Thursday, August 1, 2013

දකුණූ ලකේ අග නගරේ ගාලූ පුරේ සිරී කෙසේ වනම් දෝ ගාලූ සිරි වනම්දෝ

දකුණූ ලකේ අග නගරේ ගාලූ පුරේ සිරී 
                       කෙසේ වනම් දෝ  ගාලූ සිරි වනම්දෝ                                             

එක් දින අධ්‍යාපන හා විනෝද චාරිකාව

2013 අගෝස්තු 18 

ඔන්න මෙදාපාර අපේ එක් දින අධ්‍යාපන හා විනෝද චාරිකාව යන්නෙ ගාලූ නගරය කේන්ද්‍ර කරගෙන. හුඟක් අය හිතන්න පුළුවන් ‘‘අපෝ අපි  ඕන තරම් ගාලූ ගිහින් තියෙනව. ඇයි ගාලූම යන්නෙ ’’කියල. එහෙනම් බලන්නකො අපේ චාරිකාව යන්නෙ කොහොමද කියල. 

අපි මේ චාරිකාව යන්නෙ සහ ආපසු එන්නෙ අධිවේගී මාර්ගයෙන්. පුංචි දරුවෙකුට උනත් පොදු බස්රථයකින් මේ මාර්ගයේ ගාලූ ගිහින් එන්න රු. 940 ක් වැය වෙනව. ඒ නිකම්ම ගාල්ලට විතරනෙ. අපේ චාරිකාවට වැඩිහිටියෙකුට රු.750 යි ළමා සාමාජිකයෙකුට රු. 350 යි. 




අපේ චාරිකාවෙ ආරම්භක වැඩසටහන ‘‘අරුණැල්ල’’ හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රයේදී පැවැත්වෙනව.එතන තමයි හියාරේ ජලාශය,හා රක්ෂිත වනාන්තරය සමග සත්ව රෝහල පිහිටා තියෙන්නෙ




අපේ 2 වන වැඩසටහන ‘‘ හෙළයේ මහා පාඥයා සමග හෝරා 2ක් ’’. කොග්ගල මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කේන්ද්‍රය මූලික කරගෙනයි පැවැත් වෙන්නෙ.



මෙවර ශිෂ්‍යත්වයට වාඩිවෙන දරුවන්ට නම් කියාපු ගමන. එහෙම කියන්නෙ හේතු කිපයක් ඇතුව. එකක් තමයි ඊලඟ ඉරිදා පැවැත්වෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය මානසික විවේකය ලැබීම. අනෙක මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය හා අනෙක් ස්ථාන හරහා ලැබෙන දැණුම.
අපේ ඊලඟ මෙහෙයුම ‘‘ ආධ්‍යාත්මික සුවය සදන තලාතුඩුව අරණ’’

හනුමන්තාගේ දෑතින් උනා වැටුන කියල විශ්වාස කරන ඔසු වලින් පිරි ‘‘ රූමස්සල සිරිය ’’ බලන්නත් යනවමයි.


ඔබ දන්නවද ගාලූ පුරේ අනන්‍යතා සංකේතය බඳු ගාලූ කොටුව ගැන. අපි ගාලූ කොටුවෙ තියෙන ඓතිහාසික සිරි විසිතුරු බලල

ඊට පස්සෙ හෝරා 2 ක් මුහුදු වෙරළට යනව. එතැන ආරක්ෂිතව නාන්න පුළුවන් තැනක්. අපි එතැන වෙරළේ පැත්වෙන කී‍්‍රඩා ඉසව් ගණනාවකට සම්බන්ධ වෙනව. ඒ වගේම මුහුදෙ නාන්න කවුරුවත් බය වෙන්න දෙයක් නැහැ. උපරිම ආරක්සාව යටතෙයි ඒ සියල්ල සිදු වන්නෙ. හැබැයි හැම දෙනාම නාන ඇඳුම් -Swimming Kit -අරගෙන එන්න අමතක කරන්න එපා. ඉතිං මේ තරම් සුන්දර අධ්‍යාපන හා විනෝද චාරිකාවක් ඔබ මග හරිනවාද? අපි හැමෝම යමු ගාලූපුරේ සිරි බලන්න.