මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම තවත් සංවිධාන කිහිපයක්
එදින පෙ.ව.09.30 ට ආරම්භවූ මෙම කතිකාවේ ආරම්භක දේශනය ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන් විසින් පවත්වන ලදී. එතුමා සභාව අමතමින් ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස වරක් තමාට කොළම පිහිටි පර්චර්ස් 500 ක කුඹුරු ඉඩමක් රැක ගැනීම සඳහා (ගොඩකිරීමට එරෙහිව) ඉදිරිපත් වීමේ වරදට අධිකරණයේ චූදිතයෙකු වීමට සිදුවූ බවය. එහෙත් ඒ මොහොතේ කිසිදු පරිසර නිතිඥයෙකු හෝ සිවිල් සංවිධානයක සහාය නොමැතිව තමාට හුදෙකලා සටනක නිරතවන්නට සිදුවු බව ද පැවසීය. කෙසේ වෙතත් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත වැනි ප්‍රදේශවල අක්කර දහස් ගණන් තිබිය දි කොළම නගරයේ පර්චර්ස් 500 ක කුඹුරකින් ඇති ඵලය කුමක්දැයි අධිකරණය තමාගෙන් ප්‍රශ්න කළ බවද එහිදි කුඹුරක් යනු වීනිෂ්පාදනය කරන්නාවූ බිම් කඩක් පමණක් නොව එය නගරයේ ගංවතුර පාලනය කරන්නාවූ ද භූගත ජලය සංරක්ෂණය කරන්නා වූ ද ජෛවවිවිධත්වය සංරක්ෂණය කරන්නාවූ ද තවත් බොහෝ සේවාවන් සිදු කරන්නාවූ ද පරිසර පද්ධතියක් බව අධිකරණයට පෙන්වා දුන් බවද පැවසීය. කෙසේ වෙතත් අස්වැන්න අතින් තෙත් කලාපයේ කුඹුරුවලින් ලැඛෙන අස්වැන්න වියළි කලාපයට සාපේක්ෂව පැහැදිලි අඩුවත් දක්නට තිබුනත් ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙ කලාපයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකි බව එතුමා පැවසීය. ඒ බව මේ වසරේ මුල් කාලයේ සිදුවු දැවැන්ත ගංවතුර හේතුවෙන් නැගෙනහිර, උතුරුමැද පළාත්වල සිදුවු මහා අස්වනු හානිය සාක්ෂි දරනු ඇත.
ශී්‍ර ලංකා තේ පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති
මීලඟට සභාව අමතනු ලැබූයේ හොල්සිම් සමාගමේ ජියෝ සයිකල් ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී අසේල ඉද්දවෙල මැතිතුමා වෙනුවෙන් චමිල හේරත් මහතා විසිනි. එතුමා විසින් කාර්මික අපද්‍රව්‍ය තිරසාර ලෙස බැහැර කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කරන ලදී.
හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන් සභාව
ශී්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් , ගැමිදිරිය පදනමේ අතිරේක අධ්‍යක්ෂ කෘෂි ආර්ථීක විද්‍යාඥ ආචාර්ය ඩබ්.ජී.සෝමරත්න මැතිඳුන් විද්වත් මණ්ඩලය නියෝජනය කළ අතර රජරට විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය අරුණි මහත්මිය විසින් SAVE THE EARTH වෙබ් අඩවිය විවෘත කරන ලදි.
No comments:
Post a Comment