකට ශී‍්‍ර ලංකාවේ පැවති නගර නිර්මාණයට ඉතා හොඳ නිදසුනක්. සීගිරි චිත‍්‍ර හෙවත් බිතු සිතුවම් කළාත්මක අංශයෙන් ගත්තොත් ඉතාමත් ඉහළ නිර්මාණ, කැටපත් පවුරත් පුදුම එළවන සුළු නිමැවුමක්. සීගිරි පව්ව මුදුනෙහි පිහිටි රජ මාලිගයට ජලය ලබාගෙන තියෙන්නෙ පහළින් පිහිටි සීගිරි වැවෙන් කියලයි විශ්වාස කරන්නෙ. එතකොට කොහොමද ඒ තරම් ඉහළට ජලය ලබා ගත්තෙ. ඒ තාක්ෂණය මොකක්ද ? මේ වගෙ තව කරුණු ගොඩක් ගැන අපි සීගිරියට ගිහින්ම කථා කරමු. 


ඉතිං අපේ උරුමය සොයා යන මේ ගමනට එකතු වෙන්න කැමති අයට අප හා එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ 
0713496971 දුරකථන අංකයට මුණගම හෝ 0714285480 දුරකථන අංකයට සඳරුවන් හෝ   0716606318 අංකයෙන් ප‍්‍රදිප් හෝ සම්බන්ධකර ගැනිමයි. එහෙමත් නැත්නම් mihithalamithuro@gmail.com   හෝ  mihithala.mithuro@yahoo.com යන විද්‍යුත් ලිපිනයන්ගෙන් එකකට ඔබේ තොරතුරු ලබා දිමයි.

Friday, September 28, 2012

නොනිමි ගමනක යුග මෙහෙවර මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ 17 වසරක ගමන් මග දෙවන දිගහැරුම



නොනිමි ගමනක යුග මෙහෙවර
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ 17 වසරක ගමන් මග
දෙවන දිගහැරුම

පළමු දිගහැරුම බැලුවෙ නැති අය ඒකට යන්න.                                     http://www.blogger.com/blogger.g?blogID=4538453444032679962#editor/target=post;postID=2962886258069728157


  කොඩිගහකන්ද රක්ෂිත වනයක් කළ යුතු බවට බස්නාහිර පළාත්සභා මංතී‍්‍ර ආර්.පී. විජයසිරි මැතිතුමා පළාත්සභාවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත උනේ 1995 සැප්තැම්බර් 11 වනදා. මේ විදිහට කොඩිගහකන්ද සංරක්ෂණය සඳහා මෙන්ම ප‍්‍රදේශය තුල පිහිටි පාසල් වල පරිසර වැඩසටහන් අරඹමින් ඔවුන් කටයුතු කරමින් සිටියා.


ප‍්‍රදේශයේ පරිසර ගැටළු වලට මැදිහත් වෙමින්

නොනවතින අරගලයක සාර්ථක අත්දැකීම් - මහඔය ඇල දූෂණයට එරෙහි අරගලය

    තලගල, ඔළබොඩුව, ගෝනපොල, විදියගොඩ හරහා ගලායන මහඔය ඇල මාර්ගය 1995 වන විට මුහුණ දි තිබුනෙ දුර්භාග්‍ය සම්පන්න ඉරණමකට. මොරගහහේන ප‍්‍රදේශයේ පිහිටා ඇති නුල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක සියළු අපද්‍රව්‍ය මුදාහැරියෙ මහඔයට. ඒ නිසාම මෙම ඇලමාර්ගය මිය ගිහින් තිබුනා. ඇලේ මාළු මැරිල උඩ පා උනා. ඇල තදකළු පාටයි. ගඳ ඉවසන්න බැරි උනා. ඇලට බැස්සොත් කැසිල්ල හැදෙනව. නවතින්න වෙන්නෙ රෝහලෙන්. අනේ වෙනද කුඹුරට ගිය ගොවියා, හැන්දැවට ඇගපතේ දහදිය කුණු හෝද ගත්ත, ගමේ කොල්ලෙ කුරුට්ටො දිය බුං ගැහුව, රෙදිටික හෝදගත්ත, දහසකුත් දේවලට පිහිටවුන ගමට මහා සම්පතක්ව තිබුණු ඇල ගමට මහා ශාපයක් උනා. 
ගමේ ජනතාව මේ අවනඩුව දන්න දන්න හැමෝටම කිවුව. කිසිම දේකින් තඹ දොයිතුවක වැඩක් උනේ නැහැ. කවුරුත් කිව්වෙ මේක විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි කියල.

                   තලගල, ඔළබොඩුව, ගෝනපොල, විදියගොඩ හරහා ගලායන මහඔය ඇල මාර්ගය 1995 වන විට මුහුණ දි තිබුනෙ දුර්භාග්‍ය සම්පන්න ඉරණමකට. මොරගහහේන ප‍්‍රදේශයේ පිහිටා ඇති නුල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක සියළු අපද්‍රව්‍ය මුදාහැරියෙ මහඔයට. ඒ නිසාම මෙම ඇලමාර්ගය මිය ගිහින් තිබුනා. ඇලේ මාළු මැරිල උඩ පා උනා. ඇල තදකළු පාටයි. ගඳ ඉවසන්න බැරි උනා. ඇලට බැස්සොත් කැසිල්ල හැදෙනව. නවතින්න වෙන්නෙ රෝහලෙන්. අනේ ෟ  වෙනද කුඹුරට ගිය ගොවියා, හැන්දැවට ඇගපතේ දහදිය කුණු හෝද ගත්ත, ගමේ කොල්ලෙ කුරුට්ටො දිය බුං ගැහුව, රෙදිටික හෝදගත්ත, දහසකුත් දේවලට පිහිටවුන ගමට මහා සම්පතක්ව තිබුණු ඇල ගමට මහා ශාපයක් උනා.
  ගමේ ජනතාව මේ අවනඩුව දන්න දන්න හැමෝටම කිවුව. කිසිම දේකින් තඹ දොයිතුවක වැඩක් උනේ නැහැ. කවුරුත් කිව්වෙ මේක විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි කියල. මිහිතල මිතුරෝ මේ වෙන කොට තමන්ගේ පරිසර පණිවුඩය ජනයා අතරට ගෙනයන්න කලාව භාවිතා කරමින් තිබුනා. ඔවුන් මේ සඳහා වීදි නාට්‍ය සාර්ථකව යොදා ගත්ත. තමන්ගෙ ගම මැද්දෙන් ගලාගෙන යන ඇල මේ විදිහට ෂණය කරන්න ඉඩ දිල ඇස් කන් පියාගන ඉන්න මිහිතල මිතුරන්ට පුළුවන් කමක් තිබුනෙ නැහැ. ඔවුන් වැඬේට බැස්ස දැඩි අධිෂ්ඨානයකින්. ‘‘  ඕව කරන්න පුළුවන් වැඩද? ඔයිට වඩා ලොකු අය  ඕක නවත්වන්න හැදුව. කෝ පුළුවන් උනාද? කළු ගල්වල ඔලූව ගහගන්න හදනව’’ මේ වගේ කථා ඔවුන්ට ඇහුණ. ඒත් ඒවයින් තමන් පෙරට තැබූ පය පස්සට ගන්න ඔවුන් සුූදානම් උනේ නැහැ. පිළිවෙළකට වැඬේ කරගෙන ගියා. ජනයා අතරට ගිහින් වීදි නාට්‍ය රඟ දක්වමින්,  චිත‍්‍රපටි දර්ශන පවත්වමින් ජනයා මේ අරගලයට පෙළ ගැස්සුව.  දුෂ්කර අරගලයකින් පසුව අන්තිමේ අතිසාර්ථක අන්දමින් ඇල මාර්ගය ¥ෂණයෙන් ගලවා ගන්න මේ ළදරු සංවිධානයට හැකි උනා. ඒක සාර්ථක කථාවක් . ඒ කථාව වෙනම අහන්න වටින කථාවක්.

 දැන් මිහිතල මිතුරෝ වීදි නාට්‍ය රඟ දක්වමින් ගමින් ගමට තම පරිසර පණිවිඩය ජනතාව අතරට අරගෙන යනව. ඒ අතරෙ පාසල් ශිෂ්‍ය ප‍්‍රජාවට විශේෂ තැනක් හිමි උනා. 1997 වන විට හෝමාගම, හොරණ, කැස්බෑව, ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වල පරිසර කමිටු පිහිටුවා පාරිසරික ශිෂ්‍ය ජාලයක් අරඹා තිබුනා. ඒ හරහා විශාල වැඩ කොටසක් කිරීමට ඔවුන්ට හැකිවුනා. සෑම පාසලකම පරිසර කමිටුවලට වාර්ෂික වැඩ සැළැස්මක් තිබුනා. ඒ යටතේ ඔසු උයන් ඇරඹිම, පාරිසරික ප‍්‍රදර්ශන, පාරිසරික නාට්‍ය හා වෙනත් විචිත‍්‍රාංග ඇතුළත් පරිසර සංදර්ශන පැවැත්විම, පරිසර දැණුම මිණුම, පාරිසරික අධ්‍යයන වැඩමුළු හා පාරිසරික අධ්‍යන චාරිකා විශේෂ තැනක් ගත්තා. මිහිතල මිතුරෝ මේ සඳහා ජාතික මට්ටමේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය ද ලබා ගත්ත. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දේශිය වෛද්‍යක‍්‍රම පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනය, වර්ල්ඞ්විව් ජාත්‍යන්තරය හා වර්ල්්වීව් ශී‍්‍ර ලංකා, ජීවිත හා පරිසරය සුරැුකිමේ සංවිධානය, හොරණ පොදු ජන හිමිකම් කමිටුව, ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරය ආදි ආයතන ඒ අතර වෙනව. 1998 වන විට මිහිතල මිතුරන්ට ශක්තිමත් ශිෂ්‍ය අංශයක් ගොඩනැගි තිබුණා. මේ හැම කටයුත්තකදීම විනය ඉහළින්ම පවත්වාගෙන යාමට ඔවුන් වගබලා ගත්ත. ඒ නිසාම ගුරුවරුන් මෙන්ම දෙමව් පියන්ද මෙම කටයුතු සඳහා තම දරුවන් යොමු කිරීමට මැලි වුනේ නැහැ.                                                              

‘‘පරිසරයට දහම් සවිය’’ අරඹමින් පාසල් වැඩසටහන් දහම් පාසල් දක්වා රැගෙන යමින්

 ජාතික තලයට


  ගම කේන්ද්‍ර කරගනිමින් බිහිවූ මෙම කුඩා සංවිධානය සෙමින් සෙමින් අතු ඉති ලා වැඩෙන මහා වෘක්ෂයක් බවට පත්වෙමින් තිබුණා. 1999 වසර පටන් ගත්තේ ‘‘ හරිදේ කරමු. කරන දේ හරියට කරමු’’ යන තේමාවෙන්. මෙම වසර ඔවුනට කිසිදු විවේකයක් නොමැති කාර්ය බහුල වසරක් වුනා. 1999 පෙබරවාරි 11 දා මිහිතල මිතුරන්ට සුවිශේ්ෂ දවසක්. 33 ක කණ්ඩායමක් සමග බදුල්ල රාතී‍්‍ර තැපැල් දුම්රියෙන් පිටත් උනේ මහඑළිය ( ගෝනතැන්න/හෝර්ටන්තැන්න) බලා. අළුයම 5.00 ට පමණ හිරිගඩු පිපෙන හීතලේ පට්ටිපොල දුම්රිය නැවතුමෙන් බැසගත්ත ඔවුන්ව පිළිගන්න මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය වනජිවි අධ්‍යක්ෂ අමරතුංග මහතා ඇතුළු පිරිස පැමිණ සිටියා. කැබ් රථ 2 ට බඩු භාණ්ඩ හා කාන්තාවන් කිහිපදෙනෙකු නංවා අනෙක් පිරිස හීතලේ පාගමනින්ම හොර්ටන්තැන්න බලා පිටත් උනා. කඩින් කඩ කණ්ඩායම කැබ්රථවලින් ගමන් කළා . කෙසේ වෙතත් උදෑසන 10.00 ට පමණ  කණ්ඩායම හෝර්ටන්තැන්නේ නේවාසිකාගාරය අසලට රොක් උනා. වනජීවි නිලධාරී ජයමාන්න මහතා මෙම අනභිබවනීය පරිසර පද්ධතිය පිළිබදව කණ්ඩායම දැනුවත් කළා.

ඔවුන් ඇයි මෙහි ආවෙ ?

 සුන්දර හොර්ටන් තැන්න පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් මහත් ව්‍යසනයක් කරමින් දිවි ගෙවන ආක‍්‍රමණිකයෙකුට එරෙහිව අරගලයක නිරතවෙන්නයි ඔවුන් මෙහිි ආවෙ. ‘‘ කඳුකරයේ පාරාදිසය රැුකගනිමු’’ ඒ ඔවුන්ගේ තේමාවයි. ආක‍්‍රමණිකයාට එරෙහි ආක‍්‍රමණය අරඹන්නයි ඔවුන්ගේ සූදානම.  කහපාට සුන්දර මලකිින් හැඩවැඩ වෙලා දුටුවන් නෙත් සිත් මෝහණය කරන හොර්ටන් තැන්න රූ රැුජින.  ඔව් ඒ අන් කවරකුවත් නෙමෙයි, විදේශයකින් මෙරටට ආ ආගන්තුක ශාකයක්වන ‘zzUlex europea (යුලෙක්ස් යුරෝපියා) ශාකයයි. කටුපඳුරක්වූ මෙය කිසිදු සතෙකුගේ ආහාරයක් නොවේ. වේගයෙන් වෙනත් ශාක අභිබවමින් මෙය පැතිරෙයි. එබැවින් තෘණ භූමිය යුලෙක්ස් ශාකයෙන් පිරීයමින් තිබුණි. ලෝකයේ රංචු වශයෙන් ජීවත්වන ගෝණුන් දැකිය හැකි එකම වනෝද්‍යාණය හෝර්ටන් තැන්නයි. උදෑසනත් විශේෂයෙන් සන්ධ්‍යාභාගයේ පතන් බිමේ සිය ගණන් ගෝණුන් රංචු වශයෙන් තෘණ උලාකන සුපුරුදු දසුන හොර්ටන් තැන්නට පැමිණෙන සංචාරකයෙකු ගේ මන පිනවයි. මෙම ගෝණුන්ට ආහාර පිනිස පවතින තාණ භූමියද යුලෙක්ස් ආක‍්‍රමණය කරයි. අපි ඔවුන්ගේ කථාවට ඊලඟ දිග හැරුමින් සවන් දෙමු.

 

මහඑළිය තැන්න ආක‍්‍රමණය කරන ආක‍්‍රමණික ශාකයක් වූ ඉයුලෙක්ස් යුරෝපියා කටු පුරු ශාකය ගැලවීමේ ජාතික මහා ශ‍්‍රමදානය

Thursday, September 20, 2012

වියළි සුළං රැළි දියබිඳු වළින් තෙත් කළ ගිමිහාන කඳවුර -


වියළි සුළං රැළි දියබිඳු වළින් තෙත් කළ ගිමිහාන කඳවුර - 
2012.......
අවුරුද්ද & මාසය
2012 අගෝස්තු 31 සැප්තැම්බර් සහ 2

දින ගණන
 3
පුද්ගලයන්

45

නවාතැන
මහලකොටුව ගම්මානයේ සුනිල් ආරච්චි මහතාගේ නිවස

ප්රවාහනය
ලේලන්ඞ්  බස් රථය



කාලගුණය
තද වියලි සමයකි.‘ එහෙත්  31 රාති‍්‍රයේ සහ දා දහවල් සුළු වැස්සක් ඇති විය.

මාර්ගය

ඔලබොඩුව  කොඩිගහකන්ද ජෛව  විවිධත්ව මධ්‍යස්ථානය හෝමාගම , හංවැල්ල , කිරිදිවැල ,  පේරාදෙනිය කටුගස්තොට. මාතලේ,රත්තොට රිවස්ටන් හරහා මහලකොටුව ආපසු ලග්ගල පල්ලේගම ඇලහැර දඹුල්ල හරහා ඔලබොඩුව  කොඩිගහකන්ද ජෛව  විවිධත්ව මධ්‍යස්ථානය
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
රිවස්ටන්  හරහා දුම්බර නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට සුදුසු වාහනයක පැමිනෙන්න.කණ්ඩායමකට පැමිනිමට   සුදුසුම වාහනය වැන් රථයකි. මිහිතලයේ සැබෑම මිතුරකු වන්න

කතෘ :
කේ.මුණගම , සභාපති , මිහිතල මිතුරෝ



මේ මුළු සිරිලකටම ගිම්හාන සමයයිමිහිතල මිතුරෝ 2012 වාර්ෂික වැඩසටහනේ ගිම්හාන කඳවුර යෙදී තිබුනෙ අගෝස්තු 31,සැප්තැම්බර් 1 හා 2 යන තෙදිනටමේ කඳවුර සංවිධානය වුනේ මිහිතල මිතුරෝ ‘‘ සොබාසවිය’’ළමා සමාජයේ සාමාජිකයින්ට වුනත් මෙවරත් වෙනද වගේම ‘‘සොබාසවිය ’’තරුණ සංවිධානයේ සහ ‘‘සජන මිතුරෝ ’’ සාමාජිකයිනුත් එයට සහභාගි වුනාමෙවර කඳවුරට 45  පමණ සහභාගිත්වයක් තිබුනසුපුරුදු පරිදිම කඳවුර සඳහා මුල ඉඳලම ආවේ බාධකකඳවුර පවත්වන්න තිරණය කළේ ඉළුක්කුඹුර වන නිවහන කේන්ද්‍ර කරගෙනවේලාසනින්ම එය වෙන්කර ගන්න යන කොටත් අමාත්‍යංශයෙන්ම ඒක වෙන්කර ගෙනඉතිං හොයාපල්ලකො 50 කට විතර ඉන්න තැනක්.
 අභියෝගය ජයගන්න අපි තිරණය කළාමෙය ලියන මම අපේ භාණ්ඩාගාරික  ප්‍රදීප් එක්ක රිවස්ටන් මාර්ගයේ දුෂ්කරතා විඳගෙන අපේ ඔළබොඩුව කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ  ඉඳල මහළකොටුව ගම්මානයට ගියේ නැතෑ යතුරු පැදියෙන්ම ගමනේදි අපේ කණ්ඩායමට නවාතැන් ගන්න තැනක් හොයා ගත්ත වගේම ගමේ ආරච්චි(ග්‍රාම නිලධාරී) ගමේ පංසලේ හාමුදුරුවො සහ මහළකොටුව මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති තුමා හමු උනා පිරිස සමගසැප්තැම්බර් 1 දා පවත්වන්න බලාපොරොත්තු වන ‘‘ සඳ පහන් රැය’’ පාරිසරික වින්දනීය රාත්‍රීය පිළිබඳව සාකච්ඡා කර ගත්ත.
කඳවුරට සතියකට ඉස්සෙල්ලා මෙන්න අපේ ‘‘සජන මිතුරෝ’’ ක්‍රියාකාරිකයෙක්  වෙච්ච රංගව රිය අනතුරකට මුහුණ දිලා රෝහල් ගත කළාඔහුත් ඔහුගේ දයාබර බිරිඳ වුන අපේ සජන මිතුරෝ ක්‍රියාකාරිණියක් වුන පිළියන්දල මැදි විදුහලේ
ආචාර්යවරියක් වූ ගීතාත් ඇගේ දරුවන් දෙදෙනාත් කඳවුරට සහභාගිවීම අවිනිශ්චිත  වුනාමොරගහහේන ක්වන්ටම් ආයතනයෙන් 6 දෙනෙක් එනව කිව්ව්ත් ඒ ගොල්ලන්ලෙ වාර්ෂික චාරිකාව සැප්තැම්බර් 1 දාට යෙදිලඒ හින්ද ඒ අයට  එන්න වෙන්නෙ නැතිබව දැණුම් දුන්න . ඔළබොඩුවෙ ස්වර්ණා වෛද්‍ය  උපදෙස් මත කඳවුරට සහභාගි නොවන බව දැනුම් දුන් අතර ඇගේ පුත් මතීෂත් කකුළ තුවාල කරගෙන.  හරියටම කඳවුරට පිටත්වන දිනයට පෙරදා  කියන්නෙ අගෝස් 30 වන දා සන්ධ්‍යාවෙ නයන යතුරු පැදියෙන් වැටිල දරුණු ලෙස තුවාල උනා නිසා ඔහුත් ඔහුගේ මිතුරු හසන්තත් කදඳවුරට සහභාගි උනේ නැහැමෙන්න යටියන්තොට තුසිතත් යන්න වෙන්නෙ නැහැ කියල දැනුම් දුන්නමේ වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්නත් බැහැඅපි ලොකු මූළ්‍ය අර්බූදයකට මුහුණ දෙන බව පැහැදිළියිකොහොම උනත් කඳවුර පැවැත්විය යුතුමයි.
අගෝස්තු 31 වන දා පාන්දර 05.00  විතර අපි අපේ චාරිකාව පිටත් උනාමෙවරත් අළුත් මුහුණු කිහිපයක්ම එකතු වෙළාමධ්‍යම පරිසර අධිකාරියේ කොළඹ දිස්ත්‍රීක් පාසල් සම්බන්ධිකරණය කරන ශාලිකා සේනානි මහත්මිය ඇගේ දුවනියන් දෙදෙනාත් සමග කඳවුරු චාරිකාවට එකතු උනා. මධ්‍යම පරිසර අධිකාරියේ අත්තිඩිය ‘‘සොබාකෙත’’ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි නන්දන ගමගේ මහතාත්පන්නිපිටියේ ලංකා මහත්මිය සහ ඇගේ පුතනුවන් දෙදෙනාත් අපේ සංවිධානයේ ආම්භයේ ඉඳළම කි‍්‍රයාකාරිණියක් වුන චන්ද්‍රපත්මා මිස්ගෙ වැඩිමහල් දියණිය අමන්දාත් සහභාගි උනා.

අපි හෝමාගමහංවැල්ලකිරිඳිවැල,පස්යාල හරහා මහනුවරට ලඟා උනේ මාර්ගයේ පැවති විශාල වාහන තදබදය නිසා තරමක් ප්‍රමාද වෙළාදළදා හිමි සිතින් වැඳගෙන ඓතිහාසික මාතලේ නගරයට පිවිසි අපි රත්තොට හරහා පිවිසියේ දුම්බර කරා ලඟාවිය හැකි අති දුෂ්කරතම මාර්ගයට අවතිර්ණ වෙමින්අපි ගමන් කළේ 54 දෙනෙකුට ගමන් කළ හැකි ලේලන්ඞ් වර්ගයේ දිග බස් රථයකින්හැමෝම කිව්වෙ යන්න බැහැයන්න එපා කියලඅපේ තියෙන හිතුවක්කාර කමයි අභියෝග වලට බිය නැතිකමයි එක්ක අපේ රථයේ රියැදුරු (මෙම බස් රථයේ හිමිකරු) ප‍්‍රියන්ත මහතාගේ ධෛර්යත් එකතු උනාවැඬේ ලේසි නැහැඔන්න පළමුවන වැළමිටි වංගුව හමු උනාමෙන්න වංගුව ගන්න විදිහක් නැහැබස් එකේ

පුට්බෝඞ් එක වදිනවප්‍රසන්නකපිල ඇතුළු අපේ පිරිස ගල් ගෙඩි හොයා ගෙන ඇවිත් ටයර් වලට තියල යංතම් වංගුව ජය ගත්ත


ගල් තියල බොහොම අමාරුවෙන් වංගුවක් ගන්නා බස් රථය



පේනව නේද බස් රථය යන්නෙ කොහෙද කියල

            පේනව නේද බස් එකට වෙලා තියෙන දේ  මේ පාරෙ එන්නෙ පරෙස්සමෙන්…..


හැබැයි ඉස්සරහට මීට වඩා බෙහෙවින් අපහසු වංගු තියෙන බව අපි දන්නවහිත අවිනිශ්චිත බවින් පිරිල මදිවට දිගු නිවාඩුවක් සහිත ති අන්තයක් බැවින් පාරේ දිගටම වාහනඅපේ පිටිපස්සෙන්ම තවත් ලේලන්ඞ් වර්ගයේම බස් රථයක්හැබැයි අපේ බස් එකට වඩා ඒක කොටයිඒකෙ කට්ටියත් අපේ සපෝර්ට් එකට හිටිය.
හරිම අමාරු උනේ ඉහළ ඉඳල පහළ බහින වාහන හින්දමෙන්න වංගුවකදිම ඉහළින් පහළට බස් රථයක් බස් රථයේ හිටිය රියැදුරු මහත්තය වෙව්ලනවමොකුත් කර ගන්න විදිහක් නැහැදෙපැත්තටම වාහන පෝලිමයිදැන්නම්ගිහිල්ල හමාරයිමාර මහන්සියක් අරගෙන අපේ වගේම අනෙක් වාහන වල අයගෙත් සහයෝගය හින්ද යංතම්  අභියෝගයත් ජයගෙන ඉදිරියට යන කොට මෙන්න රිවස්ටන් කඳු මුදුන පෙනි පෙනී හමුදාවෙ කාර් එකක් පාර මැද හිටලස්ටාර්ට් වෙන්නෙ නැහැආයෙමත් දෙපැත්තටම වාහන හිරවෙලාඅපේ ප්‍රසන්න වැඩ කාරයනෙ බොනට්ටුව ඇරල හොයාගත්තෙ නැතෑ ලෙඬේඒකට ප්‍රතිකර්ම කරළ  අභියෝගයත් ජය ගත්ත කියමුකොපහළට බහින කොටත්  වගේම කන්න තියෙන ඔක්කොම කටු කාලා රත්තොට සිට පිටවල පතනට එන්න හෝරා 4 ක් 5 ක් ගත කරල තිබ්බ. හැබැයි මේ සියළු බාධාවන් මැද්දෙ උනත් මේ අසිරිමත් කඳුවැටිවල අයස්කාන්ත දර්ශනයන් විඳ ගන්නත් මේ අපූරු භූ දර්ශනයන් ගැන ඉගෙන ගන්නත් අපේ කට්ටිය අමතක කළේ නැහැශ්‍රීලංකාවේ භූ නිර්මාණයේදි වාඩියාගෙ මතය උනේ ‘‘කුට්ටි උතික්ෂිප්ත’’ න්‍යායයිබටහිර දෙසින් නැගෙනහිර දෙසට ඇති වූ මහා පීඩනයකින් ඉහළට එසවුනු මධ්‍යම  කඳුකරයේ භූ දර්ශන  මතය සනාථ කරනවදුම්බර කඳු ශිඛර  බැව් මනාව පසක් කරනවතුන්හිස්ගලසුදුකන්දලකේගලවගේ කඳු ශිඛර මීදුම මැදින් උනත් හොදීන් දර්ශනය උනා



බටහිර දෙසින් නැගෙනහිර දෙසට භූමිය තල්ලූවී ගොස් ඇති ආකාරය


මාස අටකින් හරි හමන් වැස්සක් නුදුටු පිටවල පතන් බිම දුඹුරු පැහැයෙන් සිය සෝකය අපට කියා පෑව

අපි දිවා ආහාරය අරගෙන පතන් බිමේ පිහිටි පුංචි ලෝකාන්තය නරඹන්න යන්නයි සුදානම


මෙතෙක් වේලා බොහොම නිශ්චලත්වයෙන් හිටි නල කුමරුන් හෙමින් හෙමින් සිය රංගනයන් දක්වන්නට පටන් ගත්තමඳ වේලාවකින් සිය වේගය වැඩිකර ගත් ඔහු අපවත් ඉහළට ඔසවා ගෙන යාහැකි තරමේ රංගනයක් අපි ඉදිරියේ රඟන්නට උනේ අපේ පුංචි එවුන්ට සතුට සදා දෙමින්හිටපු ගමන් වියරු වෙස් අරගන ඔහු රැගුවෙ ඔහුගේ නල කුමරිය ඔහු අතහැර ගිය සෝකය හා කෝපය නිසා දෝ කියලත් හිතුන


හිටපු ගමන් වියරු වෙස් ගත් නළ කුමරුන්…..


පිටවල පතනේ පුංචි ලෝකාන්තයත් හරිම අපූරු භූ නිර්මානයක්ඉහළ සිට පහළට එක දිගට විහිදෙන කළු ගල් ශිඛරය හරිම සුන්දරයි


ඉහළ සිට පහළට එක දිගට විහිදෙන කළු ගල් ශිඛරය හරිම සුන්දරයි

මේ තමයි පුංචි ලෝකාන්තය

මේ පතන් බිමේ කඳුලැස්සවටැස්ස වගේ මාංශභක්ෂක ශාක වගේම මෙම පතනටම පමණක් ආවේණික පතන් අල විශේෂයක්  තිබෙන බව අපි දැන ගත්ත.

  මහළකොටුව ගම්මානයේ සුනිල් ආරචිචි මහත්තයගෙ නිවසට අපි එකකොට සවස 6.00  විතර වෙලාකණ්ඩායමට වෙහෙසයිඇඟපත හෝද ගන්න  රාත්‍රී අඳුරේම කිලෝමීටර් 2 ක් විතර පයින්ම දුෂ්කර මාර්ගයක මැද ඇලට ආවදරුණු ඉඩෝරය විසින් බොහෝ දිය දහරාවන් සිඳි ගිහින්මැද ඇලේ ගලා එන කුඩා දිය දහරෙන් සිය විඩාබර ගත දොවා ගත් අපි රාත්‍රී කෙටි සාකච්ඡා වාරයකින් හෙට 
දිනයේ සැළසුම් ගැන පිරිස දැනුවත් කළාඅපි සැළසුම් කරළ තිබ්බෙ ළමා සමාජයේ සාමාජිකයින් හා විශේෂයෙන් පිරිමි පාර්ශ්වය කඳවුරු බිමක කූඩාරම් ඇතුළෙ රාත්‍රී ගත කරන්නයිඊට අවැසි කළමනා ආදියක් අරගෙනයි අපි ගියෙඒත් නොසිතූ ලෙස ප්‍රමාද  නිසා ඒක සාර්ථක කර ගන්න බැරි උනාඒහෙම උනත් ප්‍රසන්නල කපිලල කිව්ව අපි කූඩාරම් ඇතුලෙ ඉන්නම් කියලමිදුලෙ කූඩාරම් 
දෙකක් සවි කළාවැස්සොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ඒත් වියළි බවින් පිරිගිය දුම්බරට මොන වැස්සක්ද ප්‍රසන්නයි එයාගෙ පුංචි පුතයිකපිලයිඑක කූඩාරමකඅනෙක් එකේ මොරටුව ලංකා බැංකුවෙ කළමණාකරු වෙච්ච රොසයිරු මහත්තයයි ඔහුගෙ පුත් කොළඹ ආනන්ද විදුහලේ ශිෂ්‍ය දුලිතයිසජන මිතුරෝ සභාපති කුමාරණායක මහත්තයගෙ පුත් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙච්ච නුවන් කුමාරණායකයි තවත් කූඩාරමකඇඟේ පතේ වෙහෙසටත් එක්ක කට්ටියට හොඳට නින්ද ගියාවෙලාව රාත්‍රී 01.00 ට ඇතිකසු කුසුවක් ඇහෙනවමෙන්න බොලේ එලියෙ කූඩාරම් වල හිටපු කට්ටිය ඇතුළට එනව.  ‘‘ ආතල් එකත් හරි’’ නුවන් කිව්වබැලින්නම් තරමක වැස්සක් වැටිලකට්ටිය තෙමිලඇඳුනුත් තෙත් වෙලා කට්ටිය නම් කඳවුරු අත්දැකීමත් නියමෙටම ලබා ගත්තශාලිකා මිස්ලට චන්ද්‍රපත්ම මිස්ලට නම් හරිම හිනාඇයි දන්නවද අපිට නින්ද ගිහින් තිබුනට  ගොල්ලන්ට නින්ද ගිහින් නැහැමොකද ශාලිකා මිස්ගේ ලොකු දුවට රාත්‍රී හීතල හින්ද හතිය ඇවිත්වැස්සට තෙමෙන කොට මේ ගොල්ලන්ගෙ කථා ඇහිලවරින් වර ඒව මතක් කර කර හිනා උනාදුම්බරට වැස්ස  ඕනිනම් වැහිපිරිත් කියන්න  ඕනි නැහැමිහිතල මිතුරෝ මේ ගමට ආවනම් හරිබොහෝ අය විහිළුවට වගේ කිව්වඋදේ පාන්දර 04.00  කට්ටිය අවදි වෙලා සූදානම් උනාඅපි උදේ 07.00 වෙද්දි පිටත් උනාසවස මහළකොටුව පාසලේ පැවැත්වෙන ‘‘ සඳපහන් රැය’’ වින්දනීය හෝරාවන් ගැන දැනුවත් කරන්න අපි පත්‍රිකා සූදානම් කරගෙන ගිහින් තිබුනෙකණ්ඩායම් හැටියට වෙන් වෙලා ළමා සමාජයෙ කට්ටියයිතරුණ සමාජයෙ කට්ටයයි ගම දැනුවත් කරමින් මානිගල චාරිකාව ඇරඹුව.

ගෙන් ගෙට පත්‍රිකා බෙදමින්


 මානිගල කන්දට  නම ලැබිල තියෙන්නෙ කොහොමද කියන එකත් අපේ කට්ටිය දැන ගත්තඉංග්‍රීසි පාලන සමයේ රිවස්ටන් කඳු ආශ්‍රිතව තේ වගාව පැවතී ඇතතේ වත්තේ වැඩ කළ දෙමළ කම්කරුවන්ට වේලාව බලා ගැනීමට ඔරලෝසු නොතිබුන බැවින් මානිගල කඳුශිඛරයේ ගලෙහි දැනටත් දැකිය හැකි විශාල හතරැස් කොටුවකට හිරු රැස් පතිත වන ආකාරය අනුව ඔවුන් වේලාව දැන ගෙන ඇතවේලාවට දෙමළ බසින් මනි’  යනුවෙන් ව්‍යවහාරවේවේලාව බලා ගන්නා කන්ද මානිගල කන්ද වි ඇතදුම්බර කඳු පන්තිය ආශ්‍රිතව පාරම්පරික කුඩා ගම්මාන ගණනාවක් පවතිදුෂ්කරතා විඳ ගනිමින් (අපට සාපේක්ෂවනමුදු නිරෝගිමත් දිවි පෙවෙතක් ගත කරන ඔවුන් සැබෑම වාසනා වන්තයින් යැයි අපට හැඟේමෙම ප්‍රදේශයේ පවතින ගම් අතර පිටවලරත්නින්දඇටැන්වලමහළකොටුවවල්පොලමුල්ල හඳුන්වා දිය හැකියවල්පොලමුල්ල ගම කළක් ලංකාවේ කුඩාම ගම්මානය වියඅද එහි කිසිවකු පදංචි නැතදරුණු ලෙස වල් අලි ප්‍රහාරයන්ට ගොදුරු වුන මෙම ගම්මානය අද වනාන්තරය තුළ හුදෙකලාව මිනිස් 

වාසයෙන් තොරවී ඇතඉඳහිට කළුපහන කඳුවැටියේ පිහිටි දූවිලි ඇල්ල කරා යන සංචාරකයින්ගේ නවාතැන් පොළක් ලෙස පමණක් අද එය භාවිතා වේමෙවන් හුදෙකලා තවත් ගම්මානයකි සුප්‍රසිද්ධ ‘‘මීමුරේ’’. රණමුරේ සහ නාරංගමුව තවත් එවැනි ගම්මාන කිහිපයකි. අපි වැද්දා පැනි ඇල්ල අසලට පැමිනියෙමුපෙර දිනයක (2008දෙසැම්බර්මා සමාජ සමාජිකයින්ගේ වැඩසටහනකට අප පැමිණියේ වැසිබර කාළගුනයක් සහිත වකවානුවකයඑදත් අදත් අතර ලොකු වෙනසකිඑදා තේජාන්විතව ගලා හැලූන වැද්දා පැනි ඇල්ල අද දුර්වල වි ඇත

දැඩි නියගයෙන් දූර්වල වූ වැද්දා පැනි ඇල්ල

එහෙත් තව නොබෝ දිනකින් ඇද හැලෙන මහ වැස්සෙන් ඇය යළි ප්‍රාණය ලබනු ඇත.  


2008 දෙසැම්බර් ඇය තේජාන්විතව ගලා හැළුන අන්දම

අපේ යාළුවනේ මේ කථාවෙ ඉතිරි ටික දෙවන දිග හැරුමෙන් බලන්න. නොපමාව දෙවන දිග හැරුම දිග හැරේවි.

ඉතිං යාළුවනේ අපේ දුම්බර දුකඳවුරු චාරිකවෙ දෙවන දිග හැරුම දිග හරින්නයි සූදානම .කවුරුහරි කෙනෙක් 1 වන දිගහැරුම බැලූවෙ නැත්නම් ඒ සඳහා පහතින්ම ඇති  Oldre post  ගිහින් කොටන්න  ඒක බලලම මෙකත් කියවන්න.
වැසි නැති නිසාවෙන් මහළකොටුව, පිටවල සහ රත්නින්ද වගේ ගම්වල කුඹුරු ඔක්කොම ඉඩෝරයට අහුවෙලා වේලිලා ගිහින් .  කුඹුරු වගා කිරිමට නොහැකිය.

 මාස අටකින් හරි හමන් වැස්සක් නැති නිසාම වියැළි ගිය කුඹුරු

 එහෙත් ඇටන්වල ගමිමානය ආසන්නයේ කුඹුරු වල තක්කාලි  දුන්කොළ වැනි වගාවන් කර ඇති අතර ඒවා අධික ලෙස රසායනික භාවිතයෙන් සිදුකරනු ලබයි

 ඇටන්වල ගම්මානය අසළ අධික ලෙස රසායනික භාවිතයෙන් සිදු කරන තක්කාලි වගාවක් දුම්බර ජෛව විවිධත්වයට ඇති තර්ජන අතර මෙයද එකක් ලෙස සැළකිය හැකිය. 

ඇටන්වල ගම්මානය වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති පාරම්පරික ගම්මානයක් බව එහි පරැන්නෝ අප සමග පැවසීය. එමෙන්ම ඔවුන්ට කිසිදු රෝගයක් නොමැති බවද ඉතාමත් හොඳ ශරිර සෞඛ්‍යයකින් ඔවුන් ජිවත්වන බවද අප සමග පැවසූයේ ඉමහත් අභිමානයක්ද පෙර දැරි කරගෙනය. 

ඇටන්වල ගම්මානයේ නිවසක්  මෙම හැම නිවසක් හා ගෙවත්තක්ම වටා කළු ගල් යොදා වැටක් සාදා ඇත
 පුංචි නිසා නැහැ වෙහෙසක්    දැනෙන්නේ
මානිගලේ කන්දට අපි               නගින්නේ 
ඇටන්වල ගම්මානය පසුකර මානිගල කන්ද තරණය අරඹමින් මද දුරක් ඉහළට ඇදුනෙමු. බැළු හැම තැනම පේර ගස් පිරී ඇත. සිත්සේ ඇඹුල් පේර කඩා කුස පුරවා ගතිමු. කළු පැහැයෙන් දිළිසෙන කරඹ තවත් රසවත් පළතුරකි. ඇතිතරම් කරඹ කඩා කුස පුරවා ගන්නට කිසිවකුත් මැලි නොවීය. සමහරුන්ට මෙය අළුත්ම අත්දැකිමකි. නගරයට වී වාහන වලින්ම ගමන් බිමන් යන ඔවුනට මෙසේ දුෂ්කර මං පෙත්වල පාගමනින් යනෙන මෙවන් ගමන් නුහැරුය. එසේ හෙයින් ගමන හෙමින් සිදුවෙයි

මෙවන් දුකක් යළි කිසිදා නොවන්නේ  -    මානිගලේ කන්දට අපි නගින්නේ 

අපේ ළමා සමාජයේ දරුවන්ට නම් මෙවන් ගමන් හොඳට හුරුය. ඔවුන්ට අමාරු හෙමින් ගමන්ය. එබැවින් ඔවුන් වේගයෙන් මානිගල කන්ද කරා ලඟාවිය. කෙසේ හෝ ශාලිකා මිස්ල ලංකා මිස්ල වගේම අපේ සජන මිතුරෝ ලේකම් චන්ද්‍රිකාත් බැරි බැරි මරගාතේ කඳු මුදුනට ලඟාවිය. දැඩිසේ සුළං හමයි. එය වියළි සුළඟකි. හාත්පසින් පෙනෙන්නේ කොපමණ බැලූවත් එපා නොවන අපුර්ව සුන්දරත්වයකින් පිරි දසුන්ය

 කළුවන් පාටට මේ දිළිසෙන්නේ කරඹ ගොඩයි නංගෝ 


මානිගල කඳූ මුදූනට දිස්වන ඇටන්වල ගම්මානය සහ හෙල්මළු ක්‍රමයට අස්වද්දන කුඹුරු


හරිත වර්ණයෙන් බැබැළෙන තුරු වියන්

 


අප ආ ප්‍රීතිය නිසා අහස ද පෙළහර පාන්නට  විය ……

ඈතින් පෙනෙන්නේ තුන්හිස් ගල කන්දයි 

අපි ගල්පොත්තක වාඩිවෙලා දුම්බර ගැන කථාකරන්න පටන් ගත්ත. මෙම කඳුවැටිය මාතලේ දිස්ති‍්‍රක්කයේ ලග්ගල පල්ලේගම ඉඳල මහනුවර දිස්ති‍්‍රක්කයේ හුන්නස්ගිරිය ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙනව. මෙහි බටහිර බෑවුම අධික ලෙස බට වලින් පිරී තිබුන හෙයින් පැරැුන්නෝ බටදඩු කන්ද ලෙස මෙම කඳුවැටිය හඳුන්වල තියෙනව.

බටහිර බෑවුම අධික ලෙස බටවලින් වැසි තිබුන හෙයින් පැරැන්නෝ බටදඩු කන්ද ලෙස ව්‍යවහාර කර ඇත

නිතරම මීදුමෙන් බරව පවතින නිසා ‘‘ දුමෙන් බරවූ ’’ යන තේරුමෙන් මෙය

‘‘දුම්බර ’’ වුනා කියලයි අපි දැන ගත්තෙ.

 ‘‘ දුමෙන් බරවූ ’’ යන තේරුමෙන් ‘‘දුම්බර’’  විය

මිට මෙළවූ අතක ඇඟිළි පිහිටන ආකාරයට දර්ශනය වන හින්ද ඉංග‍්‍රීසීන් විසින් ‘‘නකල්ස් ’’ ලෙස ව්‍යවහාර කර ඇත.



බුදුන් මහියංගනයට වැඩි කල යක්ෂ ගෝත‍්‍රිකයින් ගිරි දිවයිනට පළවා හැරි කථාවක් අපේ වංශ කථාවල සඳහන් වේ. එම ගිරි දිවයින මෙම දුම්බර කඳු පංතිය ලෙස ද සැළකේ. මෙම ප‍්‍රදේශ ආශ‍්‍රිතව යක්ෂයින් හා සම්බන්ධ කථා පුවත් බොහොමයක් පවතී. රාවණා රජු හා සම්බන්ධ කථා ද එමටය. සිතා දේවිය සඟවා තැබූ ලෙන සිතාලෙන විය. ලකේගල යනු රාවණාගේ රාජධානියේ මාලිගය පිහිටි ස්ථානයකි. යකුන්ගේ ගල, යකුන් නැටු ගල ආදිය මෙහි දැකිය හැකිය.  


ඈතින් පෙනෙන්නේ ලකේගල කඳු වැටියයි 

දුම්බර කඳු වැටියෙ උසම කන්ද අඩි 6248 ක් උස ගොම්බානිය කන්දයි. අපි කියපු යකුන්ගේ ගල අඩි 5200 ක් උසයි. 

ජෛව විවිධත්වයෙන් පොහොසත් දුම්බර සංරක්ෂිත වනාන්තරයක් වගේම ලෝක උරුම වන භූමියක්. ලංකාවේ දැකිය හැකි සියළුම වනාන්තර පද්ධති මෙම දුම්බර දි දැකිය හැකිවීම තවත් විශේෂත්වයක් 

ජල සම්පත අතින් දුම්බර හරිම වැදගත්. මහවැලි ව්‍යාපාරය රැඳිල තියෙන්නෙ දුම්බර ජල සම්පතත් එක්ක. හුළු ගඟ, හීන් ගඟ, කළු ගඟ යන ගංඟාවන් වගේ තෙල්ගමු ඔය වගේ  දිය දහරාවන් ඇත්තෙන්ම අපිට ආඩම්බරයක්. මහවැලි ව්‍යාපාරය වැනි සංවර්ධන ව්‍යාපෘති වල අනාගතය රැඳිල තියෙන්නෙ මේ ජල සම්පත රැක ගත්තොත් විතරයි කියන සත්‍යය අපි තේරුම් ගත යුතු කාලය ඇවිදින්.




තෙල්ගමු නදී කොමළිය ආඩම්බරකාරි ගමනක

ඉතිං අපි මානිගල කන්දෙන් පහළට බැහැල වැද්දා පැනි ඇල්ලෙන් ඒ කියන්නෙ තෙල්ගමු ඔයෙන් හිතේ හැටියට නාලා ඇඳුම් ඇද ගත්ත විතරයි.  මෙන්න වැස්සක් වැටුනෙ නැතෑ.  වැස්සටත් තෙමිල දැන්නම් යකෙක් කන්න බඩගිනියි.  ඉක්මන් ගමනින් නවාතැන් පොළට ආව. කියල වැඩක් නැහැ. පොළොස් ඇඹුලකුත් හදල. මේ දුම්බර බිමේ රසය උරාගෙන ද කොහෙද පොළොස් ඇඹුලෙ රස කියා නිම කරන්න බැහැ.  ඒ තරම් රසවත් පොළොස් ඇඹුලක් කවරමදාකවත් කාල නැහැ.

අද සවස මහළකොටුව මහ විදුහලේ දී අප සංවිධානය කළ ‘‘සඳපහන් රැය’’ වින්දනිය රාත්‍රීය වෙනසකට භාජනය කරන්නට සිදු උනා . ගමේ එක් නිවෙසක අද රාත්‍රී ධර්මදේශනා පිංකමක් පැවැත්වෙවෙනව . ඒ හින්ද  අපේ ප්‍රසංගය සවස 05.30  පමණ අරඹන්නට සිදු උනා

ලොව සරසන දළු කොළ මල් අපට අයිති නෑ …. ඒ නිසාම ඒවා වනසන්නට බෑ….
සඳ පහන් රැය ආරම්භ කරමින් මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජයේ දරුවන් එක්ක එකතු උන රුණ සංවිධානෙ සඳරුවන් ලොව සරසන මල් ගීයට අපූරු රංඟනයක් එකතු කළා. ඒ ගීතය හරහා ලබා දුන්නෙ වටිනා පරිසර පණිවිඩයක්. සොබාදහමේ ඇති කිසිවක් අපට අයිති නැති නිසාම ඒවා කිසිවක් වනසන්නට අපට අයිතියක් නැති බව කියැවෙන එම අංගයෙන් පස්සෙ කරළියට ආවෙ ළමා සමාජයේ දරුවන්ගෙ තවත් අපූරු නාට්‍යයක්.

 ගමයෙක් විය ආදි කාලයේ ........

මේ ගමයගෙ බතල   කථාවයි

මේ මහගේ පැදුරෙ  කථාවයි

ගම දුවගේ මගුලෙ   කථාවයි

මේක හතර බිරි         කථාවයි 

 


අපගේ කෙටි දැණුම් දිමකින් සඳපහන්රැය හා එක්වන්නට පැමිණි මහළකොටුව ගම්වාසීන්

 

 අඟුටුමිටියා වන් සුන්දරියේ නැද්ද හැඩ රුව මං ..........

  ඇන්නෑවේ  මේ මළ කෝළං  පාරේ යන්නට බෑ මුන්ද සමගින් ..........


ගම අවුලඤඤං ….. ගිනි ගෙඩි  දෙඤඤං…..

මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි …….

 

අපි වීඩියෝ දර්ශන භාවිතයෙන් මෙම ප‍්‍රදේශයේ පවතින ප‍්‍රධාන පරිසර ගැටළුවක් වුන කැලෑගිනි තැබීම් පිළිබඳව සහ දුම්බර ඇති පාරිසර්ක වටිනාකම් පිළිබඳව ජනතාව දැනුවත් කළා. මෙම කඳවුරේ ප්‍රධාන සංවිධායක වරයා සහ අපේ සංවිධානයේ උප ලේකම් වරයා වන සඳරුවන් හැම වැඩක්ම හරියටම සංවිධානය  කරල තිබුන. ඒ විතරක් නෙමෙයි සඳරුවන් ඇතුලූ සියලූ ශිල්පීන්ගේ  දක්ෂතා එදා අපිට දැක න්නට ලැබුන. මෙම ගම්මානයේ ජනයාට සිය උපරිම හැකියාවන් පෙන්වූ අපේම දරුවන්ට අපේ ප්‍රණාමය ! ඒ විතරක් නෙමෙයි මහළකොටුව ශ‍්‍රී සුමනාරාමයේ විහාරාධිපති හිමියන්ගෙන් ලැබුන සහයෝගය කොහොමවත් අමතක කරන්න බැහැ. අපේ සද පහන් රැය නරඹන්න අපට ශක්තියක් වෙන්න න්වහන්සෙ වැඩම කළා. ඒ බැව් පුණ්‍යානුමෝදනාවේ සිහිපත් කරනව.

 මහළකොටුව ශ‍්‍රී සුමනාරාමයේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ සඳපහන් රැයට වැඩම කරමින් අපට මහා ශක්තියක් සැපයීය 

 

පසුදා සැප්තැම්බර් 2 දා හරියටම උදෑසන 06.30 කඳූශිඛර සිසාරා විඩියෝ වැඩසටහන තුළින් සියළු දෙනා දැනුවත් කළ අප මේ සූදානම් වන්නේ මහලකොටුව මහ විදූහලේ දී පැවැත්වීමට නියමිත කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහාය.  කඳවුරේ සියළු සහභාගිකයින් මේ සඳහා සහභාගිවිය.

ඉදිරි ක‍්‍රියාකාරකම් සඳහා කණ්ඩායම කල් බලන්.........

 ශාලිකා , චන්ද්‍රපත්මා යන මහත්මීන් සහ නන්දන මහත්මා ප්‍රධාන අධික්ෂණ  නිලධාරීන් විය. සංවිධායක මණ්ඩලය ලෙස    ප්‍රදීප්, සඳරුවන්, රංජන්, නුවන්, දූලිත, සංජීවනී යන මහත්ම මහත්මීන් සහභාගි විය. බල්ලා, ගෙම්බා, කුකුළා යන සතුන්ගේ නාද ඔස්සේ කන්ඩායම් ගත විය යුතුය. එහෙත් ඇස් බැඳ තාවකාලික අන්ධයින් ලෙසය. එම සතුන්ට අමතරව කැලයේ සිටපැමිණි නරි, ගොණ්නු, දීවියන් ආදී සතුන් ද නාද කරන්නට විය. එයද හරිම විනෝද ජනක අංගයක් විය. සතුන්ද නාද කරමින් ගමන් කරයි. කෙසේ හෝ තමන්ට අදාල සත්වයා අල්ලා ගත යුතුය. 






අවසන කණ්ඩායම් තුන සීතාලෙන, ලකේගල සහ ඩින්ස්ටන් විය.පළමු අභියෝගාත් මක කි‍්‍රයාකාරකමට කණ්ඩායම් තුනම ඉමහත් උද්යෝගයෙන් සහභාගිවිය. එය කණ්ඩායම් හැඟීම උද්දිපනය කළ විනෝදය හා සතුට මෙන්ම ජීවිතයට පාඩම් රැසක් ද එක් කළ කි‍්‍රයාකාරකමකි. කණ්ඩායමට ලැබෙන නූල් බෝල 3 න් දැලක් වියා සියළු සාමාජිකයින් එහි නංවා උඩ දැමිම අභියෝගය විය.

 ඞීන්ස්ටන් දැළ වියන අතර තුර.........


මෙහෙම උඩයන්න ලැබෙන්නෙ කවද්ද? සීතාලෙන කණ්ඩායම


මෙහෙම සැපක් කවදානම් ලැබෙයි දෝ  ලකේගල කණ්ඩායම 

මේ විදිහට හැමෝම උ ඩ ගියා මහා බරපතල අයත් හරිම අපූරුවටඋඩ ගියා . ඔක්කොම අවස්ථා මෙහි දාන්න බැහැ . දිග වැඩි වෙනවනෙ. කවුරුත් තරහ වෙන්නත් එපා. අපේ  ඒව දැම්මෙ නැහැ කියල. 

මී ලඟ ක‍්‍රියාකාරකමත් දැළ වියන එක වගේම සමහර විට ඊටත් වඩා විනෝද ජනකයි. අපේ අයගෙ තිබ්බ කණ්ඩායම් හැඟිම නම් හරිම ඉහළයි. වැඩිහිටි අයත් ඔක්කොම හරියට පොඩි එව්වො ගාණයි. ඇත්තෙන්ම හෝරා  කිහිපයකට හරි ළමා කාලයට යන්න හැමෝටම අවස්ථාව උදා උනා. මේ තමයි තමන් සතු දේවල් භාවිතා කරල දිගම ලයින් එක හදන අභියෝගය 

ලකේගල ලයින්  එක හදන්න පටන් අරගෙන


ඞීන්ස්ටන් මොකද මේ ඇඳුම්  ගලවගෙන

අම්මෝ මල්ලි කලිසම නම් ගලවන්න එපා .........

දිගම ලයින් එක හදාගෙන යනකොට තමන් ගාව තියෙන හැම දේම තියල, අන්තිමට ඇඳුම් ගලවල , බැරි තැන වැහි කබායත් ඉරල තියන්නත් මුදල්, චේන්, බැංකු කාඞ් වගේ වටිනා දේවල් තියන්නත් කිසිම කෙනෙක් මැලි උනේ නැහැ.  අන්තිමට කාන්තාවන් තමන්ගෙ කොණ්ඩයත් දිග හැරල ලයින් එකට තියල බිම දිගා උනා. කියල වැඩක් නෑ  මේ නම් අපූරුම කණ්ඩායම් කි‍්‍රයාකාරකමක්.  

 


සියළු ක‍්‍රියාකාරකම් අවසන කුඩාදරුවන් වැඩිපුර සිටිම නිසා තමන්ට අසාධාරණයක් වියැයි මැසිවිලි නැගූ සීතාලෙන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගත් අතර ඩින්ස්ටන් දෙවන ස්ථානයද වැඩිහිටියන් වැඩිපුර සිටි ලකේගල තුන්වන ස්ථානයද ලබා ගත්තේය.
අපේ යාළුවනේ දුම්බර ගිම්හාන කඳවුර ගැන ලියැවෙන මේ බ්ලොග් සටහනේ අවසානයටයි දැන් ඇවිල්ල තියෙන්නෙ .මේ සටහන පිළිබදඳව ඔබේ අදහස් යෝජනා ලියන්නත් අමතක කරන්න එපා.                                                                                                                                                            මතකද අපි දිගම ලයින් එක හැදුව . ඒකෙන්නම් ජය ගත්තෙ ඩීන්ස්ටන් කණ්ඩායම. ඊට පස්සෙ ලේඩි ලයන් ඇන්ඩ් හන්ටර් ඒ කියන්නෙ සිංහයා, කාන්තාව සහ දඩයක්කරු තරගය. මේ තරඟයත් ඉස්සෙල්ල තරඟ වගේම තරඟකාරිත්වය ඉහළින්ම තිබ්බ. ඒ වගේම හරිම විනෝද ජනකයි. 

ලකේගල පරදා මේ ජය ලබන්නේ සීතාලෙන කණ්ඩායම


ඞීන්ස්ටන් සහ සීතාලෙන අතරෙ තරෙඟන් කාටවත්ම ජය නැහැ 

මෙන්න ඊලඟට අපේ හැමෝටම පුංචි කාලෙට යන්න උනා. බෝතලයට වතුර පුරවන්න. හැබැයි කණ්ඩායම පෙළට හිටල අතින් අතට වතුර මාරු කරමින් තමයි පුරවන්න තියෙන්නෙ.




ලොකු අත්වලින් පටන් අරගෙන අතින් අත මාරු වෙලා  යන වතුර අන්තිමට  පුංචි අත්වලින් බෝතලයට වැටෙනව. මේ ලකේගල කණ්ඩායම 
අන්තිමට සමස්ත ජය කාටද කියල දැන් කවුරුත් දන්නවනෙ. ප‍්‍රථම ස්ථානය සිතාලෙනට දෙවන හා තුන්වන පිළිවෙලින්  ඩින්ස්ටන් හා ලකේගලට හිමි උනා.ජය පරාජය කවුරුත් සමසේ භූක්ති වින්ද.
අපි සවස 2.00 ට විතර මහළකොටුව අපි සවස 2.’00 ට විතර මහළකොටුව ගම්වාසින් ගෙන් සමු අරගෙන ලග්ගල පල්ලේගම පාරෙන් ඇලහැරට ආව.අපි මේ සැරසෙන්නේ ලංකාවෙ මහා වාරිකර්මාන්තයක් නරඹන්නයි.

1 වන අග්බෝ රජු විසින් නිර්මාණක කරන ලද අඹන්ගඟ හරස් කර තැනූ වේල්ල...

බකමූන හරහා මින්නේරිය-ගිරිතලේ ස්වභාව රක්ෂිතය හරහා දඹුල්ල ඔස්සේ අපි ගමන් කළෙමු. මිහිතල එෆ් එම් සේවය ඔස්සේ ‘‘පුළුවන්නම් දිනා ගන්න බැරිනම් අනා ගන්න ’’ ප්‍රශ්න විචාරාත්මක තරඟය ඇරඹිමු. මෙම චාරිකාව තුළින් ලබාගත් දැණුම සැමට ආවර්ජනය කරමින් සැකසුන ප්‍රශ්න 8 ක් තරඟකරුවන්ට ලැබුන අතර තරඟ කරුවන් 5 දෙනෙකි. ඉන් දෙදෙනෙක් අවසන් ප්‍රශ්නය දක්වා නිවැරදිව පිළිතුරු සපයමින් මුළු ත්‍යාග මුදලම දිනා ගත් අතර එක් තරඟ කාරියක් මූළු ත්‍යාග 
මුදලින් හරි අඩක් දිනා ගන්නා ලදී.  

පුළුවන්නම් දිනාගන්න නැතිනම් අනාගන්න තරඟයේ ජයග‍්‍රාහකයෙක් බවට පත්වූ සෙනුල් මධ්‍යම පරිසර අධි කාරියේ අත්තිඩිය සොබාකෙත මධ්‍යස්ථානයේ සථානභාර නිලධාරි මහතා අතින් මුදල් ත්‍යාගය ලබාගත් මොහොත


 සමස්ත තරගා වළියේ තෙවන ස්ථානය දිනා ගත් ලකේගල කණ්ඩායමට හිමි ත්‍යාගය කොළඹ දිස්ති‍්‍රක් පරිසර නියමු කොමසාරිස් වරිය අතින් ලබාගත් මොහොත

 

 සමස්ත තරඟාවළියේ දෙවන ස්ථානය දිනාගත් ඩින්ස්ටන් කණ්ඩායමට හිමි ත්‍යාගය සොබාකෙත මධ්‍යස්ථානයේ ස්ථානභා ර  නිලධාරී මහතා අතින් ලබාගත් මොහොත


 සමස්ත තරඟාවළියේ ප‍්‍රථම  ස්ථානය දිනාගත් සීතාලෙන කණ්ඩායමට හිමි ත්‍යාගය  මධ්‍යම පරිසර අධිකාරියේ කොළඹ දිස්ති‍්‍රක් පාසල්භාර නිලධාරී වරිය අතින්  ත්‍යාගය ලබාගත් මොහොත


 මිහිතල එෆ් එම් නව පරපුරේ සංගීත රිද්මයට 70 දශකයේ ජනප‍්‍රිය ගි ගයමින් මිහිරෙන් පිරි දැණුම,සතුට විනෝදය රැඳි ගිම්හාන කඳවුර - 2012 සාර්ථක ලෙස නිමා කරමින් 2012 සැප්තැම්බර් 03 වන දින අළුයම් යාමයේ සිය නිවෙස් වලට පැමිණිමට සහභාගිකයින්ට හැකි විය.
අපේ මීලඟ චාරිකාව ඔක්තෝඹර් මාසයේ එක් දින චාරිකාවක් ලෙස පවත්වන්නට කටයුතු සූදානම් වෙමින් පවතිනව. ඒ සඳහා නාමල් උයන හා රෝස  තිරුවානා නිධියත් පිදුරංගල හා සිගිරියත් පිළිබඳව  අධ්‍යයනයක නිරත වෙන්නයි අදහස. අපත් සමග මෙම චාරිකාවන්ට සහභාගිවන්නට කැමති සහෘද්ධයන්ට අපි ආදරයෙන් ආරාධනා කරනව අපිත් සමග එකතුවන්න ට  
0713496971 හෝ mihithala.mithuro@yahoo.com 
හෝ mihithalamithuro@gmail.com