Saturday, April 16, 2016

වැනසෙන්නට නොව පවතින්නට දිරි ලබමු -මිහිතල මිතුරන්ගේ අළුත් අවුරුදු පණිවිඩය - 2016

වැනසෙන්නට නොව පවතින්නට දිරි ලබමු -මිහිතල මිතුරන්ගේ අළුත් අවුරුදු පණිවිඩය - 2016

යහපාලන ආංඩුව යටතේ මේ රටේ ජනතාව සිංහල හා දෙමල අළුත්  අවුරුද්ද සමරන ප‍්‍රථම වර්ෂයයි මේ. මහින්ද රාජපක්ෂ පරදවා යුක්තියේ සාධරනත්වයේ දේශයක් ගොඩනගන්නට, අධිකරණයේ ස්වාධිනත්වය රජ කරවන්නට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර රට සමෘද්ධියකරා රැුගෙන යන්නට ඊනියා සම්මුතිවාදි ආංඩුවක් රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් ගොඩනගා ඇත. මහින්ද රටට මහා බරක් වූ ඇමති මංඩලයක් නඩත්තු කරමින් රට විනාශය කරා රැුගෙන යන බවට පාරම් බෑ මේ යහපාලුවෝ දැන් විද්‍යාත්මක පදනමක් මත රටේ සංවර්ධනයට උචිත පරිදි  ජනතාවට බරක් නොවන සේ ඇමති මංඩලයක් පත්කර ලොවටම ආදර්ශයක් දී ඇත.    එපමණක් නොව තවමත් ඇමති මංඩලයේ ඇබෑර්තු ඇත. ගනිකා සේවා ඇමති තවම පත්කර නැත. ( අධෝ මුඛයෙන් සිනාසෙන්නට තහනම් නැත)


රටේ වන අපරාධ එලෙසින්ම සිදුවේ නම් නීතිය තමන්ට රිසි පරිදි හසුරුවන්නේ නම් රටේ නිෂ්පාදන ආර්ථිකයක පදනම මත ආර්ථික කි‍්‍රයාවළිය සිදු නොවන්නේ නම් පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් වූ පමණින් මේ ආංඩුව යහ ගමනක පිය මනිමින් සිටින්නේ යැයි අපට කිව හැකිද?

වසර 20 ක ඇරියස් පිරිමසිමින් සිටින යූ ඇන් පී ආංඩුවක් මිස වෙන කිසිදු හරි හමන් සංවර්ධනයක් සිදු වන්නේ යැයි අපට නොපෙනේ. දැන් ඉතින් මහින්ද රාජපක්ෂ කර උඩ පටවා ගෙන සිය දේශපාලු මාවතේ අගතිය කරා යන ඒකාබද්ධ විපක්ෂය යැයි යන හංවඩුව ගසා ගත් බඩගෝසතර වාදීන් උඩ පැන පැන හිටි පිණුම් ගසමින් සිනා සෙනු පෙනේ. ‘‘ අපි කිව්ව නේද තොපිට දැන් ඇති නේද කෙලව ගත්ත. ඒක තමයි අපි කිව්වෙ රට හදන්න නම් මහින්ද ඔ්නිමයි’’ මහින්ද වාදියෝ පවසති.මේක නම් මහා ම මහා විලි ලජ්ජා නැති දේශයකි. එකම දේ වසර 62 ක් අත්හදා බැලූ ජාතියක්. තවමත් මේ මහා රැුවටිල්ලේ ඔවුන් ගිලී ඇත. මෛතී‍්‍ර රනිල් නැත්නම් මහින්ද ? 

ශී‍්‍ර ලංකා -  යූ ඇන් පී

මේ රටේ ජනතාව කවරදාකනම් මේ රැුවටිල්ලෙන් ගැලවේද? පුද්ගලයින් මාරු උනත් එකම ක‍්‍රමය දිගටම කි‍්‍රයාත්මක වෙයි. හරියටම කිවුවොත් එකම කදයි මුහුණු 2 යි.

ඉතින් අපි අළුත් අවුරුද්ද සමරන්නේ මෙවන් පසු බිමකය. 30 අවුරුදු යුද්ධයකින් බැට කැ ශී‍්‍ර ලාංකිකයින් ඉන් අංශූ මාත‍්‍ර හෝ පාඩමක් ඉගෙන ගෙන ඇති වගක් නොපෙනේ. මුහුණු පොතේ සැරි සරන අමුම අමු ජාති වාදය ඊට දෙස් දෙයි. විශේෂයෙන් විදෙස් රැුකියා වලට ගිය සිංහළයින් පුදුමාකාර ලෙස දේශ හිතෛෂි හා ජාතික පේ‍්‍රමීන් වී ඇත. අඩුම තරමින් මොලේ කළදක් හෝ තිබේනම් තමන්ව මෙසේ  පිටරටවල බැල මෙහෙවරෙහි යෙද වූ කාලකන්නි දේශපාළුවන් ගැන වගේ වගක් නොමැතිව ඊනියා දේශපේ‍්‍රමීන් වී ඇත. 

ඔවුන්ට අනුව දෙමලා අමුම අමු ජාති වාදියෙකි. මුසල්මානුවා ද එසේමය. එසේනම් කළ යුත්තේ ඔවුන් සමූල ඝාතනය කර මේ රට සිංහලයින්ට පමනයි යන ලේබලය ගැසීමය. මෙවැනි ජාති වාදී ව්‍යාපාර මේ රටේ පවති කාලකන්නි දේශපාලනය හා සමපාතවේ. එය ඔවුන්ට ආශිර්වාදයකි. සාමාන්‍ය දෙමල මිනිසා ජාතිවාදිද? සාමාන්‍ය මුසල්මානුවා ජාතිවාදීද? ඔවුන්ට ඇත්තේ ජාතිවාදී ප‍්‍රශ්නයක් නොව බඩගින්න පිළිබද ප‍්‍රශ්ණයකි. ජීවත්වීම පිළිබද ප‍්‍රශ්නයකි. 

ජාතිවාදය කර පින්නා ගත් විට අපේ සැබෑ සතුරා අපට නොපෙනේ. අපව ජාතීන් ලෙස වෙන්කර දමා ජාතීන් අතර වෛරය පතුරුවා එකි නෙකා මරා ගන්නට සැලැස්වූ යේ කවුරුන්දැයි අපට නොපෙනේ. ගොවියා අන්ත අසරණ කර දමා ඔහු බහුජාතික සමාගම්වල කුලී වහලෙක් කල සැබැ සතුරා අපට නොපෙනේ. අපේ දේශය වකුගඩු මාරයාට ගොදුරු වී සෑම දිනකම අගනා මිනිස් ජීවිත 14 ක් බිලි ගන්නා විටත් අපේ සතුරා තංගමනීය. මොහොමඩ්ය. පිලීකාව වසංගතයක් වී අපේ මිනිසුන් අනේක විද දුක් විද මරු වැළද ගන්නා විටත් අපේ සතුරා රසායනික නිෂ්පාදනය කර අධික ලාභ ලබන බහු ජාතික සමාගම් නොවේ. අපේ භයානකම සතුරා තංගමනී සහ මොහොමඩ්ය. එදා අමුඩය ඇද ගිනියම් අව්වේ කුඹුරු කෙටු අපට අද අව්වට බහින්නටත් තහංචි වැටෙන තරමට මිහිමඩල උණුසුම් කර දේශගුණික විපර්යාසයන්ට වග කිව යුත්තේ සිය ආත්මාර්ථකාමි ගණන් බැලිම් උදෙසා ඊනියා ධනවාදී සංවර්ධනයක යෙදෙන බහු ජාතික සමාගම් නොව තංගමනී හා මොහොමඩ්ය. 



අධ්‍යාපනයේ නාමයෙන් දරුවන්ගේ ළමා කාලය උදුරා ඔවුන් ඇවිදින මානව රොබෝවරුන් කර අනාගත පරපුර වනසාලන පාපයට වගකිව යුතු ජාතියේ සැබැ සතුරන් මේ ඊනියා පාලකයින් නොව තංගමනි හා මොහොමඩ්ය.  දෙමළාට තම මව්බිම ශී‍්‍ර ලංකාව නොවන තරමට මුසල්මානුවාට තම මව්බිම ශී‍්‍ර ලංකාව නොවන තරමට වැඩ සිද්ධ වූයේ සිංහල, දෙමල හා මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් නිසා නොව එයට ද වගකිවයුත්තේ තංගමනී හා මොහොමඩ්ය.

අපි විරුද්ධ විය යුත්තේ අපේ සැබෑ සතුරන්ටය. අපි සියළු ආකාරයේ ජාතිවාදයට විරුද්ධ වෙමු. රට මේ සා විශාල ව්‍යසනයකට පත් කළේ කවරහුද? ඒ අන් කවරකුවත් නොව මේ මහා නග්න ආත්මාර්තකාමී ගණන් බැලීම් සිය පරමාත්මය කොටගත් ධනවාදී ක‍්‍රමයේ නිර්මාපකයන්  හා එහි නියෝජිතයින්ය. අප අපේ සැබෑ සතුරා පසෙක ලා අපේම එකම පංතියේ මිතුරන් සතුරන් කරගෙන සටන් වදිමු. අපව සතුරන් කළේ ඔවුන්ය. අපි ඔවුන්ගේ උගුලේ ගොදුරු බවට පත් වී ඇත. මේ සුපැහැදිලි සත්‍ය අප තේරුම් ගත යුතුමය.

මේ අළුත් අවුරුද්දේ අපි සොබාදහම සමග සහජීවනය ගොඩනගන සොබාවික සම්පත් සුළුතරයකගේ පටු උවමනාවන් වෙනුවෙන් වනසන්නට නොදී එහි පැවැත්ම වෙනුවෙන් අරගල කරන්නට, ජාතීන් අතර සංහිදියාව ගොඩනගමින් මානව සමාජයේ පවත්නා විවිධත්වය අරගල කරන්නට නොව එහි පැවැත්මේ විචිත‍්‍රත්වය බව තේරුම් ගන්නට අපි උත්සුක වන අළුත් අවුරුද්දක් කර ගනිමු. සැබෑ අළුත් අවුරුද්දක මිහිර විද ගත හැක්කේ එවිටය.

 මේ දුගද හමන සමාජය තවදුරටත් අපේ දරු පරපුරට උරුමකර නොදෙන්නට අපි අදිටන්කර ගනිමු. සාධාරණත්වය, යුක්තිය රජ කරන නීතියේ ආධිපත්‍ය සැමට සමවූ සොබාදහමේ අනගිතම සම්පත් අනාගත පරපුරේ අයිතියක් බව සිහිතබා ගෙන ඒවා මානවයාගේ පොදු යහපත වෙනුවෙන් නැණවත්ව පරිහරණය කරන උතුම් මානව සාරධර්ම හා අතීත උරුමයන්ට ගරු කරන්නා වූ නව සමාජයක් වෙතට පිය නගන්නට අදිටන් කර ගනිමු. මේ අවුරුද්දේ සැබෑ මිනිසුන්ගේ අළුත් අවුරුදු ප‍්‍රාර්ථනය බවට එය පත්කර ගනිමු !