Thursday, November 17, 2016

තිරසාරත්වය කරා පිය නගමු

තිරසාරත්වය කරා පිය නගමු 

අපගේ බ්ලොග් අඩවිය පරිශිලනය කරන හිතවත් මිතුරනි,
කලෙකින් මෙහි සටහන් තබන්නට අපට නොහැකි වූයේ අධිකතර වැඩ කටයුතු නිසාමය
.  පසුගිය කාලය තුළ අප බොහෝ දේ සිදු කළෙමු. ඒ සියල්ල ගැන මෙහි සටහන් තබන්නට නොහැකිය. පරිසර සංරක්ෂණය උදෙසා අප සිදු කළ බොහෝ දේ අතර වනාන්තර සංරක්ෂණය සඳහා අප විසින් දියත් කරන ලද වැඩසටහන් රැුසකි. දේශගුණික විපර්යාසයන් හමුවේ ඊට අනුහුරු වීම අරමුණු කරමින් ද අප වැඩසටහන් දියත් කළෙමු. ඒ සඳහා අපගේ පාරම්පරික ඥාණය පිළිබඳව ද වැඩසටහන් දියත් කළෙමු. පසු ගිය කාලය තුළ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය වෙනුවෙන් අපි වැඩි වශයෙන් කාලය ගත කළෙමු. වස විස නැති නිෂ්පාදන අලෙවිය සඳහා ද අපි පියවර ගතිමු

අප ද‍්‍රව්‍ය මහා හිසරදයක් කර ගත් රටකට එය මහා සම්පතක් බවට පත්කර ගැනීමට මග පෙන්වන ‘‘ පරිසරපොළ ’’ සංකල්පය කි‍්‍රයාත්මක කිරිමට ද අපි ඉහළම දායකත්වය ලබා දුනිමු. මෙතෙක් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ කි‍්‍රයාත්මක කළ මෙම වැඩ සටහන ප‍්‍රථම වරට ඉතාමත් සාර්ථක ලෙස හෝමාගම විල්ප‍්‍රඩ් සේනානායක කී‍්‍රඩාංගනයේ දී 2016 ඔක්තෝබර් 22 සහ 23 යන දෙදින පවත්වන ලදී. එළඹෙන නොවැම්බර් 26 සහ 27 දෙදින කහතුඩුවේ දී ද පරිසරපොළ පැවැත්වේ



මෙහි දී , රජයේ පළතුරු හා උද්‍යාණ බෝග දෙපාර්තමේන්තුව මගින් නැවුම් හා ගුණදායී පළතුරු ග‍්‍රෑම් 200 ක් ඉතාමත් පහසු මිල ට ලබා ගැනිමට අවස්ථාව උදාකර දී ඇත


Tuesday, June 7, 2016

ගමේ වගතුග, වැවේ වගතුග, හේනෙ වගතුග, කමතෙ වගතුග ගැන කතා කරමු

ගමේ වගතුග, වැවේ වගතුග, හේනෙ වගතුග, කමතෙ වගතුග ගැන කතා කරමු

අපේ පාරම්පරික උරුමයන් හා මහා දැණුම් සම්භාරය පිළිබදව කිසිදු තැකීමකින් තොරව ඒ සියල්ල අපේ ජීවිත වලින් ඈත් කිරීමේ පාපයට අද අපි ජාතියක් හැටියට වන්දි ගෙවමින් සිටින්නෙමු. අපේ ශිෂ්ටාචාරයේ හංසගීතය ගැයෙමින් පවතී. නුවණින් මේ සියල්ල විමසා දැන හැදින වහාම අපි අපේ අක්මුල් සොයා ගත යුතුය. එසේ නොවුනහොත් ලෝකයේ ඇති සියළු කුණු කන්දල් දෝතින් බදාගෙන වැනසිගිය ශිෂ්ටාචාරයක් හිමි ජාතියක් බවට ඉතිහාසයට අපි එක් වනු ඇත.

මේ පිළිබදව අපි දිගු කලක සිට අදහස් දැක්වූයෙමු. රටකට සොබාදහමත් සමග කරන නැණවත් ගනු දෙනුවකින් තොරව ඉදිරියට යා හැකිද? දැන් ඉතිං අපේ සියළු කදු නාය යමින් පවතී. ගංවතුර නියගය හා දරා ගත නොහැකි උනුසුම අපට විපත් ගෙන දෙමින් සිටියි. වස විස කිසිදු බියකින් තොරව තම දරුවන්ට කවන පොවන මව් පියවරු තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන වද වෙමින් ජනපි‍්‍රය පාසල් සොයා තරගයට දිව යති. තම දරුවා රෝගී වී අකල් හි මරු වැලද ගැනිමට නියමිතව සිටින වග ඔවුන්ට ගැටළුවක් නොවේ. 


මේ සියල්ලම කීවේ යම් සුවිශේෂි අරමුණක් එක්ක. අපි මිහිතල මිතුරෝ හැටියට සුදානම් කරගෙන යනවා වැඩසටහනක්. ඒ තමයි අපේ පාරම්පරික උරුමයන් හා දැණුම නව පරපුර වෙතට ලබා දීම. මෙම ජූනි 11 වන සෙනසුරාදා සවස 07.00 ට කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ඇරඹෙනව. මේ සදහා සහභාගිවන්නෙ ශී‍්‍ර ලංකාවෙ ජනශ‍්‍රැති පර්යේෂක මහිනකුමාර දළුපොත මහත්තය. එතුමා සමග සංවාදය මෙහෙයවන්නෙ පරිසරය හා සංවර්ධනය පිළිබද ලේඛක හා සමාජ කි‍්‍රයාකාරිකයෙකු වූ ශාස්ත‍්‍රපති සම්පත් ආරියසේන මහත්මා. 

ශී‍්‍ර ලංකාවෙ හුග දෙනෙක් මහින්ද කුමාරදළුපොත මහත්තයව දන්නව. එතුමා පහුගිය අළුත් අවුරුද් කාලෙ හුගක් නාලිකාවල නැතුවම බැරි කෙනෙක් වෙලා හිටිය. ඒත් එතුමා ගැන යමක් කිවයුතුයි.


අප කථාකරන මේ විෂයේ විවිධ පැතිකඩයන් ගැන එතුමා ග‍්‍රන්ථ රාශියක් රචනා කර තිබෙනවා. එම ග‍්‍රන්ථ අතුරින් බොහොම ස්වල්පයක් පහත පළවෙනව




විවිධ පුවත්පත් වලට එතුමා මෙම විෂයන්ට අදාලව බොහෝ ලිපි පළකරල තියෙනව.





මේ අගනා මොහොතට සම්බන්ධ වෙන්න යමෙකුට හිතක් පහළ උනොත් පහත සදහන් දුරකථන අංක වලට කතා කරල වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

011 2754 700, 071 3496 971, 071 4285 480

Friday, May 13, 2016

හිරු නැගෙන - බහින අසිරිය එක් තැනක සිට බලන්නට එන්න කොඩිගහකන්දට

හිරු නැගෙන - බහින අසිරිය එක් තැනක සිට බලන්නට 

එන්න කොඩිගහකන්දට

ඔබ ඉන්නෙ බස්නාහිර පළාතෙ නම් ඔබට වඩාත් පහසුයි. මේ අසිරිමත් බිමට පැමිණ සොබාදහමේ අපූර්වත්වය විදින්නට, වනාන්තරයක නියම අත්දැකීම ලබන්නට අංශක 360 කින් මධ්‍යම කදුකරයේ සිට නිරිත දිග තැනිතලාවම එක් මොහොතක දකින්නට ඔබට පුළුවන්.

ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි.
ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්. සමනල විශේෂ 69 ක්  ක්ෂිරපායී විශේෂ 24 ක් ඇතුළු සත්ව විශේෂ සහ ශාක නැරඹිය හැකියි. 

සොයිසාවරුන්ගේ ප‍්‍රතාපවත්  නිවාඩු නිකේතනයක් වූ ‘‘ උඩ බංගලාව’’ ලෙස හදුන්වන වසර 127 ක් පැරණි වලව්ව නරඹන්නත් පුළුවන්.

එපමණක් නොවෙයි ඔබ ත‍්‍රාසජනක පාරිසරික කි‍්‍රයාකාරකම් වල නිරත වන්නට කැමැත්තක් දක්වන්නෙක් නම් කොඩිගහකන්ද ස්වභාවික වනපෙත තුල ඉදිවී ඇති ‘‘පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානය / ECO ADVENTURE PARK’’ ඔබව සාදරයෙන් පිලිගැනීමට සැදී පැහැදී සිටින වග ද සතුටින් දන්වමු.

https://www.youtube.com/watch?v=nI-Di12wN8w
https://www.youtube.com/watch?v=sp-qrPQIuMU
https://www.youtube.com/watch?v=qRhWIkZ0eg0
0112754700, 0713496971, 0714285480, 0774721937
mihithalamithuro@gmail.com  හරහා ඔබට අපව සම්බන්ධකර ගන්න පුළුවන්




ජෛව විවිධත්ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනපෙත ශී‍්‍ර ලංකාවේ එකම ප‍්‍රජා සංරක්ෂිත අභය භූමියයි. 

ඔබ මෙහි පැමිනියහොත් ස්වභාවික මංපෙතෙහි ඇවිද යමින් වැල් වල එල්ලෙමින් ගල් මතට නගිමින් බහිමින් නියම වනගත අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඔබ කුරුල්ලන් නරඹන්න ආශාවක් දක්වන්නෙක් නම් මෙහි දී කුරුළු විශේෂ 83 ක් නරඹන්න ඔබට පුළුවන්.


Saturday, April 16, 2016

වැනසෙන්නට නොව පවතින්නට දිරි ලබමු -මිහිතල මිතුරන්ගේ අළුත් අවුරුදු පණිවිඩය - 2016

වැනසෙන්නට නොව පවතින්නට දිරි ලබමු -මිහිතල මිතුරන්ගේ අළුත් අවුරුදු පණිවිඩය - 2016

යහපාලන ආංඩුව යටතේ මේ රටේ ජනතාව සිංහල හා දෙමල අළුත්  අවුරුද්ද සමරන ප‍්‍රථම වර්ෂයයි මේ. මහින්ද රාජපක්ෂ පරදවා යුක්තියේ සාධරනත්වයේ දේශයක් ගොඩනගන්නට, අධිකරණයේ ස්වාධිනත්වය රජ කරවන්නට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර රට සමෘද්ධියකරා රැුගෙන යන්නට ඊනියා සම්මුතිවාදි ආංඩුවක් රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් ගොඩනගා ඇත. මහින්ද රටට මහා බරක් වූ ඇමති මංඩලයක් නඩත්තු කරමින් රට විනාශය කරා රැුගෙන යන බවට පාරම් බෑ මේ යහපාලුවෝ දැන් විද්‍යාත්මක පදනමක් මත රටේ සංවර්ධනයට උචිත පරිදි  ජනතාවට බරක් නොවන සේ ඇමති මංඩලයක් පත්කර ලොවටම ආදර්ශයක් දී ඇත.    එපමණක් නොව තවමත් ඇමති මංඩලයේ ඇබෑර්තු ඇත. ගනිකා සේවා ඇමති තවම පත්කර නැත. ( අධෝ මුඛයෙන් සිනාසෙන්නට තහනම් නැත)


රටේ වන අපරාධ එලෙසින්ම සිදුවේ නම් නීතිය තමන්ට රිසි පරිදි හසුරුවන්නේ නම් රටේ නිෂ්පාදන ආර්ථිකයක පදනම මත ආර්ථික කි‍්‍රයාවළිය සිදු නොවන්නේ නම් පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් වූ පමණින් මේ ආංඩුව යහ ගමනක පිය මනිමින් සිටින්නේ යැයි අපට කිව හැකිද?

වසර 20 ක ඇරියස් පිරිමසිමින් සිටින යූ ඇන් පී ආංඩුවක් මිස වෙන කිසිදු හරි හමන් සංවර්ධනයක් සිදු වන්නේ යැයි අපට නොපෙනේ. දැන් ඉතින් මහින්ද රාජපක්ෂ කර උඩ පටවා ගෙන සිය දේශපාලු මාවතේ අගතිය කරා යන ඒකාබද්ධ විපක්ෂය යැයි යන හංවඩුව ගසා ගත් බඩගෝසතර වාදීන් උඩ පැන පැන හිටි පිණුම් ගසමින් සිනා සෙනු පෙනේ. ‘‘ අපි කිව්ව නේද තොපිට දැන් ඇති නේද කෙලව ගත්ත. ඒක තමයි අපි කිව්වෙ රට හදන්න නම් මහින්ද ඔ්නිමයි’’ මහින්ද වාදියෝ පවසති.මේක නම් මහා ම මහා විලි ලජ්ජා නැති දේශයකි. එකම දේ වසර 62 ක් අත්හදා බැලූ ජාතියක්. තවමත් මේ මහා රැුවටිල්ලේ ඔවුන් ගිලී ඇත. මෛතී‍්‍ර රනිල් නැත්නම් මහින්ද ? 

ශී‍්‍ර ලංකා -  යූ ඇන් පී

මේ රටේ ජනතාව කවරදාකනම් මේ රැුවටිල්ලෙන් ගැලවේද? පුද්ගලයින් මාරු උනත් එකම ක‍්‍රමය දිගටම කි‍්‍රයාත්මක වෙයි. හරියටම කිවුවොත් එකම කදයි මුහුණු 2 යි.

ඉතින් අපි අළුත් අවුරුද්ද සමරන්නේ මෙවන් පසු බිමකය. 30 අවුරුදු යුද්ධයකින් බැට කැ ශී‍්‍ර ලාංකිකයින් ඉන් අංශූ මාත‍්‍ර හෝ පාඩමක් ඉගෙන ගෙන ඇති වගක් නොපෙනේ. මුහුණු පොතේ සැරි සරන අමුම අමු ජාති වාදය ඊට දෙස් දෙයි. විශේෂයෙන් විදෙස් රැුකියා වලට ගිය සිංහළයින් පුදුමාකාර ලෙස දේශ හිතෛෂි හා ජාතික පේ‍්‍රමීන් වී ඇත. අඩුම තරමින් මොලේ කළදක් හෝ තිබේනම් තමන්ව මෙසේ  පිටරටවල බැල මෙහෙවරෙහි යෙද වූ කාලකන්නි දේශපාළුවන් ගැන වගේ වගක් නොමැතිව ඊනියා දේශපේ‍්‍රමීන් වී ඇත. 

ඔවුන්ට අනුව දෙමලා අමුම අමු ජාති වාදියෙකි. මුසල්මානුවා ද එසේමය. එසේනම් කළ යුත්තේ ඔවුන් සමූල ඝාතනය කර මේ රට සිංහලයින්ට පමනයි යන ලේබලය ගැසීමය. මෙවැනි ජාති වාදී ව්‍යාපාර මේ රටේ පවති කාලකන්නි දේශපාලනය හා සමපාතවේ. එය ඔවුන්ට ආශිර්වාදයකි. සාමාන්‍ය දෙමල මිනිසා ජාතිවාදිද? සාමාන්‍ය මුසල්මානුවා ජාතිවාදීද? ඔවුන්ට ඇත්තේ ජාතිවාදී ප‍්‍රශ්නයක් නොව බඩගින්න පිළිබද ප‍්‍රශ්ණයකි. ජීවත්වීම පිළිබද ප‍්‍රශ්නයකි. 

ජාතිවාදය කර පින්නා ගත් විට අපේ සැබෑ සතුරා අපට නොපෙනේ. අපව ජාතීන් ලෙස වෙන්කර දමා ජාතීන් අතර වෛරය පතුරුවා එකි නෙකා මරා ගන්නට සැලැස්වූ යේ කවුරුන්දැයි අපට නොපෙනේ. ගොවියා අන්ත අසරණ කර දමා ඔහු බහුජාතික සමාගම්වල කුලී වහලෙක් කල සැබැ සතුරා අපට නොපෙනේ. අපේ දේශය වකුගඩු මාරයාට ගොදුරු වී සෑම දිනකම අගනා මිනිස් ජීවිත 14 ක් බිලි ගන්නා විටත් අපේ සතුරා තංගමනීය. මොහොමඩ්ය. පිලීකාව වසංගතයක් වී අපේ මිනිසුන් අනේක විද දුක් විද මරු වැළද ගන්නා විටත් අපේ සතුරා රසායනික නිෂ්පාදනය කර අධික ලාභ ලබන බහු ජාතික සමාගම් නොවේ. අපේ භයානකම සතුරා තංගමනී සහ මොහොමඩ්ය. එදා අමුඩය ඇද ගිනියම් අව්වේ කුඹුරු කෙටු අපට අද අව්වට බහින්නටත් තහංචි වැටෙන තරමට මිහිමඩල උණුසුම් කර දේශගුණික විපර්යාසයන්ට වග කිව යුත්තේ සිය ආත්මාර්ථකාමි ගණන් බැලිම් උදෙසා ඊනියා ධනවාදී සංවර්ධනයක යෙදෙන බහු ජාතික සමාගම් නොව තංගමනී හා මොහොමඩ්ය. 



අධ්‍යාපනයේ නාමයෙන් දරුවන්ගේ ළමා කාලය උදුරා ඔවුන් ඇවිදින මානව රොබෝවරුන් කර අනාගත පරපුර වනසාලන පාපයට වගකිව යුතු ජාතියේ සැබැ සතුරන් මේ ඊනියා පාලකයින් නොව තංගමනි හා මොහොමඩ්ය.  දෙමළාට තම මව්බිම ශී‍්‍ර ලංකාව නොවන තරමට මුසල්මානුවාට තම මව්බිම ශී‍්‍ර ලංකාව නොවන තරමට වැඩ සිද්ධ වූයේ සිංහල, දෙමල හා මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් නිසා නොව එයට ද වගකිවයුත්තේ තංගමනී හා මොහොමඩ්ය.

අපි විරුද්ධ විය යුත්තේ අපේ සැබෑ සතුරන්ටය. අපි සියළු ආකාරයේ ජාතිවාදයට විරුද්ධ වෙමු. රට මේ සා විශාල ව්‍යසනයකට පත් කළේ කවරහුද? ඒ අන් කවරකුවත් නොව මේ මහා නග්න ආත්මාර්තකාමී ගණන් බැලීම් සිය පරමාත්මය කොටගත් ධනවාදී ක‍්‍රමයේ නිර්මාපකයන්  හා එහි නියෝජිතයින්ය. අප අපේ සැබෑ සතුරා පසෙක ලා අපේම එකම පංතියේ මිතුරන් සතුරන් කරගෙන සටන් වදිමු. අපව සතුරන් කළේ ඔවුන්ය. අපි ඔවුන්ගේ උගුලේ ගොදුරු බවට පත් වී ඇත. මේ සුපැහැදිලි සත්‍ය අප තේරුම් ගත යුතුමය.

මේ අළුත් අවුරුද්දේ අපි සොබාදහම සමග සහජීවනය ගොඩනගන සොබාවික සම්පත් සුළුතරයකගේ පටු උවමනාවන් වෙනුවෙන් වනසන්නට නොදී එහි පැවැත්ම වෙනුවෙන් අරගල කරන්නට, ජාතීන් අතර සංහිදියාව ගොඩනගමින් මානව සමාජයේ පවත්නා විවිධත්වය අරගල කරන්නට නොව එහි පැවැත්මේ විචිත‍්‍රත්වය බව තේරුම් ගන්නට අපි උත්සුක වන අළුත් අවුරුද්දක් කර ගනිමු. සැබෑ අළුත් අවුරුද්දක මිහිර විද ගත හැක්කේ එවිටය.

 මේ දුගද හමන සමාජය තවදුරටත් අපේ දරු පරපුරට උරුමකර නොදෙන්නට අපි අදිටන්කර ගනිමු. සාධාරණත්වය, යුක්තිය රජ කරන නීතියේ ආධිපත්‍ය සැමට සමවූ සොබාදහමේ අනගිතම සම්පත් අනාගත පරපුරේ අයිතියක් බව සිහිතබා ගෙන ඒවා මානවයාගේ පොදු යහපත වෙනුවෙන් නැණවත්ව පරිහරණය කරන උතුම් මානව සාරධර්ම හා අතීත උරුමයන්ට ගරු කරන්නා වූ නව සමාජයක් වෙතට පිය නගන්නට අදිටන් කර ගනිමු. මේ අවුරුද්දේ සැබෑ මිනිසුන්ගේ අළුත් අවුරුදු ප‍්‍රාර්ථනය බවට එය පත්කර ගනිමු !