Monday, December 17, 2012

kudankulam,Meethotamulla waste, Ayu¾weda prog.

කුඩන්කුලම් ගැන කියන්න දකුණෙන් උතුරට 

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම ඇතුළු පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ගණනාවක එකතුවෙන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගුන අතර කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම බලාගාරය නිසා සිදුවන පාරිසරික හා මානව බලපෑම් පිළිබඳව දැනුවත් කරන ලදී. පසුගිය නොවැම්බර් 24 සහ 25 යන දිනවල මන්නාරම හා යාපනය ප‍්‍රදේශයන්හි සංචාරය කරමින් රදගුරු තුමා කතෝලික පියවරුන් සහ මුස්ලිම් මව්ලවිවරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයන් ද මුණගැසි ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව කතිකාවන් පවත්වන ලදී . යාපනයේදී මාධ්‍යවේදින් සඳහා මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. කුඩන්කුලම් බලාගාරයේ බලපෑම් පිළිබඳව සැකසුන වාර්තාවක් ලඟදීම පළවේ.

මන්නාරමේ පැවති සංවාදයේදී කතෝලික පියනමක් අදහස් දකවමින් 

මිහිතල මිතුරෝ ගරු සභාපති කේ. මුණගම මහතා අදහස් දක්වමින් 

යාපනය තිනක්කුරල් පුවත්පතේ මාධ්‍යවේදීන් හමුවූ මොහොතක් 

යාපනයේ දී පැවති තවත් සංවාදයක අවස්ථාවක්

 මන්නාරම සංවාදය පිළිබඳව  තිනක්කුරල් පුවත්පත පලකළ වාර්තාවක් 

කුණුවලින් වැනසෙන මීතොටමුල්ල .......... 

 

 කොළඹ නගරයේ කුණු දැන් වසර 4 කට පමණ පෙර සිට බහාලනු ලබන්නේ මීතොටමුල්ල පැරණි වෙල්යායකටය. අද එහි යන  ඕනෑම කෙනෙකුට දකින්නට ඇත්තේ මෙරට සියළු කඳු පරදා මිතොටමුල්ලේ ඉදිවන මහා කුණු කන්දකි. මෙම ප‍්‍රදේශයේ 10,000  කට අධික ජනතාවක් වාසය කරන අතර දැන් එම ජනතාවට කුණු කන්දට ඉඩදී සිය වාසස්ථාන අතහැර ප‍්‍රදේශයෙන් ඉවත්වී සරණාගතයන් බවට පත්වීමට සිදුවී ඇත. මෙම අසාධාරණයට එරෙහිව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, කතෝලික හා මුස්ලිම් පූජක වරුන් ගේ ආශිර්වාදය මැද මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගි ඇත. එහි මූලික වටයේ සාකච්ඡුාවක් පසුගිය දෙසැම්බර් 09 වන ඉරුදින මිතොටමුල්ල ප‍්‍රජාශාලාවේදී පැවැත්වූ අතර ප‍්‍රජාව දැනුවත් කිරිමේ රැුස්වීමක් කොලොන්නාව රජමහා විහාරයේ දී පසුගිය දෙසැම්බර් 14 වන සිකුරාදා පැවැත්විනි. මෙම අරගලය සඳහා ද මිහිතල මිතුරෝ සෘජුවම මැදිහත්වන අතර එම දැනුවත් කිරීම් සඳහා සංවිධානයේ ගරු සභාපති තුමා සම්බන්ධවිය.

එදිනෙදා ජීවිතය පහසුකරලීමට ආයුර්වේදය ............

පුංචි ලෙඩක් හැදුනත් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරල ප‍්‍රතිකාර ගන්න අපේ සමාජය දැන් පුරුදු වෙලා. ඒත් එදා කන්ද උඩරට රාජධානියේ සිරකරුවෙක් වෙලා හිටපු රොබට් නොක්ස් ඔහුගෙ ’‘එදා හෙලදිව’’ ග‍්‍රන්ථයේ සඳහන් කරල තියෙන්නෙ ලංකාවේ සෑම ගෘමණියක්ම දක්ෂ වෛද්‍යවරියක් බවයි. කැලයට රිංගා රැුගෙන එන ඔසු වලින්  ඕනෑම රෝගයක් සුව කිරිමේ දක්ෂතාවය ඔවුන්ට තිබූ බවද බත් හැලියක් ඉදෙන විට කැඩුනු සන්ධියක් පෑස්සිමට ඔවුන්ට හැකි බවද ඔහු පවසා ඇත. බුද්ධදාස රජතුමා නාගයින්ට පවා ප‍්‍රතිකාර කළ බව සඳහන්වේ. සිරිලක වෙදකම එතරම්ම විශිෂ්ඨය. එහෙත් බටහිර වෛi ක‍්‍රමය ප‍්‍රචලිත කරමින් අපේ පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය අභාවයට යවන ලදී. සියල්ල මුදලමත තින්දුවන තැනට කටයුතු සිදු විය. එදා මුදල නොව සේවය ගැන සිතා වෙදකමේ යෙදුනු සම්බාවනියත්වයක් ඉසිලූ ගමේ වෙදමහතා අභාවයට යවා මුදල් මත සියල්ලම තීරණය කරන දොස්තර මහතා රජ විය. බටහිර ඔසු නිපදවන ගෝලිය සමාගම් සිතුසේ සිය ඖෂධ ජාවාර කරමින් ජනතාවගේ ගෙල සිරකරන්නට වූ අතර ඒ සඳහා නොනිල වශයෙන් සමාගම් වල ඒජන්තවරුන් වෙමින් බටහිර දොස්තර මහත්වරුන් එම පාපයේ කොටස් කරුවන් විය.
මෙවැනි සමාජ වාතාවරණයක් තුල අපේ පැරණි වෙද ක‍්‍රමය යලි ඉස්මතු කරමින් සිය ඇවතුම් පැවතුම් තුළින්ම නිරෝගිබව ලබා ගැනීමටත් නිවසේදිම සාදා ගත හැකි ඔසු පිළිබඳවත් ප‍්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් 2013 ජනවාරි 14 වන දින සවස 04.00 ට බටහිර තලගල වීර මද්දුම බංඩාර විදුහලේදී  පැවැත්වේ. මෙහිදි නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සහකාර පර්යේෂණ නිලධාරී අසෝක කරුණාරත්න මහතා විසින් ජනතාව දැනුවත් කරනු ඇත. මේ සඳහා  ඕනෑම අයෙකුට සහභාගිවිමට විවෘතව අවස්ථාව ඇත.

No comments:

Post a Comment