Wednesday, March 21, 2012

වසන්ත කඳවුර - 2012

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පනදම මගින් පවත්වනු ලබන වසන්ත කඳවුර -2012   මෙවර මහඑළියේ (හෝර්ටන්තැන්නේ) දී අපේ‍්‍රල්  6,7,8  යන තෙදින පුරා පැවැත්වේ.  මේ වසන්ත සමයයි. විශේෂයෙන්  නුවර එළිය වසන්තශී‍්‍රයෙන් ඇළලෙයි. එම සුන්දර්ත්වයේ අපූර්වත්වය  අප සාමාජිකයින්ට විඳ ගැනීමට අවස්ථාව ලබා දිම ද මෙම කඳවුරේ අරමුණයි.  අප‍්‍රියෙල් 5 වන දින මධ්‍යම රාතී‍්‍ර 12.00 ට චාරිකාව පිටත්වන  අතර නුවරඑළිය උiානය, ග්‍රෙගරිවැව, කළු ඇල පාරිසරික නිකේතනය, හයිලන්ඞ් කර්මාන්තශාලාව, නවසීලන්ත ගොවිපල ආදිය නැරඹීමෙන් අනතුරුව හෝර්ටන්තැන්නට ලඟා වීමට නියමිතය. 6 වන දින සන්ධ්‍යාවේ විශේෂ අධ්‍යයන වැඩසටහනක් සහ රාතී‍්‍රී‍්‍රයේ සොබාදහමේ සුන්දරත්වය වින්දනය කෙරෙන වින්දනාත්මක වැඩසටහනක් දියත්වේ. 07 වන දිනය ශී‍්‍ර ලංකාවේ දෙවන උසම කන්ද වන කිරිගල්පොත්ත තරණය හා අධ්‍යයනය කෙරේ. 08 වන දින බේකර්ස් ඇල්ල, ලෝකාන්තය ආශි‍්‍රත අධ්‍යයනයෙන් වැඩසටහන නිමාවේ.

Thursday, March 1, 2012

සොබාදහම සමග ජීවත්වෙමු - පරිසර කඳවුර -2012

මෙම කඳවුර 2012.03.23 සිට 2012.03.25 දක්වා කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම කඳවුර සඳහා තවත් ඇත්තේ සීමිත ඉඩකඩ ප‍්‍රමාණයක් පමණකි. පළමු ඉල්ලූමට පළමු තැන යන ප‍්‍රතිප්තිය යටතේ මේ සඳහා සහභාගිවිමට අවස්ථාව ලැබේ. ජීවිතයේ ඉතාමත් කලාතුරකින් අත්විඳිය හැකි අත්දැකිම් සමුහයක් ලබාගත හැකි මෙම කඳවුර සඳහා පරිසර හිතැති ඔබටද සහභාගිවිය හැකිය.
 2012.03.23 වන සිකුුරාදා ප.ව. 05.00 ට මුලික වැඩසටහන ඇරඹේ. එහෙත් රාතී‍්‍ර 07.00 වන තෙක් කඳවුරට සහභාගිවන්නන්ට ඇතුළු වීමට අවසර ලැබේ. නියමිත වේලාවට සහභාගි විය නොහැකිනම් ඒ පිළිබඳව සංවිධායකයින් දැනුවත් කළ යුතුය. කඳවුර 25 වන දින ප.ව.02.00 ට අවසන්වේ. 

  සහභාගිවන්නන් ආහාර සහ වෙනත් වියදම් පියවා ගැනීම සඳහා කඳවුරට ඇතුලත්විමේ ගාස්තු වශයෙන් රුපියල් 1,500 ක (එක් දහස් පන්සියයක* මුදලක් ගෙවිය යුතුය. වෙනත් කිසිදු මුදලක් අය නොකෙරේ. 

   කඳවුරට ඇතුළත් විමෙන් පසු කුමන හේතුවක් මතවත් එය අවසන් වනතුරු කඳවුරෙන් බැහැර යාමට අවසර නොලැබේ. 

   මෙම කඳවුරට සහභාගිවන්නට කැමැත්තෙහි නම් ඒ බැව් 2012.03.10 දිනට ප‍්‍රථම සංවිධායකයින්ට දැනුම් දිය යුතය. ස්තිර වශයෙන් සහභාගිවන්නන්ට කඳවුර පිළිබඳ වැඩිමනත් තොරතුරු ලබා දෙනු ඇත.

ක්වොන්ටම් ක්ලෝතින් සමාගම කොඩිගහකන්ද තැඹිළි දොළ සංරක්ෂණයට පියවර ගනී

ක්වොන්ටම් ක්ලෝතින් ආයතනය කොඩිගහකන්ද තැඹිළි දොළ සංරක්ෂණයේ පළමු අදියරෙහි වැඩකටයුතු 2012.02.12 වන ඉරුදින ආරම්ඹ කරන ලදී. එම ආයතනයේ කාර්ය මංඩලයේ හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් එදින දොළ දෙපස ජලජ ශාකපැල රෝපණය කිරිමේ ශ‍්‍රමදානයක් දවස පුරා පවත්වන ලදී.

ඉමහත් කැපවීමෙන් මෙම කාර්යයට සහභාගිවූ එම පිරිස සමග මිහිතල මිතුරෝ සොබාසවිය තුරුණු සාමාජිකයින් හා සජනමිතුරෝ සාමාජිකයින් කිහිප දෙනෙක් ද අත්වැල් බැඳගන්නා ලදි.