Tuesday, June 7, 2016

ගමේ වගතුග, වැවේ වගතුග, හේනෙ වගතුග, කමතෙ වගතුග ගැන කතා කරමු

ගමේ වගතුග, වැවේ වගතුග, හේනෙ වගතුග, කමතෙ වගතුග ගැන කතා කරමු

අපේ පාරම්පරික උරුමයන් හා මහා දැණුම් සම්භාරය පිළිබදව කිසිදු තැකීමකින් තොරව ඒ සියල්ල අපේ ජීවිත වලින් ඈත් කිරීමේ පාපයට අද අපි ජාතියක් හැටියට වන්දි ගෙවමින් සිටින්නෙමු. අපේ ශිෂ්ටාචාරයේ හංසගීතය ගැයෙමින් පවතී. නුවණින් මේ සියල්ල විමසා දැන හැදින වහාම අපි අපේ අක්මුල් සොයා ගත යුතුය. එසේ නොවුනහොත් ලෝකයේ ඇති සියළු කුණු කන්දල් දෝතින් බදාගෙන වැනසිගිය ශිෂ්ටාචාරයක් හිමි ජාතියක් බවට ඉතිහාසයට අපි එක් වනු ඇත.

මේ පිළිබදව අපි දිගු කලක සිට අදහස් දැක්වූයෙමු. රටකට සොබාදහමත් සමග කරන නැණවත් ගනු දෙනුවකින් තොරව ඉදිරියට යා හැකිද? දැන් ඉතිං අපේ සියළු කදු නාය යමින් පවතී. ගංවතුර නියගය හා දරා ගත නොහැකි උනුසුම අපට විපත් ගෙන දෙමින් සිටියි. වස විස කිසිදු බියකින් තොරව තම දරුවන්ට කවන පොවන මව් පියවරු තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන වද වෙමින් ජනපි‍්‍රය පාසල් සොයා තරගයට දිව යති. තම දරුවා රෝගී වී අකල් හි මරු වැලද ගැනිමට නියමිතව සිටින වග ඔවුන්ට ගැටළුවක් නොවේ. 


මේ සියල්ලම කීවේ යම් සුවිශේෂි අරමුණක් එක්ක. අපි මිහිතල මිතුරෝ හැටියට සුදානම් කරගෙන යනවා වැඩසටහනක්. ඒ තමයි අපේ පාරම්පරික උරුමයන් හා දැණුම නව පරපුර වෙතට ලබා දීම. මෙම ජූනි 11 වන සෙනසුරාදා සවස 07.00 ට කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ඇරඹෙනව. මේ සදහා සහභාගිවන්නෙ ශී‍්‍ර ලංකාවෙ ජනශ‍්‍රැති පර්යේෂක මහිනකුමාර දළුපොත මහත්තය. එතුමා සමග සංවාදය මෙහෙයවන්නෙ පරිසරය හා සංවර්ධනය පිළිබද ලේඛක හා සමාජ කි‍්‍රයාකාරිකයෙකු වූ ශාස්ත‍්‍රපති සම්පත් ආරියසේන මහත්මා. 

ශී‍්‍ර ලංකාවෙ හුග දෙනෙක් මහින්ද කුමාරදළුපොත මහත්තයව දන්නව. එතුමා පහුගිය අළුත් අවුරුද් කාලෙ හුගක් නාලිකාවල නැතුවම බැරි කෙනෙක් වෙලා හිටිය. ඒත් එතුමා ගැන යමක් කිවයුතුයි.


අප කථාකරන මේ විෂයේ විවිධ පැතිකඩයන් ගැන එතුමා ග‍්‍රන්ථ රාශියක් රචනා කර තිබෙනවා. එම ග‍්‍රන්ථ අතුරින් බොහොම ස්වල්පයක් පහත පළවෙනව




විවිධ පුවත්පත් වලට එතුමා මෙම විෂයන්ට අදාලව බොහෝ ලිපි පළකරල තියෙනව.





මේ අගනා මොහොතට සම්බන්ධ වෙන්න යමෙකුට හිතක් පහළ උනොත් පහත සදහන් දුරකථන අංක වලට කතා කරල වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

011 2754 700, 071 3496 971, 071 4285 480