Friday, December 28, 2012

සිරිලකට වින කටින කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය

සිරිලකට වින කටින කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය



කුඩන්කුලම් තියෙන්නෙ කොහෙද?


කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය පිහිටා තියෙන්නේ දකුණු ඉංදියවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉංදියන් සාගර වෙරළාසන්නයේය. පහත සිතියමෙන් එය පැහැදිලි වනු ඇත.



 

 

න්‍යෂ්ටික බලාගාරයක් යනු කුමක්ද?

න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගෙන ලාභදායී  ලෙස විදුලිය නිපදවීමට හැකි ක‍්‍රමයකි.

න්‍යෂ්ටික තාක්ෂණය යනු කුමක්ද?

මේ සඳහා  න්‍යෂ්ටික ප‍්‍රතිකාරක ලෙස  යුරේනියම්, ප්ලූටෝනියම්, තෝරියම් වැනි මූලද්‍රව්‍ය යොදා ගැනේ. ඉහත සඳහන් පරමාණුවක (යුරේනියම්/235U යැයි සිතමු) න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහරදීමෙන් (විවර්ශනය කිරීමෙන්)පසු සෑදෙන අස්ථායී සමස්ථානියකය  (236U)ක්ෂණිකව පිපිරිමෙන් මුලද්‍රව්‍ය දෙකක් බවට දෙකඩවීමේ දී අති විශාල ශක්තියක් නිපදවේ. ඊට අමතරව ඉවතට විසිවි යන නියුට්‍රෝන ඉතිරි සියළු යුරේනියම් පරමාණු වල න්‍යෂ්ටියට පහර දීමෙන් ප‍්‍රතිකි‍්‍රයාව නොනැවතී දාම ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස සිදුවේ. මෙය න්‍යෂ්ටික බෝම්බයක දී සිදුවන කි‍්‍රයාවළියයි. බලාගාරයක දී සිදුවන්නේ උෂ්ණත්වය සිසිලන ක‍්‍රම මගින් පාලනය කර දාම ප‍්‍රතිකි‍්‍රයාව පාලනය කිරීමයි.




යුරේනියම් ග‍්‍රෑම් 1 කින් නිපදවන විදුලි බලය නිපදවිමට ගල් අඟුරු කිලෝ ග‍්‍රෑම් 3000 ක් අවශ්‍යවේ 

මේ තරම් ලාභදායි ක‍්‍රමයකට ඇයි එරෙහි වෙන්නෙ ? 


කෙතරම් ලාභදායී වුවත් න්‍යෂ්ටික අනතුරක් යනු අති දැවැන්ත විනාශයක්  ඒක හරියට පරමාණු බෝම්බයක් පිපුරුව වගේ. ඒ තමයි අපේ අත්දැකිම් 



මොනවද වෙන්න පුළුවන් අනතුරු 


ඊට පළමුව බලමු න්‍යෂ්ටික බලාගාරයක කි‍්‍රයාකාරිත්වය සරළව තේරුම් ගන්න 


ලෝකයේ න්‍යෂ්ටික බලය යොදා ගන්නෙ කොහොමද කියල බලලම ඉමු 

මුුල්ම න්‍යෂ්ටික බලාගාරය ඉදිකරනු ලැබූවේ 1950 දී ඇමරිකා එක්සත් ජනපදය 
දැනට ලෝකය පුරා න්‍යෂ්ටික බලාගාර 430 ක් කි‍්‍රයාත්මක වන අතර මුළු ධාරිතාව මෙගා වොට් 372,000 කි 
එය ලෝක විදුලි නිෂ්පාදනයෙන් 14.7 % කි 











න්‍යෂ්ටික අනතුරු ආකාර කිහිපයකින් සිදුවේ 
1 සිසිලන පද්ධතිය පාලනය කර ගත නොහැකිව දාම ප‍්‍රතික‍්‍රියාව දිගටම සිදුවිමෙන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමක් සිදුවීම 
2 සිසිලන පද්ධතියේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිව න්‍යෂ්ටික ප‍්‍රතිකාරක Melt down  වීම 
3 විකිරණ කාන්දුවිම් 
4 න්‍යෂ්ටික අපද්‍රව්‍ය 

මේවගේ අනතුරු සම්බන්ධ ලෝක අත්දැකීම් මොනවද

1.  1979 මාර්තු 28 ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සල්වේනියාවේ Three Mile Island
හි සිදුවූ Melt down  වීම

2. 1986 අපේ‍්‍රල් 26 වන දින සෝවියට් දේශයේ යුක්රේන් සමුහාණ්ඩුවේ චර්නොබිල්වල සිදුවූ න්‍යෂ්ටික පිපිරිම 

3.  2011 මාර්තු 11 වන දින ජපානයේ ෆුකුසිමා වල සිදුවූ න්‍යෂ්ටික Melt down  
වීම 



අපි  දැන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දිහාවට හැරෙමු 

1988 දී රජිව් ගාන්ධි අගමැති තුමා  විසින් එවකට සෝවියට් සමූහාණ්ඩුවේ ජනාධිපති මිහයිල් ගොර්බචෝව් සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව 2001 දි වැඩ අරඹන ලදී 
2004 දී මූලික පරිසර තක්සේරු වාර්තාව සකසන ලද අතර එය මහජන මත විමසුම සඳහා ඉදිරිපත් කරනු නොලැබීය 
ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3 කි 
මුළු ධාරිතාව මෙගාවොට් 9200 
 
(ගිගා වොට් 9.2
 කි 

පළමු අදියරේදී මෙගා වොට් 1000 ක් නිපදවේ 


මෙය ඉදිවෙන්නෙ භූ කම්පන කලාපයක  දැනටමත් ශී‍්‍ර ලංකාව හා දකුණු ඉන්දියාව එම භූ කම්පනයන්ට ගොදුරු වෙමින් තියෙන්නෙ.
අනෙක මේ ප‍්‍රදේශය පාරම්පරිකව පැවත එන  

ජනතාව පදිංචි 
ගොවිබිම්.


 මොනවද මෙවැනි න්‍යෂ්ටික අනතුරකදි වෙන්න පුළුවන් බලපෑමි
 

1 ජීවිත විනාශවීම

2 සදාකාලික අබලතා, ජාන විකෘතිවීම්

3 පිලිකා

4 විකිරණ වල බලපෑම ආකාර කිහිපයකින් වෙන්න පුළුවන්

මෙම න්‍යෂ්ටික බලාගාරයේ අප ද්‍රව්‍ය වෙන්නෙ සීසීයම්,  අයඞීන් වගේ විකිරිණශීලී  ද්‍රව්‍ය ඒව සාගරයට තමයි මුදා හරින්නෙ. එතකොට මාළුන් හරහා මෙම විකිරණවල බලපෑම ඇතිවෙන්න පුළුවන්

සංචාරක පක්ෂින් විශාල ප‍්‍රමාණයක් ඉංදියාව හරහා ලංකාවට එනව. ඔවුන් හරහාත් එන්න පුළුවන්

මෙම බලාගාරයට එරෙහිි ජනතා කි‍්‍රයාකාරිත්වයන් ගොඩනැගී තිබේද?

ඔව් ඉංදියාවෙ ජනතාව න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි ජනතා ව්‍යාපාරය වටා සංවිධානය වී තිබෙනවා. ඔවුන් විශාල විරෝධතා ව්‍යාපාර මීට එරෙහිව පවත්වා තිබෙනවා. නමුත් තමිල්නාඩු ප‍්‍රාන්ත පොලීසිය එම ජනතාව මත දැඩි මර්ධනයක් දියත් කර තිබෙනවා. දැනට තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 22 ක් පමණ අතුරුදහන්. කුඩන්කුලම් බලාගාරය අවට සියළු ජනයා ( ආසන්න වශයෙන් ලක්ෂයක පමණ* එම ප‍්‍රදේශයෙන් ඉවත් කරනු ලබනවා.


 

අපිට මොනවද කරන්න පුළුවන් ?

1 පහසුම දේ තමයි කිසිවක් නොකර සිටීම

2 එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වෙනුවෙන් කි‍්‍රයාකාරි වෙන්න

ඒ  සඳහා අපට මොනවද කරන්න පුළුවන්

1 සියල්ලටම පළමුව මේ පිළිබඳව නිවැරදිව දැනුවත් වෙන්න

2 ඊට පස්සෙ අනෙක්  අයත් දැනුවත් කරන්න

3 මේ විනාශයෙන් ගැලවිම සඳහා සංවිධානය වෙන්න

4 ඒ සඳහා ගොඩනගා ඇති කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය සමග අත්වැල් බැඳගන්න
























Monday, December 17, 2012

kudankulam,Meethotamulla waste, Ayu¾weda prog.

කුඩන්කුලම් ගැන කියන්න දකුණෙන් උතුරට 

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම ඇතුළු පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ගණනාවක එකතුවෙන් කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගුන අතර කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම බලාගාරය නිසා සිදුවන පාරිසරික හා මානව බලපෑම් පිළිබඳව දැනුවත් කරන ලදී. පසුගිය නොවැම්බර් 24 සහ 25 යන දිනවල මන්නාරම හා යාපනය ප‍්‍රදේශයන්හි සංචාරය කරමින් රදගුරු තුමා කතෝලික පියවරුන් සහ මුස්ලිම් මව්ලවිවරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයන් ද මුණගැසි ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව කතිකාවන් පවත්වන ලදී . යාපනයේදී මාධ්‍යවේදින් සඳහා මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. කුඩන්කුලම් බලාගාරයේ බලපෑම් පිළිබඳව සැකසුන වාර්තාවක් ලඟදීම පළවේ.

මන්නාරමේ පැවති සංවාදයේදී කතෝලික පියනමක් අදහස් දකවමින් 

මිහිතල මිතුරෝ ගරු සභාපති කේ. මුණගම මහතා අදහස් දක්වමින් 

යාපනය තිනක්කුරල් පුවත්පතේ මාධ්‍යවේදීන් හමුවූ මොහොතක් 

යාපනයේ දී පැවති තවත් සංවාදයක අවස්ථාවක්

 මන්නාරම සංවාදය පිළිබඳව  තිනක්කුරල් පුවත්පත පලකළ වාර්තාවක් 

කුණුවලින් වැනසෙන මීතොටමුල්ල .......... 

 

 කොළඹ නගරයේ කුණු දැන් වසර 4 කට පමණ පෙර සිට බහාලනු ලබන්නේ මීතොටමුල්ල පැරණි වෙල්යායකටය. අද එහි යන  ඕනෑම කෙනෙකුට දකින්නට ඇත්තේ මෙරට සියළු කඳු පරදා මිතොටමුල්ලේ ඉදිවන මහා කුණු කන්දකි. මෙම ප‍්‍රදේශයේ 10,000  කට අධික ජනතාවක් වාසය කරන අතර දැන් එම ජනතාවට කුණු කන්දට ඉඩදී සිය වාසස්ථාන අතහැර ප‍්‍රදේශයෙන් ඉවත්වී සරණාගතයන් බවට පත්වීමට සිදුවී ඇත. මෙම අසාධාරණයට එරෙහිව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, කතෝලික හා මුස්ලිම් පූජක වරුන් ගේ ආශිර්වාදය මැද මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගි ඇත. එහි මූලික වටයේ සාකච්ඡුාවක් පසුගිය දෙසැම්බර් 09 වන ඉරුදින මිතොටමුල්ල ප‍්‍රජාශාලාවේදී පැවැත්වූ අතර ප‍්‍රජාව දැනුවත් කිරිමේ රැුස්වීමක් කොලොන්නාව රජමහා විහාරයේ දී පසුගිය දෙසැම්බර් 14 වන සිකුරාදා පැවැත්විනි. මෙම අරගලය සඳහා ද මිහිතල මිතුරෝ සෘජුවම මැදිහත්වන අතර එම දැනුවත් කිරීම් සඳහා සංවිධානයේ ගරු සභාපති තුමා සම්බන්ධවිය.

එදිනෙදා ජීවිතය පහසුකරලීමට ආයුර්වේදය ............

පුංචි ලෙඩක් හැදුනත් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරල ප‍්‍රතිකාර ගන්න අපේ සමාජය දැන් පුරුදු වෙලා. ඒත් එදා කන්ද උඩරට රාජධානියේ සිරකරුවෙක් වෙලා හිටපු රොබට් නොක්ස් ඔහුගෙ ’‘එදා හෙලදිව’’ ග‍්‍රන්ථයේ සඳහන් කරල තියෙන්නෙ ලංකාවේ සෑම ගෘමණියක්ම දක්ෂ වෛද්‍යවරියක් බවයි. කැලයට රිංගා රැුගෙන එන ඔසු වලින්  ඕනෑම රෝගයක් සුව කිරිමේ දක්ෂතාවය ඔවුන්ට තිබූ බවද බත් හැලියක් ඉදෙන විට කැඩුනු සන්ධියක් පෑස්සිමට ඔවුන්ට හැකි බවද ඔහු පවසා ඇත. බුද්ධදාස රජතුමා නාගයින්ට පවා ප‍්‍රතිකාර කළ බව සඳහන්වේ. සිරිලක වෙදකම එතරම්ම විශිෂ්ඨය. එහෙත් බටහිර වෛi ක‍්‍රමය ප‍්‍රචලිත කරමින් අපේ පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය අභාවයට යවන ලදී. සියල්ල මුදලමත තින්දුවන තැනට කටයුතු සිදු විය. එදා මුදල නොව සේවය ගැන සිතා වෙදකමේ යෙදුනු සම්බාවනියත්වයක් ඉසිලූ ගමේ වෙදමහතා අභාවයට යවා මුදල් මත සියල්ලම තීරණය කරන දොස්තර මහතා රජ විය. බටහිර ඔසු නිපදවන ගෝලිය සමාගම් සිතුසේ සිය ඖෂධ ජාවාර කරමින් ජනතාවගේ ගෙල සිරකරන්නට වූ අතර ඒ සඳහා නොනිල වශයෙන් සමාගම් වල ඒජන්තවරුන් වෙමින් බටහිර දොස්තර මහත්වරුන් එම පාපයේ කොටස් කරුවන් විය.
මෙවැනි සමාජ වාතාවරණයක් තුල අපේ පැරණි වෙද ක‍්‍රමය යලි ඉස්මතු කරමින් සිය ඇවතුම් පැවතුම් තුළින්ම නිරෝගිබව ලබා ගැනීමටත් නිවසේදිම සාදා ගත හැකි ඔසු පිළිබඳවත් ප‍්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් 2013 ජනවාරි 14 වන දින සවස 04.00 ට බටහිර තලගල වීර මද්දුම බංඩාර විදුහලේදී  පැවැත්වේ. මෙහිදි නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සහකාර පර්යේෂණ නිලධාරී අසෝක කරුණාරත්න මහතා විසින් ජනතාව දැනුවත් කරනු ඇත. මේ සඳහා  ඕනෑම අයෙකුට සහභාගිවිමට විවෘතව අවස්ථාව ඇත.