Monday, April 13, 2015

නන්දෙසින් නන් දනන් සපැමිණ පළකළෝ සිය තුටු හැගුම්

නන්දෙසින් නන් දනන් සපැමිණ  පළකළෝ සිය තුටු හැගුම් 

ලෝකයට වටින පාඩමක් කියා දුන් කොඩිගහකන්ද ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන දැකගන්නට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජගත් පරිසර පහසුකම්  සුළු මූළ්‍යාධාර වැඩසටහනේ නියෝජිතයින් කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට පැමිණි වගයි ...........

Kodigahakdnda sanctuary was visited by the representatives of UNDP SGP, GEF recently . This was a golden opportunity to Mihithaa Mithuro to share their experience with world wide representatives about how to conserve the forest with participation of civil society.


මිහිතල මිතුරෝ සිය පරිසර සංරක්ෂණ වැඩසටහන් අතර ප‍්‍රමුඛතම වැඩසටහන ලෙස කි‍්‍රයාත්මක කෙරෙමින් පවතින්නේ ප‍්‍රජාවගේ සහභාගිත්වයෙන් කොඩිගහකන්ද ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ වැඩසටහනයි.  මේ සදහා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ජගත් පරිසර පහසුකම් සුළු මූළ්‍යාධාර වැඩසටහනේ මූළ්‍යමය දායකත්වය ලබාගෙන අති සාර්ථක අන්දමින් සංරක්ෂණ වැඩසටහන කි‍්‍රයාත්මක කළ අතර ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභයභූමිය ජාතියට දායාද කරනන්ට ඔවුන් සමත් උනා.

Mihithala Mithuro Environmental Development Foundation (MEDEF) conduct number of envirnmental events through out the year. Among those events, most important event was 'Conservation of Kodigahakanda forest with the support of civil society'. GEF SGP was funded to this project and this was the first 'people protected sanctuary' in Sri Lanka.

2015 වර්ෂයේ ජගත් පරිසර පහසුකම් /Global Environmental Facilities (gef) සමුළුව 2015 මාර්තු 17 - 18 දෙදින කොළඹ දී පැවැත් වු අතර මෙතෙක් ශී‍්‍ර ලංකාවේ පරිසර සංරක්ෂණයට අරමුදල් සැපයීමෙන් කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති අතුරින් සාර්ථක ව්‍යාපෘතියක් නැරඹිම ඔවුන් ගේ වැඩසටහනේ සුවිශේෂිම අංගයක් උනා.

මේ සදහා ඔවුන් විසින් තෝරාගත්තේ මිහිතල මිතුරන්ගේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව සංරක්ෂණ ව්‍යාපෘතියයි.

The annual conference of gef was held in Colombo, Sri Lanka this time. While this event they have given their priority to visit one of successful  project which has done with their financial support. They have selected Kodigahakdada bio diversity conservation project as model project. 


එදා 2015 මාර්තු 19 වෙනිදා. මේ සා විශාල (සියයකට ආසන්න) විදෙස් දූත පිරිසක් කොඩිගහකන්ද භුමියට පැමිනෙන ප‍්‍රථම දවස. ඒ නිසා ඔවුන්ට ඇවැසි පහසුකම් අවම මට්ටමින් හෝ සපයන්න මිහිතල මිතුරෝ සාමාජිකයින් වගේම ප‍්‍රජාවත් යුහුසුළුව වැඩ කළා. එදින උදෑසන 09.00 පමණ වන විට ඔවුන් සොබාදහමේ සොදූරු තැන් සොයා යන්නට ඇති කැමැත්ත විදහා පාමින් මිහිතල මිතුරෝ ජෛව විවිධත්ව භූමියට සේන්දු උනා.

The date was 19th of March, 2015; hundreds of foreign visitors were reached to the MEDEF premises to to spend their day with the nature.


‘‘ආයුබෝවන් ’’ හෙළ සිරිතට අනුව මිහිතල මිතුරෝ සාමාජිකාවන් දෙදෙනෙකු විසින් සපැමිනි නියෝජිතයින් පිළිගත් අතර ප‍්‍රජාව විසින් ඔවුන් වෙනුවෙන් සැකසුන තිළිණ පිරිනැමූවා.

All guests were welcome by wishing them 'Ayubowan' (have a longer life) and offered souvenirs which were made by civilians who benefited from this project.

මීට අමතරව මිහිතල මිතුරෝ කි‍්‍රයාකාරිකයින්, ප‍්‍රතිලාභී ප‍්‍රජාව, ජෙප් එස්ජීපී හවුල්කාර සංවිධාන ජාලය වන ශී‍්‍ර ලංකා සොබා සංසදයේ නිලධාරීන්, පරිසර වේදීන් සහ චිත‍්‍රතරගයට සම්බන්ධ පාසල්වල දරුවන් හා ගුරුවරුන් ද සහභාගි උනා.

Members of Mihithala Mithuro, beneficiaries, Sri Lanka Nature Forum, School students, and many other organizations has joined with this occasion.






සමාරම්භක උත්සවයේ වැඩකටයුතු ඇරඹුන අතර සියළු දෙනාට තැඹිළි ගෙඩියක රස බැලීමට ද අවස්ථාව උදා උනා. 

සමාරම්භක උත්සවය මෙහෙයවනු ලැබූයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඉනෝකා මහත්මිය විසිනි.

All the events were coordinated and conducted by Dr. Inoka, senior lecturer of Sabaragamuwa University, Sri Lanka.


පිළිගැනිමේ කථාව මිහිතල මිතුරෝ වත්මන් සභාපති කරුණාදාස මුණගම මහතා විසින් පවත්වන ලදී.

Welcome speech was done by Mr. Karunadasa Munagama, president of Mihithala Mithuro.

එක්සත්ජාතීන්ගේ ජගත් පරිසර පහසුකම් සුළු මූළ්‍යාධාර වැඩසටහනේ ශී‍්‍ර ලංකාවේ ජාතික සම්බන්ධිකාරිකා ෂෙරීන් සමරසූරිය මහත්මිය විසින් මෙම වැඩසටහන පිළිබදව කෙටි හදූන්වා දීමක් කරන ලදී

Introduction of this event was done by Mr. Sherin Samarasooriya, national coordinator of Sri Lanka for SGP gef.

මෙවන් ස්වභාවික වනපෙතක් ජාතියට දායාද කළ ටෙරන්ස් රොහාන් නියොමාල් ද සොයිසා මැතිදූන් විසින් තමන් විසින් මෙවන් පරිත්‍යාගක් සිදු කළේ ඇයි ද යන වග පැහැදිලි කළ අතර තමන්ගේ පරිත්‍යාගයට අසීමිත වටිනාකමක් එක්කරමින් එය තිරසාර ලෙස සංරක්ෂණය කිරීමට මිහිතල මිතුරන්ට හැකිවීම පිළිබදව තමා බෙහෙවින් සතුටු වන බව පැවසීය

Mr. Rohand De Soyza, person who donated this forest land to conserve for future generations has addressed the gathering why he donated this and mentioned that he really happy with this conservation which are doing by Mihithala Mithuro.

මිහිතල මිතුරෝ සංවිධානය මෙතෙක් කලක් පරිසර ක්ෂේත‍්‍රයේ සිදුකරන ලද මෙහෙවර පිළිබදව හා විශේෂයෙන් කොඩිගහකන්ද ස්වභාවික වනපෙත ප‍්‍රජා සංරක්ෂිත අභයභූමියක් දක්වා ගෙන ආ ගමන පිළිබදව මිහිතල මිතුරෝ වත්මන් උප සභාපති චන්දික සම්පත් ගුණතිලක මහතා විසින් සපැමිනි දෙස් විදෙස් නියෝජිතයින් දැනුවත් කරන ලදී.

History and field activities done by Mihithala Mithuro and activities of 'People protected forest' presented by Chandika Sampath Gunathilake, vise presidet of Mihithala Mithuro.

ජෙප් වැඩසටහනේ අන්තර් ජාතික නියෝජිත වරියක් මෙන්ම මෙම කණ්ඩායමේ මෙහෙයුම් නිලධාරිනී මීන්යා මහත්මියගේ කෙටි අදහස් දැක්වීමක් සිදු කළා.  

National representative of GEF, Ms. Minya mentioned her feedback about this event.

මිහිතල මිතුරෝ විසින් කොඩිගහකන්ද චාරිකාවන් හි නිරත පාසල් දරුවන් සදහා ප‍්‍රාථමික හා ද්විතීයක යන අංශයන් නියෝජනය වන පරිදි ‘‘ මා දුටු කොඩිගහකන්ද ’’ යන තේමාව ඔස්සේ චිත‍්‍ර තරගයක් පවත්වන ලදී. එම චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයින්ට හිමි ත්‍යාග පිරිනැමීම මිහිතල මිතුරෝ වත්මන් ජ්‍යේෂ්ඨ උපදේශක ටෙරන්ස් රොහාන් නියොමාල් ද සොයිසා මැතිතුමා, ශී‍්‍ර ලංකා සොබා සංසදයේ වත්මන් ජාතික සංවිධායක සම්පත් ආරියසේන මැතිතුමා, පරිසර අමාත්‍යංශයේ සම්පත් මැතිතුමා සහ කොඩිගහකන්ද ජෛව විවිධත්ව අධ්‍යයනයෙහි නිරත පරිසර වේදීන්වන සජීව චාමිකර මැතිතුමා සහ අජන්ත පළිහවඩන මැතිතුමා යන විද්වතුන්ගේ සුරතින් සිදුවිය.

MEDEF has organized a painting competition of 'Kodigahakanda from my eye' and prize giving was held as a part of this event. Many of guests were requested to participate to donate prizes and certificates to winners. 



කිරිබත්,කැවුම් ,කොකිස්,ආස්මී ඇතුළු දේශිය රස කැවිලි ඇතුළත් තේපැන් සංග‍්‍රහය භූක්ති විදින්නට සියළු දෙනාටම අවස්ථාව උදා උනා.

Many of traditional Sri Lankad foods and Ceylon tea were served to all guests.


 තේපැන් සංග‍්‍රහයෙන් පසු සපැමිනි නියෝජිත පිරිස කණ්ඩායම් 4 කට වෙන්විය.

After the tea break, guests were separated into four groups.

ඉන් එක් කණ්ඩායමක් පාරිසරික ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් සදහා ස්වභාවික වනපෙතක ඉදිවී පවතින එකම පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානය වන කොඩිගහකන්ද පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයට ගමන් ගන්නා ලදී. 

One team has participated for the Eco adventure activities, where the track has built in side of the Kodigahakanda.


තවත් කණ්ඩායමක් ස්වභාවික මංපෙතේ පරිසර අධ්‍යයනය සදහා ගමන් ගන්නා ලදී.

 ද තවත් පිරිසක් ගම්මානයේ ප‍්‍රජාව හමුවිමට ගමන් ගන්නා ලදී. 

Another team went for meeting beneficiaries of the project.


තවත් කණ්ඩායමක් මෙම ස්ථානයේම රැදෙමින් මෙහි පැවැත්වෙන මිහිතල මිතුරෝ සහ ප‍්‍රජාවගේ නිෂ්පාදන හා අධ්‍යාපනික වටිනාකමක් සහිත ප‍්‍රදර්ශනය හා සංස්කෘතික සංදර්ශනය නැරඹිමට ද වෙන් විය.

One of another team retained the pace of Mihithala Mithuro and observe about traditional items and exhibition items which they had displayed.

පොල්කටු ආශ‍්‍රිත නිෂ්පාදනයන් සිදු කෙරෙන මෙම වැඩිහිටියා කොඩිගහකන්ද ආසන්නයේ දිවි ගෙවයි. මෙම ස්ථානයට පැමිනෙන දෙස් විදෙස් සංචාරකයින්ට තම නිෂ්පාදයන් අලෙවිකර ගැනීමට ඔහුට අවස්ථාව උදාකර දී ඇත.

This villager create handicrafts by using coco nut shells and MEDEF has given him a chance to sell his products in their premises.



වීදියගොඩ නාථ දේවාලය හා සම්බන්ධ ඔළබොඩුව ගම්මානය කළා ගම්මානයකි. දෙස් විදෙස් හි සුපතල නැටුම් ශිල්පීන් , බෙර වාදකයින් හා වෙස්මුහුණු ශිල්පීන් ගෙන් හෙබි මෙම ගම්මානයේ ශිල්පීන් විසින් මෙම උත්සවය වර්ණවත් උනා. ඔබ මේ දකින්නේ එවැනි පාරම්පරික වෙස් මුහුණු කළාවන්ය.

Olaboduwa, where close to Kodigahakanda is a well known traditional mask village. These exhibits are from that carving makers.

මිහිතල මිතුරෝ සංවිධානය අවට ප‍්‍රජාවගේ ද දායකත්වයෙන් විවිධ ස්වභාවික නිෂ්පාදනයන් සිදු කෙරෙමින් ඒවා වෙළදපොල දක්වා ගෙනයාමේ වැඩසටහනක්  අරඹා ඇත. ඔබ මේ දකින්නේ ඔවුන්ගේ නිෂ්පාදන ඇතුළත් ප‍්‍රදර්ශනයයි.

Mihithala Mithuro has launch a program to prepare natural products such as herbal balms,  oils, inhalers, dish washes wines etc..  Some items could be seen in the exhibition.





සොබාදහම හා පරිසරයත් මානව දිවි පෙවතත් අපේ බොහෝ කලාවන් වල උපතයි. ඔළබොඩුව කරුණාදාස ඔළබොඩුව ශූරීන්ගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්වූ දේශිය නර්තනයන් අතරට එක් වූ නාගරාක්ෂ හා ගුරුළු රාක්ෂ නර්තනයේ අවස්ථාවකි මේ. ගුරුළන් විසින් යටපත් කර ගන්නා ලද නාගයින් 

There was a traditional dance called 'Gurulu Raksha vs Naga Raksha ( Eagle and Cobra) was presented by traditional dancers.

ගින්දර යනු මානව පරිනාමයේ එක් තිරණාත්මක සාධකයකි. ගින්දර අත්‍යවශ්‍ය මෙන්ම විනාශකාරි ද වේ. එහෙත් ඒ බියකරු ගින්දර කෙතරම් සුවච කීකරු තත්වයකට ගෙන ආ හැකිදැයි විදහා පෙන්වන ගිනි සිසිල

There was another very enthusiastic and fascinating dance called 'Gini sisila' was presented by traditional dancers. 

කණ්ඩායම් ලෙස ලබාගත් අත්දැකීම් ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාවේ දී වනාන්තරයේ ස්වභාවික මං පෙතෙහි ඇවිද යමින් ලැබූ අත්දැකිම් විස්තරකරමින් එම නියෝජිත වරයා පැසූයේ මෙය තමන් ජීවිතයේ ලබාගත් අපුර්ව අත්දැකිමක් බවය. වනාන්තරයක ලැබිය හැකි අත්දැකිම සිත්සේ විද ගන්නට ලැබෙන දුලබ අවස්ථාවක් බවය. වැල්වලි එල්ලෙමින් ගල් මතින් බැසයමින් මුල්වල ආධාරයෙන් ගල්මතට නගිමින් ස්වභාවික ත‍්‍රාසජනක අත්දැකිමක් පමණක් නොව මෙම සංවිධානයේ තරුණයන්ට ගැඹුරට විහි දී ගිය ජෛව විවිධත්ව දැණුමක් ද ඇතිවග අපට පසක් වූ බව හේ පැවසීය. වනාන්තරයේ ශාක පිළිබදවත් පක්ෂින් ඇතුළු සත්ව ප‍්‍රජාව පිළිබදවත් අපට ඔවුන් බොහෝ දේ ඉගැනු වූ බව ද හේ පැවසීය.

As the last event, few of guests shared their feedback on this event. Commonly they were very happy with this event and the way of working with civil society.
Also, conservation activities of Kodigahakanda were highly appreciated.


පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයේ දී ලබාගත් අත්දැකිම් විස්තර කෙරෙන නියෝජිතවරියක්

ගම පුරා ඇවිදයමින් ප‍්‍රජාව මුණගැසී ලබාගත් අත්දැකීම් විස්තර කෙරෙන අවස්ථාවතක් 

සාමූහික බෙර වාදනයක්

මෙම ක්ෂේත‍්‍ර චාරිකව පිළිබදව සිය ඉහළම ප‍්‍රසාදය පළකරමින්.........

Sharing their pleasure...