Monday, May 11, 2015

දෑසින් කරුණා අම පැන් වැසි වස්සන නිසංසලේ .......... ශෛල සමාධි පිළිමෙන් සිංහළයට පවන් සැලේ ............

දෑසින් කරුණා අම පැන් වැසි වස්සන නිසංසලේ ..........

ශෛල සමාධි පිළිමෙන් සිංහළයට පවන් සැලේ ............


මිහිතල මිතුරෝ මෙවර සිය එක් දින චාරිකාව සංවිධානය කරන්නේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් කේන්ද‍්‍ර කර ගනිමිණි. 

අපේ ප‍්‍රථම අවධානය යොමු වන්නේ රිදීගම පිහිටි රිදී විහාරයටයි. රිදී විහාරය පිළිබදව ඓතිහාසික තොරතුරු මෙහි සටහන් කරන්නට අදහස් කරන්නේ නැහැ. ඒ සියළු තොරතුරු එම ස්ථානයේ දීම අපි ඔබට ලබා දෙන්න සුදානම්.


අපේ ඊලග අරමුණ ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප‍්‍රතිමාව වැද පුදා ගැනීමයි. රම්බඩගල්ල මොණරාගල විහාරස්ථානයේ ඉදිකරන ලද මෙම පිළිමය 21 වන සියවසේ ආශ්චර්යමත් නිමැවුමකි. මෙම බ්ලොග් සටහනේ ඉහළින්ම ඔබ දකින්නේ එම පිළිමයයි.

ශෛලමය සමාධි පිළිමය වැද පුදා ගැනීමෙන් පසු අපි ගමන්් කරන්නේ දොඩම්ගස්ලන්ද කොරොස්ස රජ මහා විහාරයටයි.

කොරොස්ස රාජ මහා විහාරය අතිශයින්ම සුන්දර කදූ ගැටයක පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත් පිං බිමකි. මේ චාරිකාවේ අපේ ඊලග අරමුණ මදුරාගොඩ කහටගහ පතල නැරඹිමටයි. එම් ස්ථානයෙන් සමුගෙන අපි ඊලගට ගමන්කරන්නේ විඩාබර ගතට සිසිල් සුවය සදන බතලේ ගොඩ වැව් කොමළිය වෙතටයි. අපි නාමු ගිලී බැසි පිහිනාලා මේ                 බතලේ ගොඩ වැව් දියඹේ.

මෙම චාරිකාව පිටත් වන්නේ මැයි 24 වන ඉරුදිනයේයි. 

මෙම චාරිකාවට සම්බන්ධවීමට ඔබත් කැමැත්තෙ හි නම් 0112754700 සහ 0713496971 ට මුණගම අමතා හෝ 071 4285480 ඔස්සේ සදරුවන් මහතා අමතා විස්තර ලබා ගත හැකියි.