Saturday, June 28, 2014

බිගු ගීයට මන් මත් වී............

ඉතිං යාළුවනේ , තරමක නිහැඩියාවකට පස්සෙ තමයි ඔබත් සමග දොඩමළු වෙන්නෙ. මේ අපේ 20 වන සංවත්සර අවුරුද්දනෙ. ඒ සදහා අපි හරිම අවිවේකීයි. ලියන්න දේවල් නම් ගොඩක් තියෙනව. ඒ ඔක්කොම හෙමිහිට දිග හැරේවි. අපි මේ මෑතක ලබා ගත් අත්දැකීමකින්ම මේ සටහන පටන් ගන්නම්. ඒ තමයි හරිම විනෝද ජනක ඒ වගේම ඵලදායී කටයුත්තක් වුන මී මැසි පාලනය. ඒ ගැන තොරතුරු තමයි මේ පල වෙන්නෙ. කියවලම තේරුම් ගන්න.

මිහිතල මිතුරෝ 2014 වර්ෂයේ කි‍්‍රයාත්මක කරනු ලබන 20 වන සංවත්සර වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස කොඩිගහකන්ද අභය භුමිය වටා පදිංචි පවුල් 50 ක් සමග මී මැසි පාලන වැඩසටහනක් දැන් අරඹා ඇත.

2014 ජූනි 15 වන දින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී මී මැසි පාලන පුහුණුව සදහා තෝරාගත් පවුල් 50 හේ කණ්ඩායම් නායකයින් වෙනුවෙන් පැවති පුහුණු වැඩමුළුව සදහා සම්පත් දායකත්වය සපයනු ලැබූයේ හොරණ කනන්විල කෘෂි පුහුණු පාසලේ පුහුණු නිලධාරී පතිරණ මහතා විසිනි.

එදින වැඩමුළුව න්‍යායික මෙන්ම ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් වලින් සමන්විත විය.

 ජූනි 22 දින තවත් ප‍්‍රායෝගික පුහුණුවක් පැවැත් උනා. ඒ බිදුනු මල් පෝච්චියක බැද තිබු මී මැසි ජනපදයක් මි මැසි පෙට්ටියක මාරු කිරීමයි. මේ සදහා ද සම්පත් දායකත්වය සැපයුයේ පතිරණ මහතා විසින්මයි. සජන මිතුරෝ භාණ්ඩාගාරික රොසයිරු මහතාගේ නිවසේ දී පැවැත්වූ මෙම වැඩමුළුව අතිශයින්ම චමත්කාර ජනක වැඩසටහනක්.
මුලින්ම කළේ අළුතෙන් මි මැසි ජනපදය ස්ථාපිත කරන පෙට්ටිය හොදින් පවිත‍්‍ර කිරීමයි. මේ සදහා සාම්බ‍්‍රානි කුඩු භාවිතා කළා.

ඊලගට හොදින් දුම් ගසා ගත්තා.


දැන් තමයි නියම වැඩේ පටන් ගත්තෙ. බිම තිබෙන බිදුනු මල් පෝච්චියෙ තමයි මී මැසි ජනපදය තිබුනෙ. 



ඊලගට කරන්නෙ මිමැසි ජනපදයට දුම් ගැසීමේ කාරයයි. ඉන් මී මැස්සන් තාවකාලිකව මත් වෙනව. අපිට හානිකරන්න උන්ට තියෙන හැකියාව අඩු වෙනව. මේ සදහා සකසා  ගත් විශේෂ උපකරණයකින් තමයි මේ දේ කළේ. එවැනි උපකරණයක් අත්‍යවශ්‍යමයි කියල හිතන්න එපා. එවැන්නක් නැතුවත් මෙය කරන්න පුළුවන්.


ඉන් පස්සෙ වද තිබෙන පැත්ත හරවල නැවතත් දුම් ගසා හෙමින් වද කපා ගන්නව.



ඊලග පියවර තමයි පිලා වද පෙට්ටියෙ රාමු වල මේ කපා ගත් වද සවි කිරීම. ඒ සදහා රාමුවේ ප‍්‍රමාණයට පිලා වදය කපා ගන්න ඔ්නි. ඊලගට රාමුවට තියල කෙසෙල් පට්ට වලින් වද බැද ගත යුතුයි.


වද සියලම බැද ගත්තට පස්සෙ පැරණි වදේ ඉන්න මී මැස්සන්ව අතින් එකතු කරල පෙට්ටියට දැමිය යුතුයි.



මී මැසි පාලනය කියන්නෙ හරිම ආශ්වාද ජනක වැඩක්. ඔබට ඒ පිළිබදව යමක් දැන ගන්න ඔනි නම් අපෙන් අහන්න. අපේ මේල් ලිපිනය හා දුරකථන අංක මේ සමග ඇති.

mihithalamithuro@gmail.com, 0713496971, 0112754700

ශී‍්‍ර පාදයේ පැවැත්වූ පවිත‍්‍ර කිරීමේ ශ‍්‍රමදාන චාරිකාව, පාරිසරික පියගැට පෙළ පාසල් පරිසර වැඩසටහන සහ කොඩිගහකන්ද සංරක්ෂණ වැඩසටහනේ නවතම තොරතුරු ඔබට ඉක්මනින්ම කියන්න අපි බලාපොරොත්තු වෙනව.