Thursday, December 22, 2011

ක්වන්ටම් ක්ලෝතින් ආයතනයේ නිලධාරීන් කොඩිහකන්ද සංචාරයට පැමිණි දා..........

2011 නොවැම්බර් 13 වන ඉරු දින හිමිදිරි උදෑසන කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට පැමිණි මොරගහහේන ක්වන්ටම් ක්ලෝතින් ආයතනයේ 20 දෙනෙකුගෙන් පමණ සමන්විත නිලධාරීන් පිරිස සාර්ථක එක් දිනපාරිසරික වැඩසටහනකට සහභාගී විය.


කොඩිගහකන්ද සහ එහි ජෛව විවිධත්වය පිළබ`දව පැවැති කෙටි දේශනයකට සහභාගී වූ ඔවුන් මිහිතල මිතුරෝ පාරිසරක මාර්ගෝපදේශක කණ්ඩායමේ මෙහෙයවීම යටතේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව අධ්‍යනය අරඹන ලදි. පරිසර අධ්‍යයනයට


අමතරව පාරිසරික වික‍්‍රමාන්විත ක‍්‍රියාවන් හි නිරත වූ ඔවුහු අභියොගයන්ට මුහුණ දෙන්නට ඉගෙන ගත්හ. උඩබංගලාව ඓතිහාසික සොයිසා වලවුව නැරඹූ ඔවුහු දිවා අහාරයෙන් පසු මිහිතල මිතුරෝ ප‍්‍රදර්ශන කණ්ඩායම ම`ගින් සකස් කළ ගණත අභියෝගයන්ට මුහුණ දුන්හ ඒ තුළින් සිය බුද්ධියට විනෝදාත්මක අත්දැකීමක් එකතු කර ගන්නටද ඔවුන්ට හැකි විය. 

Monday, December 12, 2011

දෙදින පාරිසරික කඳවුර ඉතා සාර්ථක ලෙස පැවැත්වණු වගයි........

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජයේ කි‍්‍රයාකාරීන් වෙනුවෙන් පැවැත් වූ පාරිසරික ක`දවුර 2011 නොවැම්බර් 09 / 10 යන දෙදින තුළ කොඩිගහ කන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී පැවැත්වුණි මෙම ක`දවුර ස`දහා 50 කට ආසන්න සාමාජික පිරිසක් සහභාගී විය.


කණඩායම් 03කට වෙන් වී සිය හැකියාවන් හා දක්ෂතාවයන් ප‍්‍රදර්ශනය කෙරෙන ගිණමැල සංදර්ශනය නොවැම්බර් 09 වන දින රාත‍්‍රී 07.30 ට පමණ ආරම්භ විය. නරිබෑනා, කාලගෝල වැනි නාට්‍ය සහ නැටුම් ගැයුම් ඇතුලත් සංදර්ශනය පැමිණ සිටි සැමගේ ප‍්‍රසාදයට හේතු විය

පසු දින උදෑසන කොඩිගහකන්ද වනපෙතෙහි පරිසර අධ්‍යන වැඩසටහන ස`දහාද කණ්ඩායම් වශයෙන් ඔවුන් සහභාගී විය. පරිසර අධ්‍යනයට අමතරව ප‍්‍රථමාධාර පාරිසරක වික‍්‍රමාන්විත ක‍්‍රියා වැනි විවිධ වැඩසටහන් වලටද සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව උදා වී තිබුණි. සියලූම කි‍්‍රයාකාර කම් ඇ`ගයීමට ලක් වූ අතර උඩවැඩියා, දුන්හිද, මීදුම් යන කණඩායම් පිළිවෙලින් පළමු, දෙවන, තුන් වන ස්ථාන හිමි ගන්නා ලදි. සහභාගිකයන්ට වටිනා පාරිසරික පෝස්ටර්, පොත් පත‍්‍රිකා ඇතුලත් ත්‍යාග පිරිනමන ලදි'

Monday, November 28, 2011

☺දෙදින පාරිසරික කඳවුර


කොඩිගහකන්ද අශ‍්‍රිතව පැවැත්වෙන මෙම පාරිසරික කඳවුරු පැවැත්වෙන්නේ එලිමහන් කඳවුරු ලෙසය. එක් කඳවුරකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 40 කි. අවම ප‍්‍රමාණය 15 කි . විවිධ කි‍්‍රයාකාරකම් වලින් සමන්විත මෙම කඳවුර සඳහා පාසල් පරිසර නියමුභටයින්, පරිසර සංවිධාන සහ වෙනත් සංවිධානාත්මක කණ්ඩායම් සඳහා දැනට විවෘතව පවතී.
2012 සිට මාසිකව පැවැත්වෙන මෙම පරිසර කඳවුරු සඳහා දිවයිනේ ඕනෑම අයෙකුට සහභාගිවිය හැකිය.
ඒ පිළිබඳ විස්තර අප වෙබ් අඩවිය (www.mihithalamithuro.org) හා  (www.mihithalamithuro.blogspot.com) හරහා ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත.

කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්්ථානය සිය සේවාවන් අරඹයි.....

2011 සැප්තැම්බර් 25 වන දින සිය සේවාවන් ඇරඹු කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය දැනට පහත සේවාවන් අරඹා ඇතිවග සතුටින් දන්වමු.
☺පාරිසරික අධ්‍යයන වැඩසටහන්
මේ යටතේ පාසල් සිසුන් සහ පොදුවේ පරිසර හිතකාමීන් සඳහා කොඩිගහකන්ද වනාන්තරය ආශ‍්‍රිතව එක් දින ජෛව විවිධත්ව අධ්‍යයන වැඩසටහන් අරඹා ඇත. මේ සඳහා පැමිනෙන්නවුනට තමන්ට පහසු ආකාරයට වැඩසටහන් සඳහා සහභාගි විය හැකිය.
මෙම වැඩසටහන් සඳහා සහභාගිවන ( අවම 15 දෙනෙකුගේ * කණ්ඩායමක් සඳහා උදෑසන ආහාර, දිවා ආහාර සහ තේ සඳහා එක් අයෙකුගෙන් අයකරනු ලබන්නේ රුපියල් 600 ක් වැනි සහනදායි ගාස්තුවක් පමණි. මෙම මුදලට මාර්ගෝපදේශකයින්ගේ ගෙවිම් ද ඇතුළත්වේ.
සැ.යු. ආහාර අවශ්‍ය නොවන කණ්ඩායම් සඳහා එක් මාර්ගෝප දේශකයකු සඳහා රුපියල් 500 ක් පමණක් ගෙවිම ප‍්‍රමාණවත් වේ.

Friday, October 28, 2011

අපේ පරිසර නිවහනට ගෙවැදුනු ඒ අසිරිමත් දා......



එදා 2011 ක් වු සැප්තැම්බර් 25 වන ඉරුදිනයයි. හිමිදිරි උදෑසන අරුණාලෝකය පැතිරෙද් දී විහඟ ගී නද දසත රැව්දෙන්නට පටන් ගත්තා. වසර කිහිපයක් පුරා පිරූ පෙරුම් දම් මල් ඵල ගැන්වෙන දිනය එළඹී ඇත. මේ එළඹ ඇත්තේ මිහිතල මිතුරන් සහ කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම එක්ව තම දහදියෙන් ගොඩනැගි ජෛවවිවිධත්ව මධ්‍යස්ථානයට ගෙවදින මංගල දිනයයි. මහා සංඝරත්නය, ආරාධිතයින්, මාධ්‍යවේදින්, පරිසර කි්‍රයාධරයින් සහ හිතවතුන් මෙන්ම සංවිධාන දෙකේ සාමාජික සාමාජිකාවන් පිරිවරාගෙන චාම් එහෙත් අභිමානවත් අයුරින් මෙම උත්සවය ඇරඹුනා.
පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් කළුතර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්ති්‍ර විදුර වික්‍රමනායක මහතා ප්‍රමුඛ ගිහි පිරිසත් හරියටම උදේ 09.27 ට යෙදුනු සුබ මුහුර්තයෙන් අපේ පාරිසරික නිවහනට ගොඩවැදුනා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් හඩ මධ්‍යයේ කිරි උතුරුවා සෞභාග්‍යමත් අනාගතයට පැතුම් පොදි බැඳ ගත් පිරිස පොල්තෙල් පහන් සිළු දල්වමින් පඥාවේ ප්‍රදිපාලෝකය දල්වා ලුවා. ඔළබොඩුව ශී්‍ර ජයවර්ධනාරාමාධිපති අතිගෞරවණිය පණ්ඩිත උඩුවේ හේමාලෝක හිමිපාණන් විසින් පැමිනි සැම පංචශිලයෙහි පිහිටුවීමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩ ඇරඹුනා. මිහිතල මිතුරන්ගේ වසර 17 ක ගමන් මගෙහි මහා වනස්පතීන් සේ හිඳිමින් එම මග එකළු කරමින් සිටියදී සදහටම අප හැරගිය සැබෑ සහෘද හිතවතුන්ට උපහාර පිදෙන උත්තම පුජා පූජෝපහාරය පිරිනැමුනේ සියල්ලන්ගේම දැසට කඳුළක් එක් කරමින්. මිහිතල මිතුරෝ සංවිධානයේ ප්‍රථම උපලේකම් ප්‍රැන්සිස් ඕමත්තගේ, භාණ්ඩාගාරික ධුරය හොබවමින් සිටිය දී අපහැර ගිය එල්. ඩී. විජයපාල මහතා, 1995 - 1998 කොඩිගහකන්ද ජෛවවිවිධත්ව පර්යේෂණය සිදු කළ වනජීවීභාරයේ වැඩසටහන් නිලධාරීව සිටියදී හදිසි අනතුරකින් අප හැර ගිය ශී්‍ර ලාල් නිශාන්ත හෙට්ටි ආරච්චි මහතා සමරමින් ඔවුන්ගේ පිළිරූ මල්දමින් සැරසූයේ ඔවුන්ගේ ඥාතීන් විසිනි.
පිළිගැනීම හා අරමුණ පැහැදිලි කරමින් මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ සභාපති කරුණාදාස මුණගම මහතා උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය. කොඩිගහකන්ද වනාන්තරය සංරක්ෂණය කිරීමට අපි ආරම්භ කරපු ගමන් මගේ එක් ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස තව නොබෝ දිනකින් මෙම වනපෙත කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම වනජීවී කලාපය ලෙස අභයභුමියක් බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය අපි සියළු දෙනාම සාමූහිකව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් . අපි මෙම ස්ථානයේ ගොඩනගල තියෙන පාරිසරික නිවහන ඉදිරියේදී මෙම වනපෙත අධ්‍යයනයට පැමිනෙන පරිසර කි්‍රයාධරයන්ට මහඟ තෝතැන්නක් වේවි. මෙම නිවහන සියයට අනූවක්ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය වූවක්. මෙම නිවහන හදන්න අපේ සංවිධානයේ පුංචිම සාමාජිකයාගේ පටන් වැඩිහිටි සාමාජිකයා දක්වා කැපවුනා. කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනමේ සියළු දෙනාම මේ සඳහා ලබා දුන් සහයෝගය ඉමහත්. ඒ නිසා මෙම ජෛව විවිධත්ව මධ්‍යස්ථානය කැපවිමේ හා පරිත්‍යාගයේ සංකේතයක්. ඒ වගේම යම්  කෙනෙකුට ප්‍රජා සහභාගිත්වයෙන් වනාන්තරයක ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්නෙ කොහොමද කියල දැන ගන්න ඔනිනම් එන්න අපි ලඟට. අපි ඒ වැඩේ ඉතාමත්ම ඉහළින් කරළ තියෙනව. ඒ විතරක් නෙමෙයි, මුදල් වෙනුවෙන් ඕනෑම ජඩවැඩක් කරන්න සුදානම් වුනු මෙවන් අවධියක තමන්ගෙ පුද්ගලික මුදල් යොදවල වනාන්තරයක් මිලදී ගෙන එය සොබාදහම පරිත්‍යාග කරපු මිනිසෙක් සිටිනවානම් ඒ රෝහණ සොයිසා මැතිතුමන් විතරයි. එබැවින් එවන් සැබෑ මිනිසුන්ට අප සැමගේ උපහාරය හිමි විය යුතුයි.
මෙම උත්සව සභාව අමතමින් කළුතර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්තී්‍ර විදුර වික්‍රමණායක මැතිමන් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුවට ගොස් අනාගත පරම්පරාව වෙනුවෙන් කළ ඉහළම කටයුත්ත කොඩිගහකන්ද අභයභූමියක් බවට පත් කිරීමට තමන්ට දායක විමට හැකිවීම බව පැවසීය. රටේ සිදුවන ඕනෑම පරිසර විනාශයක කෙළවර දේශපානඥයෙක් සිටින බව ද සංවර්ධිත රටවල් බලහත්කාරයෙන් අප මත පටවන ලද බොහෝ දේවල් අපට ඉමහත් ව්‍යසන කාරී දේවල් බවට පත්වී ඇති බවද පැවසීය.
මෙම උත්සව සභාව අමතා පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ අනුශාසනාවක් කළ අතර හෝමාගම ප්‍රාදේශීය සභා මන්තී්‍ර මහින්ද උඩුවන මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජෙෆ්/එස් ජී පී වෙනුවෙන් ශිරන්ති මහත්මිය, කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම වෙනුවෙන් එහි සභාපති ජී.පේමදාස මහතා, රොහාන් ද සොයිසා මහතා සභාව ඇමතීය. අනතුරුව පෙ.ව. 11.32 ට පාරිසරික නිවහනේ ඉඳුල් කිරීමේ චාරිත්‍රය සිදුවූ අතර සියළු දෙනාටම කිරිබත් කැවුම් කොකිස් ඇතුළු රසවත් තේ පැන් සංග්‍රහයක රස භුක්ති විඳිමටද හැකිවිය.



Tuesday, September 13, 2011

කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය සැප්තැම්බර් 25 වන දා ............


මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම හා කොඩිගකන්ද සංරක්ෂණ ප‍්‍රජා පදනම මගින් ඉදිකරන ලද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය 2011 සැප්තැම්බර් මස 25 වන ඉරු දින පෙ.ව.09.27 ට යෙදෙන සුබ නැකැතින් සිදු කෙරේ. කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමණායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනියයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සව සභාව පැවැත්වෙනු ඇත.

Saturday, August 20, 2011

රූ දෙස් සංචරණයට නව මානයක් - මිහිතල මිතුරන්ගෙන් ඇරයුමක් !

මිහිතල මිතුරෝ මගින් සංවිධානය කරනු ලබන චාරිකා වැඩසටහනේ මිලඟ චාරිකාව සැප්තැම්බර් මාසයේ අවසන් සති අන්තයේ දී පැවැත්වෙනු ඇත.  එක්දින චාරිකාවක් ලෙස පැවැත්වෙන මෙම චාරිකාවේ අධ්‍යයන ස්ථාන ලෙස ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා නිධිය, සිගිරිය, සහ දඹුල්ල තෝරාගෙන ඇත. මෙම ස්ථාන පිළිබඳව අධ්‍යයනය කරමින් දැණුම, විනෝදය හා පාරිසරික සතුට භුක්තිවිඳිමට කැමති ශී‍්‍ර ලාංකික ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.
x    යාපනය, තී‍්‍රකුණාමලය, මඩකලපුව, පොතුවිල්, ආරුගම්බේ, කුමන, කුඩුම්බිගල, ලාහුගල ඇතුළත් දින 5 චාරිකාව සංවිධානය වෙමින් පවතී. මේ සඳහා සහභාගිවිමට කැමති ශී‍්‍ර ලාංකික ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.



Monday, July 11, 2011

පාරිසරික හා සංස්කෘතික චාරිකා -2011

මිහිතල මිතුරෝ මගින් 2011 ජුලි 02 වන දින  සංවිධානය කරන ලද පාරිසරික හා සංස්කෘතික චාරිකා -2011 සඳහා මෙවර 63 දෙනෙකුගේ සහභාගිත්වය ලැබුණිි. මෙම චාරිකාව අතිශයින් සාර්ථක  චාරිකාවක් වූ බව එයට සහභාගිවූ සියල්ලන්ගේම පොදු මතය විය. චාරිකාවට සහභාගිවන්නවුන් සඳහා චාරිකා ස්ථානයන්හි ඇති සංස්කෘතික, පාරිසරික, පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම අළලා රචිත වර්ණ පොත් පිංචක් ද ලබා දීමට සංවිධායක මඩුල්ල කටයුතු යොදා තිබුණි. ( මෙම පොත් පිංචෙහි විද්‍යුත් පිටපතක් අවශ්‍ය අයට ඉල්ලූම් කර නොමිලේ ලබා ගත හැකිය. ඒ සඳහා ඔබගේ විද්‍යුත් ලිපිනය ලබා දෙන්න)
මෙම චාරිකාවේදි  අධ්‍යයනය සඳහා පළමුව තෝරා ගෙන තිබුනේ අරන්කැලේ ( ශී්‍ර ලංකාවේ අන්තිම මහරහතුන් වන මලියදේව මහරහතුන් වැඩසිටි තපෝවනය) තපෝවනයයි. බවුන් වඩන භික්ෂුන්ට ඖෂධ ඇඟ ගල්වා උණුපැන් ස්නානය සඳහා වෙන් වූ ජන්තාඝරය, චන්කමනය(සක්මන් මැදුර), අපුර්වතම නිරිමාණයක් වූ සම්මුඛ ලෙන, සිමා මාලකය, පධානඝර,පොකුණු සහ පෙත් මං මෙන්ම කුරුල්ලන්, සමනළුන් හා අංකටුස්සන් නැරඹිය හැකි නිසසල පරිසර පද්ධතියක් නැරඹීමට සහභාගිකයින්ට වාසනාව ලැබුණි.
දෙවන ස්ථානය වූයේ රැස්වෙහෙරයි. අව්කන බුදු පිළිමයට නෑකම් කියන අඩි 42 අඟල් 4 ක් උස්වූ ශෛලමය පිළිමය, දෙතිස් ඵල බෝධිය, හා අතින් වියන ලද සිවුරක් අන්දවා පසුව බදාම ගා සකසන ලද සැතපෙන බුදු පිළිමය මෙහි දි දැකිය හැකිය. ( මෙම ස්ථානය පිළිබඳව සැකසුනු විඩියෝ වාර්තා වැඩසටහනක් ඔබේ විද්‍යුත් ලිපිනයට නොමිලේ ලබා ගත හැකිය)
තෙවන ස්ථානය වූයේ හත්ථීකුච්ඡි  විහාරයයි.
බස් රථයේදී "මිහිතල එෆ් එම්" මෙහෙය වූ වැඩසටහන් සියල්ලන්ගේම දැණුමට හා විනෝදයට හේතු විය. විශේෂයෙන් " පුළුවන්නම් දිනා ගන්න " වැඩ සටහන ජනපි්‍රය විය. සහභාගිකයින්ට තෑගි පිරිනමන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වු එය එදින චාරිකාව නැවත සමාලෝචනය කිරිමකි. සහභාගිවූ තරඟ කරුවන් 5 දෙනෙකු අතුරෙන් තිදෙනකු මුදල් ත්‍යාග දිනා ගැනිමට සමත්විය.

කොඩිගහකන්ද වනපෙත අභය භූමියක් බවට.......

මිහිතල මිතුරෝ සහ කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම විසින් කරන ලද ඉල්ලීමකට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොඩිගහකන්ද වනපෙත අභය භූමියක් ලෙස ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. කළුතර දිස්ති්‍රක්කයේ ප්‍රථම වනජීවී කලාපය බවට පත්වන මෙම වනපෙතෙහි මායිම් නිර්ණය කිරීම සඳහා 2011 ජූනි 28 වන දින වනජීවී සහකාර අධ්‍යක්ෂ සුරවිර මහත්මාගේ ප්‍රධානත්වයෙන් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් පැමිනියේය. මෙදින මෙම අවස්ථාවට සහභාගිවිම සඳහා හොරණ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, ප්‍රාදේශිය සභා නිලධාරීන්, ග්‍රාම නිලධාරී තුමිය, හා ඉහත සංවිධාන දෙකෙහි නිලධාරීන් හා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි විය.

Sunday, June 26, 2011

පාරිසරික හා සංස්කෘතික චාරිකාවේ පළමුවැන්න 2011 ජූලි 2 දා ......

අප සංවිධානය ප්‍රදේශවාසි ජනයාට අපේ මව්බිමේ පාරිසරික හා සංස්කෘතික වටිනාකම් පිළිබඳව අවබෝධයක් ලබා දිම සඳහා සංවිධානය කරනුලබන එක් දින චාරිකා වැඩසටහනේ පළමු වැඩසටහන 2011 ජූලි 02 වන දින පැවැත්වීමට සැළසුම්කර ඇත. මෙවර චාරිකාව සඳහා,
1. අරංකැලේ ඓතිහාසික තපෝවනය-: ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතුන් වැඩසිටි පිං බිමයි. ජන්තාගරය, පධානගර, ඇතුළත්   ලංකාවේ දිගම වැලි මංපෙත මෙහි පිහිටා ඇත.
2. රැස්වෙහෙර -: අභය මුද්‍රාවෙන් වැඩසිටින ශෛලමය පිළිමය, සැතපෙන පිළිමය ඇතුලත් පිංබිමකි.
3. නිල්ලක්ගම-: බෝධිඝරයක් බවට තහවුරුවූ පැරණිතම බෝධිඝරය
4. හත්ථීකුච්ඡී-: අනුරාධපුර යුගයේ තපෝවනයකි. සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය ලෙස පුරා විද්‍යාඥයින් සළකනු ලබන ස්ථානය
තෝරාගෙන ඇත. මෙම චාරිකාවට සහභාගිවන්නවුන් අප සංවිධානයේ විනයට යටත් විය යුතුය. මත්පැන් හා දුම්වැටි භාවිතය සපුරා තහනම් වේ. සංවිධායක කමිටුවේ බහට අවනත විය යුතුය. මෙම චාරිකවේ බරපැන රු. 700/- ක් පමණ වේ.
මේ සඳහා සහභාගිවිමට කැමති අය 2011. 06. 25 වන දිනට පෙර මේ සමග ඇති අයදුම් පත්‍රය පුරවා අප විද්‍යුත් ලිපිනයට එවීමට කාරුණික වන්න. ගැටළුවක් ඇතොත් පහත දුරකථන අංක අමතන්න. 0713496971/ 0716606318

Wednesday, June 8, 2011

වනාන්තර ජීවයේ ජීවයයි

ලෝක පරිසර දින සැමරුමට නව අරුතක්.....
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම  තවත් සංවිධාන කිහිපයක් සමග ඒකාබද්ධව 2011 පරිසර දින සැමරුම් උළෙල මෙවර 2011 ජූනි 5 වන දින කොළඹ 7, ශී්‍රමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අභිමානවත් අයුරින් සමරනු ලැබීය.  පරිසරය සිය පැවැත්ම සඳහා යොදවා ගනිමින් පරිසර කි්‍රයාධරයන් ව්‍යාපෘති කාරකයින් බවට පත්ව ඇති සමයක සැබැවින්ම නොබිෙඳන, නොසැලෙන අධිෂ්ඨානයකින් එක්වන්නට  සැබෑ පරිසර කි්‍රයාධරයන්ට ඇරයුම් කරනු ලබන ජාතික කතිකාවතක  ආරම්භය සනිටුහන් කරමින් මෙම උළෙලේ දී සියළු සංවිධාන සහ පැමිණි සිටි විද්වතුන්ගේ එකමුතුවෙන්  “ SAVE THE EARTH” නමින් නව පරිසර ජාලයක ආරම්භයද සිදුවිය.
එදින පෙ.ව.09.30 ට ආරම්භවූ මෙම කතිකාවේ  ආරම්භක දේශනය ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන් විසින් පවත්වන ලදී. එතුමා සභාව අමතමින් ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස වරක් තමාට කොළම පිහිටි පර්චර්ස් 500 ක කුඹුරු ඉඩමක් රැක ගැනීම සඳහා (ගොඩකිරීමට එරෙහිව) ඉදිරිපත් වීමේ වරදට අධිකරණයේ චූදිතයෙකු වීමට සිදුවූ බවය. එහෙත් ඒ මොහොතේ කිසිදු පරිසර නිතිඥයෙකු හෝ සිවිල් සංවිධානයක සහාය නොමැතිව තමාට හුදෙකලා සටනක නිරතවන්නට සිදුවු බව ද පැවසීය. කෙසේ වෙතත් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත වැනි ප්‍රදේශවල අක්කර දහස් ගණන් තිබිය දි කොළම නගරයේ පර්චර්ස්  500 ක කුඹුරකින් ඇති ඵලය කුමක්දැයි අධිකරණය තමාගෙන්  ප්‍රශ්න කළ බවද එහිදි කුඹුරක් යනු වීනිෂ්පාදනය කරන්නාවූ බිම් කඩක් පමණක් නොව එය නගරයේ ගංවතුර පාලනය කරන්නාවූ ද භූගත ජලය සංරක්ෂණය කරන්නා වූ ද ජෛවවිවිධත්වය සංරක්ෂණය කරන්නාවූ ද තවත් බොහෝ සේවාවන් සිදු කරන්නාවූ ද පරිසර පද්ධතියක් බව අධිකරණයට පෙන්වා දුන් බවද පැවසීය. කෙසේ වෙතත් අස්වැන්න අතින් තෙත් කලාපයේ කුඹුරුවලින් ලැඛෙන අස්වැන්න වියළි කලාපයට සාපේක්ෂව පැහැදිලි අඩුවත් දක්නට තිබුනත් ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙ කලාපයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකි බව එතුමා පැවසීය. ඒ බව මේ වසරේ මුල් කාලයේ සිදුවු දැවැන්ත ගංවතුර හේතුවෙන් නැගෙනහිර, උතුරුමැද පළාත්වල සිදුවු  මහා අස්වනු හානිය සාක්ෂි දරනු ඇත. 
ශී්‍ර ලංකා තේ පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති
මොහොට්ටි මැතිඳුන්  සභාව අමතමින් එතුමා විසින් සිදු කරන ලද පලිබෝධනාශක පිළිබඳ පර්යේෂණයේ ප්‍රතිඵල පිළිබඳව සභාව දැනුවත් කරන ලදී. මෙම පර්යේෂණයේ ඉලක්කය වූයේ පලිබෝධනාශක නිසා සිදුවන අනතුරු හෝ විෂවිම් නොව දිගු කලක් පලිබෝධ භාවිතය නිසා සිදුවිය හැකි විපාකයන් පිළිබඳව සොයා බැලිම බව එතුමා පැවසිය.  දිගු කළක් පලිබෝධනාශක භාවිතාකිරිම නිසා පස, ජලය හා ආහාර දූෂණය වේ.  එහි ප්‍රතිවිපාක මේ සඳහා සෘජු සම්බන්ධයක් නැති පිරිස්වලට විඳිමට සිදුවේ.  උදාහරණයක් ලෙස පලිබෝධනශක ඉසීමට දායක වූ මවකගෙන් ඉපදෙන දරුවා අංගවිකල දරුවෙකු ලෙස ඉපදීම පෙන්වා දිය හැක. විවිධ විකෘතිතා සහිත දරුවන් බිහිවීම, සමේ රෝග, ආදී විවිධ රෝගී තත්වයන්ට මුහුණ දිමට සිදුවේ. තවද ජෛව විවිධත්වයටද මෙයින් බලපෑමක් ඇත. පර්යේෂණයේදි කකුල් 3 ගෙම්බන් හමුවී ඇත. සමහර ගෙම්බන්ගේ ඇස් අන්ධ වී ඇත.
මීලඟට සභාව අමතනු ලැබූයේ හොල්සිම් සමාගමේ ජියෝ සයිකල් ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී අසේල ඉද්දවෙල මැතිතුමා වෙනුවෙන් චමිල හේරත් මහතා විසිනි. එතුමා විසින් කාර්මික අපද්‍රව්‍ය තිරසාර ලෙස බැහැර කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කරන ලදී.
හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන් සභාව
අමතමින් සංවාදාත්මක දේශනයක් පැවැත්වීය. මිහිමව සුරැකීමේදී අපේ හර වටිනාකම් පිළිබඳව සභාවේ අවධානය යොමු කරන ලදී.
ශී්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් , ගැමිදිරිය පදනමේ අතිරේක අධ්‍යක්ෂ කෘෂි ආර්ථීක විද්‍යාඥ ආචාර්ය ඩබ්.ජී.සෝමරත්න මැතිඳුන් විද්වත් මණ්ඩලය නියෝජනය කළ අතර රජරට විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය අරුණි මහත්මිය විසින්
SAVE THE EARTH වෙබ් අඩවිය විවෘත කරන ලදි.

      





Sunday, May 29, 2011

වනාන්තර ජීවයේ ජීවයයි

ලෝක පරිසර දින සැමරුමට නව අරුතක්.....

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම  තවත් සංවිධාන කිහිපයක් සමග ඒකාබද්ධව 2011 පරිසර දින සැමරුම් උළෙල මෙවර කොළඹ දී පැවැත්විමට සූදානම් වෙයි. පරිසරය සිය පැවැත්ම සඳහා යොදවා ගනිමින් පරිසර කි්‍රයාධරයන් ව්‍යාපෘති කාරකයින් බවට පත්ව ඇති සමයක සැබැවින්ම නොබිෙඳන, නොසැලෙන අධිෂ්ඨානයකින් එක්වන්නට  සැබෑ පරිසර කි්‍රයාධරයන්ට ඇරයුම් කරනු ලබන මෙම උළෙල 2011 ජූනි 05 වන දින පෙ.ව.09.00 ට කොළඹ 7, ශී්‍රමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ, අංක 42 හි පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ ( කෞතුකාගාරය ඉදිරිපිට) දී පැවැත්වේ. මෙහිදී ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන්, හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන්, ශී්‍ර ලංකා තේ පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති මොහොට්ටි මැතිඳුන්,  ශී්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් දෙසුම් පවත්වති.


Thursday, May 19, 2011

මිනිස් ගුණදම් සපිරි යහපත් ලොවකට පිළිවෙතින් පෙල ගැසෙමු.

මිහිතල මිතුරෝ 2600 සම්බුද්ධත්ව ජයන්තිය
සමරයි.......






මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් සංවිධානය කළ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු පෙරහැර නැටුම් ගැයුම් සහිතව 2011 මැයි මස 16 වන දින පින්නකොළවත්ත පෙර පාසල අසල සිට ඔළබොඩුව ශී්‍ර ජයවර්ධනාරාමය කරා ගමන් කලේය . මෙම පෙරහැරට ළමා සමාජ සාමාජිකයින් සමග සොබාසවිය තරුණ සමාජ සාමාජිකයින් හා වැඩිහිටියන් ද සහභාගි විය. එදින සවස 05.00 ට පමණ ආරම්භ වු පෙරහැර දෙහිගස්පිටිය, ඔළබොඩුව මංසන්ධිය හරහා විහාරස්ථානයට ලඟා වන විට සවස 06.30 පමණ විය. පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය ඔළබොඩුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ අනුශාෂකත්වයෙන් සම්බුද්ධ පුජාව පැවැත්වීය.

Wednesday, May 4, 2011

වාර්ෂික සීත කඳවුර මෙවර ලෝක උරුම සිංහරාජ වනයේ දී............

මිහිතල මිතුරෝ වාර්ෂික සීත කඳවුර සඳහා මෙවර තෝරා ගත්තේ සිංහරාජ වනාන්තරයයි. 2010 දෙසැම්බර් 26 -28 ඒ සඳහා දින නියම වුනා. සාජීව චාමිකර මහතාගේ මාර්ගෝප දේශකත්වයෙන් මෙවර පරිසර අධ්‍යයන කඳවුරට සොබාසවිය තුරුණු සංවිධානයේ සාමාජික සාමාජිකාවන් සහභාගිවුනා. විශේෂයෙන් මිහිතල මිතුරෝ මාර්ගෝපදේශක කණ්ඩායමේ සහභාගිතවය කැපී පෙනුනා. සොබාසවිය ළමා සමාජයේ සාමාජිකයින් කිහිප දෙනෙකුටද මෙම අධ්‍යයන කඳවුරට සහභාගිවෙන්න අවස්ථාව හිමිවුනා. මාකෙළි ඇල්ල නරඹා සිංහරාජ අධ්‍යයන චාරිකාව ඇරඹු අපට නොසිතු ලෙස වල් අලි තර්ජනය පැමිනි තිබු නිසා සිංහගල නැරඹිම අවලංගු කර දමන්නට සිදු උනා. එහෙත් ඉන් කම්පා නොවු අප කණ්ඩායම ඒ අඩුව පිරිමසන්නත් එක්ක කුරුල්ලන් නැරඹිම දිගටම කරගෙන ගියා කුරුළු නඩ ^ Bird Flock ගණනාවක් නිරීක්ෂණය කරමින් ලංකාවට ආවේණික කුරුල්ලන් විශේෂ 15 ක් පමණ නිරික්ෂණය කරන්න අප කණ්ඩායමට හැකි වුනා. ඒ අතර කැහිඛෙල්ලා ^Blue Magpie& හොඳින් නිරික්ෂණය කරන්නත් උගේ විවිධ චර්යාවන් දැකබලා ගන්නටත් හැකිවුනා. ඉතාමත් දුර්ලභ අවස්ථාවක් අපට හිමි වුනා. ඒ තමයි පඩුවන් බස්සා දැකබලා ගැනීමට හැකිවිම. පැය ගණනාවක වෙහෙසකින් පසු අපට ඌ දැකගන්නට ලැබුනා. එය අපේ වාසනාවක්. හැන්දෑවට කුඩව ගඟට බැහැල සිත් සේ දිය කෙළිමින් අපේ කට්ටිය පීන පීනා නෑව. රාතී්‍ර අඳුරත් සමග දවසේ සමාලෝචනය කරල සිහින් හඬින් ගිගැයුවේ අපේ සංගීත කණ්ඩායමේ නායකයා වෙච්ච ළහිරුගෙ ගිටාරයේ තත්සර නංවමින්, චින්තක තාල වාදනයෙන් සහාය වුනා. දින 3 ක් සිංහරාජයේ පහස ලබමින් පාරිසරික අධ්‍යයනයකින් ලැබිය හැකි උපරිම වින්දනය ලබන්නට අපේ කණ්ඩායම පින් කර තිබුනා.

Saturday, April 30, 2011

රූ දෙස් සංචරණයට නව අරුතක් ............ සාමාන්‍ය ජනතාව සඳහා පාරිසරික හා සංස්කෘතික චාරිකා සංවිධානය මිහිතල මිතුරෝ අරඹයි


මිහිතල මිතුරෝ තම සාමාජිකත්වයෙන් පිට සාමාන්‍ය ජනයා සඳහා සිය චාරිකා විවෘත කිරිමට තීරණය නරන ලදී. ඒ අනුව ඒ සඳහා සංවිධානයේ චාරිකා අංශයට ඊ මේල් ^mihithala.mithuro@yahoo.com/ kmugama@gmail.com හෝ  0713496971 දුරකථනයට ඇමතීමෙන් විස්තර ලබා ගත හැකිය. එක්දින චාරිකා, දෙදින,තෙදින, ආදී වශයෙන් චාරිකා පැකේජයන් ඇත. එමෙන්ම පාරිසරික වික්‍රමාන්විත 
^ Adventure& වැඩසටහන් ඇතුළත් තරුණ පාරිසරික චාරිකාද පැවැත්වේ.

ලෝක උරුමයකට හිමිකම් කියන වතුරාන වගුරු වනාන්තරයට ගිය දා ................




ශ්‍රී ලංකාවේ ඇති එකම වගුරු වනාන්තරය වන බුලත්සිංහල වතුරාන වගුරු වනාන්තරය 2011 සිය ප්‍රථම අධ්‍යයන චාරිකාව සඳහා යොදාගන්නට තීරණය කළ මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් 2011 අප්‍රේල් 02 වන දින උදෑසනින්ම ඒ සඳහා පිටත් උනා. වඳවී ගිය බවට රතු දත්තපොතට ඇතුළත්ව තිබූ හොරවැල ශාකය ^ stemanoporus mooni& සහ සුවඳ ශාකය ලෝකයේ දැකිය හැකි එකම ස්ථානය මෙය පමණි. සුවඳ ශාකය පමණක් මෙ ස්ථානයෙන් ගෙන ගොස් පේරාදෙනිය උද්භිද උද්‍යාණයේ රෝපණය කර ඇත. ඒකදේශිය ශාක හා සතුන් විශාල සංඛ්‍යාවකට නිවහන සපයන මෙම වගුරු වනාන්තරය කළු ගෙඟ් අතු ගංගාවක් වූ කුඩා ගෙඟ් පිටාර තැන්නේ පිහිටා ඇත. ඉතාමත් දුර්ලභ අති උඩයන් විශේෂයක් ද මෙහි වාර්තාවීි ඇත. කණ්ඩායම් කි්‍රයාකාරකම් සහිතව සිදු කළ මෙම අධ්‍යයනයේදි දරුවන් ඉමහත් උනන්දුවකින් සහ ඕනෑකමකින් අධ්‍යයන කටයුතු වල නිරත විය. 
පාහියංගල ආදී මානව ජනාවාසය නරඹා පසුව අසළ ඇති දොලේ බැස දිය කෙළිමින් පිනා නහා දිවා ආහාරයෙන් පසු පැමිනියේ වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරයටය. පූජ්‍ය පෝරුව දණ්ඩේ සුමන හිමිපාණන් වහන්සේ විසින් ඉතාමත් සුහදශිලිව අප කණ්ඩායම පිළිගත් අතර ස්ථානය පිළිබඳවත් එහි ඉතිහාසය පිළිබඳවත් පරිසරය පිළිබඳවත් කණ්ඩායම දැනුවත් කරන ලදී. මෙම ස්ථානයේ ඉතිහාසය පොලොන්නරුව රාජ්‍ය සමය දක්වා දිවයයි. ගල්කුඩය සහිත බුදු මැදුර අලංකාරත්වයෙන් අනුනය. ස්වභාවික පරිසරය චමත්කාර ජනකය. හිමියන්ගේ සංග්‍රහයද භුක්ති විඳි පිරිස ඊලඟට ගමන් කළේ අම්පිටිය සංචාරක ගම්මානයටයි. අම්පිටිය රජ මහා විහාරය නරඹා පසුව ගම්මානයට පිවිසි අප දරුවන්ට සකපෝරුව හා එහි වළං සාදන ආකාරයද කිණිහිරය ඇතුලත් පැරණි කම්මලද නැරඹිමට වාසනාව උදාවිය.

දැණුම සොයා යන ගමනේදී ........, ශාක අධ්‍යයන වැඩමුළුව


නුවර ක්ෂේත්‍ර ශාකවේදින්ගේ සංගමය මගින් මෙහෙය වූ ශාක හඳුනා ගැනීමේ වැඩමුළුව 2011 පෙබරවාරි 02 -04 දිනවල කුණ්ඩසාලේ ජාතිය ගොඩනගන්නන්ගේ සංගමයේ පුහුණු මධ්‍යස්ථානයේ දී  පැවැත්වුණි. මෙම වැඩමුළුව සඳහා මිහිතල මිතුරෝ නියෝජනය කරමින් සභාපති කරුණාදාස මුණගම සහ ලේකම් මහේෂ් චතුරංග යන මහත්වරු සහබාගි විය.  එම වැඩමුළුවේ දී ශාක හඳුනා ගැනිමට අදාළ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික වැඩසටහන්ද පැවැත්වූනි. පේරාදෙනිය උද්භිද උද්‍යණයේ ශාකාගාරය නැරඹිම සහ ශාක නිදර්ශක සකසා ගැනිම පිළිබඳව ඉගෙනිමට අවස්ථාව උදාවිය. මෙම වැඩමුළුවෙන් උකහාගත් දැණුම තම සාමාජිකයින් අතරේ ඛෙදා හදා ගන්නටත් එම දැණුම වර්ධනය කරගන්නටත් සංවිධානය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටියි.

දෙහිවල සත්තුවත්තට ගිය අපේ පුංචි පැටව්............


මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජයේ සාමාජිකයින් සඳහා විශේෂ වැඩසටහනක් දෙහිවල සත්වොද්‍යානයේ තරුණ සත්වවේදින්ගේ සංගමයේ කණිෂ්ඨ කණ්ඩායම විසින් සංවිධානය කර තිබුනා. ඒ 2010 දෙසැම්බර් 18 වෙනිදා. අපේ පුංචි පැටව් හරිම උද්යෝගයෙන් සත්තු වත්තට උදෑසනම පිවිසුනා. තරුණ සත්ව වේදීන්ගේ සංගමයේ කනිෂ්ඨ කංඩායමේ පුංචි දරු දැරියන් ඔවුන්ව සහෝදරත්වයෙන් පිළිගෙන බොහෝ දේ කියා දුන්නා. නාට්‍ය රඟ දැක්වූවා. අපේ අයට සුහදතාවය පෙන්වන්න ත්‍යාග පිරිනැමුවා. අපේ අයත් තමන්ට බොහෝ දේ කියා දුන් අක්කලාට අයියලාට තෑලි පිරි නැමූවා. සත්තුවත්ත පුරා ඇවිදිමින් සත්තුන්ගේ වත ගොත හා ඔවුන්ගේ චර්යාවන් ඉගෙන ගනිමින් ඔවුන් නැරඹුවා. පුංචි සුරතල් "සංජු" (චිමිපන්සි පැටියා) බබා කාගෙත් සිත් ගත්තා. උගේ රංගනයන් හරිම අපූරුයි. ළමා උයනෙදි විවිධ පක්ෂින් අතටම අරගෙන ඔවුන් ගැන ඉගෙන ගන්න අපේ අයට අවස්ථාව ලැබුනා. උරග සංදර්ශනය හරිම ප්‍රයෝජනවත්. අපේ සොබාසවිය තරුණ සංවිධානයේ අයියල පිඹුර අතටම අරගෙන අපේ නංගිල මල්ලිලගෙ අත්වලටම දුන්නා. මින්මැදුර චමත්කාර ජනකයි. මුහුදු සිංහයාගේ රංගනයත් හරිම ලස්සනයි. අන්තිමට අපේ කට්ටිය තමන් දුටු දේවල් සිතුවමට නැගුවා. ඒවා සියල්ලටම වඩා සුන්දරයි.

වසරක ප්‍රගතිය සටහන් කරන්නට අපි එක් වන්නෙමු.

2010 දෙසැම්බර් 02 -04 තුල්හිරිය මාස් පැබ්රික් පාර්ක් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. ජෙප්/එස්ජීපී වැඩසටහනේ ජාතික සම්බන්ධි කාරිකා ෂෙරීන් සමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට රටේ විවිධ පළාත් නියෝජනය කරමින් විවිධ පාරිසරික ව්‍යාපෘති දියත් කරන සංවිධාන අතරට මිහිතල මිතුරන්ද සිටියා. මිහිතල මිතුරෝ සභාපති කරුණාදාස මුණගම මහතා මෙම වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස වැඩසටහනේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දුන්නා.