Monday, February 27, 2012

‘‘සජන මිතුරෝ’’ මිහිතල මිතුරන්ගේ දෑතට සවියක් වෙමින්............

2011 ෙදැසැම්බර්  ‘‘සජන මිතුරෝ’’   මූලික සාකච්ඡුාව පැවත්වූ අතර එහි ප‍්‍රථම මහාසභාව 2012 ජනවාරි 14 වන දා කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. වයස 18 ට වැඩි ශී‍්‍ර ලාංකීය පරිසර කි‍්‍රයාධරයන්ගේ ස්වේච්ඡුා කි‍්‍රයාන්විතය මිහිතල මිතුරෝ ‘‘සජන මිතුරෝ’’ යි. එහි ප‍්‍රථම සභාපති පදවියට පත්වූයේ මිහිතල මිතුරෝ සංවිධානයේ මුල් කාලීන කි‍්‍රයාධරයෙක් වූ හොරණ දොන් පේද්‍රක් විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ජී.පී. කුමාරණායක මහතායි. ප‍්‍රධාන සංවිධායක ධූරය සමාජ කි‍්‍රයාකාරිකයෙක් වූ ජනිත් කුමාර මහතාට හිමි වූ අතර ලේකම් පදවියට චන්ද්‍රිකා වික‍්‍රමගේ මහත්මිය ද භාණ්ඩාගාරික ධුරයට මිහිතල මිතුරෝ ආරම්භක සාමාජිකයෙක් වූ රත්නසිරි රොසයිරු මහතාට හිමිවිය. මෙම ප‍්‍රධාන නිලධාරීන් ද ඇතුළත්වන පරිදි 15 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් මණ්ඩලයක් මගින් ‘‘සජන මිතුරෝ’’ ට 2012 වර්ෂය තුළ නායකත්වය සපයනු ඇත. ජනවාරි 28 වන දින රැුස්වු මෙහෙයුම් මණ්ඩලය සිය ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කාර්යයෙහි නිරතවිය. පෙබරවාරි මැද වන විට ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සහ 2012 වර්ෂයේ වාර්ෂික වැඩ සැලැස්ම සැකසීම අවසන් වනු ඇත. මෙම වර්ෂය තුළ පරිසර සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ දැනෙන වැඩ කොටසක් කි‍්‍රයාත්මක කිරිමට ‘‘සජන මිතුරෝ’’ ට හැකිවනු ඇත.