Sunday, July 7, 2019

දිරියෙන් එක්ව ජය ලබමු !

                                                   දිරියෙන් එක්ව ජය ලබමු !                                Let us win together with courage!!

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම සිය 25 වන සංවත්සරය මහත් අභිමානයෙන් සැමරීමට සූදානම් වෙයි.
Mihithala Mithuro (Earth Friiends)  Environment Development Foundation is proudly celebrating its 25th anniversary.

දින 3 ක් පුරා දිවයන වැඩසටහන් මාලාවක් ඒ වෙනුවෙන් කි‍්‍රයාත්මක කිරිමට සැළසුම් කර ඇත. 2019 සැප්තැම්බර් 20,21 සහ 22 යන තෙදින පුරා කොඩිගහකන්ද අභයභූමියෙහි පිහිටි මිහිතල මිතුරෝ ජෛවවිවිධත්ව මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ මෙම සැමරුම් වැඩසටහන් කි‍්‍රයාත්මක වෙයි.    

  A series of 3-day programs are planned for this event. 

These commemorative events will take place on September 

20, 21 and 22, 2019 at the Mihithala Mithuro (Earth 

Friends)   Biodiversity Center at the Kodigahakanda 

Sanctuary.

                
Ø හරිත ලොව දිනන සොබා සිත්තරු
Nature Artists of Winning Green World

ශී‍්‍ර ජයවර්ධනපුර, හෝමාගම සහ හොරණ අධ්‍යාපන කලාපයන් හි පාසල් සිසුන් සඳහා පාරිසරික තේමාවන් ඔස්සේ මට්ටම් 3 ක චිත‍්‍ර තරගයක් පැවැත්වීම
Conducting a three levels of art competition on environmental themes for school children in Sri Jayawardhanapura, Homagama and Horana Education Zones

Ø හරිත ලොව දිනන පරිසර නියමුවෝ
Environmental Pioneers of winning Green World

සැප්තැම්බර් 20 වන දා දවස පුරා තෝරාගත් පරිසර නියමුවන් 150 ක් සඳහා පාරිසරික වැඩමුළුවක් පැවැත්වීම



Ø හරිත ලොව දිනන බලසෙනග
People's Force of winning Green World

සැප්තැම්බර් 21 වන දින උදේ 09.00 සිට සවස 03.00 දක්වා අක්ෂි සායන, දන්ත සායන ඇතුළු විශේෂඥ වෛද්‍ය සායනයක් පැවැත්වීම, රුධිර පරීක්ෂණ සහ නොමිලයේ ඇස් පරීක්ෂාකර ඇස් කන්නාඩි ලබා දීම, නිරෝගී දිවි පෙවතක් සමග සියක් ආයු ලබන්නට ඇවැසි වැඩසටහන් ඇතුළත් වනු ඇත.
Ø දිරියෙන් එක්ව ජය ලබමු
Let us win together with courage!!

සැප්තැම්බර් 22 වන දින උදෑසන 09.00 ට ඇරඹෙන මිහිතල මිතුරෝ 25 වන සමුළුවෙහි සමාරම්භක උත්සවය මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වෙ යි. මිහිතල මිතුරෝ සාමාජිකයින්ට අමතරව පාරිසරික ක්ෂේත‍්‍රයේ විද්වතුන් පරිසර කි‍්‍රයාධරයින් හා සමාජ කි‍්‍රයාකාරින් රැසක් මෙම සමාරම්භක උළෙලට සහභාගිවනු ඇත. සවස 02.00 ට මිහිතල මිතුරෝ  මහා සමුළුව සහ නිලවරණය පැවැත් වෙනු ඇත.
එදින රාතී‍්‍ර  07.00 ට සුභාවිත ගීතයේ රසමුසු තැන් සොයා යන සංගීතමය වැඩසටහන රාත‍්‍රී 10.00 දක්වා පැවැත්වෙනු ඇත.

The inaugural ceremony of the Mihithala Mithuro's (Earth Friends)  25th Summit will be started at 09.00 a.m. on September 22nd. In addition to the Members  of Mihithala Mithuro (Earth Friends) environmental experts, environmental activists and social activists will also participate in the inauguration. The Earth Friends AGM will be held at 02.00 pm.

A meaningful music evening will be held from 7:00 pm to 10:00 pm.

මෙම වැඩසටහන පිළිබඳව සියළු විමසිම්
All inquiries about this program
 0112 754700, 0713496971, 0714285480, 0774721937, 0714471905
mihithalamithuro@gmail.com



No comments:

Post a Comment