Wednesday, May 4, 2011

වාර්ෂික සීත කඳවුර මෙවර ලෝක උරුම සිංහරාජ වනයේ දී............

මිහිතල මිතුරෝ වාර්ෂික සීත කඳවුර සඳහා මෙවර තෝරා ගත්තේ සිංහරාජ වනාන්තරයයි. 2010 දෙසැම්බර් 26 -28 ඒ සඳහා දින නියම වුනා. සාජීව චාමිකර මහතාගේ මාර්ගෝප දේශකත්වයෙන් මෙවර පරිසර අධ්‍යයන කඳවුරට සොබාසවිය තුරුණු සංවිධානයේ සාමාජික සාමාජිකාවන් සහභාගිවුනා. විශේෂයෙන් මිහිතල මිතුරෝ මාර්ගෝපදේශක කණ්ඩායමේ සහභාගිතවය කැපී පෙනුනා. සොබාසවිය ළමා සමාජයේ සාමාජිකයින් කිහිප දෙනෙකුටද මෙම අධ්‍යයන කඳවුරට සහභාගිවෙන්න අවස්ථාව හිමිවුනා. මාකෙළි ඇල්ල නරඹා සිංහරාජ අධ්‍යයන චාරිකාව ඇරඹු අපට නොසිතු ලෙස වල් අලි තර්ජනය පැමිනි තිබු නිසා සිංහගල නැරඹිම අවලංගු කර දමන්නට සිදු උනා. එහෙත් ඉන් කම්පා නොවු අප කණ්ඩායම ඒ අඩුව පිරිමසන්නත් එක්ක කුරුල්ලන් නැරඹිම දිගටම කරගෙන ගියා කුරුළු නඩ ^ Bird Flock ගණනාවක් නිරීක්ෂණය කරමින් ලංකාවට ආවේණික කුරුල්ලන් විශේෂ 15 ක් පමණ නිරික්ෂණය කරන්න අප කණ්ඩායමට හැකි වුනා. ඒ අතර කැහිඛෙල්ලා ^Blue Magpie& හොඳින් නිරික්ෂණය කරන්නත් උගේ විවිධ චර්යාවන් දැකබලා ගන්නටත් හැකිවුනා. ඉතාමත් දුර්ලභ අවස්ථාවක් අපට හිමි වුනා. ඒ තමයි පඩුවන් බස්සා දැකබලා ගැනීමට හැකිවිම. පැය ගණනාවක වෙහෙසකින් පසු අපට ඌ දැකගන්නට ලැබුනා. එය අපේ වාසනාවක්. හැන්දෑවට කුඩව ගඟට බැහැල සිත් සේ දිය කෙළිමින් අපේ කට්ටිය පීන පීනා නෑව. රාතී්‍ර අඳුරත් සමග දවසේ සමාලෝචනය කරල සිහින් හඬින් ගිගැයුවේ අපේ සංගීත කණ්ඩායමේ නායකයා වෙච්ච ළහිරුගෙ ගිටාරයේ තත්සර නංවමින්, චින්තක තාල වාදනයෙන් සහාය වුනා. දින 3 ක් සිංහරාජයේ පහස ලබමින් පාරිසරික අධ්‍යයනයකින් ලැබිය හැකි උපරිම වින්දනය ලබන්නට අපේ කණ්ඩායම පින් කර තිබුනා.

No comments:

Post a Comment