Thursday, March 1, 2012

සොබාදහම සමග ජීවත්වෙමු - පරිසර කඳවුර -2012

මෙම කඳවුර 2012.03.23 සිට 2012.03.25 දක්වා කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම කඳවුර සඳහා තවත් ඇත්තේ සීමිත ඉඩකඩ ප‍්‍රමාණයක් පමණකි. පළමු ඉල්ලූමට පළමු තැන යන ප‍්‍රතිප්තිය යටතේ මේ සඳහා සහභාගිවිමට අවස්ථාව ලැබේ. ජීවිතයේ ඉතාමත් කලාතුරකින් අත්විඳිය හැකි අත්දැකිම් සමුහයක් ලබාගත හැකි මෙම කඳවුර සඳහා පරිසර හිතැති ඔබටද සහභාගිවිය හැකිය.
 2012.03.23 වන සිකුුරාදා ප.ව. 05.00 ට මුලික වැඩසටහන ඇරඹේ. එහෙත් රාතී‍්‍ර 07.00 වන තෙක් කඳවුරට සහභාගිවන්නන්ට ඇතුළු වීමට අවසර ලැබේ. නියමිත වේලාවට සහභාගි විය නොහැකිනම් ඒ පිළිබඳව සංවිධායකයින් දැනුවත් කළ යුතුය. කඳවුර 25 වන දින ප.ව.02.00 ට අවසන්වේ. 

  සහභාගිවන්නන් ආහාර සහ වෙනත් වියදම් පියවා ගැනීම සඳහා කඳවුරට ඇතුලත්විමේ ගාස්තු වශයෙන් රුපියල් 1,500 ක (එක් දහස් පන්සියයක* මුදලක් ගෙවිය යුතුය. වෙනත් කිසිදු මුදලක් අය නොකෙරේ. 

   කඳවුරට ඇතුළත් විමෙන් පසු කුමන හේතුවක් මතවත් එය අවසන් වනතුරු කඳවුරෙන් බැහැර යාමට අවසර නොලැබේ. 

   මෙම කඳවුරට සහභාගිවන්නට කැමැත්තෙහි නම් ඒ බැව් 2012.03.10 දිනට ප‍්‍රථම සංවිධායකයින්ට දැනුම් දිය යුතය. ස්තිර වශයෙන් සහභාගිවන්නන්ට කඳවුර පිළිබඳ වැඩිමනත් තොරතුරු ලබා දෙනු ඇත.

No comments:

Post a Comment