Monday, November 4, 2013

ඔක්තෝබරයේ අපේ පියසටහන් ඔස්සේ ඇවිද යමු...........

 ඔක්තෝබරයේ අපේ පියසටහන් ඔස්සේ ඇවිද යමු...........


හිතවත් මිතුරනි,
පසුගිය මාසය  අපිට හුගක්ම කාර්ය බහුල උනා. නොවැම්බර් 14 සිට 18 දක්වා ලෝක සංරක්ෂණ සංගමය මෙහෙයවපු ‘‘ පාරිසරික සංචරණය’’ පිළිබඳ අතිශයින්ම ප‍්‍රයෝජනවත් වැඩමුළුවකට සහභාගිවන්න මටත් සඳරුවන්ටත් අවස්ථාව ලැබුන. පාරිසරික සංචරණයේ දී අපේ ඇස නොගැටුනු බොහෝ තැන් පිළිබඳව අපේ අවධානය යොමුකරල සාර්ථකව එය දියත් කරන්නට අවැසි දැණුම එහිදි ලබා ගත්ත. අපිට කල්පිටියෙ බාධක පරය නරඹන්නත් අවස්ථාව උදා උනා. ඩොල්පින් දැකගන්න බැරි උනේ දවල් වුන නිසයි. ඒ වගේම ප‍්‍රජාව විසින් කි‍්‍රයාත්මක කරන පාරිසරික සංචාරක වැඩසටහන් කිහිපයක් දැක ගන්නටත් ලැබුන.ඉතිං නුදුරු දින කිහිපය ඇතුළත එම වැඩමුළුවේ රස මුසු තැන් රූ සටහන් සමග ඔබට කියන්න අපි බලාපොරොත්තු වෙනව. 

18 වෙනිදා ඉඳල 20 වෙනිද වෙනකම් ගල්නෑවේ සුපිපි පරිසර දරුවන් බිහිකරන්න   ‘‘ දිවියෙහි වෙනසක් සඳහා පරිසරය’’ වැඩමුළුව පිළිබඳව ඔබට කියන්න දේවල් බොහොමයි. කල්ගත උනා තමයි. එ්ත් පුංචි පුංචි තාක්ෂණික ගැටළු නැතුවාම නොවෙයිනෙ. එ් ගැනත් විස්තර ඔබට නොපමාව ඉදිරිපත් කරන්න අපි පොරොන්දු වෙනව.
අපි පොරොන්දු වුන විදිහටම පරිසර නියමුවන් වෙනුවෙන් අති සාර්ථක පාරිසරික අධ්‍යයන වැඩමුළුවක් ඔක්තෝබර් 26 සහ 27 දෙදික පුරා කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී පැවැත්තුව. එ් ගැනත් විස්තර කියන්න තියෙනව.
තවත් විශේෂ දෙයක් කියන්න තියෙනව අපි අළුත්ම ආරක අපූරු වැඩකට මුල පුරන්න සූදානම් වෙමින් ඉන්නෙ.එ්කට අපේ සහෘද්ධයින්ගෙ දායකත්වයත් අපිට අවශ්‍යයි.
ලබන දෙසැම්බරයේ උතුරු හා නැගෙනහිර පරිසරික, භූවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් ඔස්සේ ඇවිද යන්නත් සූදානම් වෙමින් ඉන්නෙ. එ් සියල්ල ගැන විස්තර සමග මුණ ගැහෙමු. නොපමාව.

Thursday, September 26, 2013

පරිසරය විඳින්න... දැනගන්න....

පරිසරය විඳින්න... දැනගන්න....

පරිසර නියමුවන් සඳහාම සැකසුනු දෙදින පාරිසරික අධ්‍යයන කඳවුර 

ජනාධිපති පදක්කම සඳහා සූදානම්වන පරිසර නියමුවන් වෙනුවෙන් සැකසුන පාරිසරික අධ්‍යයන කඳවුරක් 2013 ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් විසින් මෙහෙයවන කොඩිගහකන්ද වනපෙතේ ශාක හඳුනාගැනීම, පක්ෂි නිරීක්ෂණය, වැනි ප‍්‍රායෝගික අධ්‍යයන වැඩසටහන් ඇතුලත් මෙම කඳවුර සඳහා ශී‍්‍ර ලංකාවේ උරග ශා උභය ජීවී ප‍්‍රවීනයෙක් වන එල්.ජේ. මෙන්ඩිස් විික‍්‍රමසිංහ මහතා මෙහෙයවන ශී‍්‍ර ලංකාවේ සර්පයින් පිළිබඳ සුවිශේෂී වැඩසටහන ද ඇතුළත්වේ. මෙම කඳවුර සඳහා සහභාගිවීමේ දී  ප‍්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ ජනාධිපති පදක්කම සඳහා සූදානම් වන සිසු දරුවන්ටය. තම පාසලේ පරිසර නියමු වැඩසටහන භාර ගුරුවරයා මගින් ඉල්ලූම් කරන්නේ නම් වඩාත් සුදුසුවේ. 


උරග හා උභයජීවී විශේෂඥ ඒල්. ජේ. මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා විසින් සජීවී නිදර්ශක සමග ඉදිරිපත් කරන ‘‘ ශී‍්‍ර ලංකාවේ සර්පයින් ’’ පිළිබඳ සංවාදාත්මක වැඩසටහන 2013 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා සවස 6.30 ට ඔළබොඩුව උතුර, කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා සහභාගිවීමට බාහිර පුද්ගලයන් සීමිත පිරිසකට අවස්ථාව ලබා දිය හැකිය. තම අවස්ථාව සඳහා පහත දුරකථන අමතන්න.
071 349 6971 මුණගම    071 660 6318 ප‍්‍රදීප්  077 346 4973 / 071 447 2905 චන්දික   077 955 7177  මහේෂ්

අපගේ ලිපිනය
කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය,
ඔළබොඩුව උතුර,
ගෝනපොල හංදිය

Wednesday, September 11, 2013

දකුණූ ලකේ අග නගරේ ගාලූ පුරේ සිරී - කෙසේ වනම්දෝ ගාලූ සිරි වනම්දෝ

දකුණූ ලකේ අග නගරේ ගාලූ පුරේ සිරී                                                කෙසේ වනම්දෝ ගාලූ සිරි වනම්දෝ.........

ඉතිං යාළුවනේ , ගාලූ පුරේ සිරි විසිතුරු නරඹන අපේ අධ්‍යාපන හා විනෝද චාරිකාව ගැන පසු සටහන් තබන්න නොහැකි උනා. කාලයත් ටිකක් ගෙවිල ගිහින්. ඒකට හේතුව තමයි අපේ පරිඝනකය අවුල් වීම. කොහොම හරි අගෝස්තු 18 වෙනිදා චාරිකාවට හිතුවට වඩා පිරිසක් එකතු  උනා. වැඩිහිටියොයි පොඞ්ඩොයි ඔක්කොම 90 ක් විතර එකතු උනා. බස් රථය ප‍්‍රමාණවත් නොවෙන හිංද වැන් රථයකුත් ගමනට එකතු කර ගත්ත. අපි ගමන පිටත් වෙන කොට උදේ 5. 30 ට විතර උනා. කහතුඩුව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුල් උනා. දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව මාකුඹුරෙන් ඇරඹිලා මාතර ගොඩගමින් අවසන් වීමට නියමිත උනත් එහි පළමු අදියර අවසන් වෙලා තියෙන්නෙ ගාල්ල පින්නදූවෙන්. අපේ කණ්ඩායමට අධිවේගී මාර්ගය පිළිබදව දැණුම ලබා දෙන්නත් අපි අමතක කලේ නැහැ. 



මෙම මාර්ගයේ ප‍්‍රධාන පිවිසුම් වෙන්නෙ කොට්ටාව මාකුඹුර. එම පිවිසුම හා සම්බන්ධ වෙන්නෙ  A -4 මාර්ගයයි. කොට්ටාව පිහිටා තියෙන්නෙ පිවිසුමට කි.මී. 1.8 ක් දුරින් .  හෝමාගම  කි.මී.2.2 ක් , මහරගම කි.මී. 6.3 ක් , නුගේගොඩ කි.මී. 11.3 ක්, කොළඹ කි.මී. 20.6 ක් , අවිස්සාවේල්ල  කි.මී. 37 ක් දුරින් පිහිටා තිබෙන්නෙ. 

ඊලඟ පිවිසුම තමයි කහතුඩුව. මෙම පිවිසුම සම්බන්ධ වෙන්නෙ ඊ-084  මාර්ගයයි. එම පිවිසුමට කැස්බෑව නගරයේ සිට කි.මී. 5.8 ක් පිළියන්දල නගරයේ සිට කි.මී. 8.1 ක් හොරණ සිට කි.මී. 12.3 ක් දුරයි.
කහතුඩුවේ සිට විනාඩි 5 ක් පමණ ගතවෙන කොට අපි හොරණ - පානදුර මාර්ගය පසු කළා. මේ ඊලඟ පිවිසුම් මාර්ගයයි. එය ගැලනිගම හුවමාරුවයි. එය ් -8 මාර්ගය හා සම්බන්ධ වෙයි. බංඩාරගම නගරය මෙම පිවිසුමට කි.මී. 1.8 ක් දුරින් ද පානදුර නගරය කි.මී. 11.6 ක් දුරින් ද හොරණ නගරය කි.මී. 11.6 ක් ඉංගිරිය කි.මී. 20.4 ක් හා රත්නපුර කි.මී. 58.1 ක් දුරින් පිහිටා ඇත. 
විනාඩි 20 ක් වගේ කාලයකින් අපි දොඩංගොඩ හුවමාරුව පසු කළා. එම පිවිසුම් මග හා සම්බන්ධ වෙන්නෙ ඊ-304 මාර්ගයයි. මෙම පිවිසුමේ සිට කි.මී. 5.5 ක් දුරින් මතුගම නගරයත් කි.මී. 11.3 ක් දුරින් අගලවත්ත නගරයත් කි.මී. 11.5 ක් දුරින් නාගොඩ නගරයත් කි.මී. 17 ක් දුරින් කළුතර නගරයත් පිහිටා තිබෙනව. 

අපි කහතුඩුවේ පිවිසුමෙන් අධිවේගි මගට පිවිසිලා පැය භාගයක් පමණ ගතවෙද්දි වැලිපැන්න සේවා පෙදෙසට පැමිණියා. අපේ මුල්ම කි‍්‍රයාකාරකම සිදු උනේ එතැනදි. අධිවේගි මගේ ගමන් ගන්නා අයට මදක් ව්වේක ගන්න වගේම බැංකු අවශ්‍යතා ඉටු කරගන්න, ආහාරපාන ලබාගන්න, වැසිකිලි අවශ්‍යතා ඉටුකරගන්න මෙම ස්ථානයේ පහසුකම් සපයා තිබෙනව. සියළු දෙනා කණ්ඩායම් 4 කට වෙන් කිරිමත් කණ්ඩායම් නායකයින් පත් කිරිමත් කණ්ඩායමට සුදුසු නමක් යොදා ගැනීමත් එහිදි සිදු උනා. 







වැලිපැන්න සේවා පෙදෙසේ දී අපේ කණ්ඩාය ෙම් සියළු දෙනා කණ්ඩායම් ගත වෙමින් සිටි මොහොත













වැලිපැන්න සේවා ස්ථානය පසුකර මද දුරක් පැමිනෙන විට වැලිපැන්න හුවමාරුව හමුවෙනව. එහ සම්බන්ධ වෙන්නෙ 

ඊ-157  මාර්ගයට. එම පිවිසුමේ සිට අළුත්ගම නගරයට කි.මී. 10.3 ක් මතුගම නගරයට කි.මී. 11.5 ක් හා අගලවත්තට කි.මී. 17.5 ක් දුරයි.


වැලිපැන්නෙන් පිටත් වෙලා විනාඩි 12 කින් විතර ගතවෙද්දි අපි කුරුඳුගහහැතැක්ම හුවමාරුව පසු කළා. පෙරදා ඉඟලතලාව විදුහලේ පරිසර වැඩසටහනකට අප ආ ගමන සිහිපත් උනේ පාසල පසුකර යද්දි. මෙම හුවමාරුව සම්බන්ධවෙන්නෙ ඊ-014 මාර්ගයටයි. මෙම පිවිසුමට කි.මී. 3.8 ක් දුරින් ඇල්පිටිය නගරයත් කි.මී. 6 ක් දුරින් කරන්දෙනිය නගරයත්, කි.මී. 7 ක් දුරින් බටපොල නගරයත්. ජ13.2 ක් දුරින් අම්බලන්ගොඩ නගරයත් කි.මී.13.5 ක් දුරින් බලපිටිය නගරයත් පිහිටා තිබෙනව. 

අපි ඉන්පසුව පසු කලේ බද්දේගම හුවමාරුවයි . මෙම හුවමාරුව සම්බන්ධ වෙන්නෙ ඊ-153 මාර්ගයටයි. එහි සිට කි.මී. 1.5 ක් දුරින් බද්දේගම නගරයත් කි.මී. 12.8 ක් දුරින් හික්කඩුව නගරයත් කි.මී. 20.8 ක් දුරින් උඩුගම නගරයත් පිහිටල තියෙනව.  


olaISK wêfõ.S ud¾.h oekg wjika fjkafk mskakoQfjka                                         th  fldÜgdj isg ls'ó' 95'3 la oqrska msysgd we;'                                    wms mskakoQfjka Wvq.u ud¾.fha yshdf¾ yxoshg meñK t;ekska yshdf¾ c,dYh olajd .uka ගමන් කළෙමූ'

WoEik 08.30 ට පමණ wms yshdf¾ ffcj úúO;aj කේන්ද‍්‍රය වෙත ලගාවීමු'



හියාරේ ජලාශය


හියාරේ ජලාශය ගොඩනගා ඇත්තේ 1911 වසරේ දී ඞී.ජේ.විමලසුරේන්ද‍්‍ර මහතා විසිනි. එතුමා ශී‍්‍ර ලංකාවේ ජල විදුලිබලයේ නිර්මාතෘතුමාය. අක්කර 55 ක් පමණ විශාල හියාරේ ජලාශය වටා අක්කර 480 ක පමණ වපසරියකින් යුතු කෝමල කොට්ටව රක්ෂිත වනය පිහිටා ඇත. එහෙත් මහාමාර්ගයක් නිසා දෙකඩවී ඇති මෙම වනය එම මුළු භූමියම සැළකූවිට හෙක්ටයාර 1130 ක් තරම් විශාලය' සියක් ආර ^ආරක් යනු ජලපාරකි& හියාරේ වූ බවට මතයක් ඇත'
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින් මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි' එහෙත් මෙම ස්ථානය ගාල්ල මහ නගර සභාවට අයත් දේපළකි'  ශී‍්‍ර ලංකාවේ දැනට පවතින එකම සත්ව රෝහල ද මෙම ස්ථානයේ පවත්වාගෙන යයි' 
අපට මෙම ස්ථානයේ දී අවශ්‍ය දැණුම ලබා දුන්නේගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ    රොහාන් මහතා විසිනි. ඔහු එම සංගමයේ කි‍්‍රයාකාරී සාමාජිකයෙකි'




වැට අල්ලගෙන කකූලක් උඩට අරගෙන කොළපාට  ටීෂර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ රොහාන් තමයි'


හියාරේන් පිටත් උන අපේ ඊලග ඉලක්කය උනේ කොග්ගල මහා පාඥයා හමුවන්නටයි' මාර්ටින් වික‍්‍රමසිංහයන්පන් බිමට ගොස් ඔහු පන් නිවස වගේම ඔහු පරිහරණය කළ දේවල් පිළිබඳව අපේ දරුවන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව'




අප ඉදිරියෙන් දිස්වන්නේ හෙළයේ මහා පාඥයා උපත ලැබූ නිවහනයි





මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය ඇත්තෙන්ම දැණුම් ගබඩාවකි. එහිදී එතුමන් විසින් පරිහරණය කරන ලද විවිධ උපකරණ හා භාණ්ඩ ප‍්‍රදර්ශනයට තබා ඇත. ඒවා මෙම බ්ලොග් අඩවියට ඇතුළත්කිරීම උචිත නැතැයි සිතමි. 
ඔන්න දවල්ට කෑම එහෙම කාල කණ්ඩායම සූදානම් උනේ රූමස්සල යන්න. රූමස්සල ගැන අපූරු ජනප‍්‍රවාදයක් තියෙනව. රාම රාවණා යුද්ධෙ වෙලාවෙ රාවණාගෙ හීසරයකින් රෝගාතුර උන රාමගේ සොයුරු ලක්ෂ්මණට අවශ්‍ය සංජීවනී ඖෂධය ගෙන එන්නට හිමාලයට ගිය හනුමන්තා ඖෂධයේ නම අමතකවීම නිසා හිමාලයෙන් කොටසක් රැුගෙන අහසින් එන විට ඉන් කොටසක් උනා වැටී ඇත.උනාවැටුනු තැන උණවටුන විය. එම ඖෂධ කැලය රූමස්සල බවට විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් මහා සාගරය අසළම පිහිටි මෙම කන්ද ජෛව විවිධත්වයෙන් පොහොසත් ස්ථානයකි. තෙත් කලාපිය වනාන්තරයක් සේ දිස්වේ. මෙය සොබාදහමේ සොඳුරු නිමැවුමකි. ගුරුත්වාකර්ශණය අධික ස්ථානයක් ලෙසද මෙය සැළකේ.



රූමස්සල කඳු මුදුනේ ජපන් සාම චෛත්‍යයක් ඉදිකර ඇත'




 එතැන්සිට දැකිය හැක්කේ මනරම් දසුනකි'



'අපේ සංචාරයේ ප‍්‍රධානතම ඉලක්කයක් උනේ ජංගල් බීච් (Jungle Beach) එකේ සිදු කෙරෙන කි‍්‍රයාකාරකම් සමග මුහුදේ නෑම හා විවිධ කී‍්‍රඩා ඉසව් පැවැත්වීම මෙය ඇත්තෙන්ම පිරිසිඳු හා සුන්දර වෙරළ තීරයක්. තරමක් ආරක්ෂිතයි. 

  කණ්ඩායමේ සියළු දෙනාම කි‍්‍රයාකාරකම් සඳහා සූදානමින්. 


විනෝදය හා සතුට පිරි තරගයක්. දිගම ලයින් එක හදන්නට වෙහෙසෙන කණ්ඩායම් හත ෙර්සාමාජිකයින් 

ලොකු ද පොඩි ද කියල තරගයට වයස් බේදයක් නෑ.




ජයග‍්‍රහණයෙන් උදම්වී .....

විවිධ තරග ඉසව් වලින් ලැබුවෙ මහා සතුටක් විනෝදයක්. ඒ වගේමයි කට්ටිය මදි නොකියන්න මුහුදෙ නෑව. නියම විනෝදයක් අහිංසක විදිහට ලැබුව. පුංචිම එකාගෙ ඉඳල වැඩිහිටියා දක්වා එකාවගේ විනෝද උනා. මුහුදෙන් ගොඩ එන කොට හොඳටම හවස් වෙලා. දැන් කොටුවට යන්න වෙලාවකුත් නෑ. එන ගමන් පුළුවන්නම් දිනා ගන්න තරගය මිහිතල එෆ් එම් හරහා කි‍්‍රයාත්මක උනා. තරග කරුවන් 5 යි. තරගයෙන් ජයග‍්‍රහණය කළේ යසිරු. අපේ ඉදිරි වැඩසටහන් වලින් නැවත හමුවෙමු


Thursday, August 1, 2013

දකුණූ ලකේ අග නගරේ ගාලූ පුරේ සිරී කෙසේ වනම් දෝ ගාලූ සිරි වනම්දෝ

දකුණූ ලකේ අග නගරේ ගාලූ පුරේ සිරී 
                       කෙසේ වනම් දෝ  ගාලූ සිරි වනම්දෝ                                             

එක් දින අධ්‍යාපන හා විනෝද චාරිකාව

2013 අගෝස්තු 18 

ඔන්න මෙදාපාර අපේ එක් දින අධ්‍යාපන හා විනෝද චාරිකාව යන්නෙ ගාලූ නගරය කේන්ද්‍ර කරගෙන. හුඟක් අය හිතන්න පුළුවන් ‘‘අපෝ අපි  ඕන තරම් ගාලූ ගිහින් තියෙනව. ඇයි ගාලූම යන්නෙ ’’කියල. එහෙනම් බලන්නකො අපේ චාරිකාව යන්නෙ කොහොමද කියල. 

අපි මේ චාරිකාව යන්නෙ සහ ආපසු එන්නෙ අධිවේගී මාර්ගයෙන්. පුංචි දරුවෙකුට උනත් පොදු බස්රථයකින් මේ මාර්ගයේ ගාලූ ගිහින් එන්න රු. 940 ක් වැය වෙනව. ඒ නිකම්ම ගාල්ලට විතරනෙ. අපේ චාරිකාවට වැඩිහිටියෙකුට රු.750 යි ළමා සාමාජිකයෙකුට රු. 350 යි. 




අපේ චාරිකාවෙ ආරම්භක වැඩසටහන ‘‘අරුණැල්ල’’ හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රයේදී පැවැත්වෙනව.එතන තමයි හියාරේ ජලාශය,හා රක්ෂිත වනාන්තරය සමග සත්ව රෝහල පිහිටා තියෙන්නෙ




අපේ 2 වන වැඩසටහන ‘‘ හෙළයේ මහා පාඥයා සමග හෝරා 2ක් ’’. කොග්ගල මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කේන්ද්‍රය මූලික කරගෙනයි පැවැත් වෙන්නෙ.



මෙවර ශිෂ්‍යත්වයට වාඩිවෙන දරුවන්ට නම් කියාපු ගමන. එහෙම කියන්නෙ හේතු කිපයක් ඇතුව. එකක් තමයි ඊලඟ ඉරිදා පැවැත්වෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය මානසික විවේකය ලැබීම. අනෙක මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය හා අනෙක් ස්ථාන හරහා ලැබෙන දැණුම.
අපේ ඊලඟ මෙහෙයුම ‘‘ ආධ්‍යාත්මික සුවය සදන තලාතුඩුව අරණ’’

හනුමන්තාගේ දෑතින් උනා වැටුන කියල විශ්වාස කරන ඔසු වලින් පිරි ‘‘ රූමස්සල සිරිය ’’ බලන්නත් යනවමයි.


ඔබ දන්නවද ගාලූ පුරේ අනන්‍යතා සංකේතය බඳු ගාලූ කොටුව ගැන. අපි ගාලූ කොටුවෙ තියෙන ඓතිහාසික සිරි විසිතුරු බලල

ඊට පස්සෙ හෝරා 2 ක් මුහුදු වෙරළට යනව. එතැන ආරක්ෂිතව නාන්න පුළුවන් තැනක්. අපි එතැන වෙරළේ පැත්වෙන කී‍්‍රඩා ඉසව් ගණනාවකට සම්බන්ධ වෙනව. ඒ වගේම මුහුදෙ නාන්න කවුරුවත් බය වෙන්න දෙයක් නැහැ. උපරිම ආරක්සාව යටතෙයි ඒ සියල්ල සිදු වන්නෙ. හැබැයි හැම දෙනාම නාන ඇඳුම් -Swimming Kit -අරගෙන එන්න අමතක කරන්න එපා. ඉතිං මේ තරම් සුන්දර අධ්‍යාපන හා විනෝද චාරිකාවක් ඔබ මග හරිනවාද? අපි හැමෝම යමු ගාලූපුරේ සිරි බලන්න. 

Monday, June 24, 2013

සත් වසක් නොනැවතී ඉදිරියටම ........

සත් වසක් නොනැවතී ඉදිරියටම ........


ඒ 1996 අවුරුද්ද. ජූනි 1 දා පොසොන් පොහොය දවස. ඔළබොඩුව මංසන්ධියේ දි අපි ප‍්‍රථම වතාවට කොළ කැඳ හා ඔසුපැන් දන්සලක් පැවැත්වූවා. 1997.06.20 වන දින පොසොන් පෝය දවසෙ 2 වන වතාවටත් අපි එම ස්ථානයේ දි කොළකැඳ දන්සල පැවැත්වූවා. 1998.06.08 දා අපි 3 වන වතාවට කොළ කැඳ දන්සල පැවැත්වූයේ ගෝනපල මංසන්ධියේ දි.

වසර 9 කට පස්සෙ  නැවත  මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් කොළකැඳ දන්සල 2007 දී පින්නකොළවත්ත පෙර පාසල අසලදී පැවැත්වූවා. එතැන්සිට නොනවත්වා කොළකැඳ දන්සල පියවරෙන් පියවර ඉදිරියට ආව. 7 වන පියවර පහු කලේ 2013 පොසොන් පෝය දවසෙ(2013 ජුනි 23)  ඒ කියන්නෙ යාළුවනේ අපි දැන් 10 වතාවක් දන්සල පවත්වල කියන එකයි.



ඉතිං යාළුවනේ කොළ කැඳ දන්සලක් ගැන බ්ලොග් එකක විස්තර ලියන්නෙ ඇයි කියල ඔයාල හිතන්නත් පුළුවන්. ඇත්තෙන්ම මේ කර්තව්‍ය නිකම්ම නිකන් කොළ කැඳ දන්සලක් පමණක් නොවෙයි. මෙය එකමුතු කම විනෝදය සහ කණ්ඩායම් හැඟීම් ඉස්මතු කරන කි‍්‍රයාකාරකමක්. වෙන කවරදාකටත් වඩා ජනතාවගේ ඉහළම දායකත්වය ලැබුණු වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.


මුලින්ම කොල ටික  හොදීන් ශුද්ධ පවිත‍්‍රකර ගන්න  ඕනිනෙ. ඊට පස්සෙ කොල ටික හොඳට හෝද ගන්නම  ඕනි 





හෝද ගත්ත කොල ටික කොටන්න ඉස්සෙල්ල කුඩා කැබලි වලට කපා ගත්තහම පහසුයි.



කොළකැඳ දන්සලක් කියන්නෙ පෙනෙන්න තියෙන දේට වඩා ලොකු දෙයක් කියල ආරම්භයේදිම අපි කිව්වනෙ. දන්සලට පෙරත් පසුත් දිවයන කථාවක් ඒකෙ තියෙනව. දරුවන් ප‍්‍රායෝගිකවම ඉගෙන ගන්නව වැඩක් නිසි පරිදි කරන්නෙ කොහොමද කියල. ලේසියි කියල හිතෙන්න පුළුවන්. ඒත් වැඬේ හිතන තරම් ලේසි නැහැ. පාසල් වයසේ පසුවන පුංචි දරුවන්ට මේක ලේසි වැඩක් නෙමෙයි. අපේ තරුණ සංවිධානෙ වගේම සජන මිතුරෝ වැඩිහිටි කට්ටිය වැඬේට උදව්වට හිටියට වැඬේ බරම හරිය කරන්නෙ ළමා සමාජයේ කට්ටිය. කොළ කැඳ දන්සලට අවශ්‍ය දේවල් කොච්චර නම් තියෙනවද? මඩු කූඩාරම් වල ඉඳල කල්දේරම්, වංගෙඩි මෝල්ගස්, වල ඉඳල හැම දෙයක්ම හොයාගන්නත්  ඕනි. ඒවා ප‍්‍රවේශමෙන් පාවිච්චි කරල මාරු කරන්නෙ නැතුව අයිතිකරුවන්ට ආපහු භාරදෙන්නත්  ඕනි. දැන් දරුවන්ට අවුරුදු 7 ක අත්දැකිම් තියෙනව. එහෙම කියන්නත් බැහැ. එදා ළමා සමාජයේ හිටපු අය දැන් තරුණ සංවිධානයේ. ළමා සමාජයේ ඉන්න පැටවුන්ට එච්චරම අත්දැකිම් නැහැ. ඒත් වැඬේ කිසිම අඩුවක් නැතුව කරන්න ඒ අයට පුළුවන්. 


දැන් කොළ ටික කුඩා කැබලි වලට කැපුවට පස්සෙ ඒව වංගෙඩි ලඟට ගෙනියන්න කට්ටියක් ලැහැස්තියි.


මේව ඉතාමත්ම සිහින් වෙනතුරු කොටා ගන්න කට්ටියක් ලැහැස්තියි. හැමෝම  කිසිම කම්මැලි කමක් නැතුව හැම වැඩක්ම කළා. 
පුංචිම එක්කෙනාගෙ ඉඳල වැඩිහිටි කෙනා දක්වා හැමෝම කොළ කොටන්න උදව් උනා. 







කට්ටියක් කොටන කොළ  මිරිකනව. 





ඒ අතරේ තව කට්ටියක් පොල් ගානව.






ඒ විතරක් මදිනෙ. ගාගත්තු පොල්ටික හොඳින් මිරික ගන්නත්  ඕනි. ඒ කට තවත් කට්ටියක් ලැහැස්තියි 


ආ..... ඒ ඔක්කොම අතරෙ රාතී‍්‍රයට කන්නත් එපායැ. ළමා සමාජයේ ආකාශ්ගෙ දෙමව්පියො හරිම රසවත් රාතී‍්‍ර ආහාර වේලකින් හැමෝටම සංග‍්‍රහ කළා. 


පුංචි පැටව් හරිම ආශාවෙන් කෑම ටික කෑව. 



ආහාරය තුලින් මතුව එන මිතුදම හා සහෝදරත්වය 


දැන් තමයි අමාරුම හරිය. ලිප ගිනි මොලවල කැඳ භාජන ලිපේ තියල කැඳ හදන එක. 
එක මොහොතක්වත් නතර කරන්නෙ නැතුව ලිපේ තියාපු වෙලේ ඉඳල කැඳ භාජනය කූරු ගාන්න එපායැ. ගිනි රස්නෙ කකා කරන මේ වැඬේ නම් ලේසි පාසු වැඩක් නෙමෙයි.

ඒකට ඉස්සෙල්ල තව වැදගත් දෙයක් සිදු උනානෙ. හරියටම රාතී‍්‍ර 12.00 ට ඒ කියන්නෙ ජූනි 23 වෙනිදා උදා වෙන කොට විශේෂ දෙයක්. ඒ තමයි අපි කාගෙත් ආදරණිය ප‍්‍රදීප්,අපේ සංවිධානයේ භාණ්ඩාගාරික තුමාගෙ උපන් දිනය. හැමෝම එකතු උනේ උපන් දිනය සමරන්න.





සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ  උපන් දිනයකට ආසිරි !


ආදරණිය සෙනෙහෙවන්ත මෑණියන්ගෙන් උපන් දින හාද්දක් !

රාතී‍්‍ර 12.30 ට විතර කැඳ උයන්න පටන් ගත්ත. පහුගිය ටිකේම දිගටම මහ වැසි වැස්ස නිසා දර තරමක් තෙත බරයි. ඒ හින්ද ලිප අවුලූවා ගන්නත් ලේසි නෑ. නිතරම ලිපට පිඹින්නත්  ඕනි. කැඳ භාජනය කූරු ගාන්නත්  ඕනි.



පොසොන් පොහෝ දිනය උදා වෙමින් පැවතුනා. තාමත් හිරු කුමරුන් ලොවට වැඩල නෑ. අළුයම 04.00 ට විතර දන්සලේ කොළ කැඳ බෙදන්න පටන් ගත්ත. විහාරස්ථානයට සිල් සමාදන් වෙන්න යන උවැසි උවැසියන් තමයි දන්සැල විවෘත කළේ. 









වටින් ගොඩින් එළිය වැටෙන කොට  සුපුරුදු විදිහටම කොළ කැඳ පානය පිනිස වැල නොකැඩි ජනතාව පැමිනෙන්න පටන් ගත්තා.


පුංචි දරුවනුත් කැටුව ඇවිත් මේ වටිනා ඔසුව ඔවුන්ටත් ලබා දෙන්න බොහෝ අය අමතක කළේ නැහැ




අපි උදෑසන වන විට ලොකු සාස්පාන් 5 ක් පිරෙන්න කැඳ හදල ඉවරයි. ඒත් වේගයෙන් ඒව ඉවර වෙන්න පටන් ගත්ත. කවරදාකවත් නැති විදිහට අපිට නැවතත් උදෑසන කැඳ හදන්න සිදු උනා.  



දවල් 10.00 ත් පහු වෙනකම්ම කොළ කැඳ දන්සල පැවැත්වූවා. හැමෝම පෙරදා රාති‍්‍රය ගෙවා දැමුවෙ නිදි වර්ජිතව. එක දිගටම වැඩ කෙරුවත් වෙහෙසක් නොදැනෙන්නෙ සාර්ථකත්වය නිසා විය යුතුයි. කෙසේ වෙතත් සියල්ල අවසන් කළ මිහිතල මිතුරන් 2013 පොසොන් කොළ කැඳ දන්සල නිමාවකට පත් කළේ 2014 වෙනස්ම වූ අත්දැකීමක් ලබන බලාපොරොත්තුවෙන්.