Wednesday, November 4, 2015

කුණු වෙන කුණු මහා සම්පතක් බවට පත් කළ අපේ ‘‘පරිසර පොළ’’

කුණු වෙන කුණු මහා සම්පතක් බවට පත් කළ අපේ ‘‘පරිසර පොළ’’

අපේ මව්බිම මුහුණ දී ඇති මාරාන්තික ජාතික ව්‍යසනයක් වූ ඩෙංගු රෝගයට එක් ප‍්‍රධානතම හේතුවක් වන්නේ අප විසින් අවිධිමත් ලෙස බැහැර කරනු ලබන කුණු නිසාය. ඉනුත් පොල්කටු, පොලිතීන් හා ප්ලාස්ටික් ප‍්‍රධානය.

මේ ගැටළුවට ඉතාමත් හොද විසදුමක් ලෙස පරිසර පොළ හැදින්විය හැකිය. මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමග ඒකාබද්ධව            ‘‘ පරිසර පොළක් ’’ 2015 ඔක්තෝබර් 24 - 25 දෙදින පුරා ඔළබොඩුව මංසන්ධියේ දී පැවැත්වුනි. 

පරිසර පොලේ දී ප්ලාස්ටික්, පොලිතීන්, බෝතල්, වීදුරු කටු, ටින් සහ ලේාහ වර්ග, පොල් කටු, පත්තර සහ කාඩ්බෝඩ්, ඉලෙක්ට්‍රොනික අපද‍්‍රව්‍ය, ටියුබ් ලයිට් සහ    බල්බ් ආදිය රැුගෙන එන ජනතාවට ඒවා මිලදී ගන්නා ආයතන වලට භාර දී මෙතෙක් කලක් මහා හිසරදයක්ව පැවතුන නිවසේ කැලි කසළ වලට හොද මුදලක් ද ලබා ගැනීමට හැකිය. 

ජනතා ප‍්‍රතිචාර ඉහළ මට්ටමක පැවතුනි.






අතට ගත් මුදලින් ඔවුන්ට නිවසට රැුගෙන යන්නට දේශිය නිෂ්පාදන, විසිතුරු පල වර්ග හා මල් පැල, පොත්, ඇදුම්, බෑග්, දේශිය ආහර ද‍්‍රව්‍ය, ඖෂධීය නිස්පාදන ආදී විවිධ ප‍්‍රදර්ශන කුටි වලින් පරිසර පොල හැඩ වැඩ උනා.









පරිසර පොළට කසළ කිලෝ ග‍්‍රෑම් 10 ට වඩා ගෙන එන හැම දොනාටම මිහිතල මිතුරෝ වටිනා ඖෂධ පැලයක් පිරිනමන්නත් අමතක කළේ නැහැ.


No comments:

Post a Comment