Saturday, April 30, 2011
රූ දෙස් සංචරණයට නව අරුතක් ............ සාමාන්‍ය ජනතාව සඳහා පාරිසරික හා සංස්කෘතික චාරිකා සංවිධානය මිහිතල මිතුරෝ අරඹයි
මිහිතල මිතුරෝ තම සාමාජිකත්වයෙන් පිට සාමාන්‍ය ජනයා සඳහා සිය චාරිකා විවෘත කිරිමට තීරණය නරන ලදී. ඒ අනුව ඒ සඳහා සංවිධානයේ චාරිකා අංශයට ඊ මේල් ^mihithala.mithuro@yahoo.com/ kmugama@gmail.com) හෝ 0713496971 දුරකථනයට ඇමතීමෙන් විස්තර ලබා ගත හැකිය. එක්දින චාරිකා, දෙදින,තෙදින, ආදී වශයෙන් චාරිකා පැකේජයන් ඇත. එමෙන්ම පාරිසරික වික්‍රමාන්විත
^ Adventure& වැඩසටහන් ඇතුළත් තරුණ පාරිසරික චාරිකාද පැවැත්වේ.
ලෝක උරුමයකට හිමිකම් කියන වතුරාන වගුරු වනාන්තරයට ගිය දා ................
ශ්‍රී ලංකාවේ ඇති එකම වගුරු වනාන්තරය වන බුලත්සිංහල වතුරාන වගුරු වනාන්තරය 2011 සිය ප්‍රථම අධ්‍යයන චාරිකාව සඳහා යොදාගන්නට තීරණය කළ මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් 2011 අප්‍රේල් 02 වන දින උදෑසනින්ම ඒ සඳහා පිටත් උනා. වඳවී ගිය බවට රතු දත්තපොතට ඇතුළත්ව තිබූ හොරවැල ශාකය ^ stemanoporus mooni& සහ සුවඳ ශාකය ලෝකයේ දැකිය හැකි එකම ස්ථානය මෙය පමණි. සුවඳ ශාකය පමණක් මෙ ස්ථානයෙන් ගෙන ගොස් පේරාදෙනිය උද්භිද උද්‍යාණයේ රෝපණය කර ඇත. ඒකදේශිය ශාක හා සතුන් විශාල සංඛ්‍යාවකට නිවහන සපයන මෙම වගුරු වනාන්තරය කළු ගෙඟ් අතු ගංගාවක් වූ කුඩා ගෙඟ් පිටාර තැන්නේ පිහිටා ඇත. ඉතාමත් දුර්ලභ අති උඩයන් විශේෂයක් ද මෙහි වාර්තාවීි ඇත. කණ්ඩායම් කි්‍රයාකාරකම් සහිතව සිදු කළ මෙම අධ්‍යයනයේදි දරුවන් ඉමහත් උනන්දුවකින් සහ ඕනෑකමකින් අධ්‍යයන කටයුතු වල නිරත විය.
දැණුම සොයා යන ගමනේදී ........, ශාක අධ්‍යයන වැඩමුළුව
දෙහිවල සත්තුවත්තට ගිය අපේ පුංචි පැටව්............
වසරක ප්‍රගතිය සටහන් කරන්නට අපි එක් වන්නෙමු.
2010 දෙසැම්බර් 02 -04 තුල්හිරිය මාස් පැබ්රික් පාර්ක් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. ජෙප්/එස්ජීපී වැඩසටහනේ ජාතික සම්බන්ධි කාරිකා ෂෙරීන් සමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට රටේ විවිධ පළාත් නියෝජනය කරමින් විවිධ පාරිසරික ව්‍යාපෘති දියත් කරන සංවිධාන අතරට මිහිතල මිතුරන්ද සිටියා. මිහිතල මිතුරෝ සභාපති කරුණාදාස මුණගම මහතා මෙම වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස වැඩසටහනේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දුන්නා.
Sunday, April 24, 2011
දුම්බර කඳුවැටි අතරින් ............
මිහිතල මිතුරෝ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ 2010 වාර්ෂික චාරිකාව සඳහා මෙවර තෝරා ගත්තේ අපුර්ව පරිසර පද්ධතියක් සිය පවුල්වල අඹු දරුවන්ද සමග චාරිකාවට එක්වුනු අප 2010.08.22 -23 දෙදින ඒ සඳහා යොදා ගෙන තිබුනා. නුවර දළදා මාලිගාව වැඳ පුදාගෙන අප සුන්දර පිටවලපතන පියමංකරන විට මිහිදුම් සළු හැඳගත් දුම්බර කඳුවැටි අපව පිළිගන්න පෙරමග බලා සිටියා. එපමණක්ද ? අප ආ සතුටින් ඉපිලී සුළං කුමරිය සිය හැකියාවන් උපරිමයෙන් දක්වමින් පිටවල පතන්බිම සිසාරා අපූර්ව රැුඟුම් රඟන්නට පටන් ගත්තා. එය නම් මහා විස්මයක්. සුළං කුමරිය මෙතරම් හැඩවැඩ වි රඟන විට අප කෙසේනම් නිහඩව බලා සිටින්නද? අපේ පුංචි සිඟිත්තන් දැත් අහසට විදා සුළං කුමරියගේ තාලයට ඇය හා හරිහරියට රඟන්නට පටන්ගත්තා. අප සියල්ලන්ම දරුවන්හා අක්ව ඒ රැුඟුමට එක්වුනා. සුළං කුමරියද ගී ගයමින් විවිධාකාර රංග ශෛලින් අනුව රැුඟුවා. නිදහසේ සුළගේ පාවෙමින් හෝරා ගෙවී ගියත් ඇය හැර යන්නට ලෝබ කමින් අපි එහිම රැුඳි සිටියා. පුංචි ලෝකාන්තය අසලදි නම් ඇය වියරු රංගනයක නිරතවුනා. අපවත් ලෝකාන්තය දෙසට රැුගෙන යන්නට ඇය උත්සාහ කළා. තරමක බියක් හිතට දැනුනා. සුළං කුමරිය මෙතරම් විචිත‍්‍රවත් හා විවිධ බව ජීවිතයේ ප‍්‍රථම වතාවට අප සියල්ලන්ටම පසක් වූවා. සොබාදහමට පිං දෙමින් අපි පිටවල ගම්මානයේ අපේ පුංචි නවාතැනට ආව. ගමේ අයගෙ සැළකිලි මැද රැුය ගෙවී ගියා. ඔවුන් සමග රැුය පුරා දොඩමළුවූ අපට දුම්බර හා බැඳුනු බොහෝ දේ දැන ගන්නට ලැබුනා.
අළුයම අවදිව පුංචි උන්ද සමග අප පිටත් උනේ මානිංගල කන්ද තරණය කරන්නටයි. සුද්දන්ගෙ කාලයේ මෙහි පැවති තේවතුවල වැඩකළ අයට වේලාව ලබා ගන්නට මෙහි කන්දට වැටෙන සෙවනැල්ල අපකාරී වු බැවින් ( දෙමල බසින් මනි යනු වේලාවයි* මෙම කන්ද මානිංගල නම් වූ බව ඔවුන් අප සමග පැසූවා. ජෛව විවිධත්වයෙන් මෙන්ම සොබා සුන්දරත්වයෙන්ද අනුන දුම්බර කඳුවැටිය සිත්සේ විඳ ගන්නට අප පිංකර තිුනා. ඒ අපුර්ව රසය වචනවලින් පැහැදිලි කරන්නට බැහැ. එය ඇත්තෙන්ම විඳිය යුතුමයි. අපටම ආවේණික බිනර මල් පොකුරක් අපි දිහා බලා සිහින් සිනාවක් හරිම අහංසක විදිහට පාමින් අපට කියූවේ ඇගේ අයිතාය අපෙන් පැහැරගෙන නොරටුන් විසින් හිමි කරගෙන ඇති දුක්මුසු කතාවයි. ඇතින් ලකේගල, කළුපහන කඳු දිස්වුනා. මනහර ¥විලි ඇල්ල ඈත කළුපහන කන්දෙන් කඩා හැලෙන අපුරුව දුර දක්නයෙන් නැරඹුව. අවට පෙනෙන විවිධ වර්ණ රටාවන්ගෙන් පිරිපුන් තුරු හිස් විචිත‍්‍රවත් සිතුවමක් වගේ. අපි හරිත වර්ණයේ විවිධක්වය ගනන් කරන්නට පටන් ගත්තා. කොළ පැහැයේ විවිධත්වය කෙතරම්ද? විස්සකට ආසන්න විවිධත්වයක් හරිත වර්ණය විස්න තුරු පත්වල සටහන්ව තිබුනා. අප එන ගමනේදි රිවස්ටන් කඳු ශිඛරය අවට දුටු පිග්මි
(කුරුමිටි* වනාන්තර කෙතරම් වර්නවත් රටාවන් ගෙන් සමන්විත වූවාද? ඇත්තෙන්ම සොබාදහම කෙතරම් විස්මිත නිමැවුම් කරුවෙක්ද? මානිගල බැස වැද්දා පැනි ඇල්ලේ සිත්සේ බැස පිහිනා සිසිල් දිය පහස වින්දා.
ආපසු එන්නට කිසිවකුටත් සිතක් නැහැ. කෙසේ නම් මේ පෙම්බරිය හැර යන්නටද? සුදුගල කන්ද නෙසෙල් වී අප දෙස බලා සිටියා. නැවත හැකි ඉක්මනින් ඇය හා තුරුළු වෙන්නට එන බවට ප‍්‍රතිඥා දෙමින් දුක රැුඳුනු හදින් අපි දුම්බර පෙම්බරියට සමුදුන්නා.
Subscribe to:
Posts (Atom)