Tuesday, February 18, 2014

දුවිලි ඇල්ලේ පහස සොයා ගිය ගමනක පිය සටහන් ...........

දුවිලි ඇල්ලේ පහස සොයා ගිය ගමනක පිය සටහන් ...........


මේ රූප රාමුව ලක්දසුන අනූග‍්‍රහයෙනි

යාළුවනේ,
ඔබ මේ බ්ලොග් අඩවිය සමග දිගටම සම්බන්ධනම් දැනටමත් ඔබ දන්නව අපි වසර පුරා විවිධ පාරිසරික චාරිකාවන්ට සම්බන්ධ වෙන බව. එ් වගේම අපේ පාරම්පරික දැණුම හා උරුමයන් මතු පරපුරට දායාද කරන්න අපි ජන කළා කෞතුකාගාරයක් ගොඩනගමින් සිටින බවත් ඔබ දන්නව. එ් තොරතුරු පහුගිය අපේ බ්ලොග් පිටු තුළින් බලා ගන්න පුළුවන්. කාට හරි එහෙම බලාගන්න බැරි උනා නම් මෙතැනින් එ්කට පිවිසෙන්න. http://www.mihithalamithuro.blogspot.com/2014/02/blog-post_12.html


මෙදා පාර අපේ චාරිකාවට සම්බන්ධ උනේ මිහිතල මිතුරන් සමග වෙනසක් සඳහා පාරිසරිකයෝ සංවිධානයේ කි‍්‍රයාකාරිකයින් පිරිසක්. දුම්බර කඳුකරයේ කළුපහන කන්දේ දුවිලි ඇල්ලේ සුන්දරත්වය විඳගන්නා නොතිත් ආශාවෙන් මමත් මගේ අනෙක් ගමන් සගයා වුන සචිතුත් පෙබරවාරි 14 වෙනිදා උදේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයෙන් උදෑසනම පිටත් උනා. බස්රථ වලින් යන්න ගියොත් ගමනේ අරමුණු වලට යන්න බැරි වන නිසාම අපි තීරණය කළා මෝටර් බයිසි කල්වලින් ගමන් පහසුව සළසා ගන්න.





දිගු ගමනට අපට පිහිට වූ අපේ යතුරු පැදිය



සාමාන්‍යයෙන් වෙනදාට අපේ ගමන් මග වැටුනෙ නුවර, මාතලේ හරහා. එ්ත් මෙවර අපි හිතුව කුරුණෑගල පැත්තෙන් ගිහින් බලන්න. අපි කුරුණෑගලින් මාතලේ මාර්ගය ඔස්සේ ගමන් කළා. රිදීගම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මදුරාගොඩ ප‍්‍රදේශයේ ජයටම හුණුගල් කර්මාන්තය සිදු වෙමින් පැවතුනා. එ් සඳහා ප‍්‍රදේශයේ බහුලව පිහිටි ඩොලමයිට් යොදා ගෙන තිබුණා.


අපි මාතලේ හරහා රිවස්ටර්න් කඳු මුදුනට ලගාවුනා. මේ අප ඉදිරියේ ඇත්තේ දෙව් විමනක අසිරියකි. නේක වර්ණයන්ගෙන් විචිත‍්‍රවත් පිග්මි වනාන්තරය ඇත්තෙන්ම මිහිබට සුරලොවක සුන්දරත්වය මවයි.


 රිවස්ටර්න් හි පිග්මි වනාන්තර.

රිවස්ටර්න් කඳු මුදුනෙන් පහළට බසින විට ඈත කඳු මීදුමෙන් බරවී තිබූ හෙයින් සොබාදහම විසින් නිමැවූ අපූරු භූ සිත්තම් දැකගන්නට හැකියාව ලැබුනෙ නෑ.


නිතරම මීදුමෙන් වැසි පවතින හෙයින් දුමෙන් බරවූ යන අරුතින් ‘‘දුම්බර’’ වූ දුම්බර කඳු වැටිය

 දුම්බර කඳු මනාළිය මිහිදුම් සේළයෙන් හැඩවෙද්දී සැන්දෑ අඳුර සමග අපි පිටවල, රත්නින්ද ගම් පහුකරගෙන වැද්දා පැනි ඇල්ල අසළට ආව.


වැද්දා පැනි ඇල්ල නිර්මානය කරනතෙල්ගමු නදිය

ඇටන්වල ගම්මානයේ එ්කනායක මහතාගේ වැඩිමහල් පුත් ජයන්තගේ නිවස අපේ නවාතැන්පොළ ලෙස තෝරාගෙන තිබුනෙ. මග දී අපේ පාරිසරික ක්ෂේත‍්‍රයේ හිතකතකු වූ ජයන්තත් ( නිවසේ අයිතිකරු නොවේ) අපට එකතු උනා. ඔහු ජෛව විවිධත්ව වටිනාකම් ගණනය කිරීමේ පරිසර අමාතංශයේ ව්‍යාපෘතියක් සඳහා පැමිණ තිබිය දී අහම්බෙන් මෙන් පිටවලදී අපට මුණ ගැහුනා. ඇටන්වල කියන්නෙ පැරණි ගම්මානයක්. ගම්මානය ජලයෙන් පොහොසත්.


                        ඇටන්වල ගමට ඇතුල්වන ස්ථානයේ ඇති දිය දහර                                                              


හැන්දෑ කළුවරත් එක්කම අපි ඒකනායක මහත්තයලගේ ගෙදරට ගොඩ උනා. අපිට ඒ සම්බන්ධය හදල දුන්නෙ පිටවල ගමේ ඉන්න මීට පෙර අපි හඳුනා ගත් වසන්තයි. අපි වෙනුවෙන් ඒකනායක මහත්තයගෙ වැඩිමහල් පුත් ජයන්තගෙ ගේ සුදානම් කරල 

අපේ කණ්ඩායමේ අනෙක් පිරිස ලොකු අකරතැබ්බකට මුහුණ දීල. වෙලාවට මාතලේට එන්න බැරි වෙලා. හවස 3.30 ට තියෙන බස් එක පිටත් වෙලා. ඒ කණ්ඩායම රත්තොට ලක්පි‍්‍රයගෙ ගෙදර නැවතිලා. 
 දුවිලි ඇල්ල යනව නම් හෙට උදේ 7 ට වත් පිටත් වෙන්න  ඕනි. ගමනට දින 3 ක් වත් ගත වෙනව. රාතී‍්‍රයට ජයන්තගෙ දයාබර බිරිඳ රසවත් ලෙස ආහාර පිළියෙල කරල දුන්න. පහුවදා උදේ නැගිටල අවට වටපිටාව නිරීක්ෂණය ඇරඹුව.

 


            උදෑසන තම කුඹුරට ගොස් ආපසු එන ගමේ 

 වයසක ගොවි මහතෙක් අපේ                                                        නෙත ගැටුන.

මේ නිස්කලංක ගම්මානයේ ජීවත්වන ඔවුන් ඇත්තෙන්ම වාසනාවන්තයි. එහෙත් ඔවුන් හා කථාවට වැටුන අපට දිග හැරියේ දිගු ප‍්‍රශ්න පත‍්‍රයකි. එදා ඔවුන් සමග දුක සැප බෙදා ගත් වනාන්තරය අද ඔවුන්ට අහිමි වි ඇත. හේන් කෙටීම මුළුමනින්ම තහනම් කර ඇත. එනසාල් කඩා ගැනීම ද තහනම්ය. ඔවුන්ට ඉතිරිවී ඇත්තේ කුඹුර පමණකි. ඉන් දිවි පෙවෙත ගැට ගසා ගැනීම අසීරුය. එබැවින් අළුත් පරපුර දැන් ගම් අතහැර වෙනත් පෙදෙස් වලට සංක‍්‍රමණය වෙමින් පවතී. වල්පොල මුල්ල ගම්මානය අද ජන ශූන්‍ය වූවා සේ ඇටන්වල ගමට ද අනාගතයේ එම ඉරණමට මුහුණ දෙන්නට සිදු වේවිද? 

ඉපැරණි ගම්මානයක් වූ මෙම ගම්මානයේ එදා ගොවිතැනට භාවිතාකළ විවිධ උපකරණ පිළිබඳව එ්කනායක මහතාගෙන් විමසා සිටියෙමු. 

‘‘ මහත්තය මඩුගේ දැකල තියෙනවද? ’’ ඔහු අපෙන් විමසීය. එවැන්නක් ඇසුවේ ද එම මොහොතේමය. අපි මඩුගේ බලන්නට පිටත් උනෙමු. එ්කනායක මහතාගේ නිවස සමීපයේම පිහිටි නිවසක මඩුගේ දැක ගත හැකිවිය.



මඩුගේ

මඩුගේ යනු වී කෙටීම පිනිස භාවිතා කළ ස්ථානයකි. එ් සඳහා කළුගලින් සකසන ලද ස්ථානයක් මඩුගෙයි ඇත.


මෙය නිවසේ කාන්තාව විසින් සිදු කරන්නකි. පළමුව කෙටිය යුතු වී ටික ගල උඩට දමා මෝල් ගසෙන් කොටනු ලබයි. එහි දී අත් මෙන්ම පාදයන්ද රිද්මයකට චලනය වෙයි. කොටන විට විසිර යන වී පාදවලින් එක් වෙයි. වී පොත්ත ඉවත් වූ පසු වංගෙඩියට දමා පාහිනු ලැබේ.



ගොවිතැනේ දී භාවිතා කළ උපකරණ පිළිබඳව අප වඩාත් විමසිලිමත් වූයෙමු. අප විසින් ඉදිකරීම් අරඹා ඇති ජන කළා කෞතුකාගරයට මෙවන් උපකරණ හා එ් හා සම්බන්ධ දැණුම බෙහෙවින් ඵලදායී වේ.







අපේ කණ්ඩායම රත්තොට සිට අළුයම 5 සිට පැමිණ ඇටන්වලට එකකොට 12 ත් පහු වෙලා. දැන් දුවිලි ඇල්ල බලන්න යන්න වෙලාවක් නැහැ. එ් හින්ද අපි තීරණය කළා මානිගල නගින්න. එ්කනායක මහත්තයගෙ මග පෙන්විම යටතේ අපි මානිගල කරා පිය නැගුව.

මානිගලට නගින අතරතුර දුර්ලභ වගේම අපේ රටට ආවේණික ශාකයක් හමු අනා. මල්වලින් පිරි එ් ශාකය තමයි ‘‘ බිනර’’ . අපේ රටේ හැදුනත් අපිට අයිති නැති වෙනත් විදේශිය සමාගමක පේටන්ට් අයිතියට සවිඋන බිනර ශාක සොඳුරු මලින් බර වෙලා.





බිනර මලින් ගැවසුන කලාපයක්

තවත් තැනෙක අප නෙත ගැටුනේ මාංශ භක්ෂක ශාකයක් වූ වටැස්ස ශාකයයි.


එ් අසළම තවත් මාංශ භක්ෂක ශාකයක් වූ කඳුලැස්ස ශාකය අපට දැකගන්නට ලැබුනා.


මේ අපේ චාරිකාවට එක් වුන කණ්ඩායම ( සචිත් හැර)
ඇටන්වල ගම්මානය පැරණි ගම්මානයක්. එහි නිවාස ඉතා ලගින් පිහිටා තිබෙනවා. හැම ෙදානාම වගේ නැදෑයින්. කළුගල් අල්ලා තාප්ප ඉදි කර ඇති අතර හැම ඉඩමකම ලී කඩුල්ලක් දැකිය. එ් ගවයන්ගෙන් ඉඩම රැුක ගැනීමට.


දුවිලි ඇල්ල බලන්න යන්න නොහැකි උනත් මෙම බ්ලෝග් සටහන් ලියන මම නම් නාරංගමුව පැත්තෙන් කළුපහනේ දුවිලි ඇල්ල නරඹා තිබෙනවා. එය අති දුෂ්කර මාර්ගයක්. ඇටන්වල හරහා දුවිලි ඇල්ලට යන මග ඊටත් වඩා දුෂ්කර හා ඊටත් වඩා කාලය යන ගමනක් බවනම් දැන ගත්ත. ඉදිරියේ හැකි ඉක්මනින් එම ගමන යාමට පැමිණෙන තිර අදිටනින් අපට සහාය දුන් ජයන්තගෙ පවුලෙ හැම දෙනාටම සමුදුන්නෙ හිතේ සගවා ගත් සෝකයකින් යුතුවයි. ඔවුන් එ් තරමටම අපේ හදවත් වලට සමීප උනා.

මේ ජයන්තත් ඔහුගේ දයාබර බිරිඳ හා පෙබරවාරි 14 වන දින තම පළමු උපන් දිනය සැමරූ ඔවුන්ගේ පුංචි පුතා 

මෙය කියවන ඔබ මෙහි යම් වැදගත් කමක් දකිනව නම් Like   එකක් දාල Share    කරන්න. එ් වගේම ඔබේ අදහස් බිඳක් ලියන්නත් අමතක කරන්න එපා. බොහෝ අය අපට කියනව මෙයට comments   දාන්න අමාරුයි කියල. එ් අඩුව හදන්නත් උත්සාහ කරන්නම්. එහෙම comments       දාන්න අමාරු උනොත් හැකිනම් ඔබේ ප‍්‍රතිචාර අපේ ඊ මේල් ලිපිනයට   mihithalamithuro@gmail.com   එවන්න.  ඔබට ජය !

1 comment: