Thursday, March 1, 2012

ක්වොන්ටම් ක්ලෝතින් සමාගම කොඩිගහකන්ද තැඹිළි දොළ සංරක්ෂණයට පියවර ගනී

ක්වොන්ටම් ක්ලෝතින් ආයතනය කොඩිගහකන්ද තැඹිළි දොළ සංරක්ෂණයේ පළමු අදියරෙහි වැඩකටයුතු 2012.02.12 වන ඉරුදින ආරම්ඹ කරන ලදී. එම ආයතනයේ කාර්ය මංඩලයේ හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් එදින දොළ දෙපස ජලජ ශාකපැල රෝපණය කිරිමේ ශ‍්‍රමදානයක් දවස පුරා පවත්වන ලදී.

ඉමහත් කැපවීමෙන් මෙම කාර්යයට සහභාගිවූ එම පිරිස සමග මිහිතල මිතුරෝ සොබාසවිය තුරුණු සාමාජිකයින් හා සජනමිතුරෝ සාමාජිකයින් කිහිප දෙනෙක් ද අත්වැල් බැඳගන්නා ලදි.

No comments:

Post a Comment