Sunday, September 13, 2015

‘‘පඥා ප‍්‍රදීපනී’’ පොලොන්නරුව ගල්විහාර පිංකම සහ ඓතිහාසික පොලොන්නරුව සංස්කෘතික චාරිකාව

‘‘පඥා ප‍්‍රදීපනී’’ පොලොන්නරුව ගල්විහාර පිංකම

සහ ඓතිහාසික පොලොන්නරුව සංස්කෘතික චාරිකාව

2015 සැප්තැම්බර් 25 සහ 26



නිවන් පුරට මග පෙන්වන - පඥාවේ ආලෝකය දල්වන්න එන්න.

ගෞරවණිය පිංවත් ඔබ සැමට. 

පොලොන්නරුව ඓතිහාසික පුරවරයේ දී සුවිශේෂි සහ දුර්ලභ අත්දැකීමක් ලබන්නට අපි ඔබට ඇරයුම් කරන්නෙමු.  අප රටේ ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමී කර ගන්නා පොලොන්නරුව ශුද්ධ නගරයේ දින දෙකක් පුරා එහි ඓතිහාසික සහ සංස්කෘතිකමය වටිනාකම් පිළිබදව අධ්‍යනය කරමින්, පඥාව සහ කුසල් වැඩෙන පිංකමකට සහභාගිවීමේ අවස්ථාව පිංවත් ඔබට දැන් උදා වී ඇත. 

2015 සැප්තැම්බර් 25 සහ 26 යන දෙදින පුරා පැවැත්වෙන මෙම සංස්කෘතිකමය හා වන්දනා චාරිකාව සදහා සහභාගිවන ඔබ පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න.

1 පිගානක්. කොප්පයක්, නිදා ගැනීමට අවශ්‍ය ඉටිකොළයක් වැනි දෙයක්. ඔබේ පුද්ගලික පරිහරණයට අවශ්‍ය ඇදුම්, විශේෂයෙන් 25 වන දින රාතී‍්‍ර ගල්විහාරය අසළ පැවැත්වෙන පිංකමට ඇදීමට සුදු පැහැති ඇදුමක් රැුගෙන ඒමට අමතක නොකරන්න

2 මෙම පිංකමට අවශ්‍ය තෙල්, හදුන්කූරු, පහන්තිර සහ ගිලන්පස සදහා යොදාගත හැකි ඖෂධීය වටිනාකමකින් යුත් ද‍්‍රව්‍ය (උදාහරණ ලෙස බෙලි මල්, රණවරා. කොත්තමල්ලි, පොල්පලා වැනි* ස්වල්පයක්

3 පූජාවට සහභාගිවන ස්වාමීන් වහන්සේ්ලාට පිරි නැමීමට පිරිකර ( කංඩායමක් ලෙස  මුදල් එකතුකර පිරිකර සපයා ගැනීමට ද ඔබට  හැකිය* සපයා ගැනීමට දායකවීම

04 මෙම චාරිකාවට සහභාගී වන ඔබට ආහාරපාන, නවාතුන් පහසුකම්, බස් රථ වියදම්, යන ස්ථාන සදහා ප‍්‍රවේශ පත් සහ පිංකමේ සංවිධාන කටයුතු ආදිය ඇතු`ඵව සම්පූර්ණ වැඩසටහනේ බර පැන ලෙස රු. 2400 ක මුදලක් ගෙවීමට සිදුවේ.

05 ඉතාමත් සීමිිත පිරිසකට පමණක් සහභාගිවීමට අවස්ථාව ලැබෙන මෙම වන්දනා සහ සංස්කෘතික චාරිකාව සදහා ඔබත් සහභාගිවීමට කැමැත්තෙහි නම් 2015 සැප්තැම්බර් 18 වන දින හෝ ඊට පෙර ඊ මේල් මගින් දැනුම් දෙන්න.             

  අපේ ඊමේල් ලිපිනය      www.mihithalamithuro@gmail.com                

වැඩසටහන

2015 සැප්තැම්බර් 25

පෙ.ව. 03.30 කොළඹීන්  පිටත්වීම 

පෙ.ව. 07.00 නාමල්අංග රජ මහා විහාරයට ලගාවිම, විහාරය වැද පුදා ගැනීම සහ උදෑසන  ආහාරය

පෙ.ව. 10.00 මැදිරිගිරිය වටදාගේ නැරඹීම

පෙ.ව. 12.00 ‘‘ පොත්ගුල් විහාරය, පරාක‍්‍රමබාහු ප‍්‍රතිමාව, කෞතුකාගාරය, අනන්ත නාග පොකුණ, ධවලගිරිය, නිශ්ශංකමල්ල රජ මාලිගය හා රාජ සභාව නුවණින් විමසමු’’  

ප.ව.  04.00 පවිත‍්‍රතාව සහ ගල්විහාර වන්දනාවට අවශ්‍ය පූජාවන් සුදානම් කිරීම

ප.ව.  06.30 පූජාවන් රැුගත් ශ‍්‍රද්ධා පෙරහැර ගල්විහාරය වෙත පැමීණිම

ප.ව.  07.00 පහන් පූජාව සහ ගල් විහාර පඥා ප‍්‍රදීපනී පිංකම

ප.ව.  08.30 පිංකමේ අවසානය

ප.ව.  10.00 සතියෙන් නින්දට යාම

2015 සැප්තැම්බර් 26

පෙ.ව. 05.00 සතියෙන් අවදිවීම 

පෙ.ව. 07.00     කිරිපිඩු රැුගත් පෙරහැර ගල් විහාරය වෙත වෙත ලගාවීම සහ කිරිපිඩු පූජා පිංකම

පෙ.ව. 08.00 ‘‘පොළොන්නරු බිමෙහි පිං සිතිවිලි වඩමින් පිය නගමු - නුවණින් විමසා දැනගනිමු’’  මෙම චාරිකාවේ දී අපගේ අවධානය යොමුවන ස්ථානයන් වන්නේ,

පරාක‍්‍රමබාහු මාලිගාව හෙවත් වෛජයන්ති ප‍්‍රාසාදය, විජයබාහු මාලිගය, පරාක‍්‍රමබාහු රජුගේ රාජසභාව හෙවත් රාජවෛශ්‍යා භුජංග. කුුමාරපොකුණ, ශිව දේවාලය අංක 1, දළදා මළුව තුල පිහටි ථුපාරාමය, නිශ්ශංකලතා මංඩපය, විජයබාහු රජුගේ දළදා මාලිගාව හෙවත් අටදා ගේ, නිශ්ශංක රජුගේ දළදා මාලිගාව හෙවත් හැටදාගේ. වටදාගේ. සත්මහල් ප‍්‍රාසාදය. ගල්පොත. 

පබළු වෙහෙර. අංක 2 ශිව දේවාලය. රන්කොත් වෙහෙර, බද්ධ සීමා ප‍්‍රාසාදය, කිරිවෙහෙර, ලංකාතිලක විහාරය, දෙමල මහා සෑය. නෙළුම් පොකුණ, තිවංක පිළිමගේ

 ප.ව.  04.00 පුණ්‍යානුමෝදනාව 

මෙහයවීම හා සංවිධාන කටයුතු -: මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම   කොඩිගහකන්ද ජෛවවිවිධත්ව මධ්‍යස්ථානය,ඔළබොඩුව උතුර, ගෝනපල හංදිය, ශී‍්‍ර ලංකාව                                                                              දු.අංක 0112754700/0713496971/ 0714285480 /0714472905 /0774721937   

No comments:

Post a Comment